කළුතර ඓතිහාසික බෝධි රාජයා අසළ පදික වේදිකාවේදී අද (25) බක් පොහෝ දා මල් විකුණූ කාන්තාවක් හත් දෙනකු සහ පිරිමින් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව කළුතර පොලීසියේ පරිසර ඒකකය කියයි.
මල් විකිණීම සඳහා වෙන් කර ඇති අවසර ලත් කඩවල මිස පදික වේදිකාවේ මල් විකිණීම සපුරා තහනම් බව පොලීසිය පවසයි.
එහෙයින් මහජනයාට පීඩා වන අයුරින් මල් විකිණීම නිසා ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. ඔවුන්ට එරෙහිව අධිකරණයේ නඩු පවරන බව ද පොලීසිය කියයි.
මොවුන් වසර ගණනාවක් තිස්සේ බෝධිය අසළ තැන තැන මල් විකුණන අය බව කියති.
ජීවත්වීමට මගක් නැති නිසා මල් ටිකක් විකුණාගෙන දරු පවුල් රකින බව මල් විකුනන්නෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද පොහොය දින එන ආදායමෙන් කොපමණ දේවල් මේ කට්ටිය හිතල ඇත්ද ? මේ වරදට උසාවි දාන්න ඕනද?(නදී)
අපේ පොලිසිය මේ වගේ අහිංසක මිනිසුන්ට තමා නීතිය හරියටම කරන්නේ මිනිමරුන්ට, වංචා කාරයන්ට කිසිම ප්‍රස්නයක් නැහැ .(නදී)
කුඩු විකුනන ගංජා විකුනන අයව අල්ලගන්න බැරිවුණාම මේ විදියට මල් විකුණන අයව අල්ලනවා. (නි)
ඒ වගේ දහමින් හම්බකරන් කන මිනිස්සුන්ව තමයි පොලාසියට පෙන්නේ. ගෑනුන්ව රට යවන ඒජන්සිකාරයන්ව අල්ලන්නකෝ? මල් විකුණන එක වරදක්ද? ලංකාවට ගෙන ගහල තියෙන්නේ ඕකයි, හොද නරක දෙක වටහා ගෙන නෑ. නොදන්නා විදිහට එන්න රට විනාස වෙනකම්, දරුවන්ට රටක් නැහැ.(නදී)
මේ විදිහටම පොලිසියේ රාජකාරිය අනෙක් වැරදිකරුවන්ටත් ක්‍රියාත්මක විය යුතුයි. නැත්නම් පොලිස් දෙපාර්තමේතුව ගැන තියෙන පොඩි හරි විශ්වාසය නැතිවෙයි (නි)
අහිංසක මිනිස්සු විකුණලා තියන්නේ පුජා කරන මල්. ඔවුන්ට නඩු දානවා.... වෙන වෙන මල් ජාති කුඩු ජාති විකුණන ලොකු ලොකු කට්ටිය හොදට ඉන්නවා...... පොලිසිය හිතුවද දන්නේ නෑ මල් විකුණලා ලම්බෝගිනි ෆෙරාරි ගනී කියල........(නදී)
වැරැද්ද වැරැද්දම තමයි, ලොකු අය වැරදි කරන කොට පුළුවන් නම් අල්ලන්න, පොලීසියේ අය කොන්ද පණ සුජාත අය කියලා ඔප්පු කරන්න. දැන් හිතන් ඉන්න විදිය තේරෙන්න ඇතිනේද?(නදී)
අනේ ඇයි මේ අහිංසක මිනිස්සු උසාවි දාන්නේ? එයාලට හැමදාම ඔහොම මල් විකුණගන්න බැහැනේ පෝය දවසට මිසක්. ඒ මනුස්සයෝ හොරකම් නොකර, අරක්කු විකුනන්නේ නැතුව මල් විකුණන එකේ වරද මොකක්ද? ඊළඟට ඒ මිනිස්සු චේන් එකක් කැඩුවා කිව්වොත් පුදුම වෙන්න එපා. (නි)
කෝ මේ බල සේනාව, ඉටිපන්දන් හරි හුළු අතු අව්ලගෙන කොහෙවත් ගිහිල්ලද?(නදී)
