IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මාලාකරුගෙ පාත්තරේට පොලිස් හෙනහුරා

කළුතර ඓතිහාසික බෝධි රාජයා අසළ පදික වේදිකාවේදී අද (25) බක් පොහෝ දා මල් විකුණූ කාන්තාවක් හත් දෙනකු සහ පිරිමින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර පොලීසියේ පරිසර ඒකකය කියයි.

මල් විකිණීම සඳහා වෙන් කර ඇති අවසර ලත් කඩවල මිස පදික වේදිකාවේ මල් විකිණීම සපුරා තහනම් බව පොලීසිය පවසයි.

එහෙයින් මහජනයාට පීඩා වන අයුරින් මල් විකිණීම නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ද පොලීසිය කියයි.

මොවුන් වසර ගණනාවක් තිස්සේ බෝධිය අසළ තැන තැන මල් විකුණන අය බව කියති.

ජීවත්වීමට මගක් නැති නිසා මල් ටිකක් විකුණාගෙන දරු පවුල් රකින බව මල් විකුනන්නෝ කියති.

 



අදහස් (0)

මාලාකරුගෙ පාත්තරේට පොලිස් හෙනහුරා

වීරසේකර Thursday, 25 April 2013 09:37 PM

පොලිසිය හිතුවද දන්නේ නැහැ අර තණමල්විල මල් කියලා.(නදී)

:       0       0

devmini Saturday, 27 April 2013 03:01 AM

මනෝ, මෙතන තියෙන්නේ සිංහලද දෙමළද කියන ප්‍රශ්නය නෙමෙයි. උතුරේ අහිංසක දෙමල ජනතාව ගැන කතා කරන ඔයා පුල්ලි තියන කෙනෙක් වගේ මට පෙනෙන්නේ නම්. (නි)

:       0       0

රාජිත-දෝහා Thursday, 25 April 2013 02:17 PM

මේ මොන අපරාධයක්ද?අහිංසක මිනිහෙක්ට මලක් විකුණගෙනවත් ජීවත් වෙන්න දෙන්නෙ නැද්ද? (නි)

:       0       0

හේමාල් Thursday, 25 April 2013 02:21 PM

මේක කියවනකොට මට යකා නගිනවා.ඔය පොලිසිය ඇමති පුත්තුන්ට එරෙහිව කිසිම දෙයක් නොකරන්නේ මන්ද ? (නි)

:       0       0

රජසිංහ Friday, 03 May 2013 12:02 AM

අනේ මේවා තමයි පොලිසියටත් කරන්න පුළුවං ලොකු දේවල් ඉතිං ...!( නු)

:       0       0

උපුල් Thursday, 25 April 2013 02:22 PM

නගරාධිපතිලගෙනුත් ගුටිකන මේ වගේ ජනහිතකාමී පොලිසියක් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති. (නි)

:       0       0

ඩියෝ Thursday, 25 April 2013 02:23 PM

පොලිසියට නරකද මේ හොර දේවාල දාගෙන මිනිස්සුන්ව රවට්ටන කපුවන්ව අල්ලලා උසාවි දාන්න? භද්‍රකාලි දේවාල, හූනියන් දේවාල අටවාගත්තු හොරු කළුතර අවට මොන තරම් ඉන්නවද? (නි)

:       0       0

ලාල් ප්‍රියන්ත Thursday, 25 April 2013 09:50 PM

අනේ මේවට කියන්න දෙයක් නැ. අනුරාධගේ කතාව හරි. මිනි මරුවෝ දඩ නැතිව නිදහස් කල නීතිපතිතුමා පොලිසියට හූ කියලා ඒ කට්ටිය නිදොස් කොට නිදහස් කරාවී. මේක කරන්න උපදෙස් දුන්න නිලධාරියට දේව දඩුවම් ලැබෙවා. ඔය කට්ටිය කිරිවෙහෙර ටත් යයිද?(නදී)

:       0       0

සුලක්ෂි Saturday, 27 April 2013 03:29 AM

අනේ දෙයියනේ මෙහෙමත් අසාධාරණයක්? (නි)

:       0       0

සිල්වා Thursday, 25 April 2013 10:01 PM

රටේ ආස්චර්යට කැළලක් වෙන්න නීති තිබෙන්නේ අසරණ මිනිසුන්ටද ?(නදී)

:       0       0

වජිර-රෝමය Thursday, 25 April 2013 10:13 PM

කැසිනෝ, ගණිකා මඩම්, කුඩු තිප්පොලවල් ඒවා ලොකු අයගේ. ඒවා පේන්නේ නැහැ. දුප්පතා මලක් වික්කත් වැරදියි.(නදී)

:       0       0

වජිර - රෝමය Thursday, 25 April 2013 10:16 PM

ඩයස් මහත්තයෝ මොකක්ද රටේ නීතිය?  කාගේද නීතිය ඔබ නිදගෙනද ඉන්නේ.(නදී)

:       0       0

ඉෂාන් Thursday, 25 April 2013 02:57 PM

මේ අයට තියෙන්නේ හොරකම් කරලා, කුඩු විකුනලා, මාල කඩලා ජීවත් වෙන ගමන් දේශපාලකයෙකුට හේත්තු වෙන්න. එතකොට ශ්‍රී ලංකා පොලිසියෙන් අල්ලන්නේ නැහැ. එහෙමනේ අපේ රටේ නීති සකස් කරලා තියෙන්නේ. හරිම ආඩම්බරයි. (නි)

:       0       0

සෑම් Thursday, 25 April 2013 02:58 PM

ඩයස් කොහේද ඉන්නේ. අනේ අපේ රටේ නීතිය. ඔය වගේ අසරණයන්ට තමා හරියටම ක්‍රියාත්මක වෙන්නේ. (නි)

:       0       0

පවන් Thursday, 25 April 2013 10:29 PM

පොලිසිය ධර්ම චක්කරේ යුකිපෝස් එකේ ගහගෙන අහිංසක මිනිස්සුන්ටම විනේ කටිනවා. සල්ලි තියෙනවනම් පේමන්ට් එකේ මල් විකුනන්න එන්නේ නැහැ. මේ වැඩේට දායක උන ඔක්කොම අපාගත වෙන්න පතනවා.(නදී)

