තමාට පහරදීමට මාලක ද සිල්වා සහ රෙහාන් විජේරත්න සම්බන්ධ නොවූ බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දිවුරුම් පෙත්සමක් මගින් එහි පැමිණිලිකරුවන මේජර් ප්‍රදීප් සුසේන කියා සිටියේය. පසුගිය සැප්තැම්බර් 9 වැනි දා කොළඹ හිල්ඩන් ජයික් හෝටලයේ දී ඔහුට පහර දුන්නැයි සැකපට මෙම දෙදෙනා ඇතුළු හත් දෙනෙක් රිමාන්ඩ් කරනු ලැබ සිටිති. නඩුව සමථයකට පත් කර ගැනීමට කැමැති බව ද ඔහු මහේස්ත්‍රාත් කණ්ෂ්ක විජේරත්න මහතා හමුවේ කියා සිටියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි..!!(නු)
මේජර්ගෙ රැකියාවයි පවුලයි බේරගන්නත් එපායැ..!(නු)
කිසිම දෙයක් වෙලා නැහැ.. පොඩි විහිළුවක් කරලා තියෙන්නේ.. මේ රටේ අයට විහිළුවක්වත් තේරෙන්නෙ නැති හැටි..!(නු)
එතකොට තුවාල උනේ කොහොමද..... ඔලුව පොලොවෙ ගහගත්තද..... (ස)
අනේ කාලේ වනේ වාසේ කිව්වලු..... (ස)
ඔන්න මිනිස්සු..(නු)
නියමයි මෙයාට මොනවත්ම මතක නැද්ද දන්නෙ නැහැ..!(නු)
ලංකාවෙ ඉන්න අය ගැන ඒගොල්ල දන්නවා.. අපි මේවා පිළිගන්නාබවත් දන්නවා..!(නු)
මනෝජ්ට වෙන විකල්පයක් නැහැ.. එයාට රැකියාව සහ ජීවිතය රැකගත යුතුයි..!!(නු)
සමෘද්ධි නියාමක වගේ මෙයත් කියයිද දන්නේ නැ මට මමම ගහගත්තා කියලා. අපට ලැජ්ජයි හමුදා නිළධාරිනුත් මේහෙම වීම ගැන..ලංකාවට නිතියක් වැඩක් නැහැ..!(නු)
කවුරුනමුත් වැඩේ හරියට කරලා තියෙනවා..!!(නු)
මේජර් මෙහෙම කිව්වෙ පස්සේ වාඩුව ගන්නද දන්නෙ නැහැ..!(නු)
අනේ මගෙ කට මේක කියන්නද මෙච්චරකල් බලාගෙන හිටියෙ...!(නු)
අහේතු කාලේන කඡ්ජේන පුහුලන්..(නු)
අපේ පැරැන්නෝ නඩුත් හාමුදුරුවන්ගේ-බඩුත් හාමුදුරුවනගේ කිව්වේ කටකහනවට නෙවෙයිනේ (ස)
එතකොට මේජර් මහත්තයා රෝහල් ගත වුණේ නිකංද?(නු)
දැන් කවුද රැවටුනේ අන්තිමේ
කවදාහරි දවසක සොබාදහමින් මේවට පිළිතුරු ලැබෙයි.. එතනම් අපි බලාගෙන ඉමු..!!(නු)
මම හිල්ටන් ජයික් හෝටලයේ වැඩ කළ කෙනෙක්.. ඔය කැමරාවවට සියලුම දේවල් පටිගත වෙලා ඇති.. කවුරුහරි මේජර්ට ගහලත් ඇතිනේ.. ඒකෙන් බලන්න පුළුවං කවුද ගැහුවෙ කියලා.. දැං මාලක පුතා අපහාස නඩුවක් දායි වන්දි ඉල්ලලා..!(නු)
මෙය අපට එම කැමරා මගින් බලාගන්න පුළුවං.. සමහර විට මාලකයි රෙහාන් වගේ හොල්මන් දෙකක් ඇවිල්ලා ගැහුවද දන්නේ නැහැ.. ලැජ්ජයි මේජර්.. ඔබ යුධ වීරයෙක් නේද? ඒවගේ ක්‍රියාකරන්නකෝ.. (නු)
එතකොට ගහලම නැද්ද ?????. (ස)
ආසියාවේ ආශ්චර්ය කියන්නේ මේකට තමයි. අද ඔලුව කුඩු වෙන්න ඇමති පුතෙක් ගැහුවත් හෙට නෑ කියනවා (නු)
අපි නම් දන්නවා මේ දේ වෙයි කියලා..!(නු)
බොහොම ස්තුතියි ලෝකෙට විහිළු කලාට.. (නු)
රාජපක්ෂ, ඔයා කියන දේ වෙන්නත් පුලුවන්, නැත්නම් එයාගෙ කිල්ලෝටෙත් හුනු පොඩ්ඩක් තියෙන්නත් පුලුවන්, මේක ලංකාවනේ (ස)
මේක මහ හතරබීරි කතාවක්.. නීතිය අන්ධයිලුනේ.. නමුත් ජනතාවත් අන්ධයිද? නැත්මන් අණ්ධ කරන්න හදනවාද?(නු)
දැන් එතකොට මේජර් වෙනුවෙන් කතා කරපු අපිද වැරදි ? අයියෝ අපේ හමුදාව ???????????????????????????? (ස)
අනේ මන්දා මේවට කතානොකර ඉන්න එක හොඳයි.. (ස)
මට මමම ගහ ගත්තා (ස)