මිනි මරල මංකොල්ල කල කි දෙනෙක් නිදැල්ලේ ඉන්නවද ඒ අය අල්ලගන්න බෑ අසරණයෝ මල් ටිකක් විකුණලා ජීවත් වෙන්න හදන එකට නඩු දාන්න හදනවා කළුතර බෝධීන් වහන්සේටවත් මේ අවනඩු පෙන්නේ නැද්ද? (නදී)
ශා කොපමණ විශිෂ්ඨ වීර ක්‍රියාවක් ද මේ කළුතර පොලිසියේ නිලධාරීන් කර තියෙන්නෙ ? අපි ළඟ දැනටමත් පොලිසිය ගැන ඇති ගෟරවය දෙගුණ තෙගුණ වෙලා උතුරලා යනවා. සාදු සාදු . මේ පුන් පොහෝ දවසේ මේ මෙහෙයුමට අන දුන් තුමා ඇතුළු සියලු වීරයන්ට මේ පින් බලෙන් ලබන ආත්මයෙත් ලංකාවේ පොලිසියේම රාජකාරි කරන්න ලැබේවා !(නදී)
පව් අසරණයෝ, ජනාධිපති තුමනි මේවා ගෙනත් හොයන්න.(නදී)
පොලිසියට කරන්න වෙන වැඩ නැතුවද ඔය වගේ අසරණ අයට වද දෙන වැඩකරන්නේ. රටේ මොන තරම් අපරාද වැඩ කරනවාද? (නදී) ්
පොලිස් කියන එකේ අළුත් තේරුම තමයි බලවතා ලග ඇකිලෙන දුබලයා ලග පිම්බෙන පගා මරුවා.(නදී)
ඒ අසරණ අහිංසකයෝ සුළු දෙයකට අත්අඩංගුවේ. ඔවුන්ගේ ළමා ලපටි මග බල ගෙන ඇති අම්මලා තාත්තලා එන තෙක් (නි)
මුළු රටම විනාශකරන දරුණු අපරාද කාරයෝ, කුඩු කාරයෝ, මංකොල්ලකාරයෝ, ඕනෑතරම් නිදෙල්ලේ ඉන්නවා. අසරණ මිනිහෙක් තමන්ගේ දරු පවුල රැකගන්න මල් ටිකක් විකිනුවම රටම විනාස වෙනවද?(න
මෙහෙම අසරණයන්ට විතරයි අපේ රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්නේ. දැන්වත් බුද්ධිමත් ඡනතාව මෙම රඡය යන මේ ඒකාංශික රැල්ල නැවැත්වීමට එකාවන්ව පෙළගැසිය යුතුයි. එසේ නොවුණොත් රටේ දුප්පත් මිනිසුන්ට සිදුවන්නේ දිවිනසාගැනීමටයි. (නි)
ශ්රී ලංකාවේ පොලීසිය. මට හරි ආඩම්බරයි මගේ රට ගැන. (නදී)
ඇයි මේ රටේ හැම වෙලාවකම දුප්පතාගේම බඩට ගහන්නේ? මල් ටිකක්වත් විකුනගෙන ජීවත් වෙන්න ඉඩදෙන්නකෝ. (නි)
දේශපාලනයට සම්බන්ධ කෙනෙක් ළඟදීම කොන්තරක් එක ගන්න බලන් ඇති මල් විකුනන්න ..... මට නම් හිතෙන්නේ එහෙමයි (නි)
පොලිසිය වැඩකිඩ දාන්නේ අහිංසක අසරණයන්ට පමණයි. ලොකු ලොකු බලපුලුවන්කාරයෝ දැක්කම පොලිසිය අහක බලනවා (නි)
අයියෝ පවු! (නි)
නීතිය අපේ රටේ කාටත් පොදුයි. (නි)
මේ අහිංසක මිනිස්සුන්ව නිදහස් කරලා මහජනයාට ලොකුම වංචාව කරන හොරුන්ව අල්ලලා පුලුවන් නම් නඩු දාලා උපරිම දඩුවම් දෙන්නකෝ. (නි)
අහෝ! ශ්‍රී ලංකාවේ පොලීසිය (නි)
දුෂකයෝ එළියේ .. බුදුන්ට පුජා කරන මල් විකුණන අහිංසකයෝ ඇතුලේ !! (නි)
මල් විකුණුව එකනේ වරද. ඔන්න කුඩු විකුණුවා නම් මොනවවත් නැහැ . (නි)
ඔතන අනිවාර්යයෙන්ම මල් කඩකාරයෙක් ඇති දේශපාලනයට සම්බන්ධ. (නි)
මේ මොන අපරාධයක්ද?අහිංසක මිනිහෙක්ට මලක් විකුණගෙනවත් ජීවත් වෙන්න දෙන්නෙ නැද්ද? (නි)
මේක කියවනකොට මට යකා නගිනවා.ඔය පොලිසිය ඇමති පුත්තුන්ට එරෙහිව කිසිම දෙයක් නොකරන්නේ මන්ද ? (නි)
