‘ශ්රී ලංකා පොදුජන පෙරමුණ ලෙස අපි කල්පනා කළා ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා මන්ත්‍රීවරුන්ගෙන් සාමාජිකයන් බඳවා ගැනීමේ පළමු වටය ආරම්භ කිරීමට. අද අපට බොහොම සතුටුයි. ලැබී ඇති වාර්තා අනුව මන්ත්‍රීවරුන්ගෙන් සියයට 75ක් මෙහි පැමිණ සිටිනවා‘ යැයි හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද(24) බත්තරමුල්ල නෙළුම් පෙදෙසේ එම පක්ෂ මූලස්ථානයේ දී පැවසීය.
පක්ෂ සාමාජිකයන් බඳවා ගැනීමේ උත්සවයට එක්වෙමින් රාජපක්ෂ මහතා කියා සිටියේ යාපනය ඇතුළු සියලුම ප්‍රදේශවලින් පැමිණ සිටින නිසා ග්‍රාමසේවා වසම් 18029 හිම ශාඛා සමිති පිහිටුවීමට බලාපොරොත්තුවන බවයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු සතුටක් මුහුණේ ඇතුවයි බැසිල් රාජපක්ෂ ඉන්නේ. මේකෙනුත් හොඳ කොමිස් කුට්ටියක් ලැබෙනවා සිකුරුයි. පොහොට්ටුවත් විකුණලා ආපහු කැලිෆෝනියා දුවයිද දන්නෙ නැහැ (නි)
ජයවේවා!! ලංකාවේ බුද්ධාගම සමඟ අනිත් සියලු ආගම් පැවතීමට සහ ඒකීය රටක් ඇතිකිරීමට පුළුවන් එකම බලය මහින්ද විතරයි. සුබ පැතුම්! (නි)
කෝටි ගණන් වටිනා මන්දිර වලට කිසිදු අයිතිකරුවෙකු නැත්තේත්, වැරදිකරුවන්ට දඬුවම් නැත්තේත්, නව පක්ෂ පිහිටුවීම වෙනුවෙන්ද කියා යම් සැකයක් ඇතිවෙනවා ඇත. (නි)
මෙතන ඉන්න අය ගැන අපේ නම් කිසිම පැහැදීමක් නැහැ (නි)
හානා හීය පානා අඩහැරෙන් දැනේ කිව්වලු නේද? (නි)
අපිත් ඉන්නවා ඔබ සමඟ (නි)
දැන්නම් සමහරුන්ට ඉහෙන් බහින ලෙඩක් නැහැ වගේ (නි)
බලමු ඔය සතුට හැමදාම තියෙයිද කියලා (නි)
ඉක්මනට සල්ලි හොයන්නට මේ පක්ෂයට බැඳෙන්න ඔබට ඇරයුම් කරමු. ජයවේවා! (නි)
ජයවේවා! අපි ඔබ සමඟයි (නි)
බැසිල් එක්ක නම් මේ ගමන යන්නේ වැලේ වැල් නැති බව මතක තියාගන්න. (නි)
අපේ රටේ හරි නීතියක් තිබුනා නම් ඔය මල් පොහොට්ටුව පරවෙන්නෙ බන්ධනාගාරයක. මේ රටේ නීතිය දැක්කහම අපේ රට ගැන හරි දුකයි (නි)
හොඳ ආරම්භයක්. ගමෙන් පටන් අරන් පිටට යමු. මාස තුනකින් විතර මහා සම්මේලනය තියමු. ඔය එක එක කතා අපිට වැඩක් නැහැ. අපේ ගමන අපි යනවාමයි. (නි)
මරු කට්ටියක් ඉන්නේ සෙට්වෙලා. අනාථම අනාථයි (නි)
ඔහොම යමුකෝ! (නි)
අප ඔබ සමඟ පෙළගැසෙන්නෙමු (නි)
තරුෂි, යුද්ධය වෙනුවෙන් මොනවද කළේ? යුද්ධ කරන්න ගියාද, නැත්නම් වායුසමනය කළ කාමර තුළ සිටියද? යුද්ධයට ගියේ ත්‍රිවිධ හමුදාවේ කොල්ලෝ කෙල්ලෝ විතරයි (නි)
