IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මර්වින් කැලණියට ඉල්ලා දෙවියන් යදී

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ කැලණිය සංවිධායක ධුරය සදහා නැවත වරක් මර්වින් සිල්වා අමාත්‍යවරයා පත් කරන ලෙස ඉල්ලා කැලණිය උත්පලවර්ණ විෂ්ණු දේවාලය ඉදිරිපිට දේව කන්නලව්වක් අද (06) පැවැත්විණි.

සෙත් කවියක් ද 108 වාරයක් ගායනා කැරිණි.

කැලණිය ප්‍රදේශයේ හා අවට ප්‍රදේශවල ජනතාව මෙම දේව කන්නලව්ව සදහා සහභාගී වූහ.

පනස් නමක් පමණ මහා සංඝරත්නය දේවාලය ඉදිරිපිට සෙත් පිරිත් කීහ.

දෝස දුරකර රකින යහදන පියෙක් දරුකැල රකින විලසි          න

දිවැස යොමුකර බලන මුළු ලොව උවිඳ වෙණු සුරරදුනි සිරිග     න

නැනැස මර්වින් සිල්ව දනහට පැමිණි රුපුබල බැහැර කරමි       න

සතොස තනතුරු දියුණු කරමින රකින ලෙස ඔහු යදිමි බැතියෙ  න

 



අදහස් (0)

මර්වින් කැලණියට ඉල්ලා දෙවියන් යදී

චතුල වෙරෝනා Wednesday, 06 February 2013 04:11 PM

සාධු සාධු සාධු.......

:       0       0

ඩයාන් Thursday, 07 February 2013 04:27 AM

අපට කියන්න තියෙන්නෙ මෙපමනයි. බුද්ධි නිලධාරියකුටත් පහර දුන්නා. ඒකට වස් කවියකට අවසරයී. දෝශ ඈතිකර ගමක් වනසන පියෙක් යමපල්ලක දිවෑස යොමුකර දඩුවමක් දෙනු මෑන. ඈසිපිල්ලක නෑණස යොමුකර මර්වින් සිල්වා කල අකුසල බලනු. සිරිලක සතොස වඩමින් ජනයා වෑජබෙනු ඈත.(නදී)

:       0       0

අනුර Wednesday, 06 February 2013 04:16 PM

දැන් කට අරින්නේ කන්න විතරයි කියලා නේද කිවුවේ? ඉතින් එහෙනම් සෙත් කවි කියන්නේ? (නි)

:       0       0

සුදත් Wednesday, 06 February 2013 04:16 PM

දෙවියන්ට හැම දේම කරන්න පුළුවන්නම් මේ රට මේ වෙනකොට සුර පුරයක් (ස)

:       0       0

ආරියවතී Wednesday, 06 February 2013 04:18 PM

දැන් දැන් රටේ වෙන දේවල් එක්ක බලද්දි හිතෙනවා දෙවියෝ ඉන්නවද කියලත් (ස)

:       0       0

බංඩාර Wednesday, 06 February 2013 04:29 PM

ලංකාවේ ඉන්නේ කොහොමත් මේ වගේ පිස්සු වැඩකරන මිනිස්සු තමයි.(නදී)

:       0       0

ශාන්ති Wednesday, 06 February 2013 04:36 PM

කටිට්යකට මෙයාව නැතිව බැහැ වගේ නේද? (නදී)

:       0       0

නිමල් Thursday, 07 February 2013 06:11 AM

මෙහි සිටින සංඝයා වහන්සේලා බුදු සසුනට කරන්නේ නිගාවක්.(නදී)

:       0       0

අජිත් Wednesday, 06 February 2013 04:47 PM

සල්ලි වියදමි කරන්න පුළුවන්නම් එයාලටම කියලා වස්කවිත් කියවාගන්න පුළුවන්.(නදී)

:       0       0

ජගත් Thursday, 07 February 2013 07:05 AM

ගස් බදින්න ඕනේ.(නදී)

:       0       0

පිටි Wednesday, 06 February 2013 04:55 PM

යන්න කියනකොට යන්නයි එන්න කියනකොට එන්නයි, අනේ ( දී)