නගරාධිපතිලගෙනුත් ගුටිකන මේ වගේ ජනහිතකාමී පොලිසියක් ලෝකේ වෙන කොහෙවත් නැතුව ඇති. (නි)
පොලිසියට නරකද මේ හොර දේවාල දාගෙන මිනිස්සුන්ව රවට්ටන කපුවන්ව අල්ලලා උසාවි දාන්න? භද්‍රකාලි දේවාල, හූනියන් දේවාල අටවාගත්තු හොරු කළුතර අවට මොන තරම් ඉන්නවද? (නි)
මේ අයට තියෙන්නේ හොරකම් කරලා, කුඩු විකුනලා, මාල කඩලා ජීවත් වෙන ගමන් දේශපාලකයෙකුට හේත්තු වෙන්න. එතකොට ශ්‍රී ලංකා පොලිසියෙන් අල්ලන්නේ නැහැ. එහෙමනේ අපේ රටේ නීති සකස් කරලා තියෙන්නේ. හරිම ආඩම්බරයි. (නි)
ඩයස් කොහේද ඉන්නේ. අනේ අපේ රටේ නීතිය. ඔය වගේ අසරණයන්ට තමා හරියටම ක්‍රියාත්මක වෙන්නේ. (නි)
පවු අසරණ අය. අපේ පොලිසියට පුලුවන් මේ වගේ අහිංසක අය හිරේට දාන්න තමයි. පුලුවන්නම් ගංඡා මල් විකුණන ඇමතිලා මන්ත්‍රීලා අල්ලන්නකෝ. අද වගේ පෝය දවසක මේ වගේ අහිංසකයන්ව ඇල්ලුවාට හොදක් වෙන්න එපා (නි)
පව් අසරණ දුප්පත් මිනිස්සු.. (නි)
මේක නීති විරෝධී නම් කරන්න තිබුනේ ඔවුන්ට විකල්ප තැන් ලබා දෙන එක. සාධාරන විදිහට සල්ලි හොයන එක වැරදිද ? මීට වඩා මිනිස්කමෙන් යුතුව පොලිසිය වැඩකළ යුතුයි. (නි)
මේවා අසාධාරණ වැඩ. (නි)
අද කළුතර නගරයේ කී දෙනෙක් පදික වේදිකාවේ බඩු විකුණනවද? අනේ ඇයි මේ අහිංසක මිනිස්සු ටික අල්ලා ගත්තේ? (නි)
මේ වගේ අහිංසක පවුලකටවත් එදා වේල හම්බ කරගෙන ඉන්න ඉඩ දෙන්නේ නැති රටක්ද මේ? (නි)
අහෝ! ශ්‍රී ලංකාවේ පොලීසිය (නි)
ජිවත්වෙන්න මේ අහිංසක මිනිස්සුන් මල් වික්කා කියලා මහා ලොකූ වරදක්ද....? අපරාධකාරයෝයි, කුඩු කාරයෝයි, මංකොල්ලකාරයෝයි නිදැල්ලේ ඕනෑ ඕනෑ ආකාරයට වැඩ පෙන්නනකොට මේ වගේ අහිංසකයින් මළක් විකූණූ එකද වරද..? මේ වගේ අහිංසකයින්ට මල් ටිකක්වත් විකුනගෙන ජීවත් වෙන්න ඉඩදෙන්න. (නි)
ඔය අවංක අභීත නිලධාරින්ල පුළුවන් ඇතිනේ ගිහින් අර යකඩ වරෙන්තු හොරාවත් අල්ලන්න. (නි)
ඩයස් ඉන්නේ ශ්‍රී ලංකාවේද? (නි)
පොලිසිය ගෑන කීමට ඇති අදහස් කුනුහරුප බැවින් මෙහි සටහන් නොකරමි.තවම බක් මහ නිසා අකුණු ගැන සැළකිලිමත් වෙන ලෙස ඔවුන්ගෙන් කාරුනිකව ඉල්ල සිටිමි (නි)
අනේ අපොයි! අහිංසක මිනුස්සුන්ට විතරයි නීතිය. (නි)
මල් කිව්වහම නොයෙක් මල් වර්ග තියෙනවනේ.පොලිසියේ අය පුරුදු කරලා තියෙන්නෙ මල් අල්ලන්නම තමා.කවුද දන්නේ මේවා තණමල්විල ඒවා කියලා සැක කරනවද කියලා. (නි)
පොලිසියේ අයගේ මෙවන් ක්‍රියා ගැන පුදුමයක් නැහැ (නි)
අපේ පොලිසියට තව කොච්චර නම් දේවල් තියෙනවද අල්ලගන්න? (නි)
මේවට තමා අපරාධ කියන්නේ. මේ මිනිස්සු අපරාධ කරලා නැහැ. ෂුවර් එකටම ඔතන ඇති මිනිස්සු දම්මලා මල් විකුණන ලොකු දේශපාළුවෙක්. මේවා දකින අහන අපියි පවුකාරයෝ. (නි)