:       0       0

යාපා Thursday, 25 April 2013 03:10 PM

පවු අසරණ අය. අපේ පොලිසියට පුලුවන් ‍මේ වගේ අහිංසක අය හිරේට දාන්න තමයි. පුලුවන්නම් ගංඡා මල් විකුණන ඇමතිලා මන්ත්‍රීලා අල්ලන්නකෝ. අද වගේ පෝය දවසක මේ වගේ අහිංසකයන්ව ඇල්ලුවාට හොදක් වෙන්න එපා (නි)

:       0       0

තරිදු Thursday, 25 April 2013 03:11 PM

පව් අසරණ දුප්පත් මිනිස්සු.. (නි)

:       0       0

ජීවන් Thursday, 25 April 2013 10:53 PM

අද පෝය දවස ලොකු පිනක් කරගන තියනවා ශ්‍රී ලංකා පොලිසියේ ම්හත්තුරු ටික.(නදී)

:       0       0

සුඛිත Thursday, 25 April 2013 03:15 PM

මේක නීති විරෝධී නම් කරන්න තිබුනේ ඔවුන්ට විකල්ප තැන් ලබා දෙන එක. සාධාරන විදිහට සල්ලි හොයන එක වැරදිද ? මීට වඩා මිනිස්කමෙන් යුතුව පොලිසිය වැඩකළ යුතුයි. (නි)

:       0       0

මනෝ Thursday, 25 April 2013 11:03 PM

දකුණේ මෙහෙම කරනවානම් උතුරේ අහිංසක දෙමල ජනයාට කොහොමද?(නදී)

:       0       0

අබ්දුල්ලාහ් Thursday, 25 April 2013 03:22 PM

මේවා අසාධාරණ වැඩ. (නි)

:       0       0

පෙඩ්රික් Thursday, 25 April 2013 03:23 PM

අද කළුතර නගරයේ කී දෙනෙක් පදික වේදිකාවේ බඩු විකුණනවද? අනේ ඇයි මේ අහිංසක මිනිස්සු ටික අල්ලා ගත්තේ? (නි)

:       0       0

සෑම් Thursday, 25 April 2013 03:36 PM

මේ වගේ අහිංසක පවුලකටවත් එදා වේල හම්බ කරගෙන ඉන්න ඉඩ දෙන්නේ නැති රටක්ද මේ? (නි)

:       0       0

මලින්ද Thursday, 25 April 2013 03:37 PM

අහෝ! ශ්‍රී ලංකාවේ පොලීසිය (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Thursday, 25 April 2013 03:39 PM

ජිවත්වෙන්න මේ අහිංසක මිනිස්සුන් මල් වික්කා කියලා මහා ලොකූ වරදක්ද....? අපරාධකාරයෝයි, කුඩු කාරයෝයි, මංකොල්ලකාරයෝයි නිදැල්ලේ ඕනෑ ඕනෑ ආකාරයට වැඩ පෙන්නනකොට මේ වගේ අහිංසකයින් මළක් විකූණූ එකද වරද..? මේ වගේ අහිංසකයින්ට මල් ටිකක්වත් විකුනගෙන ජීවත් වෙන්න ඉඩදෙන්න. (නි)

:       0       0

රුසිරු Thursday, 25 April 2013 03:42 PM

ඔය අවංක අභීත නිලධාරින්ල පුළුවන් ඇතිනේ ගිහින් අර යකඩ වරෙන්තු හොරාවත් අල්ලන්න. (නි)

:       0       0

ලලින් Thursday, 25 April 2013 11:33 PM

මල් වෙනුවට කුඩු විකුනුවනම් රාළහාමිලා සැලියුට් ගහනවා. (නදී)

:       0       0

රණසිංහ Thursday, 25 April 2013 11:40 PM

කදුලු ගෑස් ගැහුවනම් ඉවරයි.(නදී)

:       0       0

මාගලී Thursday, 25 April 2013 03:45 PM

ඩයස් ඉන්නේ ශ්‍රී ලංකාවේද? (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 25 April 2013 03:47 PM

පොලිසිය ගෑන කීමට ඇති අදහස් කුනුහරුප බැවින් මෙහි සටහන් නොකරමි.තවම බක් මහ නිසා අකුණු ගැන සැළකිලිමත් වෙන ලෙස ඔවුන්ගෙන් කාරුනිකව ඉල්ල සිටිමි (නි)

:       0       0

චානක Thursday, 25 April 2013 03:49 PM

අනේ අපොයි! අහිංසක මිනුස්සුන්ට විතරයි නීතිය. (නි)

:       0       0

කරුණා Thursday, 25 April 2013 11:45 PM

අනේ පව් ඒ මිනිස්සු

:       0       0

පාරා Thursday, 25 April 2013 11:53 PM

එකනේ මේකට්ටිය පොලිසියට ගන්නේ , මොලේ තියනවානම් පොලිසියට ගනීද?(නදී)

:       0       0

අසේල Thursday, 25 April 2013 03:56 PM

මල් කිව්වහම නොයෙක් මල් වර්ග තියෙනවනේ.පොලිසියේ අය පුරුදු කරලා තියෙන්නෙ මල් අල්ලන්නම තමා.කවුද දන්නේ මේවා තණමල්විල ඒවා කියලා සැක කරනවද කියලා. (නි)

:       0       0

ලක්මාල් Thursday, 25 April 2013 03:57 PM

පොලිසියේ අයගේ මෙවන් ක්‍රියා ගැන පුදුමයක් නැහැ (නි)

:       0       0

ටුආන් Thursday, 25 April 2013 03:59 PM

අපේ පොලිසියට තව කොච්චර නම් දේවල් තියෙනවද අල්ලගන්න? (නි)

:       0       0

චන්න Friday, 26 April 2013 12:35 AM

අහිංසක මිනිස්සු නිකන්ම හොරු වෙන්නේ ඔය වගේ වැඩ වලින් තමයි. කෙනෙක්ගේ බඩගින්න දැනෙන්නේ නැත්තේ පන්සලක්,පල්ලියක්,ආගමක් නැති මිනිස්සුන්ට තමයි. (නි)

