මාරාවිල රෝහලේ ලේ බැංකුවේ ශීත කරන දෙකේම දොර පසුගිය අට වැනි දා විවෘත කැර තැබීම නිසා ලේ පයින්ට් පනස් දෙකක් ඉවත දැමීමට සිදු විය. දොරවල් ඇරී තිබූ බව දැනගෙන ඇත්තේ බ්‍රහස්පතින් දා උදේය. වෛද්‍ය අධිකරී දොස්තර දිමුත් පොන්විර මේ සම්බන්ධයෙන් පරීකෂණයක් ද පැවැත්වීය. හදිසි සැත්කම් සඳහා වෙනත් රෝහල්වලින් ලේ ලබා ගැනිණි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදුරුවන්ට බොන්න (දී)
මේවනම් මොනවද පහුගිය යුද්දේ කාලේ කොච්චරනම් ලේ අපතේ ගියාද ? (ස)
නොසැලකිල්ල (අ)
කල් ඉකුත් වූ ප්ලාස්මා, කාන්දු පෙරන කට්ටල ගෙන්වා රටේ සල්ලිත්, පරිත්‍යාගශීලීන්ගේ රුධිරයත් නාස්තිකළ ඉහළම තැන් කිසිදු දඬුවමක් නැතිව නිදහස් වුණු හැටි දැක්කම අනෙක් අය හිතන්න ඇති 'අපි මොකට බය වෙනවද..' කියලා. මේක වරදට දඬුවමක් ඇති රටක් නොවෙයි නේ. නියත දඬුවම් ලැබෙන්නේ හිස් වැසුම් නැතිව යන බයිසිකල් කරුවන්ටයි, පාරේ ඉර කපන රියදුරන්ටයි විතරයි. (නි)
ගානක් නෑ නිකන් දෙන එකනේ ............ .(ස)
ඔය ඉස්පිරිතාලේ ඉන්න අය කොහොමත් කරන්නේ මිනිස්සුන්ගේ ලේ ටික පුච්චන එක. (අ)
වැරදි කරුවන් සොයා නිසි දඩුවම් දෙන්න . අපිළිවෙලයි, නොසැලකිල්ලයි සෞඛ්‍ය සේවය අරක් ගෙන තිබීම භයානකයි.. (ස)
''අවුලක් නෑ දන්දීපු ලේ '' නේ කියලා හිතෙන්න ඇති . (ස)
ඇත්තමයි මේවා අහද්දි අපේ ඇගෙත් ලේ වතුර වෙනවා..!! (නු)
මේ අය කුමන ආණ්ඩුවක් යටතේ රැකියාවට සම්බන්ධ වූ අයද යන්න සොයා බැලිය යුතුයි. (නි)
ජනසවියෙනුයි. සමෘද්ධියෙනුයි මිනිස්සු රජයේ සේවයට ගත්තාම ඔහෝම වෙනවා (අ)
ඉන්ද්‍රජිත් ඔබගේ කීම හරියටම හරි මොකද ලංකාවේ නීතිය තියෙන්නේ පොඩි මිනිහ වැරදි කරොත් දඩුවන් දෙන්න විතරද කියල සැකයක් දැනෙනවා.වෙලාවකට හිතෙනවා මෙහෙම "අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා බුදුහාමුදුරුවනේ" (ස)
ඩෙංගු මර්දනයට නියම වැඩක්. මොකද ලේ බොන්න මදුරුවෝ උඩට එන්නේ නැහැ. ලේ උන් ලගටම යවනවා (දී)
ශ්‍රීතකරණයේ දොර වහගන්න බැරි සේවකයන් ලෙඩ්ඩුන්ට කොහොම සළකනවා ඇද්ද?(නු)
ජාතික අපරාද (දී)
ඉතින් අපි කොහොමද ලේ දෙන්නේ? ගහටත් නෑ බඩටත් නෑ වගේ. (ත)
ඉන්ද්‍රජිත්, ඔයාගේ කතාවට කුමාර හොඳ පිළිතුරක් දුන්නේ. මමත් එකගයි ඔයාලා දෙන්නා සමග ."මේක සොඳුරු ලෝකයක්..සතුටු සිනා පිරුණු ලෝකයක් "හැබැයි ලොක්කන්ට විතරයි, පොඩ්ඩන්ට ඉතිං දඩම තමයි. (නි)
මදුරු මිත‍්‍රවරුණි. යන්න මැරෙන්නේ නැතුව දොර ඇර ඇති මාරාවිල රෝහලේ ගලන ලේ කාණුවේ ඇත බඩ පුරා ලේ බොන්නට මදිනම් දොර ඇරලා තියපු වගකිවයුත්තනගේ ද ලේ බොනු ඔබට මුදුරු පිහිට ආරක්ෂාවයි. (ස)
මේ අපරාධයට සම්බන්ධ සියල්ලන්ගෙන් මාසිකව මේ ලේ ටික ලබා ගන්න. (නි)
අපේ ආශ්චර්‍යයේ බල මහිමය ...ලෝකේ කොහෙවත් නොවෙන දේවල් වලින්නම් ආශ්චර්‍යයමත් රටනම් මේක තමයි... (ස)
සමහර ශීතකරණවල දොර ඉබේම වැහෙනවා, එහෙමනත්නම් කිසියම් නිශ්චිත තත්පර ගණනකට පසුව දොර වැසී නැත්නම් හඬක් නිකුත් වෙනවා. මෙවැනි වැදගත් සහ වටින දේ (රුධිරය) තියන්නත් එවැනි හොඳ වර්ගයේ ශීතකරණ ගත යුතු දෙයක්.. (ස)
මේ වගේ අයට රජ දඩුවම් දෙන්න ඕනෑ. (නි)
මේක අහලා මගෙත් ඇඟේ ලේ වතුර වුණා. (නි)
සිහිය නැති අයට රැකියා දුන්නහම ඔහොම වෙනවා..(ස)
මේක අහලා මගෙත් ඇඟේ ලේ වතුර වුණා..(ස)
මරු .....ඉස්පිරිතාලේ පවුල් ප්‍රශ්න වෙන්න ඇති. ඒකයි දොර වහන්න අමතක වෙන්න ඇති.(ස)
මුළු ජීවිත කාලෙදිම අහලා නැති පුවතක් අපේ ලංකාවෙන් !!(ස)
මරා විල ලේ විලක් වෙලාද ? අපරාදේ අහිංසක මිනිස්සුන්ගේ ලේ ටික..(ස)
පිස්සෝ ඉන්න රටක් මේක..(ස)
වැරදිලාවත් වැරදි කාරයාට දඬුවම් එහෙම දෙන්න එපා... ඒකටත් මෙතුමාලා වර්ජනයක් කරලා අසරණ ලෙඩ්ඩුන්ගේ ඇගේ තියෙන ඉතුරු ලේ ටිකත් පුච්චයි.(ස)
ඇත්තමයි චන්දන..(ස)
ඔහොම දේවල් අහද්දි දකිද්දි මිනිස්සු ආයෙමත් ලේ දෙන්න ඒවිද ?අනේ මන්දා අපේ රටේ නිලධාරීන්නම්..(ස)
ආසියාවේ විතරක් නෙමෙයි මුළු විශ්වයේම ආශ්චර්‍යය...(ස)