ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කැලණිය සංවිධායක ධුරය සදහා නැවත වරක් මර්වින් සිල්වා අමාත්‍යවරයා පත් කරන ලෙස ඉල්ලා කැලණිය උත්පලවර්ණ විෂ්ණු දේවාලය ඉදිරිපිට දේව කන්නලව්වක් අද (06) පැවැත්විණි.
සෙත් කවියක් ද 108 වාරයක් ගායනා කැරිණි.
කැලණිය ප්‍රදේශයේ හා අවට ප්‍රදේශවල ජනතාව මෙම දේව කන්නලව්ව සදහා සහභාගී වූහ.
පනස් නමක් පමණ මහා සංඝරත්නය දේවාලය ඉදිරිපිට සෙත් පිරිත් කීහ.
දෝස දුරකර රකින යහදන පියෙක් දරුකැල රකින විලසි න
දිවැස යොමුකර බලන මුළු ලොව උවිඳ වෙණු සුරරදුනි සිරිග න
නැනැස මර්වින් සිල්ව දනහට පැමිණි රුපුබල බැහැර කරමි න
සතොස තනතුරු දියුණු කරමින රකින ලෙස ඔහු යදිමි බැතියෙ න

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවතම කැළණි නාටකය. කන්නලවි.(නදී)
කාලි අම්මටත් කියලා බැළුවා නම්.(නදී)
ගස් බදින්න ඕනේ.(නදී)
මෙහි සිටින සංඝයා වහන්සේලා බුදු සසුනට කරන්නේ නිගාවක්.(නදී)
අපට කියන්න තියෙන්නෙ මෙපමනයි. බුද්ධි නිලධාරියකුටත් පහර දුන්නා. ඒකට වස් කවියකට අවසරයී. දෝශ ඈතිකර ගමක් වනසන පියෙක් යමපල්ලක දිවෑස යොමුකර දඩුවමක් දෙනු මෑන. ඈසිපිල්ලක නෑණස යොමුකර මර්වින් සිල්වා කල අකුසල බලනු. සිරිලක සතොස වඩමින් ජනයා වෑජබෙනු ඈත.(නදී)
සමහරුන්ට බල තන්හාව, තවත් සමහරු මුදලට යටවෙලා. ලංකාවට මොනවද මේ වෙන්නේ කියලා මට නම් හිතාගන්න බැහැ.(නදී)
එයාට දෙවියන්ගෙන් හරි යක්ෂයෙකුගෙන් හරි විශාල පිහිටක් තියෙන බව අපිටත් දැනෙනවා. (නි)
මෙහෙමත් හාමුදුරුවරු! මේ ලංකාවෙද, බුරුමෙද, තායිලන්තෙද? (නදී)
සල්ලි වලට සිවුරු පොරවලා අරින්න ඇති.(නදී)
දෙවියන්ටත් දැන් ප්‍රශ්නයක් ඇති කාගේ කීම අහනවද කියලා. (නි)
දෙවියොත් අපේ මහත්තයා ගැන හොදට දන්නවා. (නි)
අනේ මෙහෙම තණ්හාවක්? (නි)
ක්‍රිස්තියානි පූජකයින්ව මුදලට ගන්න බැහැ. ඒත් අපේ හාමුදුරුවරු මුදලට අරගෙනද දන්නේ නැහැ.(නදී)
මිනී මරන්න යනකොටත් සෙත් පිරිත් කියලා, පිරිත් නූලක් ගැටගහලා, දාතු කරඩුව ඔළුවේ තියලා සෙත් පතලා යවන කාලයක් මේක.(නදී)
හැමෝටම තියෙන්නේ තණ්හාව. (නි)
බොරළු පාර නාට්‍ය වගේ.(නදී)
හාමුදුරුවන්ට මුකුත් කිවුවොත් මට පවු නිසා මම මුකුත් කියන්නේ නැහැ. ඒත් කැළණියේ ජනතාව ගැන නම කතාකරන්නත් ලැජ්ජයි. (නි)
