මර්වින් සිල්වා අමාත්‍යවරයාගේ පුත් මාලක සිල්වා ඇමෙරිකාවට යනුයේ ඉගෙන ගැනීමට නොව චාරිකාවක් සඳහා යැයි ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කොළඹ කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතාට මෝසමක් මගින් අද කරුණු දැක්වීය. කලින් දිනයේ එසේ පැවැසුවේ වැරදීමකින් බවත් කීවේය. ඒ අනුව නඩු ලිපි ගොනුවේ අවශ්‍ය සංශෝධන කිරීමට මහේස්ත්‍රාත් අවසර දුන්නේය. ලබන 10 වැනි දා සිට නොවැම්බර් 20 තෙක් ඔහුට එතෙර යෑම අවසර ලැබිණි. හමුදා මේජර් සූසේනට ජැයික් හිල්ටන් හෝටලයේ දී පහර දුන්නැයි ඔහු ද හිටපු ඇමැති මනෝ විජේරත්න ගේ පුත් රෙහාන් ද තවත් කිහිප දෙනෙක් ද ඇපමත මුදාහැර සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ගමන අවුරුදු විස්සකට විතර උනොත් තතමයි රටට ම යහපත්.. ඒ ටිකට විය යුතු සියළුම දේම ලංකාවෙත් ඇමරිකාවෙත් සිදුවෙයි..!(නු)
රටේ නීතිය සහ ආධිපත්‍යය මොනතරම් බිද වැටිලද කියලා මේ සිදුවීමෙන්ම පේනවා. (නි)
උසාවියට අපහාස කළාට පියවරක් ගන්න බැරිද? (නි)
පවු පොඩි එකා. මහන්සි ඇති. (නි)
නීතිඥයා අධිකරණයට බොරු කියා ඇත. ඔහුට විරුද්ධව කටයුතු කරන්න කෙනෙක් නැද්ද? අධිකරණය මේ තරම් හෑල්ලු වෙලාද? ඔහු පළමු දිනයේදී හෝ දෙවන දිනයේදී බොරු කියා තිබේ. (නි)
ඔක්කොම කනපිට. (නි)
අම්මපා.. මේ වගේ රටකනේ අපිත් ඉපදුනේ. (නි)
ආ.. ඒක මිස මමත් පුදුම උනා ඉගෙන ගන්න රට යනවා කිවාම.. කොහොම උනත් විනිසුරුතුමාත් අසරණයි.. (නු)
මේ ළමයා එහෙ ගිහිල්ලත් මේ විදියට හැසිරුණොත් එහෙදි නම් මේ වගේ සමාවක් නැහැ නීතිය කඩන මිනිසුන්ට...!(නු)
ඇත්තටම මෙයාට තව ඉගෙන ගන්න දෙයක් ඉතිරිවෙලා නැහැ.. මහජන මුදලින් සියල්ලම හොදින් ඉගෙන ගෙන තියෙනවා.. (නු)
පිටරටක ඉගෙන ගන්න මොනවද එයාට තියෙන සුදුසුකම්.. මේ රටේ කරපු වැඩද? (නු)
අදිකරණය නොමග යැවීමට දඩුවම් ලැබේද ?..... නීතිය දේශපාලනයට යටවෙලාද ? (ස).
100%ක් විශ්වාසයි, මෙවන් දේ වන්නේ අපේ ලංකාවේ පමණි (නි)
ඒක මිසක්! (නි)
ඉගෙනගන්නත් ඒ සදහා උපන් හැකියාවක් තිබිය යුතුයි (නි)
අනාගතේ සංචාරක ඇමති වෙන්න පුරුදු වෙනවද ? (ස)
මෙයා සංචාරක ඇමති කරවමු (ස)
දියටික උණුවන තුරු සොමියේ ..... කකුලුවා හැලියේ නට නට ඉන්නේ (ස)
අද නීතිඥ වෘත්තියේ තත්ත්වය මේකද? (නි)
අට පාස්ද ? (ස)
පයිලට් මාමේ, බලාගෙන හොදේ. අපේ මාලක අයියා ඉන්නවා ඇතුළේ. (නි)
යන ගුවන්යානයේ ගුවන් නියමුවන් පරිස්සමින් යන්න.. ගහයිද දන්නෙත් නැහැනේ..!(නු)
මුළු රටම විහිළුවක්.. සාමාන්‍ය මිනිහෙකු ඇප මත සිටින විට මෙහෙම තියා ලංකාව ඇතුලෙ විනෝද චාරිකාවක් යන්න පුළුවංද? මෙයාලටම ගිය රට..!(නු)
අපි බයේ හිටියෙ මෙයා ඉගෙන ගන්න යනවා කියලා. එහෙම උනානම් කොහොම අධ්‍යාපන ඇමති වෙන්නෙ..?(නු)
අයියෝ සල්ලි ....
