මිලානෝ නුවර ප්‍රසිද්ධ ශ්‍රි ලාංකික ආපන ශාලාවකට ගිය පාතාල සාමාජිකයකු බව කියන පුද්ගලයකු ඇතුළු පිරිසක් විස්කි බී ආහාර ගෙන බිල නොගෙවා ගොස් ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකාවේ සිට පැමිණි ගායකයකු ගායකයකු ද මේ පිරිස අතර සිටි බව කියති.
මිලානෝ නුවර ශ්‍රි ලාංකික වෙළදසැල් හිමිකරුවන්ට දිනෙන් දින පාතාල තර්ජනයන් සිදුවන බව බොහෝ පිරිස් පවසති.
ඒ ගැන තොරතුරු ඇතොත් ආරක්ෂක ආමාත්‍යංශයට දන්වන ලෙසත්, ඉන් පසු නිසි ක්‍රියාමාර්ගයක් ගත හැකි බවත් ආරක්ෂක අංශ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් මෙහෙ අවුරුදු 15 ක් තිස්සේ ජීවත්වෙන්නේ. මිලානෝ නගරයේ මම දැනුවත්ව තියෙන්නේ ශ්‍රී ලාංකික ව්‍යාපාර 15නටත් අඩු ප්‍රමාණයක්. වෙසක් පෝය දවසටවත් බොරු කියන්න එපා. හිත සන්සුන් බව ඇති වෙත්වා.(නදී)
ටික කාලයක් බලන්න ලංකාවෙන් නිසි පියවර ගන්නවද කියලා. නැත්නම් මේ අපරාධ කාරයාට කඩ දාගන්න මුදල් ලැබුන ක්‍රම සහ ඉතාලියේ පදිංචිවීමේ අවසරය ලැබුනේ කෙසේද යන්න සහ ලංකාවේ පොලිසියට අවශ්‍ය කෙනෙක් බව දන්වා අවශ්‍ය බලධාරීන් දැනුවත් කරන්න.(නදී)
පාතාලයාගේ සහ රත්තරන් මල්ලිගේ වීඩියෝ තිබේනම් යූ ටියුබ් දාන්න.(නදී)
හිකි හිකිස් මඩේ මඩ මේවා බලන අයටම හොඳයි.(නදී)
මෙම පාතාලයා වටේට ඉන්න අය ගැන තොරතුරු ඉතාලි පොලිසියට 112 හෝ 113 අංකවලට හෝ 'දීගොස්' නමැති මාෆියා මර්ධන ඒකකයට ලබා දෙන්න. ඒ අයගේ ගිණුම් වල මෙම පාතාලයාගේ මුදල් සහ ගනදෙනු විස්තර අනිවාර්යයෙන්ම තිබෙන්න පුළුවන්. ඉතුරු වැඩ ටික ඒ අය බල ගනියි.(අ)
නදුන්ගේ සල්ලි වලට තියෙන කෑදර කම නිසා රටක් වටිනා ලොකු මිනිසුන් දෙදෙනෙක් නැතිවුණා. එක්කෙනෙක් තමයි ස්ටැන්ලි තාබ්‍රෙව් මහත්තයා කියන බලපිටිය ප්‍රාදේශීය සභාවේ පළමු සහ හිටපු සභාපති. ස්ටැන්ලි තාබ්‍රෙව් මහතා කොස්ගොඩ වැදගත් පරම්පරාවක මිනිසෙක්. අනිත් එක්කෙනා තමයි නදුන්ගේ බිරිදගේ මල්ලි ටොරී ධනුෂ්ක . ස්ටැන්ලි මහතා සහ ටොරී මල්ලි සතුරාගේ වෙඩි පහරට ගොදුරු වෙන්න ලොකුම හේතුව තමයි නදුන්ගේ ඉවරයක් නැති සල්ලි තණ්හාව. එනිසා සතුරන් වැඩි වැඩියෙන් නදුන්ගේ පවුලට එකතු වුණා. නදුන් කොහොමහරි අම්බලන්ගොඩ ඝන්දිමති ජුවලර්ස් ගමේ අහිංසක කොල්ලොන්ට කියල කඩලා ගොඩක් සල්ලි අරන් සිංගප්පුරුවට පැනගත්තා. ඒ වගේම අවාසනාවන්ත අම්බලන්ගොඩ සිදුවීම නිසා අහිංසක පොලිසියේ මහත්වරු දෙදෙනෙක් දැන් සමුගත්තා. පසුව පොලිසියෙන් කොස්ගොඩ ගමේ අහිංසක අඩු වයස එකම පවුලේ අයියයි මල්ලියි මරල දැම්මා මංකොල්ලයට සම්බන්ද උන නිසා. ඒ සල්ලි වලින් තමයි නදුන් රට පැන්නේ. මම නම් කියන්නේ නදුන්ගේ දැන් දැන් හොදම කාලය ඇවිල්ලා. නදුන් ලංකාවේ හිර ගෙදරට ගියානම් ඒක නදුන්ට දිව්‍ය විමානයක්. ඕනෑම ඉතාලියේ හිරගෙවල් වල ඉන්නේ අප්‍රිකානු රටවල ඉන්න දරුණුම මිනිසුන්. ඉතින් නදුන් ඉතාලියේ හිර ගෙදර ගියොත් හිතේවි ලංකාවේ හිරගෙවල් මොනතරම් හොදද කියලා. නදුන් කියන්නේ තණ්හාව නිසා තම කරුමය ඉක්මනින්ම ගෙන්වා ගන්න මිනිහෙක්.(නදී)
මේ අපරාධකාරයා පිළිබඳව මෙපමණ තොරතුරු තිබෙද්දිත් ලංකාවේ ආරක්ෂක අමාත්යංශය, නීතිපති, පොලිස්පති තුමා නිහඬ මොකද? මේ ගොල්ල උත්සව වලට, විවෘත කිරීම් වලදී කතා පවත්වන කොට බෙරිහන් දෙන්නේ පාතාලය වීනාශ කරනවා කියලයි. අවශ්‍ය වන්නේ ඉතාලියට එක ෆැක්ස් එකක එවන්න පමණි. ලංකාදීප පාඨකයන් වන අපි මේ ගැන මග බලා සිටිමු.(නදී)
මිලනෝ වල ඔය කියන ප්‍රසිද්ද ආපනශාලවයි, ඒකට ගිහින් ණයට කාපු ප්‍රසිද්ද ගයකයාගේ නම ලියන්න... අනේ මේ ලංකවේ ප්‍රසිද්ද ජන්ප්‍රිය අය මෙහෙ ඇවිත් කරන දේවල් ලංකාවේ ඒ අයගේ පවුල්වල අය දන්නවනම්...... කරුනාකර චන්ඩි අමතක කරන්න... එයාලගෙන් යැපෙන නිවටයන් රටට හෙලිකරන්න...(අ).