:       0       0

මේනකා සෞදි අරාබිය Thursday, 25 April 2013 04:01 PM

මේවට තමා අපරාධ කියන්නේ. මේ මිනිස්සු අපරාධ කරලා නැහැ. ෂුවර් එකටම ඔතන ඇති මිනිස්සු දම්මලා මල් විකුණන ලොකු දේශපාළුවෙක්. මේවා දකින අහන අපියි පවුකාරයෝ. (නි)

:       0       0

කර්තේලිස් Friday, 26 April 2013 12:36 AM

ලංකාවේ පොලිසිය හරි කැමැතියි මේ වගේ අසරණයන්ට නඩු දාන්න. දේශපාලකයෝ ළමයි දුෂණය කරන ඒවට, කුඩු විකුණන එකට , රජයේ සල්ලි වංචා කරන්නන්ට නඩු දාන්නකෝ. (නි)

:       0       0

මයිකල් Friday, 26 April 2013 12:59 AM

පොලිසිය කරන්නේ මේ වගේ බලු වැඩ තමා . අර අපුරුවෙට පෝය දවෙසේ හොරෙන් සුරා ගන්ජ්ජා කුඩු ස්ත්‍රී ජාවාරරම් හොදට කෙරීගෙන යනවා. මොකද එයාලගෙන් ලැබෙන්න ඕන ගතමනවා ලැබෙනවනේ. මේ දුප්පත් මිනිස්සු ගාව ඒවා නැ නේ ඒකයි.(නදී)

:       0       0

විරාජ් Thursday, 25 April 2013 04:04 PM

පොලිසිය දන්නේ ඔය වගේ අහිංසක දුප්පතෙක් අල්ලලා නඩු දාන්න තමයි. මහා හොරුන්ට නිතියක් නැහැ. පොඩි එකාට පොලිස් පාට්,අනේද කියන්නේ? ඩයස් කියවන්නේ කොහේ පොලිසියක් ගැනද මන්දා? එතකොට ඔය යොහාන් කියා අදහස් දාන කෙනා හැම වෙලේම වලිගෙ පාගන් බලසේනාවක් ගැන අහනවා,අදාල දේ නෙමෙයි හිතේ තියෙන්නේ. (නි)

:       0       0

හේවා Friday, 26 April 2013 01:05 AM

මල් විකුවොත් පොලිසියෙන් අල්ලන අපේ රට. කුඩු විකුනුවොත් පොලිසියෙන් මල්මාල ද ?(නදී)

:       0       0

චන්දන Thursday, 25 April 2013 04:07 PM

පොලිසියේ මහත්තුරුනේ, මිනිස්සුන්ගේ අමාරුකනුත් තේරුම් ගත්තොත් හොදයි මේ වගේ වෙලාවට (නි)

:       0       0

හේරත් Friday, 26 April 2013 01:19 AM

රාළහාමි, ඔයාලා නම් මල්. වැඩ නම් කෙහෙල්මල්. කන්නේ කම්මල්ද? (නි)

:       0       0

පුංචි කුමාරිහාමි Thursday, 02 May 2013 12:00 PM

කළුතර පන්සලට මමත් යනවා සැමියා සමඟ. හරි ලස්සන තැනක්..(ස)

:       0       0

ඩීන් Thursday, 25 April 2013 04:10 PM

පොලිසියත් එක්ක කතාකරලා බැලුවෙ නැද්ද ගොඩින් බේරගන්න? (නි)

:       0       0

දිසා Thursday, 25 April 2013 04:13 PM

අහිංසක මිනිහෙකුට මල් ටිකක් විකුණලා ජීවත් වෙන්න බැරි රටක් මේක. (නි)

:       0       0

අනුර Thursday, 25 April 2013 04:13 PM

පොලිසිය මේ වගේ දේවල් නම් හොඳට කරාවී. (නි)

:       0       0

දිසානායක Thursday, 25 April 2013 04:15 PM

පිටරට වල සේවය කරන සියලුම ශ්‍රමිකයන්ගේ අප්‍රසාදය මෙසේ සටහන් කරමි (නි)

:       0       0

සමන් තුෂාන්ත මනම්පේරි Tuesday, 30 April 2013 08:58 PM

පොලිසියටත් පුළුවං අහිංසකයන්ට දඩුවම් කරන්න තමයි.!(නු)

:       0       0

මෝහමෙඩ් රිස්වාන් - සව්දි අරාබිය Thursday, 25 April 2013 11:19 AM

අද පොහොය දින එන ආදායමෙන් කොපමණ දේවල් මේ කට්ටිය හිතල ඇත්ද ? මේ වරදට උසාවි දාන්න ඕනද?(නදී)

:       0       0

ඩයස්ගේ බාප්පා Friday, 26 April 2013 02:36 AM

අර අනිත් "මල්" විකුණන අයනම් රජ සැප විදිනවා. ඒවා ගැන සිංදුත් හදනවා. තැලෙන යකඩේ දැක්කම ආචාරිය උඩ පැන පැන තලනවලු (නි)

:       0       0

අරෝෂ් Saturday, 27 April 2013 12:45 PM

හොදක් නම් වෙන්න එපා මේ කරපු දේට (නි)

:       0       0

සුගන්ධී Thursday, 25 April 2013 04:27 PM

අද පින්බර පසළොස්වක පෝය දින මේවා දකිනකොට ඇත්තටම දුකයි. කරුණාවෙන් කරුණු පහදා දීලා නිදහස් කළා නම් ඔබතුමාලට බොහොම පින් සිදුවේවි කියා මට හිතෙනවා. (නි)

:       0       0

දීපක් Thursday, 25 April 2013 11:27 AM

අපේ පොලිසිය මේ වගේ අහිංසක මිනිසුන්ට තමා නීතිය හරියටම කරන්නේ මිනිමරුන්ට, වංචා කාරයන්ට කිසිම ප්‍රස්නයක් නැහැ .(නදී)

:       0       0

සම්පත් Tuesday, 30 April 2013 09:26 AM

සිල් වලට බය පොලිසිය මොනවහරි අල්ලන්නත් එපාය මට මුවන්පැලැස්සේ කෝරලේ මහත්තය මතක් වෙනවා (ස)

:       0       0

සුරංජිත් Thursday, 25 April 2013 04:29 PM

අනේ මගේ රටට ගිය කලක්! (නි)