අනේ මෙහෙමත් නීතිඥවරු (ස)
පරිස්සමින් ගිහිං එන්න..!(නු)
අදිකරණයට අපහාස කරන්නනේ හොඳ නැත්තේ. විහිලු කරන්න තහනමක් නැද්ද ??. කොහොම වුනත් මේ විදියට වරද්ද වරද්දා නඩු කතාකරන නීතිඥ වරුන්ගෙන් සේවය ලබාගැනීමේදී දෙපාරක් හිතුවා නම් නරකද? මොකද අපි වගේ අයට මෙහෙම දෙයක් වුනොත් නීතියේ තරාදිය මේ තරම් සිනිඳුවට සමබර වෙන එකක් නැහැ. (ස)
මේ පෙරකදෝරුවට දඩුවම් කලයුතුයි ඕන නැති පඩත්තල කතා කිව්වට (ස)
ඇමෙරිකාවට යන්නේ ඉගෙන ගැනීමට බව පැවසුවෙ වැරදීමකින් නම් මෙයා අධ්‍යාපන ඇමති වෙන්න යනවයි කියලා කිවුවේ, ඒකත් වැරදීමක්ද? අධිකරණයට බොරුකිරිම හේතුවෙන් නීතිඥවරයාට දඩුවම් දියයුතුයි නේද? (නි)
රටට ආදරේ අය ඇමරිකාවෙ ඉන්නවා නම් පුතාට ඉහළින්ම සළකයි නේද? (නි)
නොමඟ නැගුම ඇමති කරමුද? (නි)
දුමින්දව රටෙන් පිට කර ගත්තේත් ඔහොමම තමයි.. ලොක්කො සේරම කිව්වේ සැත්කමකට කියලා.. නඩුව ඉවරවෙනකම් කියලා දැනුයි දන්නේ.. (නු)
නැහැ නැහැ නැහැ නැහැ හේමන්ත මහත්තයට වැරදුනේ නැහැ, අධ්‍යාපන ඇමති වෙනවා කීවේ ඇමෙරිකාවේ. (නි)
අනේ ඇමරිකාවෙම නවතින්නකෝ. (නි)
ආයේ එන්න එපා අනේ.එහේ ජොලියේ ඉන්න (ස)
එන්නකෝ පුතා මෙහෙ ...ඔයාගේ මුණ බලගන අපි මාර අසාවෙන් ඉන්නේ... (ස)
දැනගන්න විදියක් නැද්ද යන්නේ මොන රටටද කියලා? (නි)
දැන් අපේ රටේ නීතිය දේශපාලනයට යටවෙලා (ස)
යන්නේ ඉගෙනගන්න නෙමෙයි නම්, අධ්‍යාපන ඇමති වෙන්න පුලුවන් ඔයාට. (නි)
නාවට කමක් නෑ, ඔහෙම ඉන්න (ස)
හිතාමතා බොරු කියන නීතිවේදීන් ගැන කවර කතාද? (නි)
ඇමරිකාවටම තමයි හොඳ? ඔයා එහේ ඉන්න අපි මෙහේ ඉන්නම් (ස)
මේ කට්ටිය හිතෙන හිතෙන වෙලාට බොරුව ඇත්ත කරන,ඇත්ත බොරුව කරන්නනේ පත්වෙලා ඉන්නේ....මාර වැරදීම්නේ...මරණ දඩුවම දුන්න මිනිහෙක් මැරුවට පස්සෙත් කියයිද දන්නෑ....ඒක වැරදීමක් කියලා...අපෝ.....මොකද මේ ලංකාවට වෙලා තියෙන්නේ.. ..පව්..නීතීඥ තුමා....එයාටත් කම්පනයක් වගේ..... ශ්‍රී ලංකාවට ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටේ කියන්නේ බොරුවට නොවන බම වේ වගේ පුවත් වලින් හොදටම සනාථ වෙනවා.... (ස)
නැහැ නැහැ. ඇමරිකාවේ ගිහින් ආවහම ලංකාවේ අධ්‍යාපන ඇමතිකමට ඒක සුදුසුකමක් වෙනවලු. (නි)
නීතිඥවරයටත් කම්පනය. එදා එකක් අද තව එකක්. (ස)
ආපහු එන්නම නොලැබේවා!!!!! (ස)
එහෙමත් වැරදීම් වෙනවද ?? (ස) .
