මහාචාර්ය ඡී එල් පීරිස් මහතාගේ නායකත්වයෙන් පිහිටුවාගත් පොදු ජන පෙරමුණට ලබාදී ඇති ලාංඡනය වන මල් පොහෝට්ටුව කිසිදා නොපිපෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
““මැතිවරණ කොමසාරිස්වරයා පක්ෂය පිළිබද හොඳට සිතා බලා නොපිපෙන මල් පොහොට්ටුවක් ලාංඡනය විදිහට එම පක්ෂයට ලබාදී තිබෙනවා. ඉදිරියේ දී දුෂිතයින් සිරගෙට යනවිට මල් පොහොට්ටු කමීස සාක්කුවේ දාගන්න සිදුවෙනවා. එම නිසා තරුණ දේශපාලනඥයින්ගෙන් මා ඉල්ලා සිටින්නේ රට සෑදීමේ වැඩපිළිවෙලට යහපාලන රජය සමඟ ඒකාබද්ධ වන ලෙසයි.” යැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා පැවසීය.
බේරුවල අල් අම්බ්රා විද්‍යාලයේ නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ උත්සවයට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මල් පොහොට්ටුවට පිපෙන්න දෙන්න... (නි)
මලක් වෙන්නේ පොහොට්ටුවක්බව මොහු දන්නේ නැහැ. පිපුණු මල් පරවෙන එක දැනගත යුතුයි. බෙහෙත් ගන්න සිංගපූරු ගමනට ජනාධිපති අරමුදලෙන් කීයක් ලැබුණාද දැනගන්න ආසයි (අ)
එජාපය දැන් හොල්මන් වෙලා! යන්නේ කොහෙද කරන්නේ මොනවාද කියල දන්නේ නැහැ. ඔවුන් හැසිරෙන්නේ මේ විදියට නම් ජනතාව කළ යුත්තේ හිලරිව ප්‍රතික්ෂේප කරපු ඇමෙරිකානු නිශ්ශබ්ද බහුතරය මෙන් ඉදිරි මැතිවරණයේදී රනිල් මෛත්‍රී දෙපුට්ටුවට පාඩමක් උගන්වන එකයි. මල්පොහොට්ටුව පිපෙන්නේ මැතිවරණය කියන හිරු උදාවත් සමග. එකයි රහස. එක ගැන නොදන්නා අයට කටවාචලකමට දොඩවන්න ඉඩදෙන්න. (අ)
පොහොට්ටුව පිපුනොත් ඒ පැත්තටත් ගිහින් ඇමති පට්ටමක් ගන්න බලන්න (නි)
ලැජ්ජාව කියන නහරය නැති ඔබ, අපි ඔක්කොමව රවට්ටනවා. හැබැයි දවසක මේ ඔක්කොම එළියට ආ දවසක ඇපත් නැතිවෙයි (නි)
ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා, 'පිරුණු කළේ දිය නොසැළේ‘ ගැනත් කිව්වා නම් තමයි හරි. (නි)
ගඳගහන පිපුණු පොහොට්ටු වලට වැඩිය එ්ක හොඳයි (නි)
ඒක දැනටම පිපිලා ඉවරයි (නි)
මල් පොහොට්ටුව පිපෙන්න ළංවෙනකොට මෙයාලට හොල්මන් පෙනෙන්න ගන්නවා. මොකද මෙයා දැන් කල්පනා කරනවා කොහොමද කරණමක් ගහන්නේ කියලා.19 වතාවක් පක්ෂ මාරු කරපු අයනේ (නි)
ජනතාව ඒවා ගානට පුප්පලා ගනී (නි)
ඒක අපි බලාගන්නම්. ඡන්දය තියන්න. දැක්කනේ ඔයාට වඩා ලොකු හිලරි නෝනට වුණ දෙය. (නි)
විකාර දොඩවන්නේ නැතුව ඡන්දෙට එන්න. අපි පෙන්වන්නම් රට කන අයට දෙන දඬුවම්. (නි)
මහජනයාගෙන් ගුටි ලැබෙන දිනය ළඟයි.