:       0       0

ප්‍රසන්න Thursday, 25 April 2013 11:31 AM

කුඩු විකුනන ගංජා විකුනන අයව අල්ලගන්න බැරිවුණාම මේ විදියට මල් විකුණන අයව අල්ලනවා. (නි)

:       0       0

අචිනි Thursday, 25 April 2013 04:31 PM

ලොක්කන්ව මොන හොරකම කළත් මිනිමැරුවත් නිදහස්. මල් විකුණන අහිංසකයෝ හිරේට .... (නි)

:       0       0

ප්‍රිය Thursday, 25 April 2013 11:33 AM

ඒ වගේ දහමින් හම්බකරන් කන මිනිස්සුන්ව තමයි පොලාසියට පෙන්නේ. ගෑනුන්ව රට යවන ඒජන්සිකාරයන්ව අල්ලන්නකෝ? මල් විකුණන එක වරදක්ද? ලංකාවට ගෙන ගහල තියෙන්නේ ඕකයි, හොද නරක දෙක වටහා ගෙන නෑ. නොදන්නා විදිහට එන්න රට විනාස වෙනකම්, දරුවන්ට රටක් නැහැ.(නදී)

:       0       0

හේරත් Thursday, 25 April 2013 04:36 PM

නැතිද ළඟ පාතක ටෙලිෆොනේ බූත් එකක්. කෝල් එකක් දෙන්න. (නි)

:       0       0

බන්දුල Friday, 26 April 2013 03:50 AM

පෝය දවසේ මල් විකුණන්නේ නැතිව කසිප්පු විකුණන්නද කියන්නේ? හොදට ඉන්න මිනිස්සුත් අපරාධකාරයෝ වෙනවා මේ වාගේ වැඩ කරන්න ගියොත්. පෝය දවස නිසාවත් අනුකම්පා කරන්න තිබුණා. පව් අසරණ මිනිස්සු. (නි)

:       0       0

සිල්වා Thursday, 25 April 2013 04:36 PM

එතකොට ඒ මිනිස්සු ජිවත් වෙන්නේ (දී)

:       0       0

ටෙෂාන් Thursday, 25 April 2013 11:35 AM

මේ විදිහටම පොලිසියේ රාජකාරිය අනෙක් වැරදිකරුවන්ටත් ක්‍රියාත්මක විය යුතුයි. නැත්නම් පොලිස් දෙපාර්තමේතුව ගැන තියෙන පොඩි හරි විශ්වාසය නැතිවෙයි (නි)

:       0       0

රජිත් ඉතාලි Thursday, 25 April 2013 04:40 PM

මල් විකුණලා එදා වේල හොයාගන්න අය කුඩුවේ. මල් විකුණලා තරුණ පරපුර විනාශ කරන අය නිදැල්ලේ. (නි)

:       0       0

අස්ලාන් Thursday, 25 April 2013 04:49 PM

පොලිසිය හොඳ අහිංසක මිනිසුන්ගේ බඩේ පහර ගහන වෙලේ, යන්නකෝ අමතිවරුන්ගේ ගෙවල් වලට (නි)

:       0       0

රකිත් Friday, 26 April 2013 04:36 AM

මේ පොලිසියේ මහත්තයා කවුද පොඩි ළමයකුගේ චේන් එකක් කඩා ගත්ත කතාවක් නේද කියන්නේ. කළුතර පැත්තේ නම් ඉන්නවා රත්තරන් චේන් ගැන ප්‍රසිද්ධියක් උසුලන කෙනෙක්. හැබැයි, එයාව අත් අඩංගුවට ගන්න නම් බෑ, මේ කපේදී.(නදී)

:       0       0

ප්‍රසන්න Thursday, 25 April 2013 11:41 AM

අහිංසක මිනිස්සු විකුණලා තියන්නේ පුජා කරන මල්. ඔවුන්ට නඩු දානවා.... වෙන වෙන මල් ජාති කුඩු ජාති විකුණන ලොකු ලොකු කට්ටිය හොදට ඉන්නවා...... පොලිසිය හිතුවද දන්නේ නෑ මල් විකුණලා ලම්බෝගිනි ෆෙරාරි ගනී කියල........(නදී)

:       0       0

අමිත් Thursday, 25 April 2013 04:57 PM

අහිංසක මිනිස්සු කන්න ටිකක්වත් හොයාගන්නේ ඔය දේවල් වලින් (නි)

:       0       0

කමල් Thursday, 25 April 2013 11:43 AM

වැරැද්ද වැරැද්දම තමයි, ලොකු අය වැරදි කරන කොට පුළුවන් නම් අල්ලන්න, පොලීසියේ අය කොන්ද පණ සුජාත අය කියලා ඔප්පු කරන්න. දැන් හිතන් ඉන්න විදිය තේරෙන්න ඇතිනේද?(නදී)

:       0       0

කලු Thursday, 25 April 2013 05:08 PM

අනේ අපේ පොලිසියට කළුතර බෝ සමිදුන්ගේම පිහිටයි.... අත් අඩංගුවෙන් මිදිලා ආවට පස්සේ, ඔය අම්මලා, අයියලා, අක්කලා කුඩු වගේ දෙයක්වත් විකුණලා හම්බ කරගන්න පටන් ගත්තොත් හොදයි නේද? (නි)

:       0       0

පැතුම් Thursday, 25 April 2013 11:46 AM

අනේ ඇයි මේ අහිංසක මිනිස්සු උසාවි දාන්නේ? එයාලට හැමදාම ඔහොම මල් විකුණගන්න බැහැනේ පෝය දවසට මිසක්. ඒ මනුස්සයෝ හොරකම් නොකර, අරක්කු විකුනන්නේ නැතුව මල් විකුණන එකේ වරද මොකක්ද? ඊළඟට ඒ මිනිස්සු චේන් එකක් කැඩුවා කිව්වොත් පුදුම වෙන්න එපා. (නි)

:       0       0

නන්දලාල් Thursday, 25 April 2013 05:13 PM

පෝය දවසට ඔය මිනිස්සු මල් විකුනුවට අනෙක් අයට කරදරයක් නැහැනේ. ජනතාවට කරදර වෙන දේවල් කොතෙකුත් වෙද්දී පොලිසිය නොදැක්කා වගේ ඉන්නවා (නි)