පත්තර මහත්වරුනි, මිලනෝ වල ඔය කියන ප්‍රසිද්ද ආපන ශාලවයි, ඒකට ගිහින් නයට කාපු ප්‍රසිද්ද ගයකයාගේ නම ලියන්න. අනේ මේ ලංකාවේ ප්‍රසිද්ද ජන්ප්‍රිය අය මෙහෙ ඇවිත් කරන දෙවල් ලංකාවේ ඒ අයගේ පවුල්වල අය දන්නවනම්. කරුනාකර චන්ඩි අමතක කරන්න. එයලගෙන් යැපෙන නිවටයින්ව රටට හෙලිකරන්න.(නදී)
. වෙසක් පෝය දවසේ වත් බොරු කියන්න එපා.(අ)
මොහු පින් වැඩ කියල කරන්නේ බලෙන් කෑම ගෙන්නවාගෙන දන්සල් දාන එකයි. ඉස්සර නොමිලේ දන්සලට කෑම දුන්න හෝටල් දැන් දෙන එක දෙන්නෙත් හිත තැවුලෙන් බලෙන් ඉල්ලන නිසා.(නදී)
මට හිතාගන්න බැරි ඇයි මේ වගේ අය පොලිසියට අල්ලලා දෙන්නේ නැත්තේ කියලා.(නදී)
මිලානෝ වල ඉන්න පාතාලයයි කියා ගන්නා අය අතරින් කරදර කාරයෝ තමයි බෝපගේ ප්‍රදීප් සහ රුක්මන් කොට කුමාර. මේ දෙන්නගෙම හොඳ ගෝලයා තමයි මෙගා අජිත්. ඊට අමතරව කොස්ගොඩ නදුන්, ෆ්ලැට් ගාමිනී, ෆියට් කියන අයත් ඉන්නවා. මේ ප්‍රදීප්, කොට කුමාර, මෙගා අජිත් කියන අය තමයි ලංකාරාමයටත් ඇවිලා විශාල කලබැගෑනියක් කලේ. මේ අය මිලානෝ නගරයේ ශ්‍රී ලංකාවාසීන්ට හරිම කරදරයක්. මේ අයගේ කරදරය නවත්වන්න රජය මැදිහත් වෙන්න.(නදී)
බොරු කියන්න එපා. මේ මම ගාල්ලේ රිච්මන්ඩ් එකෙන් උසස් අධ්‍යාපනය ලැබුවේ. පරම්පරාවේ ගුවන් නියමුවෝ, වෛද්‍යවරු ඉන්නවා. එකම සහෝදරයා උතුරු යුරෝපයේ පුරවැසියෙක්. ඒකයි හැමදේටම ආරාධනා ලැබෙන්නේ. දැන් ගොඩක් පිනට බර වෙලා ඉන්නේ.(නදී)
ඇත්තටම නදුන්ගේ හොද වැඩත් තියෙනවා. නමුත් හොද වැඩ වලට වඩා නරක වැඩියි. මම දැන් ඉන්නේ ඉතාලියේ උනත් නදුන් එක්ක අවුරුදු ගානක් සිංගප්පුරුවේ හිටියා. ඉතින් එයා ගැන ගොඩක් දේවල් දන්නා නිසයි මෙහෙම ලියන්නේ. ඇත්තටම නදුන්ට හතුරෝ බෝවෙන්න එක හේතුවක් තියෙනවා. නදුන් කොච්චර සල්ලි ඇත ගෑවත් සල්ලි වලට හරි කැදරයි. නදුන් ඉතාලි එන්න ඉස්සෙල්ලා කොස්ගොඩ, බලපිටිය, අහුන්ගල්ල අම්බලන්ගොඩ ගොඩක් මිනී මැරුවා. ඉතින් ඒ සදහා විශේෂයෙන් ආමී මල්ලි, මෙන්ඩිස් මල්ලි වගේ ලංකාවේ ගොඩක් නම ගිය පාතාලේ අයගෙනුත් උදවු ගත්තා. නමුත් නදුන්ට එක තැනකදී වැරදුණා. ඒකයි නදුන්ට මෙච්චර හතුරෝ ඉන්නේ. උදාහරණයක් ලෙස නදුන් ඉහත සදහන් ප්‍රදේශ වල මිනිහෙක් මැරුවොත් රුපියල් ලක්ෂ 25ක් හම්බවුනා. නමුත් නදුන් ඒ මිනිය මරපු කෙනාට දුන්නේ රුපියල් 25000ක් විතර පොඩි මුදලක්. ඉතින් අනිත් කෙනා නදුන්ට විරුද්දව සටන් කරන්න පටන්ගත්තා. නදුන් කරපු ලොකුම පවුකාර වැඩේනම් කාන්තාවෝ කිරි බොන කුඩා දරුවන් පවා සල්ලි වෙනුවෙන් මරා දැමීමයි. එකයි අද නදුන්ට කර්මය මේ තරම් පඩිසන් දෙන්නේ. මේ උතුම් වෙසක් කාලයයි. ඉතින් බුදුන් කිව්වේ අවි ගත්තෝ අවියෙන්ම නැසෙන සුළුයි කියලයි. බුදුන්ගේ ධර්මය අනුව නම් නදුන් දැන් මොනතරම් පන්සලේ වැඩ පින් කරත් වැඩක් නැහැ. නදුන් කල පවු ඔහු පසුපස ගමන් කරනවා. හරියට හරකා පිටු පස එන කරත්ත රෝද දෙක වගෙයි. අවසානයක් නැහැ. "මනෝ පුබ්බ්ංග මා ධම්මා - මනෝ සෙට්ටා මනෝ මයා මනසා සේ පදුට්ටෙන - භාසැති වා කරෝති වා" මේක තමයි බුදුදහම කියන්නේ. නදුන් දැන් මොන පන්සලට ගියත් මොන පින කලත් වැඩක් නැහැ ඔහුගේ කර්මය ලියවිලා ඉවරයි. නදුන් තව කරන එක වරදක් තමයි නදුන්ගේ අසරණ අම්ම ලංකාවේ දුක්විදිනවා. අම්මට නොසැලකීම. අම්මා අම්බලන්ගොඩ මාදම්පේ නිවසේ තනිව දුකසේ කාලය ගත කරයි. නදුන් කරන නරක වැඩ නිසා නදුන්ගේ අම්මා සමාජයෙන් හරියට බැනුම් ඇහුවා. නදුන් ගැන ලියනවා නම් පොත් 10ක් ලියන්න පුළුවන්. එයින් එක පොතක් හොද ලියනවා නම් අනිත් පොත් 9 ලියන්න වෙන්නේ නදුන්ගේ වැරදි ගැනයි. මෙය කියවූ ඔබ සැමට තෙරුවන් සරණයි.(නදී)
ඔබට අවශ්‍යනම් නදුන්ගේ ෆොටෝස් කරුණාකරලා මට ඊ මේල් ලිපිනය එවන්න. අපි නදුන්ගේ ෆොටෝස් ටිකක් දාමු පත්තරේ. ඒකත් හොදයිනේ.(නදී)
මෙම කාර්යයේදී විශේෂයෙන් අප ලංකාදීප පුවත්පතට ස්තූතිවන්ත වන අතර ශ්‍රීලංකා ආරක්ෂක බලධාරීන්ට අවශ්‍ය මෙම පාතාලයා ගැන අවශ්‍ය කටයුතු නොපමාව කෙරෙයි යයි අප බලාපොරොත්තු වෙනවා.(අ)
සිල්වා මහත්තයවත් ගියාද දන්නේ නෑ මිලානෝ පැත්තේ!(නදී)
මේ අය වෙනුවෙන් තොරණක් හදල පින්තුර වෙබ් එකෙන් ප්‍රසිද්ද කොරන්න. ලෝකේ හැම දෙනාටම දැන ගන්න. බොහොම පින් සිද්ද වෙන වැඩක්(අ).
