කෑගල්ලේ උඩුකරඩුපන පදිංචිව සිටි හත් හැවිරිදි පාසල් සිසුවකුගේ මළ සිරුර නිල්මල්ගොඩවත්තේ පාළු නිවසකින් සොයාගත් බව පොලීසිය කියයි. වළගම්බා මිශ්‍ර පාසලේ දෙවැනි වසරේ ඉගෙනුම ලැබූ තම දරුවා අගහරුවාදා පාසල ඇරී නිවසට නොපැමිණි බවට පියා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව කළ සෝදිසියකදි සිරුර හමුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා අහන්න දකින්න ලැබෙන්නේ අපේ පවුකාරකමට. (නි)
නීතියක් අපේ රටේ නැත්තේ ඇයි දන්නවද ? අපි ඡන්දේ දීලා තියෙන්නේ අද , ගොළු , බිහිරන්ට. නැත්නම් රටේ මෙපමණ මිනීමැරුම්, දුෂණ අපරාධ රැල්ලක් ව්‍යාප්ත වෙද්දී , වගකිවයුත්තෝ ඇයි මනා නීති පද්ධතියක් රට තුලට නොගෙනෙන්නේ? (නි)
කුමාර්ගේ අදහස් පැහැදිලි මදිනේ. (නි)
රිස්වාන් ඩුබායි, සමහර කට්ටියට ඇත්ත කියන කොට තද වෙනවා. (නි)
මේ මිනිමරුවත් අනිවාර්යයෙන්ම අහුවෙනවා. ඇගිලි සලකුන වැඩසටහනේ මෙවැනි අය හසුකරගන්නා හැටි කීප විටක් අප දැක තිබෙනවා . (නි)
අයියෝ දෙයියනේ ! මොකද මේ ලෝකයට වෙලා තියෙන්නේ? (නි)
රට පාලනය කරන කොටසක්ම ළමයි දූෂනය කරද්දී කොහොමද නීතිය ගැන කතා කරන්නේ.(නදී)
මේ මගේ ගම. ලංකාදීප බැලුවට පස්සේ තරු පෙනිලා අම්මට කෝල් කරේ.(නදී)
අපරාධ කාරයා පොලීසියෙන් හොයලා දුන්නම දවසින් දෙකෙන් ඇපමත එලියේ. එක්කො මානසික රෝගියෙක්. මේ වගේ නරුමයින්ට නිසි දඩුවම් දෙන්න. හරිනම් පෙරකදෝරු මහත්වරු මෙවනි නඩු කතා කරන්න ඉඑදිරිපත් නොවි මේ නරුමයන් පෝරකයටම යවන්න ඔනේ.(නදී)
අන්තර්ජාලය හා පරිගනක ආශ්‍රිත මාධ්‍ය පරිහරණය කරන උගත් මෙන්ම නිල් බලන නූගත් පරපුර අතර ස්වයං වාරණයක් පනවා ගැනීමට නොහැකි උන්මතකයින් ස්වල්ප දෙනෙකු කරන මෙම අපරාධ රජයකට පැවරිය හැකිද. මානව දියුණුවයයි පවසන මෙම සංනිවේදන ක්‍රමයන් වලකාලිය හැකි ක්‍රමයක් ඇත්ද. ඒ හරහා ඇති වී තිබෙන ජුගුප්සාජනක සමාජය විනාශයට පත්වන බව මම විශ්වාස කරමි. ස්ත්‍රී හෝ වේවා පුරුෂ හෝ වේවා කුඩා දරුවාගේ සිට නව යොවුන් විය ගෙවන යෞවනයා දක්වා ශිෂ්ඨ සම්පන්න සමාජයේ වගකීම බැහැර කළ නොහැක. ඒ නිසා ඔබ ඔබේ දූ දරුවන් ආරක්ෂා කරගන්න. කාමාතුරයන් ඇසුරු කිරීමට ඉඩ නොදෙන්න. ස්වකීය මව් පියන්වත් විශ්වාස නොකරන්න. අද සමාජය එතරම්ම ජාගර