මේජර් වැරද්දක් කරලා
ගාන කීයක් දෙනවා කිව්වද දන්නෙ නැහැ.!(නු)
අධිකරණයට කරපු අපහාසයක් වගේනේ.. ඇයි එහෙනම් හැංගිලා හිටියෙ..!(නු)
මෙයාලා අධිකරණයටත් අපහාස කරනවානේ..!(නු)
කොන්ද වෛද්‍ය පරීක්ෂණයකට ලක් කලොත් හොඳයි.. මට හිතෙන විදියට (ස)
වෙලාවකට හිතෙනවා ඕන දෙයක් කරගත්තාවෙ කියලා.. අපි හැමෝටම පිස්සුද කොහෙද?(නු)
අනේ ඔයා සියදිවි හානිකරගන්නවානම් මේ කෙනෙක්වත් අරගෙනම යන්න..(නු)
අර කලින් එක්කෙනෙකුත් කියලා ගස් බන්දවාගත්තේ..!!(නු)
පොලිසියට බොරු කටඋත්තර දුන්නට මේ මේජර්ව අත්අඩංගුවට ගත යුතුයි..! ඒවගේම මෙහෙම නිලදාරින් හමුදාවට සුදුසු නැත.!(නු)
අපට ලැජ්ජයි හමුදා නිළධාරින්ටත් මේහෙම වීම ගැන..(නු)
ඔළුවට දරුණු පහරක් වැදිලා වගේ.. දැං මේජර් කමට සුදුසු නැහැ..!(නු)
මෙහෙමත් මේජර්වරු රටේ විනය රකින අංක එකේ මිනිස්සු.. තමන්ගේ ජීවිතේ පවා පරදුවට තියලා විනය රකිනවා කියලා නේද පොරොන්දු වෙලා තියෙන්නෙ.. කෝ දැං ඒ නිර්භිතකම..!!(නු)
මොකටද මේ ලැජ්ජානැති කොන්ද පණ නැති මේජර් කම.. හමුදාවටත් එක්ක ලැජ්ජයි..!(නු)
මේක පුදුම රටක්.. තමන්ගේ කැමැත්තෙන් ගස් බැදගන්නවා.. ගුටිකෑවත් ගැහුවෙ නෑ කියනවා.. මේවා කාටද කියන්නේ.. මේ හමුදා නිලධාරියාට කොන්දක් නැද්ද? මෙයාව ගැලවීමේ හමුදාවටවත් සුදුසු නැත. ගුටිකාලත් පැහැදිලි සාක්ෂි තියෙද්දිත් තමන්ගේ විතරක් නෙමෙයි දෙමව්පියන්ගෙත් ආත්මගරුත්වය පාවා දීලා..!(නු)
ඇමතිතුමනි දැං ප්‍රශ්ණ අමතක කරලා බිලිපූජාව ගැන බලන්න.!(නු)
වැඩක් නැහැ මේජර්..!(නු)
මේ සිද්දිය මේ විදිහට කෙළවර වන බව ලංකාදීප පාඨකයො හුග දෙනෙක් කලින්ම කියලා තිබුණා. කට්ටිය මොකද මේ හරි පුදුමයක් වෙලා වගේ ප්‍රතිචාර දාන්නෙ. ඇයි පසුගිය දවස් වල ලංකාදීපෙ බලන්න බැරි වුණාද? මට පේන්නෙ මේකට ප්‍රතිචාර දාන අයටත් මුකුත් මතක නැහැ වගේනෙ. දැන් බලනකොට දුමින්දට, හිරුනිකාට, මේජර්ට විතරක් නෙවෙයි ඇත්තටම අපිටත් මුකුත් මතක නැහැනෙ. ( විහිලුවට නෙමෙයි ඇත්තටම මේ කියන්නෙ, නරකද අනිත් ඒවා ගැන හොයන එක පැත්තකින් තියලා අපිට මොකද වුණේ කියලා හොයලා බැලුවොත්?) (නි)
මතක නැති වුණා වද්ද? (නි)
අනේ මාලක අයියේ, බිම දාගෙන මටත් ගහන්නකෝ. (නි)
මේවා අහලා පන යන තරමට මටම හිනා. හා හක්....හක්....හා... (නි)
මෙයා බයවුණා මෙයාට විරුද්ධව හමුදා අධිකරණයක් පිහිටුවීමට යනබව දැනගත්තම..(නු)
මේජර් යුද්ධහමුදාවෙනම් වෙන්න බැහැ..!(නු)
මේජර් යුද්ධ හමුදාවෙද? නැත්නම් ගැලවීමේ හමුදාවෙද?(නු)
නිතිය විහිලුවට ගත්තාද
බිලියන ගානක් වටින තුවාල.. අපිටත් බැරිද ඇමතිපුතෙකටු කියලා ගස්සවාගන්න..!(නු)
එල එල මේජර් එල ... දැං ඕනෑම කෙනෙක් මර්වින් සිල්වාට යටයි.. ? කෝ අපේ හමුදාවෙ කොල්ලෝ ? (නු)
බුද්ධි අංශයේ මේජර්වරයකුගේ තත්ත්වය ඕකනම් අහිංසක අපිට මොනවාද මේ කතා.. දේශපාලනය කළානම්..(නු)
මාලකව රූපවාහිනී වැඩසටහන්වලට ගෙන්නලා ප්‍රසිද්ධ කරන්න ඕන.. එතකොට මුළු රටම එයාව දැනගන්නවානේ.. එතකොට එයාගෙන් ගුටි කෑවත් නඩු දාන්න යන්නෙ නැහැනේ..!(නු)
ඕවා අහල අහල ඇති වෙලා මට නම්.