පොලිසිය දන්නේ ඔය වගේ අහිංසක දුප්පතෙක් අල්ලලා නඩු දාන්න තමයි. මහා හොරුන්ට නිතියක් නැහැ. පොඩි එකාට පොලිස් පාට්,අනේද කියන්නේ? ඩයස් කියවන්නේ කොහේ පොලිසියක් ගැනද මන්දා? එතකොට ඔය යොහාන් කියා අදහස් දාන කෙනා හැම වෙලේම වලිගෙ පාගන් බලසේනාවක් ගැන අහනවා,අදාල දේ නෙමෙයි හිතේ තියෙන්නේ. (නි)
පොලිසියේ මහත්තුරුනේ, මිනිස්සුන්ගේ අමාරුකනුත් තේරුම් ගත්තොත් හොදයි මේ වගේ වෙලාවට (නි)
පොලිසියත් එක්ක කතාකරලා බැලුවෙ නැද්ද ගොඩින් බේරගන්න? (නි)
අහිංසක මිනිහෙකුට මල් ටිකක් විකුණලා ජීවත් වෙන්න බැරි රටක් මේක. (නි)
පොලිසිය මේ වගේ දේවල් නම් හොඳට කරාවී. (නි)
පිටරට වල සේවය කරන සියලුම ශ්‍රමිකයන්ගේ අප්‍රසාදය මෙසේ සටහන් කරමි (නි)
අද පින්බර පසළොස්වක පෝය දින මේවා දකිනකොට ඇත්තටම දුකයි. කරුණාවෙන් කරුණු පහදා දීලා නිදහස් කළා නම් ඔබතුමාලට බොහොම පින් සිදුවේවි කියා මට හිතෙනවා. (නි)
අනේ මගේ රටට ගිය කලක්! (නි)
ලොක්කන්ව මොන හොරකම කළත් මිනිමැරුවත් නිදහස්. මල් විකුණන අහිංසකයෝ හිරේට .... (නි)
නැතිද ළඟ පාතක ටෙලිෆොනේ බූත් එකක්. කෝල් එකක් දෙන්න. (නි)
එතකොට ඒ මිනිස්සු ජිවත් වෙන්නේ (දී)
මල් විකුණලා එදා වේල හොයාගන්න අය කුඩුවේ. මල් විකුණලා තරුණ පරපුර විනාශ කරන අය නිදැල්ලේ. (නි)
පොලිසිය හොඳ අහිංසක මිනිසුන්ගේ බඩේ පහර ගහන වෙලේ, යන්නකෝ අමතිවරුන්ගේ ගෙවල් වලට (නි)
අහිංසක මිනිස්සු කන්න ටිකක්වත් හොයාගන්නේ ඔය දේවල් වලින් (නි)
අනේ අපේ පොලිසියට කළුතර බෝ සමිදුන්ගේම පිහිටයි.... අත් අඩංගුවෙන් මිදිලා ආවට පස්සේ, ඔය අම්මලා, අයියලා, අක්කලා කුඩු වගේ දෙයක්වත් විකුණලා හම්බ කරගන්න පටන් ගත්තොත් හොදයි නේද? (නි)
පෝය දවසට ඔය මිනිස්සු මල් විකුනුවට අනෙක් අයට කරදරයක් නැහැනේ. ජනතාවට කරදර වෙන දේවල් කොතෙකුත් වෙද්දී පොලිසිය නොදැක්කා වගේ ඉන්නවා (නි)
මේ පුවත දැක්කට පස්සේ අද එසැන පුවත් නොබැලුවා නම් කියලා හිතුනා.අද උතුම් පෝය දවස නිසා මට හිතට දැනෙන දේ ලිවීම සුදුසු නැහැ.ඒ තරම්ම ශෝචනීයයි. (නි)
විකුණුවේ මල්නේ , කුඩු නෙමෙයිනේ... අනේ මෙහෙමත් ...? (නි)
පැයෙන් පැයට, හන්දිවල් ,පාරවල් ,මාරුකරමින් හැන්දෑවට වාහන වලින් එයාල බොරු වැරදි පෙන්නලා දඩ කොළ ලියල සල්ලි ගන්නවා. මම ලංකාවේ උන්නනම් අපේ ගමේම මිනිස්සු ටික එක්කන් කළුතරට යනවා මල් ගෝනි ටිකකුත් අරන් පාරේ දිගටම මල්කඩ ටිකක් දාගෙන නොමිලේ ජනතාවට පෝයට මල් සපයන්න. පොලිසිය මොකද කරන්නේ බලන්න. ඔය මිනිස්සුන්ට ඕව හරියන්නෑ. දේශපාලකයොත් එක්කම දීගකන පොලිසියට මග මරුවගේම පිහිටයි.(නදී)
