IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මල් කැකුළු රැකගන්න හැටි කියයි

සමාජයේ බලය, ධනය හා සම්බන්ධතා යනාදියෙහි අසමතුලිතභාවය, දෙමාපියන් ඉතා කාර්යබහුල ජීවතයක් ගත කිරීම, නීතිය ක‍්‍රියාත්මක නොවීම නිසා ඉහල තලයන්හි වැජඹෙන දූෂිතයන්ගේ අකටයුතුකම් හා මාපිය සරණ අහිමිවී නෑදෑයින් අතට පත්වීම, වැනි කරුණු ශ්‍රී ලංකාවේ පසුගිය කාලයේ පුරා වාර්තා වූ කාන්තා හා ළමා දූෂණ වලට හේතු වී ඇති බවත් ඒවා අතුරින් සියයට අසූවක්ම සිදුවීම් වයස අවුරුදු දහසයට අඩු දැරියන් කෙළෙසීම හා විවිධ අපචාර වලට ලක්වීම සම්බන්ධයෙන් වන ඒවා බවත් පීඩා විඳින්නන්ට යුක්තිය සංවිධානයේ විසාකා තිලකරත්න මහත්මිය කියයි. මෙවැනි සිද්ධි පිළිබඳව දැඩි හඬක් නැගීම, ළමයි සියල්ලෝම අප සැමගේය යන හැඟීම වර්ධනය කර ගැනීම, තම දූ දරුවන් ගැන දැඩි අවධානයකින් සිටීම, නිවසින් පටන්ගෙන කාන්තාවන්ට හා දරුවන්ට සුරක්ෂිත පරිසරයක් ගොඩ නැගීම යන කරුණු ක‍්‍රියාවට නැංවීමෙන් අපචාර කටයුතු වලට පෙළඹෙන්නන් ඉන් වළක්වා ගත හැකිවනු ඇතැයි ඇය පවසති.



අදහස් (0)

මල් කැකුළු රැකගන්න හැටි කියයි

සරත් Wednesday, 11 July 2012 05:25 PM

කැමිලස්, බර වැඩියිද මන්දා

:       0       0

තරුෂ Wednesday, 11 July 2012 04:58 PM

ඔය නීතිගත කිරීමෙනුත් ලැබෙන්නෙ තාවකාලික වින්දනයක් පමණයි. ඕව නීතිගත කරපු එංගලන්තය වැනි රට වල් ළමා මව්වරු වැඩිම රටවල් ලෙස වාර්ථා තබා ඇත. ඉන්ටනෙට් හරහා එන කාම වෙබ් අඩවි තහනම් කරන්නේ නම් ඊට වැඩි සෙතක් සැලසෙනු ඇත. ටෙලිපෝන් සේවා සපයන්නන්ට මුදල් උල්පත් වැනි මේවා තහනම් කරාවි යයි බලාපොරොත්තු වීමද සිහිනයක් ම පමණි

:       0       0

මෙල්බන් වැසියා Wednesday, 11 July 2012 05:53 PM

කැමිලස් ඔබ හරි, පාලකයන් අවශ්‍ය නිතිය සම්පාදනය කල යුතුය.

:       0       0

මෙල්බන් වැසියා Wednesday, 11 July 2012 05:58 PM

තරුෂ, ඉන්ටනෙට් හරහා එන කාම වෙබ් අඩවි තහනම් කිරීම හොදයි.

:       0       0

සෞම්‍යා Wednesday, 11 July 2012 06:26 PM

අපේ ජනාධිපතිතුමා මැදිහත් වෙලා හරි ඔය තහනම් කර ගෙන යන මඩ වෙබ් අඩවි (ඒවයෙත් තියෙන්නෙ කුණුහරුප තමයි වැඩිය) සහ කාම වෙබ් අඩවි යන සියල්ලම තහනම් කරන්න පුලුවන්නම් රටටම තුන් පිරිත කීවා මෙන් සෙත් ශාන්තියක් උදා වනු ඇත

:       0       0

තිලක් Wednesday, 11 July 2012 06:50 PM

වැඩිහිටියන්ගෙ නොසැලකිල්ල නිසා ළමයින්ට ගොඩාක් මෙවැනි දේවල්වලට මුහුණ දෙන්න සිදුවෙලා තියෙන බව කිවයුතුයි