:       0       0

මුදිත Wednesday, 06 February 2013 05:01 PM

දෙවියෝ අද ගමනක් ගිහිල්ලලු. (නි)

:       0       0

නසාර් Wednesday, 06 February 2013 05:04 PM

සාදු, සාදු, සාදු මඩිය පුරවගන්න අයටම යහපතක්ම වේවා!(නදී)

:       0       0

ආනන්ද Wednesday, 06 February 2013 05:26 PM

බුදුන්වහන්සේ දෙවියන්ට කන්නලවි කරන්න කියලා කොහේවත් දේශනා කරලා නැහැ.(නදී)

:       0       0

කේසර Wednesday, 06 February 2013 05:30 PM

හාමුදුරුවෝ පනහක් මෙහෛම දේකට ගිය එක හරිද? (නදී)

:       0       0

ජූඩ් Wednesday, 06 February 2013 05:34 PM

යන්න කියුවෙත් එහෙ කට්ටියම නේද (දී)

:       0       0

ශෂිලා Wednesday, 06 February 2013 05:35 PM

ලොකුම දෙවියෝ තවම නොදැක්කා වාගෙනේ ඉන්නේ. (නි)

:       0       0

සෙනරත් Wednesday, 06 February 2013 05:52 PM

හරි දේ කලානම් දේවාල ගානේ රස්තියාදු වෙන්න ඕනේ නැහැනේ.(නදී)

:       0       0

රවී Thursday, 07 February 2013 09:10 AM

කාලි අම්මටත් කියලා බැළුවා නම්.(නදී)

:       0       0

විකී Thursday, 07 February 2013 09:24 AM

අනේ මෙහෙම තණ්හාවක්? (නි)

:       0       0

වර්මා Thursday, 07 February 2013 09:32 AM

"සතොස තනතුරු දියුණු කරමින රකින ලෙස ඔහු යදිමි බැතියෙන්" එතුමා සතොස රැකියාවකටවත් යන්න බලාපොරොත්තු වෙනවද? (නි)

:       0       0

හේමසර Wednesday, 06 February 2013 06:01 PM

දෙවියන්ටම ඔප්පු වෙච්චාවේ! (නි)

:       0       0

නිරාන් Wednesday, 06 February 2013 06:03 PM

මතකනේ මුන්නේස්වරම් සිද්දියෙදි මේ ගොල්ලන්ගේ හයිය. කතාව දෝලාවෙන්. ගමන පයින්.(නදී)

:       0       0

හේමසර Wednesday, 06 February 2013 06:04 PM

දෙවියොත් බලාගෙනයි!(නදී)

:       0       0

අත්තනායක Thursday, 07 February 2013 09:46 AM

අනේ මට කියන්න දෙයක් නැහැ (දී)

:       0       0

ඉසුරන්දි Thursday, 07 February 2013 09:56 AM

මේවා දෙකේ පන්තියේ ළමයින්ගේ වැඩ (ස)

:       0       0

සිල්වා Wednesday, 06 February 2013 06:13 PM

අන්න බලන් දෙවියෝ දෙවොලක් නැති දෙවියෝ.(නදී)

:       0       0

එරංග Thursday, 07 February 2013 10:02 AM

දෙවියන් විහිලුවට අරගෙන (දී)

:       0       0

සුරංග Thursday, 07 February 2013 10:10 AM

අනේ මට හිනා යනවා (දී)

:       0       0

අජිත් Thursday, 07 February 2013 10:10 AM

මටනම් තේරෙන්නේ නැහැ , නිකං චිත්‍රපටියක් වගේ(දී)

:       0       0

බන්දුල Thursday, 07 February 2013 10:20 AM

කටක් ඇරලා කියන්න මටනම් බැහැ මේ වෙනවද (දී)

:       0       0

මිනෝලි Thursday, 07 February 2013 10:21 AM

දෙවියන්ව ඔය වැඩ වලට ගාව ගන්න එපා (දී)