එදා ඇමැත්තෙක් ගියා අවුරුදු උත්සවේ විවිර්ත කරන්න.මන් මෙතන කොමෙටුවක් දැම්ම දෙසපලකයෝ අවුරුදු උත්සවේකට වත් නැතිව බැරිද කියල.මට ගැහුවේ ඔය ඉතාලි ඉන්න අපේ අය වට කරලා. මන් ඒ නම් ආයේ ලියන්නේ නැහැ..... (ස)
මෙම පාතාල ග්‍රහයා වටේට අනුන්ට රැස්පොට් පෙන්නන උපග්‍රහයෝ විස්සක් පමණ කැරකෙනවා. ඔවුන්ව නඩත්තු කිරීමට දිනකට හරකෙක්ගේ පමණ බයිට්ම අවශ්‍ය වෙනවා. (නි)
අවන්හල් හිමියාගෙන් වෙනම ප්‍රකාශ අවශ්‍ය නැහැ. මේ අදහස් දක්වන සියල්ල දන්නවා ඇත්ත. (නි)
මේ අයට හැදෙන්න දෙන්න ඕනෑ පොලෝ මට්ටමෙන් අඩි කීපයක් යට. (නි)
මිලානෝ 'වීයාලේ සාරා' ලංකික කඩ අවට ගැවසෙන ස්ත්‍රී දූෂණ, මංකොල්ල සහ කප්පම් ගැනීම් වලට ලංකා පොලිසියට අවශ්‍ය මෙම පුද්ගලයන්ගෙන් මිලානොහි සිංහල ප්‍රජාවට විශාල හානියක් සිදුවේ. පිටරටවලට පවා ගොස් අපරාධකරුවන් ඇල්ලු රණවිරුවනි මොවුන්ව කුදලාගෙන යන්න.(නදී)
මේ සිදුවීම මම සොයලා බැලුවා. ස්ථානය රස බොජුන් හල කාර්ලෝ ෆරීනි. දු. අංකය 3274448257. ඔබම විමසා බලන්න. වෙසක් සමයේදීවත් බොරු නොකියා පින් දහම් කර ගන්න. නදුන්ගේ සීයා හික්කඩුවේ තොටගමුවේ හිටපු ගම්මුලාදෑනි. මිත්තනිය විදුහල් පතිනියක්. පියා හිටපු රජයේ නිලදාරියෙක්. තාත්තගේ විශ්‍රාම වැටුප අම්මට ලැබෙනවා. නදුන් උසස් පෙළ විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබුවේ ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන්. 1987 දකුණ පළාතේ 19 පහල දක්ෂතම ක්‍රීඩකයා. නදුන් දෙවෙනි උනේ අද යු. හා.කපිතාන් ප්‍රසාද් රන්නුලුට පමණි. නදුන්ගේ එකම සොහොදරයා ස්වීඩනයේ පුරවැසියෙක්. නදුන් විශේෂ කාර්ය බලකායේ හිටපු පොලිස් පරීක්ෂකවරයෙක්. ඉතින් මෙවැනි පසුබිමක් ඇති මනුස්සයින් යම් දැනුමක් ආභාෂයක් ඇති අයෙක් සාමාන්‍ය මිනිහෙකුට කරන්න හිතන්නවත් බැරි දේවල් මොහුට කරන්න හිතේ ශක්තිය තියෙනවා. ජීවිතේ මුහුණ දීපු ඇත දැකීම් වලින්. ඒකයි මිලානෝ සිංහලයා මොහුට කැමති.(නදී)
කියන විදියට ඔහු නිර්දෝශි නම් අනේ ලංකාවට යන්න කියන්නකො. ඇයි මෙයා මෙහෙට වෙලා ඉන්නෙ? ලංකාවෙ පාතාල නායකයො බොහොමයක් තමන්ම ගිහින් මිනී මැරුවෙ නැහැ.කිසිමදෙයක් නැති පාදඩ සමාජයේ ජීවත් වුන කොල්ලොන්ට කියලා තමයි මැරෙවුවෙ. බොරුවට මේවට අදහස් පලකරලා නිවැරදි වෙන්න බැහැ.තමන්ගෙ හදවත දන්නවා කරපු දේවල්.තමන්ගෙ අතින් පීඩා වින්ද අයත් දන්නවා වුන දේවල්.කොච්චර පන්සල් පල්ලි ගියත් වැඩක් නැහැ ඔය කරපු ඒවා දෙවියන්ට හංගන්න බැහැ. මීට වඩා මම මේ ගැන අදහස් පල කරන්නෙ නැහැ.මිනිහෙක්ව තලා පෙලා දාන අදහසින් නෙවෙයි මේ දේවල් ලිවුවෙ.යහපත් සමාජ සත්කාරයක් වෙනුවෙන්. මොහු නීතිය ඉදිරියෙ හොද මිනිසෙකු බවට ඔප්පු වුණ දිනයක මීටත් වඩා මොහුගෙ හොද අපි ලියනවා. ලංකාදීපයට ගොඩාක් ස්තුතියි අපිට අවස්තාව ලබාදීම ගැන. (නි)
මාර වැඩක් නෙන්නම්
මිනීමරුවන්ට සුදු හුනුගාන අයත් ලංකාවෙත් ඉන්නවා ඉතාලියේත් ඉන්නවා (නි)
රටක නීතියක් ගැන නොදන්න. දැනුමක්, බලයක්, හැකියවක්, රැකියාවක්, ආයුධයක් හයියක් නැති අසරණ ඔබලාට යම් පිනකට හම්බවුන ඔය අන්තර්ජාලයෙන් වෙන යමක් ඉගෙන ගන්න. නොකෙරෙන නොවෙන දේවල් ලිය ලියා කාලේ කන්නේ නැතුව. පතාලයන්ට කල කර්ම ඵල දෙයි. මේවා හොඳයි චන්ඩියෙක් මැරයෙක් වෙන්න බැරි වෙලා ලත වෙන සිත් ඇති අයට අඬ අඬා ලිය ලියා ඉන්න. යුරෝපා රටවල ඔය කියන සෙල්ලම් බෑ. දැන් ලංකාවෙත් බෑ. (නදී)
අම්බලන්ගොඩ පොලිස් නිලධාරීන්ව මැරුවේ කව්ද කියලා ඔයාලට වඩා අමිබලන්ගොඩ පොලීසිය දන්නවා. ඒ වැඩේට නදුන් සහභාගී වුනේ නැහැ. නදුන්ගෙන් රැකවරණය ලබපු ඔහු වටේ සිටි අයයි ඒ වැඩේ කළේ. පොලිසිය ඒකත් දන්නවා. නමුත් ඒ කොල්ලෝ කිව්වේ අපි නදුන්ගේ ගෝලයෝ කියලයි. මේවා නදුන්ගේ ආයුද කියලයි. නදුන් කියන්නේ කොන්ද පන තියෙන නපුංසක වැඩ නොකරන කොනෙක්. ඒත් සමහරු ඔහුගේ කමට බයවෙලා. මෝන්සා නගරයේ ඉන්නේ සදුන්ගේ පාසැලේ ඉගෙනගත්ත දක්ෂ ව්‍යාපාරිකයෙක්. ඒ වගේම එයාගේ ගමේ අය ගොඩක් ඉන්නවා. ඔහු 2006 න් පස්සේ ලංකාවෙන් පිට හිටියේ. ඔහු ජීවතය හදාගන්න උත්සහ කරන කෙනෙක්. (නදී)