:       0       0

බමුණුසිංහ Friday, 26 April 2013 05:28 AM

අනේ ඔව්, අපි මේ අයට වැසි නැති දිනක හෙණ 14 ක් ප්‍රාර්ථනා කරමු නේද ? (නි)

:       0       0

යොහාන් Thursday, 25 April 2013 11:46 AM

කෝ මේ බල සේනාව, ඉටිපන්දන් හරි හුළු අතු අව්ලගෙන කොහෙවත් ගිහිල්ලද?(නදී)

:       0       0

සුජීව ඉදුනිල් කුමාර Thursday, 25 April 2013 11:46 AM

මිනි මරල මංකොල්ල කල කි දෙනෙක් නිදැල්ලේ ඉන්නවද ඒ අය අල්ලගන්න බෑ අසරණයෝ මල් ටිකක් විකුණලා ජීවත් වෙන්න හදන එකට නඩු දාන්න හදනවා කළුතර බෝධීන් වහන්සේටවත් මේ අවනඩු පෙන්නේ නැද්ද? (නදී)

:       0       0

කළු තර විජේවීර Thursday, 25 April 2013 11:47 AM

ශා කොපමණ විශිෂ්ඨ වීර ක්‍රියාවක් ද මේ කළුතර පොලිසියේ නිලධාරීන් කර තියෙන්නෙ ? අපි ළඟ දැනටමත් පොලිසිය ගැන ඇති ගෟරවය දෙගුණ තෙගුණ වෙලා උතුරලා යනවා. සාදු සාදු . මේ පුන් පොහෝ දවසේ මේ මෙහෙයුමට අන දුන් තුමා ඇතුළු සියලු වීරයන්ට මේ පින් බලෙන් ලබන ආත්මයෙත් ලංකාවේ පොලිසියේම රාජකාරි කරන්න ලැබේවා !(නදී)

:       0       0

සුජීව ඉඳුනිල් Thursday, 25 April 2013 11:48 AM

පව් අසරණයෝ, ජනාධිපති තුමනි මේවා ගෙනත් හොයන්න.(නදී)

:       0       0

සුරංග Thursday, 25 April 2013 11:49 AM

පොලිසියට කරන්න වෙන වැඩ නැතුවද ඔය වගේ අසරණ අයට වද දෙන වැඩකරන්නේ. රටේ මොන තරම් අපරාද වැඩ කරනවාද? (නදී) ්‍

:       0       0

අනුරාධො Thursday, 25 April 2013 05:31 PM

මේ පුවත දැක්කට පස්සේ අද එසැන පුවත් නොබැලුවා නම් කියලා හිතුනා.අද උතුම් පෝය දවස නිසා මට හිතට දැනෙන දේ ලිවීම සුදුසු නැහැ.ඒ තරම්ම ශෝචනීයයි. (නි)

:       0       0

රජිත් ඉතාලි Thursday, 25 April 2013 12:00 PM

පොලිස් කියන එකේ අළුත් තේරුම තමයි බලවතා ලග ඇකිලෙන දුබලයා ලග පිම්බෙන පගා මරුවා.(නදී)

:       0       0

හේවාවිතාරණ Thursday, 25 April 2013 12:03 PM

ඒ අසරණ අහිංසකයෝ සුළු දෙයකට අත්අඩංගුවේ. ඔවුන්ගේ ළමා ලපටි මග බල ගෙන ඇති අම්මලා තාත්තලා එන තෙක් (නි)

:       0       0

අමිල Friday, 26 April 2013 09:00 PM

පහත් තැනින් යයි ගලා ජලේ.... (නි)

:       0       0

බන්දුල-කටාර් Thursday, 25 April 2013 12:03 PM

මුළු රටම විනාශකරන දරුණු අපරාද කාරයෝ, කුඩු කාරයෝ, මංකොල්ලකාරයෝ, ඕනෑතරම් නිදෙල්ලේ ඉන්නවා. අසරණ මිනිහෙක් තමන්ගේ දරු පවුල රැකගන්න මල් ටිකක් විකිනුවම රටම විනාස වෙනවද?(න

:       0       0

රේණුක Thursday, 25 April 2013 05:49 PM

විකුණුවේ මල්නේ , කුඩු නෙමෙයිනේ... අනේ මෙහෙමත් ...? (නි)

:       0       0

චතුරංග Thursday, 25 April 2013 12:06 PM

මෙහෙම අසරණයන්ට විතරයි අපේ රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්නේ. දැන්වත් බුද්ධිමත් ඡනතාව මෙම රඡය යන මේ ඒකාංශික රැල්ල නැවැත්වීමට එකාවන්ව පෙළගැසිය යුතුයි. එසේ නොවුණොත් රටේ දුප්පත් මිනිසුන්ට සිදුවන්නේ දිවිනසාගැනීමටයි. (නි)

:       0       0

ශාන්ත Thursday, 25 April 2013 12:08 PM

ශ්‍රී ලංකාවේ පොලීසිය. මට හරි ආඩම්බරයි මගේ රට ගැන. (නදී)

:       0       0

රිස්වාන් ඩුබාඊ Thursday, 25 April 2013 12:11 PM

ඇයි මේ රටේ හැම වෙලාවකම දුප්පතාගේම බඩට ගහන්නේ? මල් ටිකක්වත් විකුනගෙන ජීවත් වෙන්න ඉඩදෙන්නකෝ. (නි)

:       0       0

අමල් Saturday, 27 April 2013 10:30 AM

මේ මල් විකිනීමත් අපරාදයක්ද? (ස)

:       0       0

කෙලුම් Friday, 26 April 2013 07:12 AM

නැහැ... නැහැ.... මේ පුජාකරන මල්. පොලිස් මහත්තුරු වැරදිලා අල්ලලා තියෙන්නේ, වෙන මල් ජාතියක් කියලා හිතලා. (නි)