8 පාස් පොලිසියේ අයට බුද්ධියෙන් යමක් දිහා බලන්න බැහැනේ. ගහපන් කීවොත් ගැහුවා. කාපන් කීවොත් කෑවා. මරපන් කීවොත් මැරුවා.(නදී)
මේ නීති හදන නායකයන්ට චන්දෙ දීපු අපටයි හෙණ ගහන්න ඕනා. මිනීමරන ඇමතිලා ඉඩම් අල්ලගන්න ඇමතිලා කුඩු ඇමතිලා ගණිකා නිවාස ,,මේවට පොලිසි නැහැ අහිංසක මනුස්සයෙක් සාදාරනෙට ජීවත් උනහම කූඩුවේ. අනේ අනිච්චන්.(නදී)
අරයට රුපියල් පනස්දාහක් දීලා එලියට දෙම්මේ. මේ අහිංසතයින්ට රුපියල් ලක්ෂයක් ඇප දීලයි යවන්නේ මේකද බෞද්ධ කම.(නදී)
වර්තමාන රජයට මුදල් නැති නිසා කාව හරි අත්අඩංගුවට අරන් බොරු චෝදනාවක් ගොතල අධිකරණයට ඉදිරිපත් කරලා දඩයක් අයකරගන්නවා. මල් විකිණීම බරපතළ දඬුවම් ලැබිය හැකි වරදකි. අහෝ ලක් මෑණියනි ඔබ මේ දුක කෙසේ දරාගන්නේද?(නදී)
පොලිසියට පුළුවන් අහිංසකයන්ට නඩු දණ්ඩ විතරයි. උන් දේශපාලුවන්ගේ කකුල් ලේවකාගෙන ජීවත් වෙනවා.(නදී)
හැම දේටම ක්‍රම සහ විධි තියෙනවා නේද දුප්පත් උනත් ? අපට දකිනකොට අනේ අපොයි කියල හිතෙනවා . ඒ උනාට එහෙම නොකලොත් මිනිස්සු හැදෙන්නෙත් නැහැනේ . (නදී)
ඇයි පොලිසිය මේ වගේ අපරාද කරන්නේ අහිංසක මිනිස්සු පව්. මගේ කනගාටුව පොලිසිය වෙත.(නදී)
පොලිසියේ මහත්වරුනි. අල්ලපු මල් බුදුන්ට පුදලා කල පව් ගෙවලා එළියේ ඉන්න වල් පල් හොරු ඇල්ලන්න.(නදී)
මල් නැන්දා ඇතුලේ කුඩු කාරයෝ එළියේ .අනේ මෙහෙම පොලිස් කාරයෝ .වෙන්නප්පුවේ කුඩු කාරයෝ නිකම්ම එලියට අවේ කොහොමද පොලිස් මාමේ .(නදී)
අනේ පව්! අසරණයෝ. ලොකු මිනිස්සු මෙච්චර වැරදි වැඩ කරනවා. මේ අසරණයන්ට විතරක් වද දෙනවා. රටට සහ නීතියට ගිය කලක්. අසරණයන්ට හොඳක්ම සිද්ධ වේවා .(නදී)
දැන් කළුතර පොලිසියේ කට්ටිය වැරදි වැඩ කරන අය ඔක්කොම නිවැරදි මාර්ගයට අරගෙන ඉවරයි. දැන් තියෙනේ ඔය මල් විකුණන අයගේ ප්‍රශ්නේ විතරයි විසදන්න. එකයි පෝය නොබලා අල්ල ගත්තේ. මාස ගානක් ප්ලෑන් කරලා තමයි ඇල්ලුවේ. එක නිසා පවුනේ පොලිසියට බනින්න එපා.(නදී)
මේ අහිංසත මල් විකුණන දුප්පත් මිනිස්සුන්ට පාර්ට් එක දන පොලිසිය කුඩු මුදලාලිලා දැක්කහම පන බයේ වෙව්ලනවා.(නදී)
හොරෙක් අල්ලන බැරි එකේ අහිංසකයෙක් වත් අල්ලලා රාජකාරිය ඉෂ්ට කරන්න ඕනනේ.(නදී)
දැන් පොලිසියත් මල් කඩන්න පුරුදු වෙලා. එක සැරයක් කුණු කේස් එකකට ගෑනියෙක් අල්ලගෙන දගර නැටුම් දැම්මා. පොලිසියටත් ගිය කලක්. මේවට හූ තමයි කියන්න ඕනේ.(නදී)
අනේ පොලිසිය ලැජ්ජයි. ඇයි දුප්පතුන්ව පාගන්නේ.(නදී)
දෙවියන්ගේ නාමයෙන් මේ අසරණයින් නිදහස් කන්න. මල් අරගෙන පූජා කරපු අයට දඩුවම් දීලා ඔයාලා අපාගතවෙන්න.(නදී)
ඉතා දුක්බර පුවතක්. අහන්නත් කනගාටුයි.(නදී)
ඔය මිනිස්සුන්ටත් මල් විකුනන්න තැනක් හදල දුන්නා නම් නරක නැද්ද?(නදී)