කාරුනික ඉල්ලීමයි, පිමබුවාට බඩ, ගෙම්ම්බට බෑ වැඩ. නිකම් අපේ පත්තරේ කෙල පඩික්කම් පුරවන තැනක් නොකර පොතේ හැටියට පාඩම් කියල දෙන්න රටේ නීතියට උදව් කලොත් රත්තරන් වටිනවා යාලුවනේ.(නදී)
හරේන්ද්‍ර සහ ඉන්දිකට පිලිතුරු හරේන්ද්‍ර නදුන් එස්.ටීඑෆ් එකේ හිටිය එක ඇත්ත. සේවය කරද්දි පොලීසියේ ආයුද අරන් ගිහින් මංකොල්ල කාලා හිරේ ගියා. පොලීසියෙන් පැන්නුවා. තාම නඩුව තියෙනවා. එහෙම පොලීසියේ හිටපු කෙනා තමයි අම්බලන්ගොට ටවුන් එකේදි මංකොල්ලකන කොට ඒ ගැන හොයන්න ආපු පොලීසියෙ නිලධරයින් දෙන්නෙකුක්ගෙ ඔලුවට වෙඩි තියලා මැරුවෙ. ඒ මහත්වරුන්ට වෙඩි තියලා ටික දුරක් ගිහින් ආපසු ඇවිත් ඔලුවට වෙඩි තියල ගිහින් තිබුනා. පොලීසියෙ හිටිය නදුන් පොලීසියට සලකපු හැටි. ඔච්චර හොද කෙනෙක් නම් මොනවටද මෙහෙට වෙල ඉන්නෙ යන්නකො ලන්කාවට. එහෙට ගිහින් පන්සල්, සමීතිවලට උපකාර කරන්නකො. මොනවටද මෙහෙ ඉන්නෙ. මහත්තුරු කියන්නකො නදුන් මිනීමරල නැතිද. මංකොල්ල කාලා නැතිද කප්පම් අරන් නැතිද. ස්ත්‍රී දූශන කරල නැතිද. මේ තරම් අපරාද කරල රටේ ඉන්න බැරිව මෙහෙට පැනල ඉන්න කෙනා දැන් හොදයිලු. එතකොට අර කරපු අපරාදවලට සමාව දෙන්නද කියන්නෙ. හොදයි මෙයා මේවට සම්බන්ද නැතිනම් යන්නකො උසාවියට හරි පොලීසියට හරි. එහෙමනෙ තමන්ගෙ නිර්දෝශී බව පෙන්නන්න ඕනා. නිකම් බොරු ප්‍රතිචාර දාන්න එපා. මිනිස්සුන්ව රවටන්න බැහැ. තමන් අකුරු කල ඒ උතුම් පාසලේ නම කාලා, තමන්ව මෙලොවට බිහිකරපු අසරන අම්මගෙ හිතට දුක් දීලා එක බඩ වැල කඩාගෙන ආපු සහෝදරයට රටේ ඉන්න බැරි කරලා තමන් සේවය කරපු ආයතනයට වංචා කරලා, තමන්ගෙ දරුවන්ව ගෑනිව අනාත කරල තියෙන ඔක්කොම ජරා වැඩ කරපු කෙනෙක්ව සුද්ද කරන්න හදන්න එපා. මෙයාව බේරගන්න ඔනෙ නම් රටේ නීතිය ඉදිරියට යන්න. මෙයා හින්ද වෙලා තියෙන විනාශය බලන්නකො ගමට ගිහින්. මොනවා කරත් මොනවා කීවත් වැඩක් නැහැ. කරපුවට දඩුවම් විදින්න වෙනවාමයි. ඔක්කොම චන්ඩි අන්තිමට කියන්නෙ මම නෙවේ මගේ නම කියල වෙන අය ඕව කලා කියලා. පොලීසිය ඔය සින්දුව දන්නවා. අදහස් පල කල සියලුම දෙනා මේ මනුස්සයට කැමති නැහැ. අපි මොනවා කීවත් වැඩක් නැහැ ඇත්තමයි. හැබැයි ඔබලා කියනවා වගේ නීතිය කවදා හරි ඉටුවේවි. අනෙක මිලාන් වල පන්සල් ගැන වෙනම කතා කරන්න වෙනවා. ඇයි ස්වාමින්වහන්සේලා රට වටේ නඩු තියෙන මේ වගේ අයව ගෙන්නගෙන දානය බාරගෙන දායකයො කරගෙන ඉන්නෙ. වරෙන්තුකරුවන්ට නවාතැන් දෙන්න බැහැ නීතියෙන්. අපිට ඕනා සමකාමී ශ්‍රී ලාංකික සමාජයක් මිස නම් වලට එක දෙන සමාජයක් නොවේ. ආයෙත් කියන්නෙ මිනිසුනේ අපේ රටේ කීර්තිය උදෙසා පුලුවන් තරම් මේ අපරාද කරුවන්ට එරෙහි වෙමු. බිය නොවෙමු. ඇත්ත පුලුවන් තරම් ලියා අදාල අයට දන්වමු.(නදී)
ස්වාමින්වහන්සේ යයි සිතන කෙනාට අනුව මෙම පාතාල නදුන් 'අංගුලිමාල' කෙනෙක්. ඒ කියන්නේ මේ ආත්මේ රහත් වෙන්න ඉන්න කෙනෙක්. ඒ නිසා වඩාත්ම හොඳ ලංකාවට බාර දෙන එකයි. එතකොට අද හෙටම රහත් වෙන්න පුළුවන්. අනේ සාදු!(නදී)
නදුන් තමයි සිංගප්පුරුවේ හිටපු සුජීව සොයිසා අල්ලලා දුන්නේ. මොකද නදුන් ඉස්සර හිටියේ සිංගප්පුරුවේ. ඒක නිසා දැන් සුජීවගේ වාරය ඇවිල්ල තියෙන්නේ. අපි නදුන්ට අභියෝග කරනවා පුලුවන්නම් බේරෙන්න. අපි අනිවාර්යෙන්ම නදුන් මිලාන් වලින් අයින් කරලා මිලාන් ලාංකිකයෝ බේරාගන්නවා. එච්චරයි, චමින්ද මඩවල සර්ට ස්තුතියි.(නදී)
ඕන තරම් මිනුස්සුන්ට බොරු කතා ගොතන්න පුලුවන්. මෙතන තියෙන්නෙ මිනුස්සුන්ට දාරාගන්න බෑරී දුක. ඒ මනුස්සයා පන්සලට උදව් කරනකොට සමහරක්ට දාරා ගන්න බෑ. පෑහෑදිලී ඊශ්‍ය්යාවයි. මෙ වගේ රටක මිනුස්සු එකමුතුව ඉන්න ඕනා වෙලාවක ඈන කොටා ගන්නවා. අනික ඔය කියන පාතාලය කොහෙද තියෙන්නෙ. මිලානෝ නගරය සාමකාමි ලෙස තියෙනවා. අනික අද ඒ මනුස්සයා පඩුවෙ ජීවත් වෙනවා.(නදී)