අනේ මෙහෙම ආශාවක් අනේ මෙහෙම තන්හාවක්.(නදී)
කලියුගයේ දෙවියන්ගේ පිභිටයි අපිට! (නි)
දෙවියන් හෑල්ලුවට ලක්කිරීම වැරදියි. (නි)
කොහොම වුණත් දෙවියන් ඔහුට හරි මිර්ලයට පිවිසෙන්න උදවු කරාවි. (නි)
ඔබව සිනා සාගරයක ගිල්ලවන *මැතිදු යළිත් කැළණියට* ළගදීම තිරගත වේ. (නදී)
දෙවියනටත් හිතා ගන්න බරිව් ඇති යවනවාද නද්ද කියලා, මොකද වෙලාවකට යන්න කියලා, අයෙත් ඉල්ලනවානේ (දී)
අහෝ කැලණිය (දී)
මේ වෙලාවට තමයි හිතෙන්නේ දෙවියෙක් වෙන එකත් මළ වදයක් කියලා. (නි)
මේ හැම දේකින්ම අන්තිමට ලකුනු කැපෙන්නේ ජනාධිපතිතුමාගේ.(නදී)
කැලණියේ ජනතාවද මේකට සහභාගී වුණේ කියලා කාටද හරියටම කියන්න පුළුවන් ? නිවට ජනතාවක් කැලණියේ ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක්? හැබැයි වැඩේ සිද්ධ වෙලා තියෙන එක බොරු නොවෙයිනේ. අනේ පවු. (නි)
අනේ වැරදිලාවත්ද? යන්න තිබුනේ හලාවත මුන්නේෂ්වරමි කෝවිලට.(නදී)
අපේ සංඝයා වහන්සේලාත් දැන් සෙත් කවි වලට මුල් වෙලා.(නදී)
දෙවියන්ගෙන් ඉල්ලුවාම තව මොනවා ලැබෙයිද බලමු.(නදී)
මමකියුවේ ආයේ ඕන වෙයි කියලා (දී)
මේවට මොනවද කියන්නේ (දී)
යන්නකියනවා , යනවා, ආයේ ඕනේ කියනවා, මටනම් තේරෙන්නේ නැහැ (දී)
ඇමතිතුමා වැරදි වැඩක් කළත් එතුමා හොද වැඩත් හුගක් කරලා තියෙනවා. (නි)
හිනාත් යනවා (දී)
මොනවද මේ හිනායන වැඩ (දී)
දෙවියන්ව ඔය වැඩ වලට ගාව ගන්න එපා (දී)
කටක් ඇරලා කියන්න මටනම් බැහැ මේ වෙනවද (දී)
මටනම් තේරෙන්නේ නැහැ , නිකං චිත්‍රපටියක් වගේ(දී)
අනේ මට හිනා යනවා (දී)
දෙවියන් විහිලුවට අරගෙන (දී)
මේවා දෙකේ පන්තියේ ළමයින්ගේ වැඩ (ස)
අනේ මට කියන්න දෙයක් නැහැ (දී)
"සතොස තනතුරු දියුණු කරමින රකින ලෙස ඔහු යදිමි බැතියෙන්" එතුමා සතොස රැකියාවකටවත් යන්න බලාපොරොත්තු වෙනවද? (නි)
පිස්සු නැත්තම් හොඳයි (ස)
සාධු සාධු සාධු.......
උඩ ඉන්න දෙවියෝ හැමෝටම වඩා බලවත් . දෙවියෝ දන්නවා හරි වැරැද්ද මොකද්ද කියලා (ස)
හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී.(නදී)
මිනී මරන්න යනකොටත් දේව ආශිර්වාදය ඉල්ලන කාලයක් මේක.(නදී)
දෙයියන්ගේම පිහිටයි (ස)
මේවා අහලා දෙවියන්ට මොනවා වේවිද ? (ස)
ඇත්තටම හාමුදුරුවෝ එහෙම කරාද ?
