වී කුරුල්ලන්, රෑන ගිරවුන් හා මාල ගිරවුන් අල්ලා ලඟ තබාගැනීම, ප්‍රදර්ශනය කිරීම හා වෙළෙඳාම් කිරීම ඇතුළු නීතිවිරෝධී ක්‍රියා වැටලීම වහාම නතරකරන ලෙස ගොවිජන සේවා හා වනජීවී අමාත්‍යාංශයේ ලේකම් උදේනි වික්‍රමසිංහ මහතා වනජීවී අධ්‍යක්ෂ ජනරාල් වරයා වෙත දැනුම් දී ඇත. බලපත්‍ර ක්‍රමයක් මත මේ සතුන් අල්ලා විකිණීම සඳහා අවශ්‍ය නීති සකසන ලෙස ද ඔහු කියා තිබේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ක්‍රියාව ඉතාම වැරදියි. මෙය සත්ව හිංසනය නීතිගතකිරීමක්, නිදහසේ ඉන්න සතුන්ට කරන මහත් විපතක්. ඒ වගේම සියලු සත්වයෝ නිදුක්වෙත් වා යි පතන බෞද්ධයින්ගේ මානසික චින්තනයට බාධාවක්. බුදුන් වහන්සේ දේශනාකල ධර්මයේ මුලික හරය සමාජයෙන් ඈත කරමින් තියෙන අවදියක, තව තවත් එයට අනුබල දීමක්. මෙවැනි අනුවන හිංසා වාදී නීති එකතු කරලා, දුස්සීල සමාජයක් ඇතිවුනට පස්සේ කණගාටුවී පලක් නැහැ. (ස) අනුන්නට හිංසා කරන්නාට නොකළ ගැහි පාපකර්මයක් නැහැ.
මොලේ හොඳ නැද්ද ? ඔය සත්තුන්ට නිදහසේ ඉන්න ඉඩ දෙන්න .අල්ලන අයට දඩුවම් කරන්න ..? (ස)
දරුවොත් විකුණන්නේ මේ වගේ අය තමයි (ස)
සොබාදහමේ අසිරිය මවන මේ කුරුල්ලන්ට එයාලගේ ලෝකයේ නිදහසේ පියාඹන්න ඉඩ දෙමු (ස)
සත්ත්ව හිංසනයට තවත් පැත්තකින් කැපෙන පාරක්....(ස)
හෙට අනිද්දා වෙද්දි තව මොන මොනවා විකුණාවිද මන්දා (ස)
හම්බන්තොටදි යාල විකුණන්න ගිහිං නාගත්ත හැටි මෙච්චර ඉක්මනට අමතක වෙන්නේ කොහොමද ? (ස)
බළපත්‍ර ගත්තම සත්ව හිංසනය වැලකෙනවද ??? තව ටික දවසකින් ළමා දූෂණය සඳහාත් බලපත්‍ර නිකුත්කරාවි (ස)
අප බෞද්ධයින්නම් සත්ව හිංසාවෙන් වැළකිය යුතුය.හෙළ උරුමය මීට විරුද්ධ වෙන්නේ නැතිද? (ස)
කුරුළු බද්දක් ගේන්න . නීති විරෝධී වැඩ ටිකක් අඩු වේවි (ස)
සතෙකුටවත් ඉන්න දෙන්නෙ නැති හැටි..!(නු)
ලබන ආත්මේ ගිරවෙක් වුණොත් කූඩුවෙම තමයි ඉන්න වෙන්නේ. (නි)
මාල ගිරවියේ....කවුද නුඹේ ප්‍රේමවන්තයා !!! (ස)
සොබාදහමේ ලස්සන අපිට අහිමිවීගෙනයි යන්නේ. මේ පිටුපස දේශපාලුවෙක් ඇති. (නි)
සතුන් විකිණීම සදහා බලපත්‍ර දෙන්න එපා. එක් අයෙකුට එක් වර්ගයකින් කුරුල්ලන් තුන් දෙනෙකුට වැඩිය තියාගන්නත් දෙන්න එපා. (නි)
මේවා පරම්පරා හතකට හෙණ ගහන අපරාධ!!! (නි)
මේක හරිම අපරාධයක් , ලංකාවේ කුරුල්ලෝ දවසින් දවස අඩු වෙනවා , කාටහරි පිටරට ඕඩරයක්ද දන්නේ නෑ..මේවාට හැමෝම විරුද්ධ වෙන්න ඕනි (ස)
නිදැල්ලේ ඉන්න සතුන්ට ඉන්න දෙන්න මිනිසුනේ. (නි)
ළගදීම හන්දියේ බාර් එකෙන් කට දිව පිනවන ගිරා ඩෙවල් කන්න ලැබෙයි අපිට. (නි)