ගෙයක් දොරක් වාහනයක් එහෙම ලැබෙන පාටයි..!(නු)
ඉතාම හොදයි මේජර්.. සුව බර දිවියක්.!(නු)
ගස් බැදපු එක්කෙනාගේ මල්ලිද කොහෙද මෙයා..!(නු)
මෙයාට කොන්දක් නම් නැහැ කියලා ඉතාම පැහැදිලියි.. බොරු පැමිණිලි කළ එකට විරුද්ධව වෙනම ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. මේවගේ අය හමුදාවටත් සුදුසු නැත..(නු)
හමුදා නිලධාරියෙක් කියන්නත් ලැජ්ජයි මට නම්. (නි)
තාත්තගෙම පුතානේ.. සමෘදි නිලධාරියත්කිව්වේ එයාම බැදගත්තා කියල.. දැං ගුටිකාපු කෙනා කියයි මම මටම ගහගත්තා කියලා.. කාටද මේවා කියන්නේ..!(නු)
මෙජරුත් අසරණයි මේ වෙලාවේ
ඵයාම ගහ ගත්තද?(නු)
ලංකාව වනාහි කතා කර වැඩක්ම නැති රටකි. (නි)
මේජර් නං බේරුණා. ඒත් අපේ විනිසුරුතුමා...? (නි)
මෙජර කියන්නේ අමුලික බොරු
දරුවනේ ලංකාව අතහැරලා වෙන රටකට ගිහින් ජීවත් වෙන්න . මේක ඉන්න සුදුසු තැනක් නෙවෙයි (ස)
ම සිද්දිය දැකපු කවුරුත් නැද්ද
මේජර් කියලා තියෙන්නේ ඇත්ත තමයි. (නි)
කොහොමද විශවාස කරන්නේ
මේ රත්තරං මාලක පුතාට මේජර් පදයක් හැදුවනේ..
අදහස් දක්වපු අපි නඩු වියදම එකතු කරලා දෙමු. (නි)
මිලියන ගණනින් සල්ලි තියෙනවානම් ඔබට ඕනෑම කෙනෙකුට ගහන්න පුළුවං. ආරක්ෂක අංශයේ උනත් කමක් නැත..(නු)
බියගුළු සෙබලා.. මෙයා හමුදාවට නම් සුදුසු නැත..(නු)
මේජර් අසරණයි මේ වෙලාවේ
අපි මේවට හිනාවෙන්න ඕන කටින්ද ??
මේක මේජර්ගෙ කුමන්ත්‍රණයක්..!(නු)
ලංකාව හැර යන්න.. මගේ උපදෙස නම් රටේ ඉන්න එපා.. ඉතාම කණගාටුයි..!(නු)
එකත් හරියට විහිලුවට තමන්ම ගස් බදාගත්තා වගේ තමයි. (නු)
ආසයි ඔය මේජර් තුමාගේ මූණ පොඩ්ඩක් දකින්න...... (ස)
ආශ්චර්‍යයි ..... (ස)
දුමින්ද දෙවන කොටස මාලක..(නු)
මේජර්ගේ කුණු ඇවිස්සෙයි කියලා බයට කටවහගත්තා...!(නු)
සන්ජනා, ඔයා නම් කියාවි. හමුදාවේ ඉන්න අය මැරෙන්න බය නැහැ. නමුත් මේ මිනිස්සු පළිගන්නේ බිරිදගෙන් දරුවන්ගෙන් නම්.. මේ මනුස්සයා තමන්ගේ පවුල ගැන බයක් ඇති කර ගන්න එක සාදාරනයි. අනිත් එක මෙයාට විරුද්දව හමුදා අධිකරනයක් පිහිටුවලා. ඉතින් එ මනුස්සයා හැම අතින්ම හිර කලාම ඔහොම කරන්න වෙනවා ..(නු)
මම ඒත් බැලුවා මේ දේ කියන්නේ ඇයි මේතරම් ප්‍රමාධ කියලා.. අපේ රට ගැන මට ගොඩක් ආඩම්බරයි..!(නු)
අබුද්දස්ස කාලෙට ලබුත් තිත්තයි නේ..!(නු)
සල්ලිවලට මොන කෙරුමත් යටයි.. එත් අහිංසක මනුස්සයෙක් මේජර්ගෙ ඇගේ හැපුනානම් අට කටු කුඩුවෙන්න ගහලා තියෙයි..!(නු)
කාටද කියන්නේ මෙජරුත් අසරණයි
ගැහුවේ නැත්තන් අහවල් එකකටද ගිහින් භාර උනේ? (නු)
මම ගහේ බැදගත්තා වගේ තමයි..!(නු)
මේජර්ට කවුරුවත් ගහලා නැහැ..!(නු)
මේජර්ගෙ ඔළුව පරීක්ෂාකිරීමට පේරාදෙණියට යවන්න..!(නු)
අදහා ගන්න බැහැ
මෙහෙමත් නිවට මිනිස්සු.. රට යන අත ඉතාම හොදයි..!(නු)
අනේ දෙවියනේ මේජර්ලට මෙහෙමනම් අපිට මොනවා කරයිද? ළගදීම මේ සේරටම වන්දි ගෙවන්න වෙයි..(නු)
උපුල්මහත්තයාගේ කතාව හරියටම හරි..!(නු)
මේජර්ව බය කරලා..!(නු)
මම හිටියෙත් හමුදාවේ .. අපේකාලෙ නම් මේ වගේ මේජර්ලා තියා සාමාන්‍ය සෙබලෙක්වත් හිටියෙ නැහැ..(නු)
කැළණියෙ සමෘද්ධි නිලධාරියා ගහේ බැදගත්තා වගේ.. ඒත් මෙයා මේජර් කෙනෙක් කොන්දක් තියෙන්න එපායැ..!(නු)
මාලක පහර නොදුන් බව මේජර් කියයි ලැජ්ජයි මේජර්
මේක දාන්න තිබුනෙ දෙයියෝ සාක්කි කියන එකේනෙ ......... (ස)