අර සුදු ජාතිකයා කවුද? (නි)
මහින්ද මහත්තයා නැති කිසිම පොහොට්ටුවක් නොපිපේ. (නි)
රොෂාන්ලා වගේ මිනිස්සුන්ට අමතකද මෙතුමා යුද්දේ වෙනුවෙන් මොනතරම් සේවයක් කලාද කියලා. එදා වෙලා හොයාගෙන කන ජනතාව වෙනුවෙන් මෙතුමා අදටත් විශාල සේවයක් කරනවා. (හේ)
ඔක්කොම එක පෙරෙමුනකට එකතු වුනාම ජනතාවට පහසුයි එකවර ගෙදර යවන්න.(හේ)
ඕන් ආයෙත් එන්න දගලනවා (බ)
හිමිකරුවන් නොමැති ඉඩම් ,මර්මස්ඨාන.අධි සුඛෝපභෝගී නිවාස ලංකාවේ සහ පිටරටවල වැහි වැහැලා (ම)
අලි බබා සහ හොරු සෙට් එක! (නි)
දේශපාලන උපක්‍රමශීලීබව අත්‍යවශ්‍ය සාධකයක්. මල් පොහොට්ටුවෙන් ඒක හොඳට කරන්න පුළුවන්. මේකේ වටිනාකම පෙනෙන්නේ ඡන්ද ලැයිස්තු හදනකොට ශ්‍රීලනිප අත ලකුණ නොදී කේවල් කරන්න ආවොත්. ගියවර මෛත්‍රී මහතා ගැන විශ්වාසය තැබුවාට ඔහු එය කඩකළ නිසා මේක තමා හොඳම විකල්පය. (නි)
ජයවේවා අපේ වීරයන්ට! (නි)
අර අහවලාත් ඉන්නේ... ඉතින් කට්ටියගේ කැරැට්ටුව ගැන තව මොන කතාද? (නි)
වැඩක් වෙන්නේ නෑ.(හේ)
මේ මල් පොහොට්ටුව පිපෙන්නේ නෑ.(හේ)
බැසිල්ගේ සිනහ මුහුණේ මට නම් පෙනෙන්නේ කෛරාටික පෙනුමක් (නි)
දැන් රටට ප්‍රබල විරුද්ධ පක්ෂයක් අවශ්‍ය බව ඇත්ත. හැබැයි මහත්තයෝ පොහොට්ටු හදල ශ්‍රී ලං නි ප විනාශ කරන්න නම් එපා. (ම)
අපිට තියෙන ආදරයක මහත !!!! වලිකනවා අපිව බෙදා ගන්න පව් නේ! (ම)
මල පිපෙන්න කලින් පොහොට්ටුවේදීම කඩල විසි කරපල්ලා මිනිසුනේ.........(ම)
ගඳ අරින්න නම් සැහෙන්න පිරිසිදු වතුරෙන් හෝදන්න වෙයි. (අ)
මල්වානෙන් මේ හැමෝටම ගෙවල් අරන් දෙනවාද? (නි)
හොරකම, වංචාව, මහජන දේපල අවභාවිතය නීතිගත කිරීමටද මේ කණ්ඩායම උත්සාහ කරන්නේ (නි)
අවශ්‍ය වන්නේ නිදහස් පක්ෂය විනාශ කිරීම නොව යූඑන්පීය ලබන මැතිවරණයේදී පරාජය කිරීමයි. ඒ සඳහා සියලු වාමාංශික හා ප්‍රගතශීලි බලවේග එක්විය යූතුයි (නි)
තව ටිකක් එකතු කරගත්ත නම් අලි බබා සහ හොරු හතළිහට ඉහළටම යන්න තිබුනා. (නි)
බැසිල් මැතිඳුනි, මේ ඉල්ලීම් සියල්ල දෙමින් මර්වින් මහතා නායකත්වයට ගෙන එන්නේ නම් අපේ සහය ඔබේ පක්ෂයටයි. මන්ත්‍රී වාහන පර්මිට් සම්පුර්ණයෙන් අහෝසි කිරීම, මන්ත්‍රී විශ්‍රාම වැටුප් අහෝසි කිරීම, මන්ත්‍රී විදේශ සංචාර සම්පුර්ණයෙන් තහනම් කිරීම, සියලු කොන්ත්‍රාත් ප්‍රසිද්ධ වෙබ් අඩවියක කාලයක් ප්‍රචාරය කිරීම, මන්ත්‍රී ලේකම් වාහන