:       0       0

අමිල Wednesday, 11 July 2012 07:41 PM

තමන්ගේ ආරක්ෂාව තමන්ම තමයි බලාගන්න ඕනි

:       0       0

භාග්‍යා Friday, 13 July 2012 10:04 AM

කුඩා දරුවන් පවා නොමිනිසුන්ගේ ගොදුරු බවට පත්කර ගන්නා සමාජ රටාවක් තුල අනිවාර්යයෙන්ම එල්ලුම් ගස ක්‍රියාත්මක කළ යුතුයි

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Thursday, 12 July 2012 08:55 PM

දැන් දැන් ලංකාවේ සිදුවන සිදුවීම් අනුව බැලූ විට, විශේෂයෙන්ම වයස අවුරුදු 40-50 අතර ගිහි පැවිදි පිරිමි අය වයස අවුරුදු 14-16 දැරියන් සමඟ කාම සම්භෝගයෙහි නිරතවීම බහුලව දක්නට ලැබේ.එවැනි දැරියනුත් කිසිදු වග විභාගයක් නැතිව තමන්ගේ පියාටත් වඩා වැඩිමහල් එවැනි පිරිමින් සමඟ කායික මෙවුන්දම් සේවනයට යොමුවී ඇතිබවක්ද මේ සිදුවීම් හරහා පෙනී යයි.තමන්ගේ පියාටත් වඩා වැඩිමහල් පිරිමින් කෙරෙහි කාම හැඟීම් ඇති කරගෙන ඔවුන් සමඟ යහන්ගතවීම කෙසේ නම් එවැනි වයස අවුරුදු 8-14 අතර දැරියකට මානසිකව කෙසේ බලපානු ලබයිද කියලා මට නම් හිතාගන්න වත් බැහැ.අඩුම තරමින් එවැනි දැරියකට ඇයි ඒ වගේ වයසක පිරිමි ගැන හිතට කාම ආශාව ඇති වෙන්නේ.අනික ඕන තරම් තමන්ගේම වයස්වල කොල්ලෝ සමාජයේ ඕන තරම් ඉද්දී. මෙවැනි සමහර දැරිවියෝ හරි ආසයි මානසිකව තමන්ගේ පියා දක්වන ආදරය වගේ උනුසුමක් ආදරයක් තමන්ගේ ලිංගික සහකරුගෙන් ලබන්න. බොහෝවිට මෙවැනි තත්වයන්ට පහසුවෙන් ගොදුරුවන්නේ පියා නැති පවුල්වල ලාබාල දැරියන්බව පර්යේෂණවලදී පෙනී ගිහින් තියෙනවා.සමහර දැරියන්ට හරිහැටි පිය සෙනෙහසක් ලැබිලා නැහැ. . මේ තත්වය තමන්ගේ සම වයසේ කාන්තාවකට දක්වන ආදරයට වඩා වැඩිබව පෙනී යනවා. මේ තත්වය මුළු මනින්ම මානසික ස්වභාවයක් මත සිදු කෙරෙන දෙයක්. සමහරු හිතන්නේ මේක සම්පූර්ණයෙන්ම කාමාශාව මතම පමණක් රඳා පවතින දෙයක් කියලා.ඒත් ඒ අදහස වැරදියි. සයිසොෆ්‍රොමේනියා තත්වයට හුඟක්ම හේතු වන්නේ කුඩා කාලයේදී යමෙකුට අත්විඳීමට ලැබෙන කායික හා මානසික අපයෝජන තත්වයන් කීවොත් ඒක තමයි නිවැරදිම අර්ථකථනය මේ පිළිබඳව දැනට තියෙන.

:       0       0

කුමාරි Friday, 13 July 2012 11:03 AM

බණ නම් කියාවි හාමුදුරුවරු. කාගෙන් හරි සල්ලි ටිකක් අරගෙන ප්‍රකාශයන් කර කර ඉන්නැතුව වෙන ඵලදායී වැඩක් කළොත් හොදයි නේද?

:       0       0

පුබුදු Thursday, 12 July 2012 01:19 AM

අපිට දැන් නියම පිරිසිදු බුද්ධාගමක් නෑ.දැන් ලෞකික ජීවිත ගත කරන මිනිස්සු හැම දේම කරන්නේ මුදල් උපයා ගැනීමේ අරමුණින් පමණයි

:       0       0

ඔරන් හුටන් ෆ්‍රාන්ස් Thursday, 12 July 2012 02:01 AM

පාලකයන් ඇයි තවමත් නිහඬව ඉන්නේ

:       0       0

ප්‍රගීත් Wednesday, 11 July 2012 03:31 PM

වහාම ගණිකා සේවය නීති ගත කරණු.

:       0       0

ලාල් පෙරේරා Wednesday, 11 July 2012 03:34 PM

වැඩේනම් හොඳයි‍‍‍.....