තවත් මේ වගේ නිවට වැඩ කරන්න ඉන්න මේජර්ලා ඉන්නවානම් කරුණාකර ඉවත්වන්න..!(නු)
ඔබ ලැජ්ජා කළේ මුළු මහත් හමුදාවටමයි. සමස්ථ රණවිරුවන්ටයි..!(නු)
මාලක පහර නොදුන් බව මේජර් කියයි
මේජර් කියන්නේ ඇත්ත ගහලා නැහැ අතගාලා විතරයි..!(නු)
ඇත්තටම කළකිරෙනවා ලංකාවෙ දේශපාලනය ගැන.. හමුදාවෙ උසස් නිළධාරියෙකුටත් මෙහෙම උනානම් සාමාන්‍ය මිනිසුන් ගැන මොන කතාද? හැමෝම දන්නවා උනේ මොකද කියලා..!(නු)
මේජර් තනතුරට ගෞරව කරන්න
මේ යුද්ධයට ගිය මේජර් කෙනෙක් නම් වෙන්න බැහැ..!(නු)
මේවට කියන්නේ ලංකාවේ ආශ්චර්යය කියලා. (නි)
අනේ අපිත් ලජ්ජා නැතුව මේ රටේ ඉන්නවනේ.මම අද වංගෙඩියක් වහලේ ගැටගහලා, ඒක තල්ලු කරලා, ආපහු එනකොට ඔලුව අල්ලනවා ඩොන් ඩෝන් ගාල වදින්න. (නි)
ලංකාවේ තත්වය
මේ වගේ අයට මේජර් කියලා කියනකොට මට මතක් වෙන්නේ එල්ටීටීඊය සමග සටන් කළේ ග්‍රාමාරක්ෂකයන්ද කියලා..!(නු)
හමුදාවට ගන්නකොට වෛද්‍ය පරීක්ෂණයක් තියලා නේද ගන්නෙ...(නු)
මේ අය හිතාගෙන ඉන්නේ මේ රටේ අය මෝඩයි කියලා වෙන්න ඇති?(නු)
මේජර් කියලා ඇමතීම හමුදාවට කරන නිගාවක්..!(නු)
මේජර්ට හොදට සළකනවා කියන්නැති..!(නු)
එයාලගේ නිලයයි බලයයි නිසා අහිංසක මිනිස්සු ගුටි කන්න ඕනෑද? (නි)
අපි ඔක්කොම රැවටිලා.. මෙයාලා මේ හිංදි චිත්‍රපටයක් කරන්නයි යන්නෙ..!(නු)
කාගේ හෝ බහකට යතවිඇති බව පෙනේ
අපිට මොකද අනේ
ගම රට මතක් වෙන විට ලංකාවට ඉගිලෙන්නමයි හිත. එත් මේ වගේ දේවල් අහනකොට දකිනකොට අපිට මේ වගේ යුරෝපා රටක නිදහසේ ජීවත් වෙන්න ලැබීම කොතරම් පිනක්ද කියල හිතෙනවා ........(නු)
මොකද බොරු කියන්නේ
මෙයා හමුදාවට නම් සුදුසු නැත..(නු)
මේජර් බය වෙලා
මේජර්ට මාලක හිටියද කියලා මතක නැතිලු...(නු)
මේජර්ට නම් මාලක හිටියද කියලා මතක නැහැලු...(නු)
ඇත්තටම ඔය කාටවත් ආඩම්බර හිතෙන්නෙ නැද්ද මේ වගේ රටක ඉපදීම ගැන...(නු)
අපි කොහොමද දන්නේ මේජර් ඇත්තම කියනවා කියලා
කන්නේ කටින් නේද මේජර් මහතතයෝ..? මෙච්චර මිනිස්සු බලාගෙන හිටියෙ තමුන්නාන්සෙගෙන්වත් කොන්ද පණ ඇති කියලා.. බලාගෙන ගියාම එහෙම ඉන්නෙත් ජෙනරල් විතරයි..!(නු)
කොහෙද අපි ඉන්නෙ....(නු)
මට නම් ආරංචි මේ දෙන්නා චිත්‍රපටියක් රගපෑවා කියලා.. නළුවා මාලක.. (නු)
මම නම් හිතන්නෙ වැදිච්ච පාරට මොනවත් මතක නැතුව ඇති පවු (අ)
අපේ රටේ විස්තර කාටත් කියන්න හොදේ. (නි)
සරත් ෆොන්සේකා වගේ සෙබලෙක් වෙන්න ඕන.. මෙයා සෙබලෙක් නෙමෙයි..!(නු)
අනේ අපට මොනවත්ම මතක නැහැ...(නු)
මේක සාමාන්‍ය දෙයක් .. කවුරුත් කළබල වෙන්න එපා.. (නු)
එම කට උත්තර කිසිවකින් සිද්ධිය සම්බන්ධව හරි නිගමනයක පැහැදිලි තොරතුරක් අනාවරණය වී නැති බව පැවසේ. මෙහිදී හමුදා මේජර්වරයා පැමිණිලි කර ඇත්තේ තමාගෙන් මාලක සිල්වා ගින්දර ඉල්ලා සිටි විට නොදුන් නිසා පහර දුන් බවයි. හමුදා නිලධාරියා මාලක සිල්වාට පිස්තෝලය එල්ල කළ නිසා ඔහු හමුදා නිලධාරියාට පහර දුන් බවටද තොරතුරු ලැබී ඇත. සිද්ධිය වී පැය 48 ක් ඇතුළත මාලක සිල්වාගෙන් කට උත්තරයක් ලබාගත් බවටද ආරංචි ඇත. (නි)
හමුදාව වෙනුවෙන්වත් නීතිය ක්‍රියාත්මක කරන්න බැරිද? (නි)
මේජර් කෙනෙක් ඔහොම ඇඹරෙනවානම් අහිංසක මිනිසුන්ට දෙවියන්ගෙම පිහිටයි.. ලංකාවෙ නීතිය වැටිලා තියෙන තත්ත්වය..(නු)
