කැලණිය ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී හසිත මඩවල මහතාගේ ඝාතනය පිළිබඳව සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෝ මහර මහේස්ත‍්‍රාත් උසාවියට අද ඉදිරිපත් කරනු ලැබූහ.
පනහක හැටක පමණ පිරිසක් අධිකරණය ඉදිරිපිටට රැස්වී ”ඇමැති මර්වින් සිල්වා අත්අඩංගුවට ගනු”, ”මිනීමරුවන් නිදැල්ලේ” වැනි පුවරු ඔසොවාගෙන සිටියහ.
ඇමැති මර්වින් සිල්වාගේ සම්බන්ධීකරණ ලේකම්වරු දෙදෙනක් ද සැකකරුවන් අතර සිටිති.
මාධ්‍ය ඡායාරූප ශිල්පීන්ට ඡායාරූප ගත නොහැකි වන සේ සැකකරුවන් රැගත් බන්ධනාගාර රිය අධිකරණ ශාලාව අසලටම අදත් රැගෙන එනු ලැබීය.
(ග.හෙ)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන. කට්ටියවම ගස් බදීවි. (නි)
මේ ඇමතිතුමා මොනතරම් හොද කෙනෙක්ද කියලා පන්සලේ හාමුදුරුවන්ගෙන් අහලා බැලුවොත් කියයි. (නි)
කවුරු මොනවා කිවුවත් අපේ ඇමතිතුමා ඔය පුහුල් හොරාගේ වැඩ කරන කෙනෙක් නෙමෙයි. (නි)
මට බයයි මේකට අදහස් දක්වන්න (දී)
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති (දී)
මිනිස්සු කොච්චර කියුවත් සාක්කි තියෙන්න ඕනේ (දී)
වැරදි කරු නම් දඩුවම් දෙන්න (දී)
සිංහලයාට ඉක්මණින්ම අමතක වෙන නිසා මිනීමරුවන්අල්ලන එකත් කල් දාලද දන්නෙ නැහැ. (නි)
ඕක සාමාන්‍ය පුද්ගලයෙක් අතින් වුණා නම්? (නි)
ලලිත් දන්නෙ නැති වුණාට අපේ රටේ තියෙන්නේ සුපිරි ප්‍රජාතන්ත්‍රවාදයක්. (නි)
මෙයාලත් කියයිදදන්නෙ නැහැ මට මතක නැහැ කියලා..!(නු)
අපි කියලා මොනවා කරන්නද?(නු)
එහෙම කියුවටම අත්අඩංගුවට ගන්න බැහැ (දී)
මිනිස්සුනම් කියයි (දී)
ඇත්ත මාධ්‍යයට වසන් කරන්නේ ඇයි? (නි)
සන්සුන් වෙන්න (ස)
මේ ඇමතිතුමා හොද කෙනෙක්. බොරු නම් පොලිසියෙන් අහලා බලන්නකෝ. (නි)
දැන්වත් තේරෙනවද දන්නෙ නැහැ ඇත්ත? (නි)
අද ලංකාවේ සිද්ද වෙන්න පුලුවන් ඉල්ලීමක්ද මේ කරන්නේ. සිහි බුද්දිය පොඩ්ඩක්වත් නැද්ද හැබෑටම. (ස)
මතකයි නේද මේජර්ට වෙච්ච දේ? (නි)
ඇමතිතුමා අල්ලන්න? ඒවා කොහේද? (නි)
උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ කිවුවේ ඉස්සර. දැන් කැළණිය ලේ විලක්. (නි)
ඔට්ටුයි බැරුවට! (නි)
එයාට මොකුත් කරන්න කාටවත් බැහැ. (නි)
හෙට අනිද්දට මේ පනස් දෙනා ගැන මොනවා අහන්න වේවිද දන්නෙ නැහැ. (නි)
කිසිදිනක සිදු නොවනු ඇත (ස)
සාධාරණයක් ඉටුවේවි කියලා හිතනවද? (නි)
අපි බලාගෙන ඉමු මොකද වෙන්නේ කියලා..!(නු)
සාධාරණයක් ඉටුවෙයිකියලා හිතන්න එපා..(නු)
අපේ රටේ නීතිය අපක්ෂපාතීනේ. ඉතින් ඇයි මෙච්චර කෑගහන්නේ? (නි)
නුසුදුස්සන් නිසා අපේ රටේ ජනාධිපතිතුමා සහ ආරක්ෂක ලේකම්තුමා ඇතුළු සමස්ත රජයට එල්ල වන අපහාසය සුළු පටු නොවේ. එබැවින් ඉක්මනින්ම මේ තත්වය සමථයකට පත් කිරීමට පියවරක් නොගත්තොත් මේ රජයේ බහුතර ජනතා ප්‍රසාදයට එය කැළලක් විය හැකි බව පෙනී යයි. (නි)
ඇයි මෙතුමා එක්ක මිනිස්සු මෙච්චර තරහා? (නි)
සියළු පව් දුරු වෙයි වරක් වැන්දොත් කැළණිය කියනවනේ........ (ස)
පැය 48 රදවා ගැනීමේ නියෝගයක් සම්මත කර ගන්න යන්නේ ඔය වගේ ලොකු අයගෙන් ප්‍රශ්න කිරීමේදී 24න් උත්තර දෙන්න කාලය මදිනේ. ඒ තරමටට කරපු දේවල් තියෙනවානේ. (නි)
වැඩක් වෙන්නෙ නැතිවෙයි. (නි)