:       0       0

කුමුදු Thursday, 12 July 2012 03:45 AM

සමහරු දැන් හිතනවා ඇති මේකත් රාජ්‍ය සේවයක් ලෙස සළකා රජයේ රැකියා දුන්නොත් හොදයි කියලා

:       0       0

ලාල් පෙරේරා Wednesday, 11 July 2012 04:15 PM

හොඳ පුවතක් මේක...

:       0       0

රජිත් Wednesday, 11 July 2012 04:24 PM

ඔය වගේ පවුකාරයින්ව නිරුවත් කරලා ප්‍රසිද්ධියේ වෙඩි තියනවා ඇරෙන්න ඔලුවෙන් හිටගෙන කිවුවත් ඒ අය හැදෙන්නේ නෑ

:       0       0

ප්‍රගීත් Thursday, 12 July 2012 08:21 AM

කැමිලස්, සේවය කරන්න ඕනෙ තරම් කට්ටිය ඉඳියි.අනික හැම දේම වාගෙ ඒකත් පිනට ලබා ගන්න වාගෙ හදන්නෙ.නීති ගත කරණව කියන්නෙ ක්‍රමවේදයක් අනුව.ඔබතුමා හිතනව ඇත්තෙ ලැයිම් කාමරෙයි,පාලම යටයි,මුඩුක්කුවෙයි හැම තැනටම බලපත්‍ර දෙනව කියලද?ඒවට වෙනම ප්‍රදේශයක් වෙන් කරන්න ඕනෙ.අඩු වයස් අය ඇතුල් කර නොගන්න ලෙස ප්‍රධාන පිවිසුම් මාර්ග සකස් කල යුතුයි.රටක් උනාම හැම දේටම මිනිස්සුන්ට නිදහසක් තිබිය යුතුයි.දුම් වැටි,මත්ද්‍රව්‍යත් එහෙමයි.ගෙන්නල වෙළඳපලට දානවා.ඒ උනාට බොන මිනිස්සුන්ට දඩ ගහනවා.ලෝකෙ ගැන පොඩ්ඩක් විපරමින් විවෘතව බලන්න.අපි කොච්චර හිරවෙලාද ඉන්නෙ කියල ඔබතුමාට දැනෙයි.

:       0       0

කුමාර Wednesday, 11 July 2012 03:55 PM

මම යෝජනා කරන්නේ ලිංග අප්‍රාණිකත්ව එන්නතක් ලබා දීම හෝ නලල මත විශේෂ පච්චයක් කෙටිම මැනවයි බවයි

:       0       0

රුවන් Wednesday, 11 July 2012 04:39 PM

වැරදි කරුවන්‍ට රටේ තියෙන ඉහලම දඩුවම දිය යුතුයි....

:       0       0

කැමිලස් Wednesday, 11 July 2012 04:01 PM

ප්‍රගීත් : ගණිකා සේවය නීතිගත කලොත් සේවය කරන්න ඔයාගේ කට්ටිය එවනවද? ඔය නීතිගත කරන්ඩ කියල කියන අය මානසික විකෘතිකාරයෝ. එහෙම්මම නීතිගත කලත් නොමිලේ සේවයක් දෙන්නේ නැහැ. දුෂණය තවත් වැඩිවෙන එකයි වෙන්නේ. සල්ලි තියෙන කොට එහෙ යන අය සල්ලි නැති කොට නැවතත් අහිංසක ළමයින් ගොදුරට නොගෙන ඉඳීද? අනික පාසල්යන පිරිමි ළමයින් මේවට අදික ලෙස ඇබ්බැහි වෙන එකයි වෙන්නේ. තමුන්ගේ අමාරුව නැති කරගන්ඩ මෙවැනි අවස්ථා වලින් අයුතු ප්‍රයෝජන ගන්න අයත් ඉන්න බව පෙනී යනවා.

:       0       0

ජනක Wednesday, 11 July 2012 04:11 PM

අවුරුදු 18 සීමාව අවුරුදු 16 තෙක් ඉදිරියට රැගෙන ආ යුතුයි. ගණිකා වෘත්තිය සහ ගබ්සාව නීතිගත කළ යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 16 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 117 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 134 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 225 0

සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුව


වැස්සෙන් ගම්පහ පවුල් 68,672ක් පීඩාවට
2024 ඔක්තෝබර් මස 13 76 0

අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද


පිළිකා රකුසා දිනෙන් දින හිස ඔසවයි
2024 ඔක්තෝබර් මස 13 158 0

අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26056 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 302 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1344 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site