මේජර් පව්.. මොනවා කරන්නද?(නු)
ශ්රී ලාංකිකයිනින අපි සියලුදෙනාම ඉන්දියාවේ පුරවැසිබව ඉල්ලමු..!(නු)
රහස් එළිවෙයි කියලා මේජර් බය වෙලා..!(නු)
මේජර් ඇත්තද කියන්නේ
අපි ඉන්නෙ මොන තරම් අසුන්දර රටකද?. ඇත්තටම හරි කනගාටුදායකයි. එයා හමුදාවේ උනත් දරු පවුල සමග ජීවත් වෙන්න එපායැ. ඔයාල මම උනත් මේතත්වෙට පත්උනානන් කරන්නෙත් ඔය ටිකම තමයි. සමහර අය තදින් අදහස් දක්වල තිබුනා. එහෙම නැතිව සංවේදීව මේ ගැන හිතල බලන්න. මේ අද අපේ රටේ තත්වය පැහැදිලිව පෙන්වන අවස්ථාවක්. අපිම බලය දීල ඉල්ලන් කනවා.
කවදාහරි මේ දෙන්න කනවා හොද කෑමක්..!(නු)
මේ දෙන්නටම දඩුවම් කරන්න ඕන අපේ කාලය කා දැමුවට..!(නු)
මෙයා මේ විදිහට කියයි කියල අපි දන්නවා . නමුත් හමුදාවේ උසස් තනතුරක් දරන කෙනෙක් හැටියට මේ විදියට ගුටි කාල පසුව නැභැ මම මේ මටම ගහගත්ත කියල කියන්නෙ මෙයා කලිසමක් ඇදගෙනද ?මේ වගේ මේ ජර්ලා සමගද අපි යුද්දේ දින්නේ ? ලැජ්ජයි වගේම කනගාටුයි . තමන්ගේ රැකියාවත් දරු මල්ලන් ගැන සිතල මේ වගේ තීරනයක් ගන්න ඇති .
අපරාදෙ අපි මේජර් වෙනුවෙන් කතා කළේ..!(නු)
හපොයි මේහෙමත් මේජර්ලා.. මෙයා කොහොමද කලිසමක් ඇදගෙන ආයෙ රැකියාවට යන්නෙ..!(නු)
දැන් කට්ටිය මෙතන මොන මොන කතන්දර කීවත්, ඡන්ද ප්‍රතිඵල දැක්කහම පේනවා නේද රටේ දුෂණයට වංචාවට තියන තැන. ඔය අනේ අපොයි කියන අයම තමා අන්තිමට ගිහින් කතිරේ ගහලා රතිඥ්ඥා පත්තු කරලා මල් මාලා දාල අපේ දේශපාලකයින්ව පිළිගන්නේ. ඉතින් ඒවගේ ප්‍රතිපල තමා මේ පෙන්නලා තියෙන්නේ. රටේ අධ්‍යාපනය නැත්තටම නැති කරන්න තියෙන අවශ්‍යතාවය මොකද්ද කියලා තේරෙනවා නේද? රටේ රගර් මැච් තියන්න ටී 20 තියන්න, කාර් රේස් තියන්න තියන උනන්දුව තියෙනවද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ, ගුරුවරුන්ගේ සහ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රශ්න විසදන්න ? මේවා අපේ රටේ මේ පත්තර කියවන උගත් ජනතාව තේරුම් නොගන්න තාක් මේ වැනි සිදුවීම් වලට අනේ අපොයි කීමෙන් පළක් නොවේ. අපේ රට ඉතියෝපියාවක් සෝමාලියාවක් වන දවස වැඩි ඈතක නොවන බව තේරුම් ගතයුතුයි. (නි)
ජෙනරල් වගේ කෙලින් හිටියනම් කොයිතරම් හොදද? (නු)
අර ගස් බැදපු කතාවෙ දෙවන කොටස.. මම ම මට ගහගත්තා
මේ වැඩෙන් මුළු හමුදාවටම අවනම්බුවක් නේද?(නු)
මොකද්ද මේජර්මහතතයෝ මේ කරගත්තේ..!(නු)
මම මේජර්ට කැමතියි. (නි)
මමනම් මේජර්ගෙ වරදක් දකින්නෙ නැහැ.. එයා ගැන මීට වඩා මානසිකව හිතන්න.. (නු)
අයියෝ! කට්ටිය රැවටිලානේ. හූ හූ... (නි)
තමන්ගේ ආරක්ෂාව තමන් සතුයිනේ.. වැඩේ එතනින්ම ඉවරයි..!(නු)
මේජර්ගේ පවුලට බලපෑම් එල්ල උනාද දන්නෙ නැහැ..!(නු)
අනේ දෙවියනේ.. ලංකාවට වඩින්න..(නු)
මේ මාධ්‍යතුලින් වාර්තා උන සිදුවීමක් හන්ද අපි දන්නවා. මෙහෙම වාර්තා නොවෙන සිදුවීම් කොපමන ඇද්ද තව රටේ? මෙහෙම තමයි ආසියාවේ පමනක් නෙවෙයි ලෝකෙම ආශ්චර්යකරා යනකොට(නු)
මාලකට අපහාස කරලා, බොරු චෝදනා කළාට මේජර්ට දැඩි දඩුවම් දියයුතුයි. (නි)
ඔච්චරටම අමතක වෙන්න මෙයා කාගෙන්ද දන්නේ නැහැ උපදෙස් ගත්තේ? (නි)
මේ සිදිධිය කාගේ කාගේ දේශප්‍රේමය හා කශේරුකාවේ තරම පෙන්නුවා. හොදින් ඔප්පුකළා රට ආරක්ෂා කරන්න ගිරිය පුප්පන් කැගහන සියල්ලගේම බය. අවසානයේ යුධ හමුදාවත් ජෙනරල් නැතිව කොහොම තත්ත්වයකට පත්වෙලාද කියලා ස්ථිරව ඔප්පුකළා. ඒ කියන්නේ එතුමා හිටියේ නැත්නම් තාම ප්‍රභාකරන් යහතින්. (නි)
