IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට

(ටී.කේ.ජී.කපිල )

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව මාලදිවයින රාජ්‍යය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 291 දෙනෙකු අද (13) දහවල් , මාලේ නුවර සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම පිරිස මාලේ නුවර ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානයෙන් අද (13 )දින දහවල් 11.36 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

ඔවුන් මාලදිවයින තුළ රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකි.

ඔවුන් කටුනායක  ගුවන් තොටුපළ වෙත පැපැමිණීමෙන් පසුව , ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි .

එම පරීක්ෂණ වල ප්‍රතිඵල ලැබෙන තෙක් , මෙම ගුවන් මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළ අවට හෝටල් 04 ක තාවකාලිකව නවාතැන් ගැනීමට අවශ්‍ය පහසුකම් සළසා තිබුණි.

එසේ සිදු කළ පී.සී.ආර්.පරීක්ෂණ වල ප්‍රතිඵල අනුව මෙම ගුවන් මගීන් අතුරින් යම් පිරිසකට කොරෝනා වෛරසය ආසාදිත බවට අනාවරණය වී තිබුණහොත් , ඔවුන් අයි.ඩී.එච්.රෝහල වෙතත් , අනෙකුත් ගුවන් මගීන් පිරිස නීරෝධායන කටයුතු සදහා එම මධ්‍යස්ථාන වෙතත් යොමු කිරීමට නියමිතය .



අදහස් (3)

මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයන් පිරිසක් කටුනායක ගුවන් තොටුපළට

Pradeep Saturday, 13 June 2020 03:25 PM

කාට කාට හෝ නිවෙස් වලට යාමට ලැබීම සතුටට කරුණකි. නමුත් මව්රටට යෑමට දැඩි අවශ්‍යතා ඇති ගැබිනි මව්වරුන්, රැකියා සහ නවාතැන් අහිමි වූවන්, කාන්තාවන් ඇතුළු බොහෝ පිරිසක් තවමත් ඊට අවස්ථාව ලැබෙන තුරු බලාඉන්නා අතර කිසිම ක්‍රමවේදයකින් තොරව තානාපති කාර්යාල නිලධාරීන්ගේ හිතවතුන්ට මූලිකත්වය ලබාදෙමින් සිදුකරනා මේ පුද්ගලයන් තෝරා ගැනීම තරයේ හෙලා දකිමි. කරුණාකර දැඩි අවශ්‍යතා ඇති අයට මූලිකත්වය දෙන්න.

:       12       186

dilan Saturday, 13 June 2020 04:12 PM

ලාල් කාන්ත... මෙන්න ඇවිත් මේ මිනිසුන්ව භාරගනියෝ, දුන්නු පොර ටෝක් විදියට වැඩ පෙන්නපියෝ....!!!

:       154       22

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 14 June 2020 02:16 AM

පිටරටින් ගෙන්වන අය සියලු නිරෝධායන නීතිරීති වලට යටත්ව තබාගෙන, අවශ්‍ය අයට ප්‍රතිකාරද කොට සමාජයට මුදාහැරීම යහපත් දෙයක්... මෑතකදී බාහිර සමාජයෙන් ආසාධිතයන් හමුවුනේ නැහැ. එය ලොකු ප්‍රවණතාවක්. ඒත්, පරිස්සම තවදුරටත් තබාගැනීම ඉතාමත්ම වැදගත්... කෙසේ වෙතත්, තොණ්ඩමන් අවමඟුල හා පෙරටුගාමීන්ගේ වැඩේ නිසා රජය ලකුණු අඩුකර ගත්තා. අපට දේශපාලනයක් ගැන ඒ තරම් වැදගත් අවශ්‍යතාවක් නැහැ. ඒත්, රජයේ සිටින ඇතැම් දෙනා ළඟ සිතා වැඩ නොකොට දුරදිග බලා කටයුතු කළහොත්, ඔවුන්ට මහජන ප්‍රසාදය වැඩිවේවි. ඡන්ද වැඩිවේවි..

:       16       117

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා
2025 අප්‍රේල් මස 27 50 0

ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම


මහනුවර පිරිසිදු කළ නගර සභා කම්කරුවන්ට විශේෂ දළදා දැක්මක්
2025 අප්‍රේල් මස 27 501 0

මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත


ඉණිමඟකින් වැටී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 27 135 0

තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු


ආරුඪ වූ පීසී පාරේ වාහනවලට ගහලා
2025 අප්‍රේල් මස 27 348 0

දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව


මාලිමාවේ මැයි රැලිය ගෝල්ෆේස්
2025 අප්‍රේල් මස 27 387 0

ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.


හොරෙන් ගජමුතු විකුණන්න ගිය දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 27 165 0

රුපියල් ලක්ෂ 56 ක මුදලකට විකිණීම සඳහා රැගෙන ආ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනකු ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 900 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 394 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 553 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site