ඉන්දික, ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙක් විය යුතුයි. එමනිසා මම ගරුතර ඉන්දික ස්වාමීන් වහන්ස කියල පටන්ගන්නම්. ඔබ ලොකු ගුලියක් කාල තියෙන්නේ. ඔබ සත්‍යට පටහැනියි. ඇත්ත වසන් කරනවා. අංගුලිමාල හිටියේ බුද්ධ කාලයේ. එදා පාතාලයක් තිබ්බේ නැහැ. අර්ථයක් ඇති යුද්ධ පමණයි තිබ්බේ. අංගුලිමාල ඉටුකළේ තම ගුරුවරයට උණු පොරොන්දුව සහ ඒක ගුරු පුජාවක්. නමුත් නදුන්ගේ ප්‍රශ්නය වෙන එකක්. නදුන් කළේ වෙනත් දෙයක්. නදුන් අන්ගුලිමලට සමාන කරන්න එපා. පව් සිද්ද වෙනවා. නදුන් අහිංසක පොඩි උන් මැරුවා. ඒ පොඩි එකාගේ තාත්තව මැරුවා. අද ඒ අසරණ අම්මා අලුත්ගම කළුතර මතුගම බස් නැවතුම්පොළවල් ගානේ හිගකනවා. කවුද ඒවාට වගකියන්නේ. ඔබ වහන්සේ කියන්නේ ඕනෑම දෙයක් කරලා සුද්දවන්තයෙක් වෙන්න කියලද? ඒක වැරදියි. නදුන් නිසා අද ලංකාවේ දරුවෝ තාත්ත නැතිව අම්මා නැතිව ඉන්නවද? කවුද ඒ අසරණ දරුවන්ට තාත්තා කියන්න ඉන්නේ. හරි පවු වැඩ. පොඩ්ඩක් හිතලා බලන්න ප්‍රේමදාස ජනාධිපති තුමා කොඉතරම් බුද්ධාගමට ගරුකරා කියලා? පන්සල් හැදුවා. දන්සල් දුන්නා, අන්තිමට මැරිලා ගියේ කැලි කෑලි වලට. ඒ එතුමා කරපු නරක වැඩ නිසා කර්මය පඩිසන් දුන්නා. නදුන්ට වෙන්නෙත් ඒ දේ නොවෙයිද? නදුන් මිනී මරල මරලා නිදහස් වෙන්නද හදන්නේ. දැන් නදුන්ගේ වාරයයි. මෙයයි බුද්ධාගමේ උගන්වන්නේ. තෙරුවන් සරණයි.(නදී)
එක් මහත්මයෙක් කියල තිබුන මෙයාලගෙ ගෙවල් වලට බලපෑමක් කලොත් හරි කියල.මහත්තයො ගෙවල් දොරවල් දරු පවුල් වලට ආදරයක් තියෙන අය නෙවෙයි. අනෙක මෙයා හින්ද මෙයාගෙ පවුලෙ ගොඩක් අය වෙන අයගෙන් වෙඩි කාල මියගිහින් තියෙනවලු. මිනිහෙකුට හැදෙන්න ඕන තරම් ඉඩ තියෙනව,නිකම් අනුන්ගෙන් ජීවත් වුන අයට හොද වෙන්න බැහැ. (ස)
මේ සුදු හුණු ගාන්න නදුන් මෙයාට ගෙවනවද නැත්නම් බලකරාද? මිනීමැරුම් තිහකට වඩා කරලා, ගැහැණු තුන්දෙනෙක් දුෂණය කරලා දැන් බෝ පැලේ.(නදී)
මට හිතාගන්න බැහැ ඇයි කියලා නදුන් ඉතාලියේ කාන්තාවක් සමග ඉන්නවා කියන්නේ. ඒක එහෙම නම් හරි අසාධාරණයි. පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. (නි)
රන්ජන් මහත්තයො ස්ටැන්ලි කියන නදුන්ගෙ මාමාත් නදුන්ගෙ චන්ඩි කමින් ප්‍රයෝජන ගත්තා. ඒ හින්දා තමයි මැරෙන්න සිදු වුනේ. හැබැයි අර මස්සිනා නම් අහිංසක කෙනෙක්. නදුන්ගෙ අපරාද හින්දා ඒ පවුලම විනාශ වුනා. ඉදුරුවෙ හෝටලයක් හැදුවා අලුතින්. ඒ හෝටලෙන් නදුන් කප්පම් ඉල්ලුවා. දුන්නෙ නැති උනහම රෑ ඇවිත් වෙඩි තියල ගියා. අයිතිකාරය මරන බයේ හැන්ගිල හිටියෙ. කොස්ගොඩ අලුත්ගම, ඉදුරුව, අම්බලන්ගොඩ හික්කඩුව යන පලාත්වල සියලුම සල්ලි තියෙන අය මේ නදුන් එක්ක තරහයි. ඒ තරමට මේයා නරකයි. නදුන්ට හිතවත් කමටත් සමහරු අදහස් පලකරලා. ඒ නදුන්ගෙ යාලුවෙක් වෙන්න ඕනා. මෙන්ඩිස් දැන් හොදින් ඉන්නවා. එයා දේශපාලනය කරනවා. නදුන් කිසිම දෙයක් දන්න කෙනෙක් නෙවේ. මනුස්ස කම ගෑවිලවත් නැති කෙනෙක්. අධික මුදල් තන්හාවයි අදික කාම ආශාවයි තමයි මේ ඔක්කොටම මුල. මෙයා කරපු අපරාද ගැන පොලිස් දෙපාර්තමේන්තුවෙ වෙනම ලියවිලා තියෙනවා. ඔය ප්‍රදීප් කියන කෙනාවත් සුදු වෑන් එකෙන් උස්සල දේශපාලකයෙක් බේරගෙන මෙහෙට එව්වා. එහෙම වෙලත් හැදිල නැහැ. මේ අය කවදාවත් හැදෙන්නෙ නැහැ. මේයාල කරපු වැරදිවලට දඩුවම් විදින්න වෙනවාමයි. නාවල නිහාල්, මොරටු සමන්, කඩුවෙල වසන්ත, දම්මික, චින්තක, සොත්ති උපාලි, ආමි මල්ලි, නොයෙල්, නේවි රුවන් කරාටෙ දම්මික, ආමි රොශාන්, සහ සූරියවැව චන්ඩින්ට වුන දේ මිනිස්සුන්ට අමතක නැහැ. ඒ හින්දා මේ නරුම මිනිස්සුන්ව මේ සමාජයෙන් අයින් කරන්න ඕනා. මිලාන් වල ඉන්න මිනිසුනේ නැගිටින්න. බය වෙන්න එපා. දිගින් දිගටම අපි බලපෑම් කරමු. අපේ රජයෙන් ඉල්ලමු අපි වෙනුවෙන් මේ අපරාදකරුවන්ව අල්ල ගෙන යන්න කියලා. දැන් අවස්තාව ලන්කාදීපයෙන් අපිට අරන් දීල තියෙනවා. පුලුවන් තරම් එකතුවෙමු. හරි දේ වෙනුවෙන් පෙනී ඉමු.(නදී)