රට බේරාගත් රණවිරුවන්ට මේජර් ඔබ විශාල අපහාසයක් කර ඇත.. මේකද යුධ හමුදා අභිමානය..!(නු)
හා, හිනායන අය අතඋස්සන්න බලන්න. (නි)
මේක දේශපාලනයට හෝ වෙනත් තැනකට පමණක් පොදු දෙයක් නෙවෙයි. මෙය සැබෑ ශ්‍රී ලාංකික සමාජය සහ එහි හැසිරීමයි. මාලක ගැහුවේ ඔහුගේ හිතේ තියෙන ලොකුකමට. ලංකාවේ හැම තැනම වෙන දේ. පොඩි අයට ලොකු අය ගහනවා. ඊට විරුද්ධව සටන් කරන්න පොඩි අයට නීතියේ ආරක්ෂාව නැහැ. ඉතින් ඔවුන් නැවත පොඩි තැනට යනවා. සමාජය ලොකු පොඩි අය හොඳින් වෙන්කරලා අඳුන ගන්නවා. ඒ අයට දෙවිදිහකට සළකනවා. දොස්තරලට වැඩියෙන් සළකනවා. කම්කරුවන්ට අඩුවෙන් සළකනවා. මෙතන මාලකගේ ප්‍රශ්නයට වඩා යටින් විශාල ප්‍රශ්නයක් තියෙනවා. මාලකට වගේම ඒ ප්‍රශ්නයටත් ප්‍රතිකාර අවශ්‍යයි. සමාජීය ගැටළු පාසල් අධාපනය තුළින් විසදන්න පටන් ගන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. අපේ සමාජය අප්‍රිකානු ගෝත්‍රික සමාජයකට වඩා දියුණු වුවත් , ලෝකයේ දියුණු සමාජයකට වඩා ආකල්පමය දුගී භාවයකින් පෙළෙනවා. ටිකෙන් ටික මානසික ලොකු-පොඩි පරතය අඩු කරන්න අවශ්‍ය වෙනවා. ආර්ථික ලොකු පොඩි පරතරය කොයි රටෙත් තියෙනවා. (නි)
අනේ අපිටත් මොකුත් පේන්නේ නෑ...අපි මොකුත් දැක්කෙත් නෑ... (නු)
හමුදාවටත් නින්දාවක්..!(නු)
මම කලින්ම කිව්වා මෙයා ගලවාගැනිමේ හමුදාවෙ කියල බොරුනම් බලන්න ..(නු)
මමනම් කියන්නේ මේ දේශපාලකයන් සම්බන්ධ අවනඩු ප්‍රසිද්ධ නොකරනවානම් හොදයි.. මොකද ටික දවසකින් එහෙම සිදුවීම් සිදුවෙලා නැහැ.!(නු)
පිටරටවල ලංකාවට විරුද්ධව අදහස් පතුරවන අය කියයි ලංකාවෙ හමුදාවෙ බුද්ධි අංශ්‍ය නෙවෙයි මංද බුද්ධික අංශය කියලා.. (නු)
දැං ශ්‍රී ලංකාවේ හමුදාව = සමෘදි බලකාය (නු)
මේවා බලන අපි තමයි වැරදිකරුවෝ..!(නු)
බයවෙලා..??(නු)
ඔළුවට නෙ ගැහුවෙ මතක නැතිව ඇති මොනවත්ම..!(නු)
මේක විහිළු කතාවක්.(නදී)
මමත් දැං මොනවා උනත් කියන්නේ දැක්කෙ නැහැ මතක නැහැ කියලා තමයි..!(නු)
මෙන්න මේ බිලි පූජාව දෙන්න එළුවා වෙනුවට.(නදී)
මිනිස්සුන්ගේ අධිකරණයට වඩා සොභාදහමෙ අධිකරණය සාධාරණයි.එයා හරි වෙලාව බලල යුක්තිය ඉෂ්ඨකරයි...(නු)
අයියෝ ලැජ්ජයි. (නි)
දැන් ලංකාව රියලිටි ටීවී වස්සානයක් වගෙයි.ආවේගකාරී ජවනිකා බොහොමයි. ඒත් අවසානය කල් ඇතුව කියන්න පුලුවන්. (නි)
පවු. අහිංසක මාලකව නෝටි මේජර් අංගුලිමාල කෙනෙක් කරන්නනේ හැදුවේ තව පොඩ්ඩෙන්. :P (නි)
එයා මට ගැහුවා. මට එයා ගැහුවා. එයා මට ගැහුවා. මට එයා ගැහුවා. ඇයි අප්පා මේ? (නි)
කැකිල්ලේ රජ කාලේ මතක් වුණා මට. (නි)
ආමි එකේද කියලත් සැකයි දැන්නම්. (නි)
කොන්දක් නැති හමුදා නිලදාරියෙක් !!!!(නු)
මේජර්ට උසාවියට එන්න කවුරුහරි සුදු වෑන් එකක් එවුවද දන්නේ නැහැනේ. (නි)
තව මොනවා කියයිද දන්නේ නැහැ ඉස්සරහාට
මෙවුවා නම් මොනාද? යුද්දෙ කාලෙත් රට පවා දුන්නු අයත් ඉන්නකොට. (නි)
එල්.ටී.ටී.ඊ. දරුණු ත්‍රස්තවාදීන්ට බය නොවුණු මේජර් කෙනෙක් මේ දේශපාලන මැර පුත්තු ඉදිරියේ මේ තත්වයට වැටුණු එක ගැන ලැජ්ජයි. දැන් කියයි තමන්ම තමන්ට ගහගත්තා කියලා. (නි)
මේකද යුධ හමුදා අභිමානය හමුදාවටත් නින්දාවක් මේක. කියනන මට මමම ගහගත්තා කියලා .