පර්මිට් අහෝසි කිරීම, පාර්ලිමේන්තු මන්ත්‍රී ගණන 50 ට අඩු කිරීම, පළාත් සභා හා ප්‍රාදේශීය සභා මුළුමනින්ම අහෝසි කර මේ කටයුතු සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කර ඒ අනුව නිලධාරීන් ලවා කටයුතු කිරීම, පාරිභෝගික ද්‍රව්‍ය මත බදු මුළුමනින් ඉවත් කිරී, සෑම මන්ත්‍රීවරයෙකුම සතියට දවස් 2 ක් ශ්‍රමයෙන් මහජන සේවය කිරීම ගැනත් සිතන්න (නි)
ලොකු හොරුත් එක්කම පොඩි හොරු ටිකත් යන්න. ලොකුම සේවය එයයි. (නි)
නියමයිනේ. ජයවේවා! (නි)
පක්ෂ සහ පාට විවේචනය කරන්න යන්නේ නැතුව හොඳ බුද්ධිමත් අය විතරක් තෝරාගන්න. මෙතන ඉන්න අය තවදුරටත් තෝරාගන්න එපා. එහෙම නැතුව අපට කවදාවත් හරියන්නේ කොහොමද. (නි)
තරුෂි, ඔයාට මතකද දන්නේ නැහැ මෙයා ගැන. මෙයාලා කළ සේවයක් නැහැ. (නි)
සිදු විය යුතුම දෙයක්. රට පෙරට (බ)
දිගු ගමනකට සුභ පැතුම්!.(හේ)
අනේ මේ රටට අාදරේ රටට සේවයක් කරන්න කියලා තවත් ඉතුරු ටිකත් කාලා තමන්ගේ මඩිය තරකරගන්න තවත් ඡන්දෙ ඉල්ලන් එන්නේ ඇයි නොමැරී ඉන්නවා කියලා හිතාගෙනද මේ තන්හාව..(හේ)
ජනවාරි 8 අපිව දමා පැනලා ගිය හැටි මතකයි අපි නම් නෑ (හේ)
ජය වේවා,(හේ)
එදා මල් පැලේම කාල විනාශ කරපු පණුවොම දැන් මල් පොහොට්ටුවක් රකිනවලු?? (බ)
මෙහෙම බඩගෝස්තරවාදී දේශපාලකයෝ නම් කමක් නෑ උන්ට පන්දම් අල්ලන හෙංචයියලා ඉන්න රටක ජීවත් වෙන්න ලැබීමත් වාසනාවක් (බ)
ආයෙත් කවදද පැරදුනාම රට යන්න හිතන් ඉන්නේ (බ)
මේවට අපිට නම් හිනායන පැත්ත හොයාගන්න බැරුව ඉන්නෙ (බ)
ජය වේවා, යහපාලන බැංකු හොරු පලවා හරිමු (බ)
සුබ පැතුම්. (බ)
අපි ඔබ සමඟයි.(හේ)
ඇස් පනාපිටම ඔප්පුවෙලා තියෙද්දී මෙයා පසුපස යන කට්ටිය ගැන හිතා ගන්න පුළුවන් (බ)
ඔක්කොම කුනු එක ගොඩකට.(බ)
අබ සරණයි මහජනතාවට (බ)
අර පහුගිය කාලේ මරණාසන්න ලෙඩක් හැදිලා වගේ ඇම්බියුලන්ස් එකෙන්, මුල්‍ය අක්‍රමිකතාවයක් සඳහා උසාවි ආපු පුද්ගලයා නේද මේ? සමහර විට ළඟදී අයිතිකරුවෙක් නැති මහා මන්දිරයක් ජනසතු කළ පිනටම ඒ ලෙඩ සුව වෙන්න ඇති. (බ)
ජයවේවා.මෙතෙක් කල් ශ්‍රී ල නි ප එක්ක හිටපු අපි ඔබ සමගයි (ම)
ඔන්න ලංකාව දේශපාලනේ මේ කට්ටිය මොන කුපාඩි වැඩේ කෙරුවත් තමන්ගේ රෙදි නැතුව කඩේ යන්න කට්ටිය ඉන්න්වස් ලැජ්ජි ඔයාල ගැන. (බ)
මෙයාලට පුලුවන්ද මේ ණය කන්දෙන් ගොඩ එන්න ? අපේ මිනිසු තමා මෝඩ අපරාදේ අද දවසේ වැඩ ? (බ)