මේ වගේ උතුම් පෝය දිනයක අපි අපි ගැන වැරදි දකිමු කියන තැනින් පටන් ගත්තේ ඇත්ත ඇති සැටියෙන් කතාකරමු යන අදහසිනි. නදුන් ධර්මවික්‍රම පාතාල නායකයෙකු බව සැබෑව. ඇයි මිනිසෙකුට හොද මිනිහෙක් වෙනවට මෙපමණ මිනිස්සු අකමැති. ඉතාලියේදී පෞද්ගලිකවම මම ඔහුව ඉතා සමීපව ආශ්‍රය කරන කෙනෙක් විදිහට මේ කියන්නේ. මේ දේවල් මිනිහෙක් නගිටනවට අකමැති බව ඇරෙන්න වෙන කිසි දෙයක් නොමැත. අංගුලිමාලට රහත් වෙන්න පුළුවන් උනානම් නදුන්ට බැහැ කියල කියන්නේ අන්‍ය ආගමිකයන් හා මහමෙවුනාවට අකමැති නිගන්ටයෝද කියා මට හිතේ. මොහුව අල්ලා මරා දමනු කියන දුස්සිලයෝ තමයි මිනීමරුවෝ. ඉතාලියට පැමිණි කාලේ නදුන් පාතාල ලෝකයේ නදුන් තමා. ඒත් අද නදුන් අතක් උස්සපු කෙනෙක් ඉන්නවනම් කොන්ද පනතියාගෙන කියන්න. ඔහුව ලංකාවේ රජයට බාරදෙන වැඩේ මන් කරලා දෙන්නම්. මිනිස්සු නරක වැඩ කරාම දඩුවම් දෙන්න ඕනේ තමා. ඒක අපේ නිතිය. එත් අපේ ආගමට අනුව ඒක පටහැනියි. නදුන්ව නැති උත්සව නොපවත්තන්නෙත්, නදුන්ගේ නම විකුණලා චන්ඩි පාට් දාන්නෙත්, මැති ඇමති වරු අවාම නදුන්ව මුන ගස්සන්නෙත් සල්ලි වලින් ලොකු මිනිස්සු වෙන්න හදන මිලාන් ඉන්න අපේ අයම තමයි. සමහරෙක්ට අද නදුන්ව පේන්න බැහැ වගේම සමහරෙක්ට නදුන් නැතිව බැහැ. පුදුම කරණය නම් මේ හැමෝම නදුන්ව විකුණගෙන කන ගමන් මෙහෙම කියන එකනේ. නදුන්ව නිතිය ඉදිරියට ගේන්න ඕනෙම කෙනෙක්ට අයිතිය තියෙනවා. ඒක ගැන තර්කයක් නැහැ. ඔබලා නොදත් කරුණනම් මේ වෙනකොට මොන දේවල් කිවත් ඔබලා ඔබලාට සිතින්වත් වෛර නොකරන මිනිසෙක් නදුන් කියන්නේ කියා ඔබලා නොදන්නවා ඇති. ඒකයි ඇත්ත. සියලු දුස්සිරිත් වලින් ඈත්වන්න ඔහු ගන්න අවංක උත්සාහය අපි දකිනවා. නදුන්ලා අද ගොඩක් බිහිවෙලා බව ආරංචි තිබෙනවා. නදුන්ටත් නදුන් මචන් කියන අය මිලාන් වල ඉන්නවා. නදුන්ව නොදන්නා කීප දෙනාට සමහරක්ගෙන් වැරදි වෙනවා වෙන්න පුළුවන්. එහෙම දෙයක් සිදුවෙනවානම් එක නිවැරදි කරලා දෙන්න නදුන් උත්සහ ගන්නවා. ධර්ම මාර්ගයේ යන කෙනෙක් නිසා අපිද ඒ වෙනුවෙන් ඔහුට උදව් කරනවා. නදුන්ගේ නම විකුනලා මොනයම් හෝ දෙයකින් මිලාන් සිටින අයට කරදරයක් වෙනවා නම් මෙහෙ සිටින ඉතා සමීපයකු මුණගැසෙන ආකාරයට ඔහුව මුණගැහෙන්න ඔහු අද ප්‍රසිද්දියේ ජිවත් වෙනවා. මොකද ඔහු අද බුද්ධ ශ්‍රාවකයෙක්. නදුන් මෙහි පැමිණෙන විට මෙහි පාතාල ක්‍රියාකාරකම් සිදු උනත් අද ඒවත් නැතිවීගෙන යන බව අපි දන්නා කාරණයක්. ඒ සැම දෙනාටම නදුන් තරයේ අවවාද කල අවස්ථා අප දැක තිබෙනවා. මේවා දරාගන්න බැරි කාඩ්බෝඩ් චන්ඩි නදුන්ගේ නෑදෑයෝ, නදුන්ගේ පුතා, නදුන්ගේ එක පන්තියේ, මාමන්ඩිගේ නෑදෑයෝ, අපි මාදම්පේ කියන අය ගැනත් අපි දන්නවා. මේ හැමොම නදුන් නිසා ජරා වැඩ කරගන්න බැරි අබ්බගතයෝ. මේ අපහාසාමක කරුණු පතුරනවා යන්නයි මගේ හැගීම. තීරණය ගතයුත්තේ අබ්බගාතයෝ කියන දේවල් නිසා නොවේ ඔහුව අදුනාගෙනය. මිලාන් සිටින බාගයක් පවුල් ඔහුව දනී. ගැහැණු පිරිමි ළමයි බේදයක් නොමැතිව ඔහුව දනී. දාන ගෙවල්,උත්සව, පින්කම්, සමිති සමාගම් වලට ඔහුට නිරන්තරයෙන් ආරාධනා කරන්නේ මේ මිලාන්වල අපේ රටේ මිනිස්සුමය. මේ කියන දුරාචාර ජිවිතයක් ඔහු ගත කරන්නේනම් මිලාන් ඉන්න මිනිස්සුන්ට එක්කෝ පිස්සුය නදුන් මිලාන් වල යම් ව්‍යාපාරයක් ආරම්භ කල ආකාරය, ඔහු ඔහු වටා සිටින අය උදව්කල ආකාරය වැඩිහිටි අය දුන්නු උපදෙස් අදටත් වියාපාරස්ථානයේ දක්නට ඇත. .ලංකාවේ නීතියට ඔහු වරද කරුවෙක්නම් නිතිය රකින අය එය බලාගන්නා බව අප දනී. පුද්ගලයා නොදැක ඔහු කුමක් කරන්නේද යන්න නොසයා ඔහුව මෙහෙන් පන්නා දමා ඉතාලියේ පාතාලය හදන්න සිහින දකින අයට නිකරුනේ ඔබලා උදුව් නොකරන්න. මේ ලිපිය බලා එහෙම හීන දකින ඇත්තෝ නදුන්ගේ ජිවිතයේ වෙනසට පිහිටඋණු ඒ අප මහා තිලෝගුරු බුදුරජාණන්වහන්සේගේ ධර්මයේ පිහිට ලබන්න අදිෂ්ටාන කරගන්න .තෙරුවන්සරනයි.(නදී).