අපේ රටේ මිනිස්සු නටන්නෙම පිස්සු.... (නි)
යාලෙ කෑම්ප් කරන අය එතනින් අයින් කළ නිසාද දන්න් නැහැ අළුත් ව්‍යාපාරයක් පටන් අරගෙන තියෙන්නෙ? යාන කෑම්ප් ව්‍යාපාරය කොහොමද සිදුවුනේ කියලා අපි මාධ්‍ය මගින් දැන ගත්තා.. උදේනිට කුරුළු දඩයක්කාරයාගේ කතාව පොඩිකාලෙ කියලා දුන්නෙ නැද්ද?(නු)
කෝ මුන්නේශ්වරමෙ සත්තු පටවපු අය (ස)
කෝ අපේ මහනායක හාමුදුරුවරු? එයාලාට බැරිද මේවට විරුද්ධව යමක් කරන්න? (නි)
වෙන රටවල තමන්ගෙ සොබා දහම රැකගන්න උත්සාහ කරනවා. අපරාදෙ කියන්න බැහැ මෙහේ ඒකෙ අනිත් පැත්ත.ඇත්තටම මොන අරමුණක් කරා යනවද කියලා දෙයියො තමයි දන්නෙ... (ස)
"කරන කළට පව් මීරිය මී සේ. විඳින කලට දුක් දැඩිවෙයි බෝ සේ" සියලු දෙනා මෙයට විරුද්ධ විය යුතුයි. මේක බුදුන්ගේ දේශය. (ස)
ඇත්තටම මේ සත්තු ඕන සත්තු නොවේ .ඒ හින්ද විකුණලා මුදල් හොයන්න පුළුවන් නම් ලොකු දෙයක් .තවත් ඔය වගේ ඕනෑතරම් සත්තු ඉන්නවා .උදාහරණ ලෙස අලි,වලස්සු,ගෝනු,මුවන් වගේ (ස)
කෝ අර හිංසනයට කෑ ගහපු ඇමතිතුමා (ස)
වනජීවී අමාත්‍යාංශයේ ලේකම්තුමනි, රෑන ගිරවුන් හා මාල ගිරවුන් වැනි ලස්සන කුරුල්ලන් ලංකාවෙන් හොරෙන් ගෙන ගොස් පිට රටවලදී ලක්ෂ ගණන් මුදලට විකුණන මාෆියා කණ්ඩායමට දොර ඇරීමක් කිරීමට ඔබ සැරසෙන්නේ. සමහර විට මෙහි අනාගත ප්‍රතිඵල ඔබ නොදන්නවා ඇති. මෙයට අවසර දුන්නොත් අවුරුදු දෙක තුනක කාලයකින් ලංකාවේ සිටින ඔය ලස්සන කුරුල්ලන්ගේ අවසානය උදාවන බව නිසැකය.(ස)
අපේ නිදහසත් දියවු මිනිසුනේ! (නි)
ඔය කරන්නේ නුඔ ලැබු මිනිසත් කමටත් නිගාවක්. කරුණාකරලා ඔය නියෝගය නවත්වන්න. මොකද මිනිසුන් වෙලා ඉපදුන අපටත් ඕක ලැජ්ජාවක්. අනුන්ගේ ජීවිත විනාශ කරන්න නුඹලාට ඇති අයිතිය මොකක්ද? (නි)
අපේ රටේ පන්සල් , පල්ලි බදාගෙන මිනිස්සු ඉන්නවා . ඒත් කරන්නේ බාල වැඩ , හොර වැඩ තමන්ගේ ගෑනිවයි , දරුවන්වයි හරි විකුණන් කන කාලේ මේවා මොනවද ? (ස)
'' ගිරා ඩෙවල් '' හෙට අනිද්දා හෝටල්වල විකුණන්න තියේවි එහෙනම් (ස)
කාටනැතත් එක මහත්තයෙකුට නම් සතුටු ඇතැයි සිතමි (නි)
ඇයි මාලු පැටවු ඇතිකරන්නේ මින් මැදුරු වල... (නි)
ඇයි? ඕනෑ නැහැ. මොකටද? කාගේ වුවමනාවකටද? (නි)
තව ටික දවසකින් ළමයි විකුණන්නත් අවසර දෙයිද මන්දා? (නි)
උතුම් ක්‍රියාවක් (ස)
මෙහෙම ගියොත් අපි ආශ්වාස කරන වාතයත් විකුණගෙන කන්න පනත්/නීති හදයි . රටකට ගිය කලක් . (නි)