ලංකාවම පිපෙන්නෙ නැති පරවුණ මල් පොහොට්ටුවක් වුණේ මේ ආණ්ඩුව හින්දා කියලා දැන් මුළු ලෝකෙම දන්නවා. ඡන්දෙ තියලා බලන්නකො මොන මල් පොහොට්ටුවද පිපෙන්නේ කියලා (නි)
මේවා ඉරිසියාවට කියන කතා. දැන්ම හොඳටම බයවෙලා. මල් පිපුනොත් මොනවා කරයිද මේගොල්ලෝ. යහපාලනයට නැවත බලය ලැබෙන්නේ, තණකොළ කන හරක් ටිකක් ලංකාවේ හිටියොත් පමණයි. දැන් එහෙම මෝඩයෝ ලංකාවේ නැහැ. (නි)
එයාලගේ පොහොට්ටුව ගැන එයාලා බලාගනීවි (නි)
ඔයාට මොළයක් ඇත්නම් කියන්න තිබුනේ පොහොට්ටුව පිපෙන්නේ නැහැ කියල කියන එක නොවෙයි (ඇමති කෙනෙක් පේන කියන්න පුළුවන් දෛවඥයෙක් නොවෙයිනේ) ඔය පොහොට්ටුව පඳුරක තියෙන දෙයක් නොව මිනිස් හස්තයකින් අල්ලාගෙන ඉන්න එකක් නිසා අතේම පරවෙනවා මිස මලක් සේ පිපෙන්න ස්වභාව ධර්මයෙන් කිසිම ඉඩක් නැහැ කියල. (අ)
අනුන්ගේ පොහොට්ටු ගැන වදවෙන්නේ නැතුව හිටියොත් හොඳයි (නි)
ඡන්දෙ තියල බලමු පොහොට්ටු පිපෙනවද නැද්ද කියලා... (නි)
මම මේ දන්නේ නැති නිසා අහන්නේ. රාජිත කියන්නේ එජාපයේ එක්කෙනෙක් නෙමෙයි නේද. ඉතින් මෙතන අදහස් දාන මෝඩයන්ට කියන්න ඕනෑ දන්නේ නැතුව කියවන්න එපා. අප්පච්චි නැතුව පුතාල ටික නන්නත්තාර වෙලා ඉන්නේ. අනේ පවු. (නි)
තමුන්ගේ කටේ තරම අපි දන්නවා (නි)
පොහොට්ටු පුබුදුවන එක අපි බලාගන්නම් (නි)
බීඩි වලින් සෞඛ්‍යයට හානියක් නැහැ කියලත් කිව්ව අය හිටියනේ අපේ රටේ (නි)
ඇමතිතුමා, මල් පොහොට්ටුව ගැන ඔය තව සමහරුන්ගේ මතය මොකද්ද කියලා අහලා බැලුවේ නැද්ද? (නි)
මේ පුද්ගලයා ගැන සිතාගන්න අපහසුයි (නි)
මේ පොහොට්ටුව පිපෙන්න කලින්ම කුණුවෙලා යාවි (නි)
හර්ෂි, ඔබ හරි. මම නොකිව්වාට ඔබ විසින් එය සඳහන් කිරීම ගැන ස්තුතියි. ඒ කාලේ තමයි දිය මදිවීම නිසා කළෙහි දිය සෙළවෙන බව කීවේ. දැන් තියෙන්නේ හිස් කළගෙඩි. ඒවා දකින අපේ මොළ ගෙඩි තමයි හෙළවෙන්නේ. (නි)