:       0       0

රංගි Thursday, 25 April 2013 06:04 PM

පැයෙන් පැයට, හන්දිවල් ,පාරවල් ,මාරුකරමින් හැන්දෑවට වාහන වලින් එයාල බොරු වැරදි පෙන්නලා දඩ කොළ ලියල සල්ලි ගන්නවා. මම ලංකාවේ උන්නනම් අපේ ගමේම මිනිස්සු ටික එක්කන් කළුතරට යනවා මල් ගෝනි ටිකකුත් අරන් පාරේ දිගටම මල්කඩ ටිකක් දාගෙන නොමිලේ ජනතාවට පෝයට මල් සපයන්න. පොලිසිය මොකද කරන්නේ බලන්න. ඔය මිනිස්සුන්ට ඕව හරියන්නෑ. දේශපාලකයොත් එක්කම දීගකන පොලිසියට මග මරුවගේම පිහිටයි.(නදී)

:       0       0

ජ.හේරත් Thursday, 25 April 2013 06:05 PM

8 පාස් පොලිසියේ අයට බුද්ධියෙන් යමක් දිහා බලන්න බැහැනේ. ගහපන් කීවොත් ගැහුවා. කාපන් කීවොත් කෑවා. මරපන් කීවොත් මැරුවා.(නදී)

:       0       0

කල්ප Thursday, 25 April 2013 12:22 PM

දේශපාලනයට සම්බන්ධ කෙනෙක් ළඟදීම කොන්තරක් එක ගන්න බලන් ඇති මල් විකුනන්න ..... මට නම් හිතෙන්නේ එහෙමයි (නි)

:       0       0

ලලිත් ප්‍රේමලාල් Thursday, 25 April 2013 06:14 PM

මේ නීති හදන නායකයන්ට චන්දෙ දීපු අපටයි හෙණ ගහන්න ඕනා. මිනීමරන ඇමතිලා ඉඩම් අල්ලගන්න ඇමතිලා කුඩු ඇමතිලා ගණිකා නිවාස ,,මේවට පොලිසි නැහැ අහිංසක මනුස්සයෙක් සාදාරනෙට ජීවත් උනහම කූඩුවේ. අනේ අනිච්චන්.(නදී)

:       0       0

ගාමිණී Thursday, 25 April 2013 06:15 PM

අරයට රුපියල් පනස්දාහක් දීලා එලිය‍ට දෙම්මේ. මේ අහිංසතයින්ට රුපියල් ලක්ෂයක් ඇප දීලයි යවන්නේ මේකද බෞද්ධ කම.(නදී)

:       0       0

අනුර Thursday, 25 April 2013 12:23 PM

පොලිසිය වැඩකිඩ දාන්නේ අහිංසක අසරණයන්ට පමණයි. ලොකු ලොකු බලපුලුවන්කාරයෝ දැක්කම පොලිසිය අහක බලනවා (නි)

:       0       0

සංජීව Friday, 26 April 2013 08:14 AM

දැන් පොලිසියේ ඉන්නේ මාර වීරයෝ සෙට් එකක් මල් විකිණීම දරුණු අපරාදයක්. තමන්ගේ ජීවිතයට එල්ලවෙන මරණීය තර්ජන ගැන නොසලකා මල් විකුනපු අපරාදකාරයෝ අත් අඩංගුවට ගැනීම පැසසුමට ලක්විය යුතුයි.(නදී)

:       0       0

සම්පත් Tuesday, 30 April 2013 11:02 AM

මෙවැනි බුද්ධිමතුන්ගෙන් මුළු මහත් පොලිස් සේවයම පිරි පැවතීම සතුට දනවන කරුණකි. (නි)

:       0       0

අමිත් Thursday, 25 April 2013 12:26 PM

අයියෝ පවු! (නි)

:       0       0

වරුණ Friday, 26 April 2013 08:16 AM

අර දරුවට කිරි දෙන ගමන් අම්මා මල් විකුනන්නේ කෑම වේලක් කන්න මලක් දෙකක් විකුනලා. අනේ ඇත්තට මේ පොලිස් නිලධාරීන්ට ඒක නොතේරෙන හැටි.(නදී)

:       0       0

ෂෙරිෆ් Thursday, 25 April 2013 06:31 PM

වර්තමාන රජයට මුදල් නැති නිසා කාව හරි අත්අඩංගුවට අරන් බොරු චෝදනාවක් ගොතල අධිකරණයට ඉදිරිපත් කරලා දඩයක් අයකරගන්නවා. මල් විකිණීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදකි. අහෝ ලක් මෑණියනි ඔබ මේ දුක කෙසේ දරාගන්නේද?(නදී)

:       0       0

චන්ද්‍ර Sunday, 28 April 2013 01:40 AM

පොලිසියේ ලොක්කන්ට මෙම තීරුව තැපැල් කරන්න. ඔවුන් මේවා බලන්නෙ නැහැනේ. (නි)

:       0       0

චම්න්ද Thursday, 25 April 2013 06:37 PM

පොලිසියට පුළුවන් අහිංසකයන්ට නඩු දණ්ඩ විතරයි. උන් දේශපාලුවන්ගේ කකුල් ලේවකාගෙන ජීවත් වෙනවා.(නදී)

:       0       0

ඩයස් Thursday, 25 April 2013 12:38 PM

නීතිය අපේ රටේ කාටත් පොදුයි. (නි)

:       0       0

දේව් Thursday, 25 April 2013 06:37 PM

හැම දේටම ක්‍රම සහ විධි තියෙනවා නේද දුප්පත් උනත් ? අපට දකිනකොට අනේ අපොයි කියල හිතෙනවා . ඒ උනාට එහෙම නොකලොත් මිනිස්සු හැදෙන්නෙත් නැහැනේ . (නදී)

:       0       0

සරත්චන්ද්‍ර Thursday, 25 April 2013 12:41 PM

මේ අහිංසක මිනිස්සුන්ව නිදහස් කරලා මහජනයාට ලොකුම වංචාව කරන හොරුන්ව අල්ලලා පුලුවන් නම් නඩු දාලා උපරිම දඩුවම් දෙන්නකෝ. (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 28 April 2013 01:52 AM

මල් ?? (නි)

:       0       0

තුසිත් ලියනගේ Thursday, 25 April 2013 06:45 PM

ඇයි පොලිසිය මේ වගේ අපරාද කරන්නේ අහිංසක මිනිස්සු පව්. මගේ කනගාටුව පොලිසිය වෙත.(නදී)

:       0       0

හේවාවිතාරණ Sunday, 28 April 2013 01:57 AM

මාධ්‍යට අපි මල් පුදන්න ඕනෑ මේවා මහජනයාට දැකගන්න ඉඩ සලස්වන එක ගැන (නි)