වටේට ඉන්න ග්‍රහයෙක්ට දෙන්නක්ට කොම්පියුටර් වල ටයිප්කරන්නත් පුළුවන් බව පෙනෙනවා. එකනේ කියන්නේ සල්ලි ඕනේ නම් කඩේට ඇවිල්ලා ඉලාගන්න. උතුරු යුරෝපේ නෑයෝ ඉන්න නිසා ඕනෑම අපරාධයක් කරන්න පුළුවන්.(නදී)
කොම්පියුටරය කඩලා බැලුවත් හොයන්න බැරි කොහෙද ඉන්නේ කියල හිතාගන්න බැරි, මායා තිරයක් මත පමණක් දිස්වෙන අපි ලියන දේවල් අපිටම පෙන්වන වෙබ් පිටුවක් නීතියේ ඇහැ වහල දුරු රටක සැඟවී සිටින මිනීමරු පාදඩයෙක්ව ටිකෙන් ටික පෝරකයට ගෙන යන අපූරුව.(නදී)
මෙහි ලියපු කුමාර තමයි නදුන්. නදුන්ගේ ඇත්ත දැනගන්නවට නදුන් කොහෙත්ම කැමති නැහැ. නදුන් මම ඔයාට අභියෝගයක් දෙන්නද? බාරගන්නවද? ඔයාට පුලුවන්ද මාත් එක්ක අතින් පයින් ගහගන්න එන්න. ඔයාට බැහැ. ඔය මිලාන් වලට ලොකු ඇනයක්. ඔයා මිලාන් එන්න ඉස්සෙල්ලා අපි ගොඩක් සතුටින් හිටියා. දැන් ඒකත් නැහැ. නදුන්ට ලංකාවේ ඇති වැදගත්කමක් නැහැ. මුළු පවුලම හොරු. නදුන් ලැජ්ජයි මල්ලි. ඔයා අපායට යනකන් අපි බලන් ඉන්නේ. ඔයා ටිකක් පරිස්සමෙන් යන්න සරා සීගිරි හරියේ ඇවිදිනකොට. ඉක්මනින්ම ලංකාවේ කොටට කොන්ඩේ කපපු දෙන්නෙක් තුන්දෙනෙක් ඇවිල්ලා ඔය අල්ලා ගන්නවා. පස්සේ ඔයාව අරන් යනවා ලංකාවට. පස්සේ ටී. අයි. ඩී. කියන එකට බාරදෙනවා. ඔයාට ඒගොල්ලෝ හොදට සලකයි. කන්න බොන්න දෙවි. බයවෙන්න එපා. ඔයා කරපු නරක වැඩ වලට ඔයා අනිවාර්යෙන්ම දඩුවම් විදින්න ඕනි. ඔයා නේද කොස්ගොඩ සුජීව සොයිසා ගුවන්තොටුපොළේදී පොලිසියට අල්ලලා දුන්නේ. ඒවාට දඩුවම් විදින්න වෙනවා. මොකද ඔයත් නරක වැඩ කරපු කෙනෙක්නේ.(නදී)
අනේ ඒ කඩේ නම කියන්නකෝ.(නදී)
මිලානෝ නගරය ගැන මිනිස්සු බොරුදේවල් ලියලා දානවා. ඔය ලියන කාටවත් කොන්ද පනතියන දේවල් කරන්ඩ පුලුවන්ද. නදුන් දැන් කඩයක් දැම්මා කියලා බලාගෙන ඉන්ද බැරි කට්ටිය මේවා දාන්නේ. කාලා සල්ලි නොගෙවා යන කට්ටිය ඕනේ තරම් ඉන්නවා. මිලානෝ වල ඔය මේවා ලියන අයගේ යාලුවෝ තමයා. මේ වගේ රටකටත් ඇවිල්ලා ඕපා දුප හොයන්නේ නැතුව ඉන්ඩ බැරිද? අනේ නපුන්සක යාලුවනේ කොන්ද පනතියන වැඩක් කරපල්ලා. ඔය නපුන්සක වැඩ කරන්නේ නැතිව. අතේ සල්ලි නැත්නම් වටේට පොලු තියන් නැතුව නදුන්ගේ කඩේ ලගට ඇවිත් කියක් හරි ඉල්ලගෙන යමල්ලා. ලංකාවේ මිනිස්සුන්ගේ හැටි තාම කුවුරු හරි හොදින් ඉන්නවනම් ඒ මනුස්සයන්ට මඩ ගහන අක. (නදී)
මිලානෝ වල ඉන්නේ ලංකාවේ මිනිස්සු විතරද
මේ කවුරුත් නෙවේ කොස්ගොඩ නදුන්. මිනීමැරුම් 20 ක් විතර මේ කෙනාගෙ නම ඉදිරියෙ ලියවිල තියෙනවා. අම්බලන්ගොඩ නගරයෙදි අහිංසක පොලිස් කොස්තාපල්වරු දෙන්නෙක්ව මැරුවෙ මෙයා බව පොලීසිය දන්නවා. මන්කොල්ල කප්පම් ගත්ත ප්‍රමාණය එමටයි. මුලු සමාජයට පිලිලයක්. දැන්වත් මේවගේ රටකට ඇවිත් හොදින් ඉන්න එපැයි. මේ මිනිස්සු පාඩම් ඉගෙන ගන්නෙ නැහැ. තමන් ජීවත් වුන පාදඩ සමාජයෙන් ගොඩ එන්න උත්සහ කරන්නෙ නැහැ. ගෝඨාභය මැතිතුමනි වියා සාර වල මේ මනුස්සය කඩයක් දාගෙන ඉන්නවා. ප්‍රසිද්දියේ ඉන්නවා. ඉතාලි පොලීසියෙ උපකාර ඉල්ලගෙන මේ මනුස්සයව අරගෙන යන්න. හරිම හිසරදයක්. ඔබතුමාට ගොඩාක් පින්.(නදී)
කොස්ගොඩ නදුන් තාවකාලිකව නාපොලි නගරයට යන්න උත්සහ දරනවා කියල ආරංචියක් ලැබුන. නාපොලි වැසියනි ඔන්න පාතාලයෙක් ඔහෙටත් එනවා.(නදී)
මේ පාතාලයන්ට දඩුවම් දිය යුතුමයි. (ස)
'කොස්ගොඩ නදුන්' කියන පාතාලයාට ස්ත්‍රී දුෂණ නඩු තුනක් තියෙනවා. ඉන් දෙකක් වයස හැටට වැඩි සහ අනෙක රජයේ සේවිකාවකට දවස් කීපයක් රඳවා තබාගෙන අතවර කිරීමක්. මෙවන් පව්කාරයියි මේ නිදැල්ලේ ඉන්නේ.(නදී)
ඉතාලි වල ඉන්නේ කොන්ද පන නැති අයද? සප්පතු නැතිව මේස් දාන්න වැඩක් දෙන්න තියෙන්නේ.(නදී)
ඕකුන් අල්ලලා දෙන්නම ඕනේ.(නදී)
ඉතාලිය ඇතුලේ වෙන දේවල් වලට ලංකාවේ පොලිසියට කියන්නේ මොකෝ. එහෙහ් පොලිසියක් තියනවනේ. එහෙ නීතියත් මෙහෙට වඩා හොද ඇතිනේ. මෙහාට කියන්නේ උසාවි ගාස්තු එහෙ වැඩි නිසාද නැතිනම් මෙයාල මෙහෙ ආරක්ෂක ලේකම්තුමාගේ නම කියන නිසා ඒ නම කතා වෙන එක වලකන්නද?(නදී)
විදේශික අපරාධ කරුවන් ඉතාලියේ වෙනම සිර ගෙදරකට දමනවා. එහි ඉන්න වෙන්නේ අප්‍රිකානු, ටියුනීසියානු, රුමේනියානු මැරයන් සමග. ශාරීරික වද හිංසා, මුදල් ඔට්ටුවලට මැරෙනකම් පහරදීම, ලිංගික අපයෝජන සහ මිනී මැරීම් බහුලව සිදුවෙනවා. ඒ නිසා මෙම පාතාලයන්ට මෙහෙත් නරකම නැහැ.(නදී)
කරුණාකර මේ පාතාලයන් ගැන ඔබ දන්නා විස්තර ඔවුන්ගේ නම් ගම ගැවසෙන තැන සියල්ල මෙම පිටුවට දන්වන්න.(නදී)
අපි නම් අහල තියෙන්නේ පාතාලේ කියන අය කාලා බීලා ගෝරි දාලා කරනවා කියලා. මෙතැන නම් පාතාල හිඟන්නො තමයි ඇවිල්ලා තියෙන්නේ.(නදී)
මේ කාලකන්නි මෙහෙ ඉන්නකම් ගම කෑවා. දැන් මුන් එහෙ ගිහින් රටම කනවා. අනේ නොදකින් මේ වෙසක් පෝය දවසේ.(නදී)
ඉතාලි ලාංකිකයනි කොන්ද කෙලින් තබා වැඩකරන්න. මැරවරයන්ගේ ශක්තිය අපි ඔවුන්ට බියවීම.(නදී) .