ඔය එක එක අය කියන ඒවා ගණන් ගන්න මිනිස්සු දැන් රටේ නැහැ. ඉන්නේ මොළේ තියන මිනිස්සු. දැන් සෙලවෙන්න පිරුනු කළ නැහැනේ. තියෙන්නේ පයිප්ප. පයිප්ප කරාමය ඇරපුවම දෝරේ ගලනවා. මෙතැන් අදහස් දක්වලා තියන වැඩි දෙනෙක් බුද්ධිමත් අය බව දැනගත්තොත් හොඳයි. පොහොට්ටුව ගැන කලබල වෙන්න එපා. එ්කේ වැඩ අපි බලාගන්නම්. (නි)
නැවතත් කිසිදිනක නොපිපෙන (හිස බිමට හරවාගත්) පොහොට්ටුව. (නි)
මල් පොහොට්ටුව තවම ආවේත් නැත. ඔසවාගෙන යන අය කවුද කියා දන්නෙත් නැත. එකට බයවුණු අය නම් දොඩවනවා ඇසේවි. (නි)
කොහොමද අදහස් ගොඩ.... මමත් දැම්මා. මෙහෙමයි ජනතා වරම ආයෙත් ගන්නේ (නි)
මේ වගේ දේශපාලකයෙක් මම දැකලා නැහැ (නි)
ඔයා ඒ දවස් වල මල් පොහොට්ටු කීයකට ආදරය කරන්න ඇත්ද දැන් මල් පොහොට්ටු එපා උනාට. ඒ නිසාම පිපෙන්න නොදීම මල් පොහොට්ටු කොතරම් ප්‍රමාණයක් පරවී යන්න ඇත්ද? (අ)
තමුන්ගේ දත් සෙට් එකවත් හරියට හදාගන්න බැරි කෙනෙක් කතා කරනවා!(අ)
මල් පොහොට්ටු ගෙදර ගෙනල්ල හංගගෙන හිටිය ඔබතුමාට, පොහොට්ටු දකිනකොටත් නිකන් මල පනිනවා වගේනේ! (අ)
පිපෙනවද නැද්ද කියල බලන්නත් එක්ක තියමුද බලන්න පොඩි ඡන්දෙ.(අ)
මොහුගේ පොඩි පුතා මල් පොහොට්ටුවක් බලෙන් පිප්පුවා (අ)
අනුන්ගේ පොටෝ ගැන හොය්න්නේ නැතිව තමන්ගේ පොටෝ එකතුව ආරක්ෂා කරග්න වැඩ කරන්න ඇමැතිතුමා (අ)
අන්තිම ටිකනම් හරියටම හරි එකතුවෙලා වැඩ කලොත් හොඳයි නැත්නම් ඉතින් අපි සම්බෝල් වෙලාම යනවා (අ)
අර පුංචි බබා මේ සැරෙත් අත්දෙක උස්සලා ජයවේවා...! ජයවේවා..! කිව්වොත් නම් ගිය සැරේ වගේම පිපිලා ඉවර වෙන්නත් කලින්ම පරවෙලා යයි හාමුදුරුවනේ.(ම)
පොහොට්ටුව පිපුණු දාට එනවකො හෙත්තු වෙන්න (ම)
මල් පොහොට්ටුව ළඟදීම පිපෙනවා. ඉතිහාසයේ නැති විදියට 5/6 ක වෙනසක් එක්ක. එතකොට දුවන්න පාරවල් දැම්ම හදල තියා ගත්තොත් හොදයි.(ම)
සමහර පොහොට්ටු තියනවා තමයි පිපෙන්නේ නැති ඒවා . (අ)
පොඩි බයක් හිතේ තියෙනවා වගෙයි.(අ)
බිඩි වලින් සෞඛයට හානියක් නැහැ කිව්වා කොන් දොස්තර (අ)
සිතු දෙය නොම වේයි නොසිතු දෙයක් වේයි ලෝ දම් කැරකේනවා (අ)
මෙයාගැනත් අපි දන්නා ව (අ)