බස්රථවල යන මගීන්ට හිරිහැර වන ලෙස වෙලදාම් කළහැකිනම් පදිකයන්ට කරදරයක් වනසේ වෙලන්දාම් කල නොහැක්කේ ඇයි?(නදී)
අනේ දෙවියනේ !!! අපේ රටට උන වියෝයා.(නදී)
මහා මාර්ග අයිනේ ඇති සියළුම බෝධීන් වහන්සේලා රෝපණය කරන ලද්දේ එදා අනගාරික ධර්මපාල තුමා. මින් ප්‍රධාන තැනක් ගන්නවා පිට කොටුව ,මාතර, කළුතර බෝධිය. මේවාට භාරකාර මණ්ඩල තියෙනවා. දිනපතා මොන තරම් පඬුරු වැටෙනවද? පිටකොටුව බෝධි කාර්යමණ්ඩලය ආගමික සේවාවත් ඉටුකරමින් වාර්ෂික වෙසක් තොරණක් හෝ ඉදි කරනවා. කලුතර භෝධි භාරකාර මණ්ඩලයට යුතුකමක් තියෙනවා ලැබෙන මුදල වලින් තෝරාගත් මල් අම්මලට නිවසක් හදා දීලා , මල් විකුනන්න එපානම් ස්වයන් රැකියාවන්ට පිවිසීමේ මාර්ගයක් හද දෙන්න. පොලිසියට බාර නොදී. බුද්ධ සාසන අමාත්‍යංශය මේවයින් ලැබෙන මුදල් වලින් භාරකාර මණ්ඩල මගින් උතුරු,නෙගෙනහිර , පුරාණ රජමහ විහාර නගා සිටුවීමට කඩිනම් පියවරක් ගන්නේ නම් ඉතා කාලෝචිතයි.(නදී)
අනේ අපොයි දෙය්යනේ මොකද්ද මේ වෙන්නේ? කොහෙද අපි ඉන්නේ. මොනනතරම් හොරකම්, දුෂණ,වංචා, මගඩි මේ බුදුන් වැඩිය දිවයිනේ සිද්ද වෙනවද? ඔක්කොට හපන් තෝරු, මෝරු නීතියේ හිල් වෙච්ච දැලෙන් රිංගල යන හැටි. බලන්න පොඩි ළමයකුට පවා තේරෙනවනේ අවනීතිය රජ කරන හැටි. මලක් විකුණුවොත් කිතුල් මලක්. කැලුවොත් අල්ලලා නඩුදාලා අහිංසක මිනිහව පාගලම දානවා. මේ මල් විකුණලා කරන්නෙත් මේ අහිංසක පැටව් පෝෂණය කරන්න නේද ? කොහෙද දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේ ඉන්නේ. ඇස් පනාපිට කරන අසාරධාරණයට මේ අවිනීතිය ඇති කරපු මුන්ගේ පරම්පරා වලටත් එක්ක දඬුවම් දෙන්න. වෙන අපට කියන්න කෙනෙක් නැහැ.(නදී)
අහිංසක මිනිසුන්ට කරදර නොකරා නම් ඒ පොලිසිය ලංකාවේ පොලිසිය නෙමේ.(නදී)
එකත් එකටම මල් ලෑලි වලින් සල්ලි ලැබෙනවා ඇති.(නදී)
පොලිසියට හිතිලා තියෙන්නේ සිගරට්වලට දාන්නේ මේ මල් කියලද?(නදී)
ප්‍රසිද්දියේ මිනිමරලා මතක නැහැ කියලා අද ලස්සනට නිදහස් වෙලා ඉන්නවා. අපේ රටේ නීතිය අකුරටම ක්‍රියාත්මක වෙන්නේ පොඩිම එකාට.(නදී)
පොලිසිය හිතුවද දන්නේ නැහැ අර තණමල්විල මල් කියලා.(නදී)
අනේ මේවට කියන්න දෙයක් නැ. අනුරාධගේ කතාව හරි. මිනි මරුවෝ දඩ නැතිව නිදහස් කල නීතිපතිතුමා පොලිසියට හූ කියලා ඒ කට්ටිය නිදොස් කොට නිදහස් කරාවී. මේක කරන්න උපදෙස් දුන්න නිලධාරියට දේව දඩුවම් ලැබෙවා. ඔය කට්ටිය කිරිවෙහෙර ටත් යයිද?(නදී)
රටේ ආස්චර්යට කැළලක් වෙන්න නීති තිබෙන්නේ අසරණ මිනිසුන්ටද ?(නදී)
කැසිනෝ, ගණිකා මඩම්, කුඩු තිප්පොලවල් ඒවා ලොකු අයගේ. ඒවා පේන්නේ නැහැ. දුප්පතා මලක් වික්කත් වැරදියි.(නදී)