මේවා බලලා අපට පිස්සු.. මේජර් නැහැ කියනවා.. නීතිඥයා වැරදීමක් කියනවා..? ලෝකෙන් උතුම් රට ලංකාවයි..!(නු)
මාලකටත් වරදින්න පුළුවන්නේ දැන් මෙජර්ට කොච්චර ලොකු වරදීමක්ද වුනේ කම්පනයට පත් වෙලාය කිව්වේ (ස)
ආයිත් මේ රටට එන්නේ නැතුවම ඉන්නවනම් හොඳයි. (ස)
පිස්සු හැදෙනවා (ස)
අපරාදේ අපි හිතුවේ අධ්‍යාපනයට කියලා, දැන් කොහොමද අධ්‍යාපන ඇමති වෙන්නේ (ස)
ආයෙමත් එන එකක් නෑ (ස)
ලංකාවේ හොද අධ්‍යාපනයක් නැති නිසාද රට යන්නේ? (නි)
ඔක්කොම දැන් විහිළුවක් වෙලා.අමතක වෙනවා, වැරදිල කියනවා, කම්පනය නිසා කියවෙනවා . මේ නීතිඥ වරයා කලින් කිව්වා ඉගෙන ගනීමට් යනවා කියා, අනාගත අධ්‍යාපන ඇමති වෙනවා කිව්වා, දුප්පත් මිනිහෙක් මේ වගේ කිව්වොත් අවරුදු ගානක් ඇතුලේ ඉන්න වෙයි (ස)
සටන් ඉගෙන ගන්නද දන්නේ නෑ යන්නේ (ස)
සමහරවිට ආචාර්ය උපාධියක් වුණත් ගන්න පුළුවන් (නි)
තව මොනවා ඉගෙන ගන්නද ? ? (ස)
පවු. කොල්ලට පිස්සු හැදිලා වෙන්න ඇති. (නි)
ස්විස්ද ?? (ස)
නීතිඥයින්ටත් කම්පනයද දන්නේ නැහැ. පවු. (නි)
එතකොට අර නීතීඥතුමා වැරදිලාද අර මෙයා අධ්‍යාපන ඇමති වෙන්න යනවයි කියල කිවුවේ. මොකටද තව රට ගිහිල්ලා ඉගෙනගෙන , අමාරුවෙන් හම්බකරපු සල්ලි නාස්ති කරන්නේ.ඊට වඩා හොඳයි විනෝදයක් හරි ලබන එක. (ස)
මුලු ලංකාවම ඒකම විනෝද සාගරයක්. අනේ මන්දා පුදුමාකාර නිවුස් තමා අහන්න ලැනේනේ (ස)
ලැජ්ජයි , වෙන කියන්න දෙයක් නෑ (ස)
හනේ කොලොප්පන් (ස)
එනවකෝ. අපිත් බලන් ඉන්නේ එනකල් තමයි. (නි)
අනේ අපේ අනාගත අධ්‍යාපන ඇමතිතුමා........ (ස)
ඇමරිකන් හමුදාවේ මහත්වරුන්ට ටිකක් පරිස්සමින් ඉන්න කිවුවොත් නේද හොද? (නි)
හැමෝම කැමතියි හොද අධ්‍යාපනයක් ලබන්න (නි)