ඒක අපි බලාගන්නම් ඡන්දය තියන්න (අ)
අනුන්ගේ මල් පොහොට්ටුව හොයනවා ඇරෙන්න මේ මනුස්සයට වෙන වැඩක් ඇත්තෙම නෑ.. (ම)
වැඩිය දගලන්න එපා, දැක්කනේ ඔයාට වඩා ලොකු හිලරි නෝනට වුණ දෙය. (අ)
ඔබ තුමා කියන දේවල් හැම විටම සිදු වන්නේ අනෙක් පැත්තට කියල තමයි දැනට අපට පෙනී ගොස් තිබෙන්නේ. (අ)
වෙලාවට පිපේවි. සුවද ගහනකොට රාජිතයට දුවන්න වේවි.! (අ)
මෙයාගේ කටේ දුඟද යන්නත් එක්ක සුවඳ හමන මලක්ම පිපෙන්න ඕනේ (අ)
කිචි වගේද දන්නේ නෑ නේද? (අ)
කණගාටු වෙන්න එපා අැමතිතුමා. කොහොමත් පිපෙන්නෙ නැහැම තමයි. (නි)
කොහොමත් පොහොට්ටුව පිපෙන්නෙ දෙන්න හොඳ නැහැ. එතකොට ලකුණ වෙනස් වෙනවනේ. අැයි මේ නිකන් තටමන්නෙ ලාංඡනයක් වෙනස් කරන්න. (නි)
බොරු කියන අයගේ කට ගද ගහනවලු සහ වපර වෙනවලු (අ)
මේ ලංකාදීප ඒසැනින්ම මල් පොහෝට්ටුව ප්‍රතිපල දැන ගන්න ලැබේවා! එදාට මම කොමෙන්ට් කරන්නම් කෝ . (අ)
ඒ පොහොට්ටුව පිපුන්නේ නැති වුනාට මෙන්න මේ මල පරවෙනනම් ලංකාවට යහපතක්ම වේවි (අ)
මාළු අල්ලනවා වගේ නොවෙයි මල් පොහොට්ටුව හෙමින් හෙමින් තමයි එය පිපෙන්නේ. ඒවගේම සුවද දසත හමාවී, සමනලයෝ, මීමැස්සෝ ඔක්කොම ඒ වටේ කරකවේවි . එතකොට ඔය නිලමස්සන්ට ජරා ගොඩේ ලගින්න වෙන දවස වැඩි ඈතක නොවෙන්න පුළුවන්. අවලාද නගන එක ඇති. (අ)
රට සෑදීම අර "පාද සටහන්" කට්ටිය එක්කද ඇමතිතුමෙනි. දත් පිරිසිදු කිරීමට අපි දන්ත වෛද්‍යවරයාට බාර කළෙමු. බැක්ටීරියා විනාශ කිරීමට ඔහුගේ ප්‍රතිකාර ප්‍රමාණවත් වුනේ නම් මල් පොහොට්ටුවල සුවඳ ගැන කතා කරන්නට අවශ්‍ය වන්නේ නැත. (අ)
පොහොට්ටුවට හොඳටම බයවෙලා වාගේ.අනුන්ගේ පොහොට්ටු හොය හොයා අවූරුදු හතරම යයි වාගේ.(අ)
පොහොට්ටුව පිපෙන කොට මේ වචලය ඒ පැත්තට පනින්න බලයි.මෙයාගේ තරාතිරම ජනතාව දන්නවා,මට සහතිකයි මෙයට නැවත චන්දයක් දිනලා එන්න බැරි බව,අවොත් එන්නේ අප්පච්චි මලෝල අපු විදියට? (අ)
මේ නොකියා කියන්නේ දුෂිතයන්ට තමන් වැනි දුෂිතයන් සමග එක්වුනොත් හිරේ නොගිහින් ඉන්න පුළුවන් කියන එක නේද ?(අ)