ඩයස් මහත්තයෝ මොකක්ද රටේ නීතිය? කාගේද නීතිය ඔබ නිදගෙනද ඉන්නේ.(නදී)
පොලිසිය ධර්ම චක්කරේ යුකිපෝස් එකේ ගහගෙන අහිංසක මිනිස්සුන්ටම විනේ කටිනවා. සල්ලි තියෙනවනම් පේමන්ට් එකේ මල් විකුනන්න එන්නේ නැහැ. මේ වැඩේට දායක උන ඔක්කොම අපාගත වෙන්න පතනවා.(නදී)
අද පෝය දවස ලොකු පිනක් කරගන තියනවා ශ්‍රී ලංකා පොලිසියේ ම්හත්තුරු ටික.(නදී)
දකුණේ මෙහෙම කරනවානම් උතුරේ අහිංසක දෙමල ජනයාට කොහොමද?(නදී)
මල් වෙනුවට කුඩු විකුනුවනම් රාළහාමිලා සැලියුට් ගහනවා. (නදී)
කදුලු ගෑස් ගැහුවනම් ඉවරයි.(නදී)
අනේ පව් ඒ මිනිස්සු
එකනේ මේකට්ටිය පොලිසියට ගන්නේ , මොලේ තියනවානම් පොලිසියට ගනීද?(නදී)
අහිංසක මිනිස්සු නිකන්ම හොරු වෙන්නේ ඔය වගේ වැඩ වලින් තමයි. කෙනෙක්ගේ බඩගින්න දැනෙන්නේ නැත්තේ පන්සලක්,පල්ලියක්,ආගමක් නැති මිනිස්සුන්ට තමයි. (නි)
ලංකාවේ පොලිසිය හරි කැමැතියි මේ වගේ අසරණයන්ට නඩු දාන්න. දේශපාලකයෝ ළමයි දුෂණය කරන ඒවට, කුඩු විකුණන එකට , රජයේ සල්ලි වංචා කරන්නන්ට නඩු දාන්නකෝ. (නි)
පොලිසිය කරන්නේ මේ වගේ බලු වැඩ තමා . අර අපුරුවෙට පෝය දවෙසේ හොරෙන් සුරා ගන්ජ්ජා කුඩු ස්ත්‍රී ජාවාරරම් හොදට කෙරීගෙන යනවා. මොකද එයාලගෙන් ලැබෙන්න ඕන ගතමනවා ලැබෙනවනේ. මේ දුප්පත් මිනිස්සු ගාව ඒවා නැ නේ ඒකයි.(නදී)
මල් විකුවොත් පොලිසියෙන් අල්ලන අපේ රට. කුඩු විකුනුවොත් පොලිසියෙන් මල්මාල ද ?(නදී)
රාළහාමි, ඔයාලා නම් මල්. වැඩ නම් කෙහෙල්මල්. කන්නේ කම්මල්ද? (නි)
අර අනිත් "මල්" විකුණන අයනම් රජ සැප විදිනවා. ඒවා ගැන සිංදුත් හදනවා. තැලෙන යකඩේ දැක්කම ආචාරිය උඩ පැන පැන තලනවලු (නි)
පෝය දවසේ මල් විකුණන්නේ නැතිව කසිප්පු විකුණන්නද කියන්නේ? හොදට ඉන්න මිනිස්සුත් අපරාධකාරයෝ වෙනවා මේ වාගේ වැඩ කරන්න ගියොත්. පෝය දවස නිසාවත් අනුකම්පා කරන්න තිබුණා. පව් අසරණ මිනිස්සු. (නි)
මේ පොලිසියේ මහත්තයා කවුද පොඩි ළමයකුගේ චේන් එකක් කඩා ගත්ත කතාවක් නේද කියන්නේ. කළුතර පැත්තේ නම් ඉන්නවා රත්තරන් චේන් ගැන ප්‍රසිද්ධියක් උසුලන කෙනෙක්. හැබැයි, එයාව අත් අඩංගුවට ගන්න නම් බෑ, මේ කපේදී.(නදී)
අනේ ඔව්, අපි මේ අයට වැසි නැති දිනක හෙණ 14 ක් ප්‍රාර්ථනා කරමු නේද ? (නි)
නැහැ... නැහැ.... මේ පුජාකරන මල්. පොලිස් මහත්තුරු වැරදිලා අල්ලලා තියෙන්නේ, වෙන මල් ජාතියක් කියලා හිතලා. (නි)
දැන් පොලිසියේ ඉන්නේ මාර වීරයෝ සෙට් එකක් මල් විකිණීම දරුණු අපරාදයක්. තමන්ගේ ජීවිතයට එල්ලවෙන මරණීය තර්ජන ගැන නොසලකා මල් විකුනපු අපරාදකාරයෝ අත් අඩංගුවට ගැනීම පැසසුමට ලක්විය යුතුයි.(නදී)