මේ පාර මාරු වෙන්ඩ තැනක් හොයාගන්න ඉස්සේලම පැරදුනාම (බ)
ඉන්න අයගේ මුහුණු වලින් පෙනෙනවා පක්ෂයට යන කල දවස.(බ)
අහෝ දෙව්දත් නොදිටි මොක්පුර (බ)
ප්රධාන පක්ෂ 2 න් පිට ලංකාවේ රජයක් එන්නේ නෑ. මේකෙන් වෙන්නේ සුළු ජාතීන්ගේ බලය වැඩිවෙන එක විතරයි. එතකොට අපිට අහන්න වෙන්නේ ඔබට සතුටුද කියල තමයි. (අ)
රට යහපත් දිශාවකට ගෙනයාමට ඔබ සියලු දෙනාට ශක්තිය ලැබේවා (අ)
පරවෙන්නත් තව අවරුදු දෙකක් තියෙද්දී නටුව කපාගෙන ආය පිපෙන්න තියන උවමනාවක මහත. මිනිස්සුන්ට මොලේ කළදක් හරි තියනවනම් මොන මලකට පිපෙන්න දුන්නත් , ඔය පොට්ටුවටනම් පිපෙන්න දෙන්නේ නැහැ.(හේ)
පොහොට්ටුව , කටු අකුලේ මල් නොපිපේ (හේ)
මොවුන්ගේ අලුත්ම වෑයමට මුල්ගල තැබීම.(හේ)
ජය වේවා,ශ්‍රීලනිපයේ ගමනක අවසානය ,අපි මහින්ද සමගයි (බ)
ග්‍රාමසේවා වසම් 18029 සදහන් කළත් ලංකාවට ඇත්තේ ග්‍රාමසේවා වසම් 14022 පමණි (බ)
අපේ එකම බලාපොරොත්තුව.ජය වේවා.......(බ)
බැසිල් මැතිදුගේ නව පොහොට්ටුව දැකලා ද, එහෙම නැත්නම්, වෙන මොනවා හරි දකලාද දන්නේ නැහැ, බෝතල්, පත්තර කාරයින් පුට්ටු වෙලා වගේ ගතියක් පෙනෙන්න තියනවා. ගණන් ගන්න එපා කරු තුමා , දවස අවසානේ අතට යටින් ලැබෙන ගතමනාව අරගෙන ගිහින් හීනියට අඩියක් ගහලා, මස් කට්ටක පහස ලැබුවාම පහුවෙනිදා උදේට බඩ සුද්ධ වෙලා ප්‍රකෘති තත්වයට පත්වෙයි.(බ)
බැසිල් මහත්තයාගේ බැතිමතුන් පිරිසක් වටවෙලා ඉන්නවා වගේ. තව හොඳට වඳින්න. එතුමා කොහොමත් මල් වට්ටි, පිරිකර වලට හරිම ආසයි. (බ)
ජනාධිපති තුමනි, ඔබට හොඳම අවස්ථාවක් ලැබී ඇත.උගත් බුද්ධිමත් පිළිගත් තරුණ පිරිසක් බඳවාගෙන ගමන අරඹන්න. අප සැමදා ඔබ සමගයි. (බ)
ශ්රී ලංකා සංස්කෘතිය අනුව මොනවා හරි වැඩකට නායකත්වය දෙන්න ඕනා මේ වගේ අය තමයි එහෙම නැත්නම්, ඒ වැඩේ හරියන්නේ නැහැ. අපේ රටට ගැලපෙන්නේ මෙහෙම අය තමයි. (බ)
ලංකාවේ බොහෝ මිනිසුන් වගේම දේශපාලකයොත් දුෂණයට සහ භීෂණයට කැමති බව රහසක් නෙවෙයි (බ)
අනාගත ජනාධිපති තුමාට ජය වේවා .ජන රජයට ජයවේවා (බ)
තව ටික දවසකින් මල් පොහොට්ටුව පිපෙයි.(හේ)
මල් පොහොට්ටුව නොදනී එහෙත් මල් පරවෙන බව මල දනී (හේ)
ජයවේවා (ම)
එක වර්ගයේ කුරුල්ලන් පියාසර කරන්නේ එකටය. (ම)
මෙම පෙරමුණ අපේ එකම බලාපොරොත්තුවයි . රට යහ මගට පැමිණේවි (ම)
මහජන මුදල් කොල්ල කාපු කිසිවෙක් මෙහි සාමාජිකත්වය ලබා නොගත යුතුය (ම)