:       0       0

මුතුකුඩ Wednesday, 06 February 2013 07:13 PM

කවට අන්දරේගේ අඩුව පිරිමහන්න මෙවැනි කොමඩිකාරයන්ද සිටිය යුතුය. ඒවිටයි රටක් තුල සංවර්ධනයක් කලහැකි වන්නේ.(නදී)

:       0       0

සුරියා Thursday, 07 February 2013 10:36 AM

මොනවද මේ හිනායන වැඩ (දී)

:       0       0

මහින්ද - ඩුබායි Wednesday, 06 February 2013 07:30 PM

දෙවියන්ට කන්නලවු කරලා වැඩක් නැහැ. ඒ සදහා සුදුසු පුද්ගලයා ළගට ගොස් කන්නලවු කළ යුතුයි. (නි)

:       0       0

බන්දුල Wednesday, 06 February 2013 07:31 PM

කො‍හොමහරි දෙවියන්ටම කන්නලවු කරලා ගන්න බලමු. කැළණිය දැන් මෙයා නැතුව අභාවයට ගිහින්. (නි)

:       0       0

සිල්වා Thursday, 07 February 2013 10:53 AM

හිනාත් යනවා (දී)

:       0       0

ආරි Thursday, 07 February 2013 10:54 AM

දෙවියනටත් හිතා ගන්න බරිව් ඇති යවනවාද නද්ද කියලා, මොකද වෙලාවකට යන්න කියලා, අයෙත් ඉල්ලනවානේ (දී)

:       0       0

සනත් Thursday, 07 February 2013 11:06 AM

යන්නකියනවා , යනවා, ආයේ ඕනේ කියනවා, මටනම් තේරෙන්නේ නැහැ (දී)

:       0       0

අචිනි Thursday, 07 February 2013 11:07 AM

මේවට මොනවද කියන්නේ (දී)

:       0       0

සනත් Wednesday, 06 February 2013 07:47 PM

ඇමතිතුමා වැරදි වැඩක් කළත් එතුමා හොද වැඩත් හුගක් කරලා තියෙනවා. (නි)

:       0       0

චමින්ද Wednesday, 06 February 2013 07:48 PM

ඔබව සිනා සාගරයක ගිල්ලවන *මැතිදු යළිත් කැළණියට* ළගදීම තිරගත වේ. (නදී)

:       0       0

කමිටිලා Wednesday, 06 February 2013 07:50 PM

කොහොම වුණත් දෙවියන් ඔහුට හරි මිර්ලයට පිවිසෙන්න උදවු කරාවි. (නි)

:       0       0

වසන්ත Thursday, 07 February 2013 11:21 AM

මමකියුවේ ආයේ ඕන වෙයි කියලා (දී)

:       0       0

නුවන් Thursday, 07 February 2013 11:54 AM

දෙවියන්ගෙන් ඉල්ලුවාම තව මොනවා ලැබෙයිද බලමු.(නදී)

:       0       0

පෙරුමාල් Wednesday, 06 February 2013 08:21 PM

දෙවියන් හෑල්ලුවට ලක්කිරීම වැරදියි. (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 07 February 2013 11:56 AM

අපේ සංඝයා වහන්සේලාත් දැන් සෙත් කවි වලට මුල් වෙලා.(නදී)

:       0       0

රත්නායක Thursday, 07 February 2013 12:02 PM

අනේ වැරදිලාවත්ද? යන්න තිබුනේ හලාවත මුන්නේෂ්වරමි කෝවිලට.(නදී)

:       0       0

නිදභස් Wednesday, 06 February 2013 08:39 PM

කලියුගයෙ‍් දෙවියන්ගේ පිභිටයි අපිට! (නි)

:       0       0

ජොනී Thursday, 07 February 2013 12:13 PM

කැලණියේ ජනතාවද මේකට සහභාගී වුණේ කියලා කාටද හරියටම කියන්න පුළුවන් ? නිවට ජනතාවක් කැලණියේ ඉන්නවද කියන එකත් ප්‍රශ්නයක්? හැබැයි වැඩේ සිද්ධ වෙලා තියෙන එක බොරු නොවෙයිනේ. අනේ පවු. (නි)