අර දරුවට කිරි දෙන ගමන් අම්මා මල් විකුනන්නේ කෑම වේලක් කන්න මලක් දෙකක් විකුනලා. අනේ ඇත්තට මේ පොලිස් නිලධාරීන්ට ඒක නොතේරෙන හැටි.(නදී)
ලංකාවේ ජීවත් වෙන්න බැහැ. නිතිය අහිංසකයට විතරයි ඇත්තටම අපි මේ රටේ ඉපදිලා තියෙන්නේ පුරුවේ කරුමෙකට. (නදී)
ඇත්තටම අපේ ලංකාවට මෙහෙම පොලිසියක් මොකටද?(නදී)
පොලිසියත් මොනවා හරි කොරන්න එපායැ (නි)
මේ අහිංසක දරු පැටියගෙ බඩ පුරවන්න ඔය මලින් ලැබෙන මුදල. ඇයි මීට වැඩිය වැරදි කරන මිනිස්සු නැද්ද?(නදී)
මිනිස්සු ජිවත් වෙන්නේ මේ දේ කරලා නේද (දී)
පොලිස්පති තුමා ලංකාදීප ඔන් ලයින් බලනවානම් මේ අදහස් දැක්කහම තමන්ගේ දෙපර්තමේන්තුව ගැන හොදම නිගමනයකට එන්න පුළුවන් .(නදී)
ඔව් කරදරකාරයින්ව නම් අල්ලා ගත්තට කමක් නෑ. අපි ශ්‍රී මහ බෝදියටත් ගියාම දවසක් මල් අපේ ඇගේම ගැහුවා. ඊට පස්සේ කාගෙන්වත් මල් ගන්නැතුව හිස් අතින්ම ගියේ ඇතුලට. (නදී)
ශ්රී ලංකා පොලිසියේ ම්හත්තුරු ටික මේ වගේ අහිංසක මිනිසුන්ට තමා නීතිය හරියටම කරන්නේ. මිනිමරුන්ට, වංචාකාරයන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
පහත් තැනින් යයි ගලා ජලේ.... (නි)
මනෝ, මෙතන තියෙන්නේ සිංහලද දෙමළද කියන ප්‍රශ්නය නෙමෙයි. උතුරේ අහිංසක දෙමල ජනතාව ගැන කතා කරන ඔයා පුල්ලි තියන කෙනෙක් වගේ මට පෙනෙන්නේ නම්. (නි)
අනේ දෙයියනේ මෙහෙමත් අසාධාරණයක්? (නි)
මේ මල් විකිනීමත් අපරාදයක්ද? (ස)
කලුතර නගරයේ සහ අවට ගම්මාන වල සියලුම දුෂණ, අකටයුතුකම්, මැරකම් නතර කිරීමට කලුතර පොලිසිය කටයුතු කර අවසන්. දැනට පවතින ප්‍රධානම ප්‍රශ්නය නම් කලුතර බෝධිය අවට මල් විකිනිමයි. ඒ සදහා පොලිස් සුනඛයන් සහ විශේෂ පුහුණුව ලත් නිළධාරීන් යෙදවීමට අප තීරණය කර ඇත. (නි)
හොදක් නම් වෙන්න එපා මේ කරපු දේට (නි)
පොලිසියේ ලොක්කන්ට මෙම තීරුව තැපැල් කරන්න. ඔවුන් මේවා බලන්නෙ නැහැනේ. (නි)
මල් ?? (නි)
මාධ්‍යට අපි මල් පුදන්න ඕනෑ මේවා මහජනයාට දැකගන්න ඉඩ සලස්වන එක ගැන (නි)
මමත් පොලිස් නිලධාරියෙක්. හැබැයි ඔය කරලා තියෙන වැඩේ නම් අනුමත කරන්නෙ නැහැ. (නි)
මලක් විකුණලා ජීවත්වෙන අසරණයන්ට මෙහෙමනම් හොරමැර කම් කරන අයට කුමක් කළ යුතුද? (ස)
සිල් වලට බය පොලිසිය මොනවහරි අල්ලන්නත් එපාය මට මුවන්පැලැස්සේ කෝරලේ මහත්තය මතක් වෙනවා (ස)
මෙවැනි බුද්ධිමතුන්ගෙන් මුළු මහත් පොලිස් සේවයම පිරි පැවතීම සතුට දනවන කරුණකි. (නි)
පොලිසියටත් පුළුවං අහිංසකයන්ට දඩුවම් කරන්න තමයි.!(නු)
කළුතර පන්සලට මමත් යනවා සැමියා සමඟ. හරි ලස්සන තැනක්..(ස)
අනේ මේවා තමයි පොලිසියටත් කරන්න පුළුවං ලොකු දේවල් ඉතිං ...!( නු)