අනේ හැබෑටම මෙහෙමත් රටක් (ස)
සංඝරත්නය මෙහෙම පස්සෙන් යන එක ගැන කනගාටුයි.(නදී)
මේ දේවාලය දැන් ගිලා බහිනවා. පහුගිය මාසේ අටලක්ෂ පනස්දහසක් වියදම් කර මුක්කු ගැහුවා. දේවාලේ ගිලා බහින එක නවත්වන්න බැරි දෙයියෝ මර්වින් සිල්වා ඇමති තුමාට උපකාර කරන්නේ කොහොමද? කන්නලව් කලත් නොකලත් පිරිත් කීවත් නොකීවත් ජනාධිපතිතුමා මෙයාව කැළණියෙන් ඉවත් කරන්නේ නැහැ. ඒත තමයි ඇත්ත.(නදී)
දැන් කට අරින්නේ කන්න විතරයි කියලා නේද කිවුවේ? ඉතින් එහෙනම් සෙත් කවි කියන්නේ? (නි)
දෙවි පිහිටයි (ස)
ඔන්න පටන් ගත්තා. (නි)
රටේ බහුතර ජනතාවකගේ විනාශය පතා සුලුතර නියාලුවන්ගේ දේව කන්නලව්.(නදී)
හොඳ ගතිගුණත් තියෙනවා ඇති මෙයාගේ (ස)
මේ මිනිස්සුත් හරියට පහන වටේ කැරකෙන සලඹයා එහෙම නැත්නම් පලගැටියා වගේ. බැරිද ඔය කියන කෙනයි හාමුදුරුවරු ඇතුළු ඔය කට්ටිය තොප්පිගල පැත්තේ ගිහින් අතාරින්න .(නදී)
නැවතත් කැලණියට (දී)
අනේ මන්දා (දී)
දෙයියෝ සාක්කි....(ස)
මට කියා ගන්න වචන නැහැ (දී)
දෙවියෝ සාක්කි! (ස)
හාමුදුරුවෝ පනහක් මෙහෛම දේකට ගිය එක හරිද? (නදී)
කොහොමහරි දෙවියන්ටම කන්නලවු කරලා ගන්න බලමු. කැළණිය දැන් මෙයා නැතුව අභාවයට ගිහින්. (නි)
දෙවියන්ට කන්නලවු කරලා වැඩක් නැහැ. ඒ සදහා සුදුසු පුද්ගලයා ළගට ගොස් කන්නලවු කළ යුතුයි. (නි)
කවට අන්දරේගේ අඩුව පිරිමහන්න මෙවැනි කොමඩිකාරයන්ද සිටිය යුතුය. ඒවිටයි රටක් තුල සංවර්ධනයක් කලහැකි වන්නේ.(නදී)
අන්න බලන් දෙවියෝ දෙවොලක් නැති දෙවියෝ.(නදී)
දෙවියොත් බලාගෙනයි!(නදී)
මතකනේ මුන්නේස්වරම් සිද්දියෙදි මේ ගොල්ලන්ගේ හයිය. කතාව දෝලාවෙන්. ගමන පයින්.(නදී)
දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ! (නි)
හරි දේ කලානම් දේවාල ගානේ රස්තියාදු වෙන්න ඕනේ නැහැනේ.(නදී)
ලොකුම දෙවියෝ තවම නොදැක්කා වාගෙනේ ඉන්නේ. (නි)
යන්න කියුවෙත් එහෙ කට්ටියම නේද (දී)
දෙවියන්ගේම පිහිටයි (ස)
බුදුන්වහන්සේ දෙවියන්ට කන්නලවි කරන්න කියලා කොහේවත් දේශනා කරලා නැහැ.(නදී)
සාදු, සාදු, සාදු මඩිය පුරවගන්න අයටම යහපතක්ම වේවා!(නදී)
දෙවියෝ අද ගමනක් ගිහිල්ලලු. (නි)
යන්න කියනකොට යන්නයි එන්න කියනකොට එන්නයි, අනේ ( දී)
සල්ලි වියදමි කරන්න පුළුවන්නම් එයාලටම කියලා වස්කවිත් කියවාගන්න පුළුවන්.(නදී)
කටිට්යකට මෙයාව නැතිව බැහැ වගේ නේද? (නදී)
ලංකාවේ ඉන්නේ කොහොමත් මේ වගේ පිස්සු වැඩකරන මිනිස්සු තමයි.(නදී)
දැන් දැන් රටේ වෙන දේවල් එක්ක බලද්දි හිතෙනවා දෙවියෝ ඉන්නවද කියලත් (ස)
දෙවියන්ට හැම දේම කරන්න පුළුවන්නම් මේ රට මේ වෙනකොට සුර පුරයක් (ස)