:       0       0

පත්රුවන් Tuesday, 18 February 2014 09:09 PM

අහෝ කැලණිය (දී)

:       0       0

ඩේවිඩ් Wednesday, 06 February 2013 09:43 PM

අනේ මෙහෙම ආශාවක් අනේ මෙහෙම තන්හාවක්.(නදී)

:       0       0

බන්ඩාර Wednesday, 06 February 2013 02:33 PM

දෙවියන්ගේම පිහිටයි (ස)

:       0       0

රත්න Wednesday, 06 February 2013 02:36 PM

දෙවියෝ සාක්කි! (ස)

:       0       0

මංජුල Wednesday, 06 February 2013 09:52 PM

හාමුදුරුවන්ට මුකුත් කිවුවොත් මට පවු නිසා මම මුකුත් කියන්නේ නැහැ. ඒත් කැළණියේ ජනතාව ගැන නම කතාකරන්නත් ලැජ්ජයි. (නි)

:       0       0

තිලකගේ Thursday, 07 February 2013 08:43 PM

මේ හැම දේකින්ම අන්තිමට ලකුනු කැපෙන්නේ ජනාධිපතිතුමාගේ.(නදී)

:       0       0

නාමල් Wednesday, 06 February 2013 10:04 PM

බොරළු පාර නාට්‍ය වගේ.(නදී)

:       0       0

රොෂාන් Wednesday, 06 February 2013 02:39 PM

මට කියා ගන්න වචන නැහැ (දී)

:       0       0

ලලිත් Wednesday, 06 February 2013 10:18 PM

හැමෝටම තියෙන්නේ තණ්හාව. (නි)

:       0       0

සමීර Wednesday, 06 February 2013 02:45 PM

දෙයියෝ සාක්කි....(ස)

:       0       0

තිලක් Wednesday, 06 February 2013 03:16 PM

අනේ මන්දා (දී)

:       0       0

කීර්ති Wednesday, 06 February 2013 11:17 PM

මිනී මරන්න යනකොටත් සෙත් පිරිත් කියලා, පිරිත් නූලක් ගැටගහලා, දාතු කරඩුව ඔළුවේ තියලා සෙත් පතලා යවන කාලයක් මේක.(නදී)

:       0       0

නුවන් Wednesday, 06 February 2013 03:18 PM

නැවතත් කැලණියට (දී)

:       0       0

කීර්ති Wednesday, 06 February 2013 11:19 PM

ක්‍රිස්තියානි පූජකයින්ව මුදලට ගන්න බැහැ. ඒත් අපේ හාමුදුරුවරු මුදලට අරගෙනද දන්නේ නැහැ.(නදී)

:       0       0

ලලිත්-කටාර් Wednesday, 06 February 2013 03:20 PM

මේ මිනිස්සුත් හරියට පහන වටේ කැරකෙන සලඹයා එහෙම නැත්නම් පලගැටියා වගේ. බැරිද ඔය කියන කෙනයි හාමුදුරුවරු ඇතුළු ඔය කට්ටිය තොප්පිගල පැත්තේ ගිහින් අතාරින්න .(නදී)

:       0       0

ෂෙරිප් Wednesday, 06 February 2013 11:19 PM

නවතම කැළණි නාටකය. කන්නලවි.(නදී)

:       0       0

ඉෂානි Wednesday, 06 February 2013 03:24 PM

හොඳ ගතිගුණත් තියෙනවා ඇති මෙයාගේ (ස)

:       0       0

ජෙයාම් Wednesday, 06 February 2013 03:26 PM

රටේ බහුතර ජනතාවකගේ විනාශය පතා සුලුතර නියාලුවන්ගේ දේව කන්නලව්.(නදී)

:       0       0

නිලන්ත Wednesday, 06 February 2013 03:29 PM

ඔන්න පටන් ගත්තා. (නි)

:       0       0

ඉෂාන් Wednesday, 06 February 2013 11:44 PM

දෙවියොත් අපේ මහත්තයා ගැන හොදට දන්නවා. (නි)