සිත් වලින් යුත් පුද්ගයින්ගෙස් සැදී ඇත. එහි වරද සමාජය විසින්ම භාරගත යුතුය. ව්‍යසනය සිය දොරකොඩට එනතෙක් නොසිට එය වලක්වා ගැනීමට හැකි සෑම පියවරක්ම සමාජය විසින් ගත යුතුය. රජය ඊට සහාය දිය යුතුය. දුරාචාරයේ යෙදුන දේශපාලන පක්ෂ නියෝජිතයන්ට නිසි දඬුවම් ලබා දී රජය ඊට කැපව සිටින බව ප්‍රදර්ශනය කළ යුතුය.(නදී)
දෙමව්පියන්ගෙන් පලිගන්න බැරී තිරිසන්නු ,දරුවන්ගෙන් පළිගැනීම මෙලොවදීම පටිසන් දෙන පාපයක්. හොඳක් නම් වෙන්න එපා! (නි)
මිනීමරුවා අල්ලපු ගෙදර.(නදී)
පොලිස් සුනඛයොත් එක්ක සෙල්ලම් බැහැ. (නි)
අපරාධකාරයට හෙණම වැදියන් දෙවියනේ! (නි)
මරන්න තරම් පොඩි එකා කරපු වැරද්ද මොකක්ද?(නදී)
සම්පත්, ඔබ කියන ආකාරයට අපිට අපේ රටේ සිද්දවෙන සියලු අපරාධ වලට රජයට ඇඟිල්ල දිගු කරන්න බැහැ. නමුත් බලන්න අපි පුවත්පත් වල හැමදාම කියවනවා කොහේ හරි සිදුවන අපරාධයකට විශේෂයෙන් දේශපාලකයකු සමබන්ධයි. අද එසැන පුවත් හොඳ උදාහරණයක්. එනිසා ඔවුන් ගේ හැසිරීම නිසා ඔවුන් සමඟ ඉන්න අයත් බිය නොවී අපරාධ කරනවා . (නි)
සියලු ලංකා වාසීන්ගෙන් මම ඉල්ලන්නේ අපි ඔක්කොම ජාති භේද ආගම භේද නැතුව පාරට බැහැලා දුෂකයන්ට දඬුවම් දීලා මේ වගේ අපරාධ නොවෙන්න තද නීති ගෙනත් දේශපාලනයෙන් තොර නීති පද්ධතියක් ගෙනෙන්න කියො රජයටත් විපක්ෂයටත් සියලුම ආගම් නායකයන්ටත් බල කරලා පෙළ පාලි හදන්න ඕනෑ. ගම වල ඔක්කොම ගෙයක් ගෙයක් ගානේ කට්ටියක් එකතු කරන්න ඕනෑ. සියලුම සංගම් පාරට බහින්න ඕනෑ. (නි)
අපිට ජනමතයක් හදන්න ඕනෑ මේක ඉන්දියාවේ වුණ සිද්ධිය වගේ එකක් නෙමෙයි කියලා. ඕනෑ උදව්වක් අපි දෙනවා මාධ්‍යයට. කරුණාකරලා මේක ගැන විශේෂ වාර්තාවක් ඊළඟ පත්තරේ දාන්න. (නි)
දැන්වත් එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න. ඒ වගකීමෙන් බැහැර වෙන්න රජය උත්සහ දරනවා නම් රටේ ජනතාව හැටියට අපිට එය අනුමත කරන්න බැහැ. (නි)
රිස්වාන්, පාකිස්තානේ වගේ? (නි)
මෙම අපරාධකරු නීතියේ රැහැනට කොටුවේවා! (නි)
අනේ මන්දා. හැමදේම ගණන් යන කාලේ මිනිස් ජීවිත විතරක් ලාබ වෙලා තියෙන හැටි. (නි)
අම්මා විතරද? ඇයි තාත්තා? එයා කෝ? (නි)
නිසි විදියට නීතිය ක්‍රියාත්මක නොකරන මේ රටේ මේ වගේ දේවල් මීට වඩා අනාගතයේදී බලාපොරොත්තු විය හැක. ඉන්දියාවට බැනලා පලක් නැහැ අපි හැදෙන්නේ නැතිව... (නි)