:       0       0

සමීර්-කුවෙට් Thursday, 25 April 2013 06:48 PM

පොලිසියේ මහත්වරුනි. අල්ලපු මල් බුදුන්ට පුදලා කල පව් ගෙවලා එළියේ ඉන්න වල් පල් හොරු ඇල්ලන්න.(නදී)

:       0       0

සුමී Thursday, 25 April 2013 06:48 PM

මල් නැන්දා ඇතුලේ කුඩු කාරයෝ එළියේ .අනේ මෙහෙම පොලිස් කාරයෝ .වෙන්නප්පුවේ කුඩු කාරයෝ නිකම්ම එලියට අවේ කොහොමද පොලිස් මාමේ .(නදී)

:       0       0

දිනේෂ් Thursday, 25 April 2013 06:56 PM

අනේ පව්! අසරණයෝ. ලොකු මිනිස්සු මෙච්චර වැරදි වැඩ කරනවා. මේ අසරණයන්ට විතරක් වද දෙනවා. රටට සහ නීතියට ගිය කලක්. අසරණයන්ට හොඳක්ම සිද්ධ වේවා .(නදී)

:       0       0

අරවින්ද Friday, 26 April 2013 09:21 AM

ලංකාවේ ජීවත් වෙන්න බැහැ. නිතිය අහිංසකයට විතරයි ඇත්තටම අපි මේ රටේ ඉපදිලා තියෙන්නේ පුරුවේ කරුමෙකට. (නදී)

:       0       0

කළුතර සම්පත් Thursday, 25 April 2013 07:03 PM

දැන් කළුතර පොලිසියේ කට්ටිය වැරදි වැඩ කරන අය ඔක්කොම නිවැරදි මාර්ගයට අරගෙන ඉවරයි. දැන් තියෙනේ ඔය මල් විකුණන අයගේ ප්‍රශ්නේ විතරයි විසදන්න. එකයි පෝය නොබලා අල්ල ගත්තේ. මාස ගානක් ප්ලෑන් කරලා තමයි ඇල්ලුවේ. එක නිසා පවුනේ පොලිසියට බනින්න එපා.(නදී)

:       0       0

සිසිර Thursday, 25 April 2013 12:53 PM

අහෝ! ශ්‍රී ලංකාවේ පොලීසිය (නි)

:       0       0

මදූ - පැරිස් Friday, 26 April 2013 09:39 AM

ඇත්තටම අපේ ලංකාවට මෙහෙම පොලිසියක් මොකටද?(නදී)

:       0       0

කෙවින් Thursday, 25 April 2013 07:09 PM

මේ අහිංසත මල් විකුණන දුප්පත් මිනිස්සුන්ට පාර්ට් එක දන පොලිසිය කුඩු මුදලාලිලා දැක්කහම පන බයේ වෙව්ලනවා.(නදී)

:       0       0

දිසානායක Saturday, 27 April 2013 11:20 AM

කලුතර නගරයේ සහ අවට ගම්මාන වල සියලුම දුෂණ, අකටයුතුකම්, මැරකම් නතර කිරීමට කලුතර පොලිසිය කටයුතු කර අවසන්. දැනට පවතින ප්‍රධානම ප්‍රශ්නය නම් කලුතර බෝධිය අවට මල් විකිනිමයි. ඒ සදහා පොලිස් සුනඛයන් සහ විශේෂ පුහුණුව ලත් නිළධාරීන් යෙදවීමට අප තීරණය කර ඇත. (නි)

:       0       0

මධූ Thursday, 25 April 2013 01:03 PM

දුෂකයෝ එළියේ .. බුදුන්ට පුජා කරන මල් විකුණන අහිංසකයෝ ඇතුලේ !! (නි)

:       0       0

චුන්ද්‍රසිරි Thursday, 25 April 2013 07:18 PM

හොරෙක් අල්ලන බැරි එකේ අහිංසකයෙක් වත් අල්ලලා රාජකාරිය ඉෂ්ට කරන්න ඕනනේ.(නදී)

:       0       0

අශෝක Friday, 26 April 2013 09:59 AM

පොලිසියත් මොනවා හරි කොරන්න එපායැ (නි)

:       0       0

මුතුකුඩ Thursday, 25 April 2013 07:30 PM

දැන් පොලිසියත් මල් කඩන්න පුරුදු වෙලා. එක සැරයක් කුණු කේස් එකකට ගෑනියෙක් අල්ලගෙන දගර නැටුම් දැම්මා. පොලිසියටත් ගිය කලක්. මේවට හූ තමයි කියන්න ඕනේ.(නදී)

:       0       0

නිරේෂා Friday, 26 April 2013 10:14 AM

මේ අහිංසක දරු පැටියගෙ බඩ පුරවන්න ඔය මලින් ලැබෙන මුදල. ඇයි මීට වැඩිය වැරදි කරන මිනිස්සු නැද්ද?(නදී)

:       0       0

ප්‍රසාද් Thursday, 25 April 2013 07:47 PM

අනේ පොලිසිය ලැජ්ජයි. ඇයි දුප්පතුන්ව පාගන්නේ.(නදී)

:       0       0

සේන Friday, 26 April 2013 10:18 AM

මිනිස්සු ජිවත් වෙන්නේ මේ දේ කරලා නේද (දී)

:       0       0

ශාන්තලාල් Thursday, 25 April 2013 07:53 PM

දෙවියන්ගේ නාමයෙන් මේ අසරණයින් නිදහස් කන්න. මල් අරගෙන පූජා කරපු අයට දඩුවම් දීලා ඔයාලා අපාගතවෙන්න.(නදී)

:       0       0

හේරත් Friday, 26 April 2013 10:28 AM

පොලිස්පති තුමා ලංකාදීප ඔන් ලයින් බලනවානම් මේ අදහස් දැක්කහම තමන්ගේ දෙපර්තමේන්තුව ගැන හොදම නිගමනයකට එන්න පුළුවන් .(නදී)

:       0       0

රොහික Thursday, 25 April 2013 07:55 PM

ඉතා දුක්බර පුවතක්. අහන්නත් කනගාටුයි.(නදී)