හෙනම් ගැහුවා කියුවේ
රණවිරුවෝ රකිනවා කියල හැමදාම කියපු අපේ ජනාධිපතිතුමාත් මේ ප්‍රශ්නෙදි රණවිරුවාට වුණ අසාධාරණයට මොනවත් තවම නොකරපු එක ගැන ලොකු දුකක් තියෙන්නේ. දැන් ඉතින් හැමදාම දේශපාලක මැර පුත්තුන්ගෙන් රණවිරුවන්ට ගුටි කන්න වෙයි.
මෙජර්ට සල්ලි මිටියක් සහ දේපල ගොඩක් ලැබුනද දන්නේ නෑ.
මොකද ඔබ තුමා බයද
මේජර් මොකද බොරු කියන්නේ
මේ වගේම තමයි, භාරත මහත්තයත් වෙඩි තියා ගත්තා මිසක්, එයාට කවුරුවත් වෙඩි තියලා නැහැ. (නි)
හමුදාවේ ගරුත්වයද? චණ්ඩි පුතෙක්ද? (නි)
මේජර් නෙමේ මෙයා
මෙයා මේජර් කෙනෙක් වෙන්න බැහැ..!(නු)
මේජර්ගේ වැරදි සියල්ල එලිවේගන එන බව පෙනෙන්න ඇති.. (නු)
මේජර් කියන්නේ බොරු
මට දුකයි අපේ ආමි එක ගැන.
මට දුකයි අපේ හමුදාව ගැන..(නු)
යුද්දේ ජයගෙන හැමෝම මුරදේවතාවෝ ලෙස හදුන්වපු හමුදාවට වෙච්ච දෙයක්..!(නු)
ලංකාවෙ රජකරන්නේ කැලෑ නීතියද?(නු)
ඔළුවට ගැහුව නිසා මතක නැතිව ඇති කිසිම දෙයක්... නැත්නම් මේජර් කෙනෙක් මේවගේ නිවට වෙන්නේ නැහැ...(නු)
අයියෝ මේජර්, ලැජ්ජයි හොදේ. මේ වගේ මැර පුතුන්ට පාඩමක් උගන්වන්න කාටවත්ම බැහැ වගේ. මුළු මහත් හමුදාවටම ලැජ්ජයි. (නි)
ඇත්තටම ඔබතුමා කටින්ද කතා කරන්නේ (දී)
අනික ඔය කවුරු මොන බයිලා ගැහුවත් දෙයක් කරන්නට කලියෙන් බිරිය, අම්ම, තාත්තා මතක් වෙනවා ඒ වෙලාවටත් මිනිසුන් අසරනයි..ඉතින් මිනිහෙකුගේ අසරනකමින් ප්‍රභලයා ප්‍රයෝජන ගන්නවා..මාලකලා වගේ අයෙක් වෙනුවෙන් තමන්ගේ නිල ඇදුම ගලෝ ගන්න වේවි කියන සැකය නිසා එහෙම කලාද දන්නේ නෑ.දේශපාලන බලපැම් නිසා උනාද?අපි දන්නේ නෑ ..මොනවා උනත් අතිගරු ජනපති තුමනි මේ වගේ අයට ප්‍රසිද්ධියේ දඩුවම් දෙන්න ඕනේ..
මේජර් මාලකටත් වැඩිය ලොකු කතන්දර කාරයෙක් ද දන්නේ නැහැ.. එයාගේ දේවල් එලියට එන්න කලින් ජාමේ බේරාගත්තා ද දන්නෙ නැහැ..!(නු)
මහත්තයා කොන්ද කෙලින් තියාගෙන වඩා කරන්න (දී)
රට බේරාගත් රණවිරුවන් ට තියෙන ගෞරවය මේ වැඩනිසා නැත්තටම නැති වෙනවා (දී)
අපිට දැන් ඕක විස්වාස කරන්න කියලද කියන්නේ (දී)
ඇත්ත කියන්න කගේ බලපැමකටද ඔහොම කියුවේ (දී)
මෙදාපාර නම් ඉවරයි කියලා කිව්වා, ඉවර නෑ ඉදිරියටත් නටයි.