ලංකාවේ මානසික සෞඛ්‍යය දියුණු කරන්න ඕනෑ. මෙහෙම මිනිසු සත්තු වගේ හැසිරෙන්නේ එනිසා. මානසික වෛද්‍යවරු ලංකාවේ කීදෙනාද ඉන්නේ. මේවා සමාජමය ප්‍රශ්න. දෙමාපියන්ට කොච්චර වේදනාවක්ද මෙහෙම වුණහම? (නි)
ඇයි සිල්වා ඔයා ළමයාගේ අම්මව හොයන්නේ ? (නි)
අම්මලට,තාත්තලට දැන් දරුවෝ ඕනෑතරම් හදාගන්න පුළුවන්නේ. ලයිට් බිලත් අඩු කරලානේ තියෙන්නේ (නි)
අපරාධකරුවන් සොයා ගල් ගසා මරා දමන්න වටිනවා. (නි)
මෙම දරුවාගේ අම්මා නැද්ද? (නි)
අහෝ ලංකාවට ගිය කලක්. දැන්නම් සක්කරයා ආවත් ලංකාවේ ගැටළු විසදන්න බැහැ. එන විදිහට මුහුන දෙමූ . (නි)
මෑතක ඉඳල ඔය වගේ දේවල් වලට තමයි ගොඩක් දේශපාලුවෝ හිරබත් කන්නේ. ඔය ඔක්කොම අය එකතු වෙලා ඔය වගේ දේවල් කරන්න පුළුවන් විදිහට නීති ගේන්නත් බැරි නැහැ. වරදට නිසි දඬුවම් නැති එකේ විපාක තමයි ඔය. (නි)
මොනතරම් සංවර්ධන ව්‍යපෘති කරලත් වැඩක් නැහැ. මිනිසා තවමක් තිරිසනා. ආගමික නායකයන්ගේ වගකීම තමයි උපරිම ලෙස කටයුතු කර තම තමන්ගේ ධර්මය අනුව ජීවත් වීමේ සමාජයක් බිහිකිරීම. රජයේ වගකීම නීතිය සියලුදෙනාට ඉෂ්ට කිරීම. රටේ නීතියට කිසිවෙක් බය නැහැ. ඔවුන් දන්නවා ඕනෑම පවක්, අපරාධයක් කරලා දින 14 කින් එලියට එන්න පුළුවන් කියලා. හොඳින් කල්පනා කරලා බලන්න මේ වගේ දෙයක් මගේ හෝ ඔබේ පුතාට සිදුවුණා නම්? අල්ලාහ් දෙවියන් වහන්සේගෙන් ප්‍රාර්ථනා කරමි මෙවැනි වේදනාවන් කිසිවෙකුට නොවේව කියා. අපිට නීතිය පිලිබඳ ගැටළුවක් තමයි තියෙන්නේ. මම ඉන්නේ කටාර් රාජ්‍යයේ. මෙහෙ මෙවැනි සිදුවීම් මාගේ දැනුම මත මා අසා නැත! (නි)
නීතියක් නැති රටක මොන සංවර්ධනයක්ද? මුළු අරාබිකරයේම මේ වගේ දේවල් ඇහෙනවනේ. (නි)
මම හිතුවෙ අපේ මල් කෑකුළු වල ආරක්ෂාව100% තහවුරු වෙලා කියලා. අපි සියලු දෙනාටම සුභ අනාගතයක්! (නි)
මෙහෙමත් මිනිස්සු ඉන්නවාද ලෝකේ (දී)
මගේ දේශයට ගිය කලක්. සැමදාම ඇහෙන්නේ මේවගේ දුක්බර කතා. දෙමාපියනි, දරුවන් ගැන නිතර සෙවිල්ලෙන් ඉන්න. ඒ අයට අපගේ සියලු රැකවරණ සැමවිටම අවශ්‍යයි (නි)
සල්ලි දීලාවත් ගන්න බැරි ජීවිත අද කාලේ ඕනෑ ඕනෑ විදිහට විනාශ කරලා දානවා. හැඟීමක් දැනීමක් නැති මෙහෙම මිනිස්සු රටට ලෝකයට බරක් (නි)