:       0       0

මාධව Thursday, 25 April 2013 01:27 PM

මල් විකුණුව එකනේ වරද. ඔන්න කුඩු විකුණුවා නම් මොනවවත් නැහැ . (නි)

:       0       0

හිරාන් Friday, 26 April 2013 10:39 AM

ඔව් කරදරකාරයින්ව නම් අල්ලා ගත්තට කමක් නෑ. අපි ශ්‍රී මහ බෝදියටත් ගියාම දවසක් මල් අපේ ඇගේම ගැහුවා. ඊට පස්සේ කාගෙන්වත් මල් ගන්නැතුව හිස් අතින්ම ගියේ ඇතුලට. (නදී)

:       0       0

රොෂාන් Thursday, 25 April 2013 08:05 PM

ඔය මිනිස්සුන්ටත් මල් විකුනන්න තැනක් හදල දුන්නා නම් නරක නැද්ද?(නදී)

:       0       0

නීල් Thursday, 25 April 2013 08:07 PM

බස්රථවල යන මගීන්ට හිරිහැර වන ලෙස වෙලදාම් කළහැකිනම් පදිකයන්ට කරදරයක් වනසේ වෙලන්දාම් කල නොහැක්කේ ඇයි?(නදී)

:       0       0

රුවන් Friday, 26 April 2013 10:56 AM

ශ්‍රී ලංකා පොලිසියේ ම්හත්තුරු ටික මේ වගේ අහිංසක මිනිසුන්ට තමා නීතිය හරියටම කරන්නේ. මිනිමරුන්ට, වංචාකාරයන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

අජන්ත Thursday, 25 April 2013 08:15 PM

අනේ දෙවියනේ !!! අපේ රටට උන වියෝයා.(නදී)

:       0       0

ගාමිණී Thursday, 25 April 2013 08:23 PM

මහා මාර්ග අයිනේ ඇති සියළුම බෝධීන් වහන්සේලා රෝපණය කරන ලද්දේ එදා අනගාරික ධර්මපාල තුමා. මින් ප්‍රධාන තැනක් ගන්නවා පිට කොටුව ,මාතර, කළුතර බෝධිය. මේවාට භාරකාර මණ්ඩල තියෙනවා. දිනපතා මොන තරම් පඬුරු වැටෙනවද? පිටකොටුව බෝධි කාර්යමණ්ඩලය ආගමික සේවාවත් ඉටුකරමින් වාර්ෂික වෙසක් තොරණක් හෝ ඉදි කරනවා. කලුතර භෝධි භාරකාර මණ්ඩලයට යුතුකමක් තියෙනවා ලැබෙන මුදල වලින් තෝරාගත් මල් අම්මලට නිවසක් හදා දීලා , මල් විකුනන්න එපානම් ස්වයන් රැකියාවන්ට පිවිසීමේ මාර්ගයක් හද දෙන්න. පොලිසියට බාර නොදී. බුද්ධ සාසන අමාත්‍යංශය මේවයින් ලැබෙන මුදල් වලින් භාරකාර මණ්ඩල මගින් උතුරු,නෙගෙනහිර , පුරාණ රජමහ විහාර නගා සිටුවීමට කඩිනම් පියවරක් ගන්නේ නම් ඉතා කාලෝචිතයි.(නදී)

:       0       0

සමන් Thursday, 25 April 2013 08:38 PM

අනේ අපොයි දෙය්යනේ මොකද්ද මේ වෙන්නේ? කොහෙද අපි ඉන්නේ. මොනනතරම් හොරකම්, දුෂණ,වංචා, මගඩි මේ බුදුන් වැඩිය දිවයිනේ සිද්ද වෙනවද? ඔක්කොට හපන් තෝරු, මෝරු නීතියේ හිල් වෙච්ච දැලෙන් රිංගල යන හැටි. බලන්න පොඩි ළමයකුට පවා තේරෙනවනේ අවනීතිය රජ කරන හැටි. මලක් විකුණුවොත් කිතුල් මලක්. කැලුවොත් අල්ලලා නඩුදාලා අහිංසක මිනිහව පාගලම දානවා. මේ මල් විකුණලා කරන්නෙත් මේ අහිංසක පැටව් පෝෂණය කරන්න නේද ? කොහෙද දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉන්නේ. ඇස් පනාපිට කරන අසාරධාරණයට මේ අවිනීතිය ඇති කරපු මුන්ගේ පරම්පරා වලටත් එක්ක දඬුවම් දෙන්න. වෙන අපට කියන්න කෙනෙක් නැහැ.(නදී)

:       0       0

කාලිත් Thursday, 25 April 2013 08:45 PM

අහිංසක මිනිසුන්ට කරදර නොකරා නම් ඒ පොලිසිය ලංකාවේ පොලිසිය නෙමේ.(නදී)

:       0       0

සනත් Thursday, 25 April 2013 08:54 PM

එකත් එකටම මල් ලෑලි වලින් සල්ලි ලැබෙනවා ඇති.(නදී)

:       0       0

දිනූෂි Sunday, 28 April 2013 07:39 AM

මමත් පොලිස් නිලධාරියෙක්. හැබැයි ඔය කරලා තියෙන වැඩේ නම් අනුමත කරන්නෙ නැහැ. (නි)

:       0       0

ලංකාසිරි Thursday, 25 April 2013 01:58 PM

ඔතන අනිවාර්යයෙන්ම මල් කඩකාරයෙක් ඇති දේශපාලනයට සම්බන්ධ. (නි)

:       0       0

දුල්මිණී Monday, 29 April 2013 12:29 PM

මලක් විකුණලා ජීවත්වෙන අසරණයන්ට මෙහෙමනම් හොරමැර කම් කරන අයට කුමක් කළ යුතුද? (ස)

:       0       0

කුරුවිට Thursday, 25 April 2013 09:26 PM

පොලිසියට හිතිලා තියෙන්නේ සිගරට්වලට දාන්නේ මේ මල් කියලද?(නදී)

:       0       0

සරත් Thursday, 25 April 2013 09:31 PM

ප්‍රසිද්දියේ මිනිමරලා මතක නැහැ කියලා අද ලස්සනට නිදහස් වෙලා ඉන්නවා. අපේ රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්නේ පොඩිම එකාට.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 28 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 343 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 818 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 294 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 750 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 2127 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38488 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25341 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 907 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site