අහිංසක සත්තුන්ගේ ලෝකය විනාශ නොකර රටේ සූභ වැඩ වලට නියෝග දූන්නා නම් නරකද? අහිංසක සතුන් අල්ලාගෙන කූඩූ කරලා සතුටූ වෙනවාට වඩා, යහපත් හොද එක් ක්‍රියාවක නියැලී එයින් සතුටක් ලබන්න. (නි)
අහිංසක සතුන්ට සෑළකීම පෑසසිය යුතු කරුණකි. (නි)
ඔහොම ගියහම මාල ගිරවත් නුතන කුකුළා වගේ වෙජිටේරියන් කෑමක් වෙයි. (නි)
ලොකු අයට තෝරු මෝරු පොඩි අයට වී කුරුල්ලෙක්වත් බැහැ... (නි)
කොහොමටවත් කරන්න දෙන්න එපා. නිදැල්ලේ ඉන්න සතුන් හිර කරලා විකුණන එක හොද මදි. පැටවු ඉන්න සතුන් අල්ලා ගත්තහම උන් වද වෙලා යයි. අපේ අය ගෑණුත් විකුණන එකේ මේවා නතර කරාවිද. සම්පුර්ණයෙන්ම නතර කරන්න ඕනෑ. (නි)
මේක නම් හොඳ දෙයක්. අද කාලේ අම්මා තාත්තත් පුළුවන් නම් විකුණන යුගයක්. මගේ අදහස නම් බලපත්‍ර යටතේවත් මේ වගේ සතුන් විකුණන එක වැරදියි. කළ යුත්තේ විකුණන්න බලපත්‍ර දෙන එක නොවේ. වන සතුන් ආරක්ෂා කළ යුතුයි. වන සතුන්ට ඉන්න තැන් අද නැතිවීගෙන ගිහිල්ලා. (නි)
උදේනි මේ විදිහට මිනිස්සු විකුණුවොත් මොකද වෙන්නෙ? (නි)
ඔන්න කාලෙකට පස්සේ සත්ත්වවේදීන්ට කෑගහන්න පොටක් පෑදුණා. (නි)
හෙට අනිද්දට කට්ටිය බලපත්‍ර හදලම තමන්ගේ අම්මයි තාත්තයි විකුණයි නේද?
සතුන්ට ඔවුන්ගේ නිදහස් ලෝකය දෙන්න
වැලිකඩ යවන්නයි තියෙන්නේ. (නි)
කවුරු හරි දේශපාලකයෙකුගේ නෑයෙක් මේ බිස්නස් එක කරන්න පටන්ගන්න හදනවා ඇති . ඒකයි මේ (ස)
උදේනි, මේක නවත්වන්න. අපි හැමෝම අපේ ජීවිත වලට කැමතියී. අන් අයගේ සුන්දර ලෝකය විනාස කරන්න එපා.(ස)
සුන්දර පරිසරය ලස්සන වැඩි කරන මේ කිරි පැටවුන් නිදහස නිදහස් කරනු (ස)
මම දන්න තරමට වන ජීවී අධ්‍යක්ෂ තනතුර දරන්නෙත් මේ උදේනි මහතාම තමයි. එයා එයාටම ලියා ගත්ත ලිපියක් මේක ?? (ස)
ලංකාවේ අභාග්‍යසම්පන්න කාලය ළගා වෙමින් පවතී. (නි)
යනවනම් අනේ මන් අරන් යන තැනකට යන්න රත්තරං (ස)
බලපත්‍රය ඉස්සරහට දාලා විකුණන්න පුලුවන් කිවුවහම කාටද දන්නෙ නැහැ ඒ වැඩේටත් ඒකාධිකාරිය ලැබෙන්නෙ? එක පාරටම රටේම ඉන්න ගිරවු ටික අල්ලලා විකුණයි වගේ. (නි)
ඔයා මොන හිතකින්ද ඕක කළේ? (නි)
මෙතන ගොඩක් කට්ටිය හරියට ප්‍රවෘත්තිය කියවලා නැහැ. මේකේ තියෙන්නේ කුරුල්ලෝ විකුණන්න අවසර දීලා කියලා. අපේ රටේ අය චීනෙන් චන්ද්‍රිකාවක් යැවුවත් මගේ රටට දළදා හිමි සරණයි කිවුවා, ඒ වගේ තම පොඩි දෙයකින් රැවටෙනවා, පොඩ්ඩක් දැකලා ඉතුරු ටික හිතින් හදාගෙන කෑගහනවා, ආණ්ඩුවේ කවුරු හරි කුරුළු විකිණීම පටන් අරගෙන, ඒක තමා අවසර දීලා තියෙන්නේ, කෝ මේ සත්ව අවිහිංසකයෝ කට්ටිය? (නි)
ලේකම්තුමා නීරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! (නි)