:       0       0

ලංකාසිරි Wednesday, 06 February 2013 11:50 PM

දෙවියන්ටත් දැන් ප්‍රශ්නයක් ඇති කාගේ කීම අහනවද කියලා. (නි)

:       0       0

බන්දුල Thursday, 07 February 2013 09:50 PM

මේ වෙලාවට තමයි හිතෙන්නේ දෙවියෙක් වෙන එකත් මළ වදයක් කියලා. (නි)

:       0       0

සරා Wednesday, 06 February 2013 03:41 PM

දෙවි පිහිටයි (ස)

:       0       0

නිමල් Wednesday, 06 February 2013 03:42 PM

පිස්සු නැත්තම් හොඳයි (ස)

:       0       0

මංගල හිමි Wednesday, 06 February 2013 03:43 PM

මේ දේවාලය දැන් ගිලා බහිනවා. පහුගිය මාසේ අටලක්ෂ පනස්දහසක් වියදම් කර මුක්කු ගැහුවා. දේවාලේ ගිලා බහින එක නවත්වන්න බැරි දෙයියෝ මර්වින් සිල්වා ඇමති තුමාට උපකාර කරන්නේ කොහොමද? කන්නලව් කලත් නොකලත් පිරිත් කීවත් නොකීවත් ජනාධිපතිතුමා මෙයාව කැළණියෙන් ඉවත් කරන්නේ නැහැ. ඒත තමයි ඇත්ත.(නදී)

:       0       0

රක්නායක Wednesday, 06 February 2013 03:44 PM

සංඝරත්නය මෙහෙම පස්සෙන් යන එක ගැන කනගාටුයි.(නදී)

:       0       0

රොහාන් Thursday, 07 February 2013 01:23 AM

සල්ලි වලට සිවුරු පොරවලා අරින්න ඇති.(නදී)

:       0       0

රණවීර Wednesday, 06 February 2013 03:48 PM

අනේ හැබෑටම මෙහෙමත් රටක් (ස)

:       0       0

සම්පත් Wednesday, 06 February 2013 03:48 PM

ඇත්තටම හාමුදුරුවෝ එහෙම කරාද ?

:       0       0

නිමල් Thursday, 07 February 2013 01:31 AM

මෙහෙමත් හාමුදුරුවරු! මේ ලංකාවෙද, බුරුමෙද, තායිලන්තෙද? (නදී)

:       0       0

ජූඩ් Thursday, 07 February 2013 01:41 AM

එයාට දෙවියන්ගෙන් හරි යක්ෂයෙකුගෙන් හරි විශාල පිහිටක් තියෙන බව අපිටත් දැනෙනවා. (නි)

:       0       0

චමිල Wednesday, 06 February 2013 03:50 PM

මේවා අහලා දෙවියන්ට මොනවා වේවිද ? (ස)

:       0       0

සුසන්ත - ඉතාලිය Wednesday, 06 February 2013 03:52 PM

දෙයියන්ගේම පිහිටයි (ස)

:       0       0

පෙරේරා Wednesday, 06 February 2013 03:53 PM

මිනී මරන්න යනකොටත් දේව ආශිර්වාදය ඉල්ලන කාලයක් මේක.(නදී)

:       0       0

සූරිය Wednesday, 06 February 2013 03:58 PM

හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී.(නදී)

:       0       0

ධනුක Wednesday, 06 February 2013 04:01 PM

උඩ ඉන්න දෙවියෝ හැමෝටම වඩා බලවත් . දෙවියෝ දන්නවා හරි වැරැද්ද මොකද්ද කියලා (ස)

:       0       0

සමන් Thursday, 07 February 2013 04:00 AM

සමහරුන්ට බල තන්හාව, තවත් සමහරු මුදලට යටවෙලා. ලංකාවට මොනවද මේ වෙන්නේ කියලා මට නම් හිතාගන්න බැහැ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 1004 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 668 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1826 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 353 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 594 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1567 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38924 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25520 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 306 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site