මුල්ගල් පැළවීමට ඉඩ නොදී කල්තියා සැලැසුම් සහිතව මුල්ගල් තබන්නැයි මහින්ද රාජපක්ෂ ජනපති ගාල්ල සංවර්ධන කමිටු රැස්වීමේදී කීවේය. රජයේ ඉඩම්වල බලයෙන් පදිංචිවන්නවුනට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද ජනපති කීවේය. වසා දැමුණු රජයේ පාසල් පාළු වන්නට ඉඩනොදී රජයේ වැඩකට යොදා ගන්නැයි ද ජනපති නිලධරයනට උපදෙස් දුන්නේය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තියපු මුල්ගල් වලට ගොඩනැගිලි හැදුවනම් මාරුවට තියෙයි (දී)
"මනෝ ඔවු ඉතිං. කම්කරු ප්‍රඥප්තියට මුල්ගල් නැහැනේ පැළ වෙන්න. නේද? " කාලෙකින් දැකපු හොඳම කමෙන්ට් එක ! (ස)
ඔවු ඉතිං. කම්කරු ප්‍රඥප්තියට මුල්ගල් නැහැනේ පැළ වෙන්න. නේද? (නි)
හදන පාරේ මුලත්, අගත්, මැදත් මුල්ගල් ! පාර පුරා මුල්ගල් ! අපොයි සල්ලි...........(නු)
කවුද අප්පේ ඔය තියන්න..!(නු)
එතකොට වියදම් කළ සල්ලි? කාලය? (නි)
එපා කිව්වට නොකරම ඉදියිද? මෙහෙම මිනිස්සු ඉන්නවානම් මේ රට හැදිල ගොඩක් කල්..!!(නු)
ප්‍රේමදාස ජනාධිපති තුමාගේ වෙනස මේකයි (දී)
දැන් කලේ මුල් ගල් හිටෝන එක විතරනේ තියෙන්නේ (දී)
ජනාදිපති තුමාගේ අදහස නම් හොදයි (දී)
ඔන්න හොද අදහසක් මත්තයෝ (දී)
එතකොට ගල්මුල් වදින්නෑ
ඔවු. ඇයි අපට බැරි ඒ රජයේ පාසල් ගොඩනැගිලි වල බන්ධනාගාර පිහිටුවන්න? (නි)
එක මුල්ගලක් තියන්න මුල්ගල් දහයක් විතර තියන සල්ලි නහස්ති කරනවා නේ, ඉතින් කොමද එතන ගොඩනැගිල්ලක් හදන්නේ ?(නු)
මේ කාලේ මුල්ගල් පැළවෙන්නේ නැහැ, පැළවෙන්නේ වල් පැළනේ. අනේ කාලේ වනේ වාසේ.?(නු)
මුල් ගල් නැතුව ගස් ටිකක් පැළ කළානම් ඉවරයිනේ. (නි)
මුල්ගල් තියෙන වැඩ වලින් වෙන්නේ කට්ටියක් ප්‍රසිද්ධ වෙනවා. තවත් කට්ටියකගේ සායම යනවා. එච්චරයි. (නි)
මේක එතුමාගේම කට්ටියට කිවුවා නම් නේද හොද? (නි)
ඉතිං අපට ඇති වැඩේ මොකක්ද? (නි)
ඉතිං අපිට කියලා වැඩක් නැහැනේ. මොකෝ අපි පැළ කරනවායැ ඕවා? (නි)
අපේ කාලේ නම් මුල්ගල් පැළවෙන්නේ නැහැ. පැළවෙන්නේ වල් පැළ. අනේ කාලේ වනේ වාසේ. (නි)
මුල්ගල් මුල් ඇද්දට සල්ලි ඉවරනෙ (අ)