කවුරු වුනත් තමන්ගෙ ගෑනු දරුවො ඉස්සරහ අසරණයි . මේජර්ටත් වුනේ ඒකම වෙන්න පුළුවන්. මේජර් කෙනෙක්ට මෙහෙම නම් අපි ගැන කවර කතාද?
මට මුකුත් මතක නැහැ. මාලක මල්ලී ලගට ඇවිල්ලා පොඩි සීංන්දුවක් කීවුවා විතරයි.........
අපි දැන ගත්ත කවද හරි හමුදාව මේ තත්වයට එන බව (දී)
කාට කියන්නද?
නියම එඩිතර මේජර් කෙනෙක්..
මමත් මේජර් ගෙ පැත්තෙ.මොකද මගේ පවුල් පිටින් විනාශ වෙනවා දකින්න බැහැ.
එතකොට තුවක්කුව පහර ගත්තේ කව්ද (දී)
මේජර් මහත්තය බය වෙලා වගේ (දී)
මේජර් මහත්තයා ඔය ප්‍රකාශය කළේ කටෙන්ද (දී)
හමුදාව පාවා දෙන්න එපා.
මග හිටියොත් තා නසී. ගෙදර ගියොත් අඹු නසී.
ඒ මනුස්සයාගේ රස්සාව බේර ගන්න එපායැ අපි කිව්වට.
ආරවුල් සමථයට පත්වීම හොඳ දෙයක් වුනත් මේ වෙලා තියෙන දේ නම් සමාජයට ඉතා වැරදි ආදර්ශයක් ලබා දෙන්නෙ. බලවතුන් ගේ පුත්තුන්ට රටේ උත්තරීතර නීතිය හරියට අනාපු පිටි ගුලියක් වගේ කරන්න දෙන්න පුලුවන්ද? මම නම් හිතන්නෙ නැහැ අධිකරණයත් එක්ක ඔය නාඩගං හරියයි කියල...(නු)
ස්තුතියි එඩිතර,එඩිතර මේජර්තුමනි. දුකකට තියෙන්නේ, මේකද යුධ හමුදා අභිමානය? (නි)
චිත්‍රපටි කතාවක් වගෙයි. (නි)
හරියට හරි. බෙල්ලට පිහිය තියල මෙහෙම කියපන් කියුවහම මම උනත් කරන්නේ ඕකම තමයි (දී)
ලංකාවට වෙලා තියෙන දේ දැක්කම ඇඩෙනවා..(ස)
හමුදාවේ නේද. මේජර් කෙනෙක් නේද. යුද්දේ කළේ මරණ බය නැතිකරගෙන නේද, මොනවද මහත්තයෝ ලජ්ජා නැති වැඩ කරන්නේ. කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න, (දී)
මේවාට වග කියන්න ඕනේ මේවගේ අයට රටේ ඉහලම තනතුරු ප්‍රදානය කරලා ඔවුන් කොතරම් වැරදි කලත් එම තනතුරුවලින් ඉවත් නොකර ඉන්න අය තමයි. (දී)
මොනවා උනත් මේජර් මොලකාරයා. (ස)
මේජර්කම මොටද ?? (ස)
ලැජ්ජයි මේජර් ලැජ්ජයි (දී)
තමුන්ගේ මේජර් පට්ටම ගලෝල ගෙදර බල්ලාගේ බේල්ලේ එල්ලන්න (දී)
මොකටද ඔහේගේ මෙජර්කම (දී)
අනේ මෙහෙම ලංකාවක් අනේ මෙහෙම පාලනයක් මිනිසුනේ.......... ඉතින් කොහෙද ප්‍රජාතන්තරයක්!!! (දී)
අදෝමුකයෙන් හිනා (දී)
අයියෝ හමුදාවට පණ (ශක්තිය) දෙන්න වෙනවා.. (ස)
මටනම් හිත ගන්න බැහැ හමුදාවේ අයත් මෙහෙම කරනවද කියල (දී)
අවසානයේ යුධ හමුදාවත් ජෙනරල් නැතිව කොහොම තත්ත්වයකට පත්වෙලාද කියලා ස්ථිරව ඔප්පුකළා. ඒ කියන්නේ එතුමා හිටියේ නැත්නම් තාම ප්‍රභාකරන් යහතින්. හමුදාවේ එකම වීරයා ජෙනරල් කියලා නැවතත් අපිට ඔප්පු කරලා දුන්නා. (නි)
මටනම් මේ කතාව අහල හොදටම හිනා, (දී)
ලෝකේ මෙහෙමත් වැඩ වෙනවද
නියමයි ජයවේවා
සැලසුම් සහගත වැඩක්
සාමාන්‍යයෙන් හමුදාවේ පුද්ගලයෙකුට සාමාන්‍යය මිනිහෙක් ගැහුවොත් මුළු හමුදාවම එතන.(නදී)
මෙයාට හොඳින් සලකන්න (අ)
එතකොට කවුරු ගහලද ඔලුව තුවාල වූණේ .(ස)
මේවා බලද්දී කතාකරලත් බැ කටවහගෙන ඉදලත් බැ? තම දරු පව්ල ගැන හිතල ගත්ත තීරණයක් වෙන්න ඇති...(ස)
මෙයා මේජර් කෙනෙක් වෙන්න බැහැ..! (ස)
මේජර්කමට නිගාවක්. (නි)
මේකට තමයි ආශ්චර්යය කියන්නේ. (නි)