මර්වින් කවදත් වැරදිකාරයෙක් නෙමෙයි. (නි)
වරදක් කරලානම් අත්අඩංගුවට ගන්න (දී)
කොටලා නේද කෙසෙල් ගහකට? (නි)
ඔය කතා ඔක්කොම තව ටික දවසකින් මිනිස්සුන්ට අමතකයි (දී)
මොනවත් කියන්න එපා (ස)
සාක්කි නැතුව කොහොම (දී)
නිසි දඩුවම් ලබා දෙන්න (ස)
කළ කළ දේ පළ පළ දේ.. (නි)
එකපාරටම (දී)
සාක්කි අවශ්‍යයි (දී)
නිසි දඩුවම් දෙනු (දී)
ගස් බැන්දා වගේ තියෙයි. (නි)
මම නම් කියන්නේ තව මාස 6ක් යන්න කලින් ඇමතිතුමා ආයිත් කැළණියටම එනවා කියලයි. (නි)
එහෙම වෙන්නෙ කොහොමද?(නු)
බලාගෙන ඉන්න කට්ටිය කටත් ඇරගෙන, අත්අඩංගුවට ගන්න කල්. (නි)
මේ පාරත් වෙන්නේ අච්චරම තමයි. (නි)
යාලුවෝ වෙනුවෙන් ගිනි මැළයට පනින අය ඉන්න ලංකාවේ එයා සුරක්ෂිතයි. (නි)
හෙට පරිස්සම් වෙලා ඉන්න ඔය කට්ටිය. (නි)
උද්ඝෝෂණයට සහභාගි වූ සියලු දෙනාම ගස් බදීවිද දන්නෙ නැහැ? (නි)
ශක්ති ටීවී එකේ පෙන්නපුවා දැක්කේ නැද්ද ඔයාලා? (නි)
සුදු පාටට ඇදුමක් ඇදගන්න ලැබීමමත් භාග්‍යයක්. (නි)
කාටද මෙයාව සැක..?(නු)
මමනම් හිතන්නේ නැහැ (දී)
එකට ඉදගෙන චණ්ඩිකම් කරද්දී එතුමාව හොදයි. හැබැයි දැන්? (නි)
අත්අඩංගුවට ගැනීම කෙසේවෙතත් හෙට වෙද්දී මොනවා වෙලා තියෙයිද සැකයි. (නි)
මෙයා ඉන්න තිබුණේ ලිබියාවේ. (නි)
මේ ගැන එතුමා දැනුවත්ද දන්නෙ නැහැ? (නි)
එක එක්කෙනාට එක එක නීති. අනේ මන්දා? (නි)
පිස්සුද අනේ? (නි)
මම හිතන්නේ හසිත එයාටම වෙඩිතියාගන්න ඇති. මොකද කැළණිය පැත්තේ ඔය වගේ දේවල් සාමාන්‍යයයි. (නි)
පොලිසියට නම් සැකයක් නැතුව ඇති නේද? (නි)
බලන්නකෝ තව ටික දවසකින් අයෙත් ඕනේ කියල කියන හැටි, අපි මැරිලා ඉපදුනා නොවේ (දී)
මර්වින් අප්පෝ මොනවා වුණත් හොද මනුස්සයෙක්. (නි)
මටනම් මොකවත් කියන්න නැහැ (දී)
මේ ජනකොටසට ආරක්ෂාව ලැබේවා.!(නු)
නැද්ද දෝෂාභියෝගයක් එහෙම? (නි)
දැන් අත්අඩංගුවට ගනීවි නේද? (නි)
අපේ ඇමතිතුමාට අත තිබ්බොත් බලාගන්න පුලුවන්. (නි)
යුවරජ තුමා කල වරද මොකද්ද (දී)
චන්ද දයකයෝමයි නේද මේ කියන්නේ (දී)
එතකොට අර පොල් ගහ? පොල් ගහත් අත්අඩංගුවට ගනු! මර්වින් නිවැරදියි. (නි)
යුවරජ තුමා මොකද මේ (දී)
ඔය තරම් කේන්ති ගන්න යුවරජ තුමා කල වරද මොකද්ද (දී)
අනේ මන්දා (දී)
දැන් නීතිය වල් වැදිලා තියෙන්නේ (ස)
මීට අවුරුදු ගාණකට කලින් කළයුත්ත කළා නම් අද මේ ප්‍රශ්න මොකුත් නැහැනේ. (නි)
හේමසර මහත්තයාට පිස්සුද? එයා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන දන්නෙ නැති පාටයි. (නි)
මටනම් හිතා ගන්න බැහැ (දී)
දැන් ඇමතිතුමාට ගැළවීමක් නැහැ. ඒක ස්ථිරයි. (නි)
ගනී ගනී.... අපි බලාගෙන ඉදිමුකෝ. (නි)
ඕක කියන්න අපේ මිනිස්සුන්ට සුමාන දෙකක්ම ගියානේ. (නි)
දැන්වත් පාඩමක් උගන්වයිද? (නි)
එයා වෙඩි තියලා නැහැ. අරයාම තමා තියා ගෙන තියෙන්නේ. (නි)
දේශපාලනය කියන්නේ ඕකට තමයි (දී)
ලස්සන දර්ශනයක් බලාගන්න පුලුවන් ඕනෑකමින් බැලුවොත්. (නි)
එංගලන්තෙ එහෙම උනත් ලංකාවෙ එහෙම වෙන්නෙ නැහැ..!(නු)
මේ ඇමතිතුමා මොනතරම් හොද කෙනෙක්ද කියලා පන්සලේ හාමුදුරුවන්ගෙන් අහලා බලන්නකො...!(නු)
දීර්ඝ අතීතයක් ඇති දේශපාලන චරිතයක් (දී)
ඇයි බයද? (නි)
ඔය අත්අඩංගුවට ගත්ත අයවත් ඉක්මණින් නිදහස් කරයිද දන්නෙ නැහැ. (නි)