මිලාන් නුවර ඉන්න ගොඩක් පරණ අය සමීති සමාගම්වල ඉන්න අය හැමෝම මේ නදුන් කියන පාතාලයගෙ කඩේ විවෘත එකට ආවා. තෑගි අරගෙන ආවෙ. හැමෝම ආවා නැහැ කියන්න බැහැ. හැම උත්සවයටම මේ නදුන් කියන මිනිහට ආරාදනා කරනවා. ඕක තමයි ඇත්ත. මිනීමරුවන්ට තියෙන සැලකිලි අහිංසකයන්ට නැහැ. මේ අය සමාජයට කරපු සේවය මොකද්ද. මහ අපරාදකරුවන්. හැම දෙයටම කෑගහන මිලාන්වල සමීති සමාගම් වල අය මේව ගැන සද්ද නැහැ. චමින්ද මඩවල මහත්තයා කරන සේවය අගය කරන්න ඕනා. මිනිස්සුන්ට මේතරම් කොන්දක් නැත්තෙ ඇයි. මේ රජය මේව ගැනත් හොයන්න ඕනා. ඉතාම ප්‍රසිද්දියෙ මෙයා ඉන්නෙ. රැකියා නැති තව තරුණයෝ කිහිප දෙනෙක් වටේට ඉන්නවා. මෙයාව අත් අංඩංගුවට ගත්දාට මුලු දකුනම සතුටු වෙනවා. මිලාන්වල මෙයා එක්ක ඉන්න අයම තමයි ආන්ඩුවෙ ඇමතිවරු ආවහම ඇමතිවරුන්ටත් සලකන්නෙ. මම හිතනවා මේ තොරතුරු පොලීසියෙ මහත්වරු කියවල තීරණයක් ගනීවි කියලා.(නදී)
මේ පව්කාරයෝ නිතරම මිලානෝ සාන්ත අගෝස්තීනු ලංකාවේ බත් කඩයක හවසට බැදපු හරක් මස් කමින් මත්පැන් බොනවා. (නදී)
අපේ ලේක්කෝ ලාල් ගලබඩ තුමාට මේ පිළිබඳව මැදිහත් වීමක් කර මේ අයව අල්ලලා දෙන ක්‍රමයක් යෝජනා කරන්න බැරිද?(නදී)
උන් ඉතාලියේ ඉන්න හින්දා ලංකාවට ගෙනාවත් සල්ලි විසිකරලා එලියට ඇවිත් අල්ලලා දුන්න අයගේ පවල් වල අයව මරයි.(නදී)
අනේ අපි ඉන්න නගරයටත් ඇවිත් කාල යන්න කියන්නකෝ. අම්මගෙන් බීපු කිරි සිහිවෙන්න ලැබෙයි. (ස)
අනේ එයාලව මෙහෙ ගෙනවා නම් හිරේ දාන්න. නැත්නම් එපා. (නි)
ලංකාවේ ඉදන් ඉතාලියට එන ඇමතිලට ආරක්ෂව දෙන්නෙත් ඒ ගොල්ලොමයි කියලත් කතාවක් තියෙනවා. (නි)
ඉන්දු, මේ පාතාලයින්ට ඉතාලි හිරගෙවල් සැප වැඩියි. ලංකාවටම කුදලලා ගෙනියන්න ඕනෑ හංගලා තියෙන ආයුධ පෙන්නන්නත් එක්කම. (නි)
මේ ලෝකේ කොහේ ගියත් අපේ රටේ නම කන එක තමා තියෙන්නේ. හොදට කට්ටිය එකතුවෙලා කට බද පිරෙන්න සැලකුවා නම් හරි (නි)
මේ ගැන මිලානෝ නුවර පොලිසියට කියන්න. (නි)
අපේ බුද්ධිමතුන් වන සුසිල් මිලානෝ, පනාගොඩ වගේ අයට මේ වෙලේ මැදිහත්වීමක් කරන්න බැරිද? (නි)
හැම කෙහෙල් මලකටම කට මැත දොඩවන "පිටිගල මිලානෝ" මේ සිද්දියේදී නිහඬ ඇයි. මේ පිළිබඳව ලංකාදීපයේ පුවත් දෙක තුනක් පළ උනත් මිනිහා සද්ද නෑ. අනිත් ප්‍රශ්ණ වලට ලොකුවට කට දැම්මට මේවට කට දාන්න බයයි වගේ.(නදී)
ලඟදි මිලානෝ වලට පැමිණිය 'රත්තරන් මල්ලි' කියන ඇමතිවරයා මෙම නදුන් පාතාලයා සමගයි හිටියේ.(නදී)
ලංකාවේ නීතිපතිට පුළුවන් නේද ඉල්ලීමක් කරන්න, අපරාධකරුව භාර දෙන්න කියලා (නි)
ජෝයි, කොස්ගොඩ නදුන් ලංකාවේ උසාවි කීපයකට අවශ්‍ය වරෙන්තු කාරයෙක් , ලංකාවේ අධිකරණයට පුළුවන් ඉතාලියෙන් ඉල්ලීමක් කරන්න නදුන්ව භාර දෙන්න කියලා. නමුත් මේ වෙනතුරු එහෙම දෙයක් සිද්ධ උනේ නැහැ. ලංකාවේ ඇමති කෙනෙක් පසුගිය කාලේ ඉතාලි ආපු වෙලාවේ නදුන්ව හම්බවෙලා එකට කාලා බීලා ජොලි කරලා ගියේ.(නදී)
මිලානො කිට්ටුව මොන්සා කියන නගරයෙ මේ කියන පුද්ගලයගෙ හයිය අරගෙන අහිංසකව ජිවත් වෙන මිනිස්සුන්ට පාර්ට් දාන සෙට් එකක් ඉන්නවා.මුන් හිතාගෙන ඉන්නෙ පාතාලෙ ලොකු අයියලා කියලා. හැබැයි දන්නෙ නැහැ,මොන්සා පොලිසියෙ එයාලගේ නම් ගම් එක්ක පොටෝ තියෙනවා කියලා.හැබැයි එකක් කියන්න ඕනෑ. මේ ලංකාවෙ ඉගෙන ගත්තෙ නැති,රස්තියාදු ගහපු අය ටිකක්. (නි)
මෙහෙ අයට මේ මෙහෙම අය වීරයෝ. (නි)
මේ අවන්හල් හිමියාගෙනුත් ප්‍රකාශයක් අහන්න අපි ආසයි. ස්ථානය දිනය වෙලාව දන්වනවානම් මැනවි.(නදී)
මේ අවන්හල් හිමියගෙනුත් ප්‍රකාශයක් අහන්න අපි ආසයි.ස්ථානය දිනය වෙලාව දන්වනවා නම් මැනවි. (නි)
අලංකාර බොරු කීමෙන් භයංකාර වැඩ සිදුවේ. මේ අවන්හල් හිමියාගෙනුත් ප්‍රකාශයක් අහන්න අපි ආසයි. ස්ථානය දිනය වෙලාව දන්වනවානම් මැනවි. මඩ ගහන අයත් හරියට ඉන්නවා. මෙවැනි පීඩාවන්ට ලක්වූ අයත් කරුණාකර ලියන්න.(නදී)
ඔය කියන මැරයන්ගෙන් සමහරක් අය ඉතාලි ඇවිත් ඉන්නෙ ලංකාවෙ ප්‍රශ්න තියෙන නිසා පාඩුවෙ ඉන්න.ඒත් ඒ මිනිස්සුන්ට පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තෙ මෙහෙ ඉන්න අයමනෙ.ඒ මිනිස්සුන්ට සල්ලි වියදම් කරලා එයාලගෙ චන්ඩිකම ඇගට අරගෙන චන්ඩි වෙන්න හදනවා.සමහරක් කඩ හිමියන් තමයි චන්ඩි කඩ අස්සෙ දාගෙන ඉන්නෙ.කවුද කියන්න බලන්න නම ගිය චන්ඩියෙක් ඉන්නෙ.ඔක්කොම ඉන්නෙ දෙකයි පනහේ චන්ඩි.අහක යන නයි රෙද්ද අස්සෙ දාගෙන දැන් ඉතින් උඩ පනිනවා (නි)
මේ වැඩේ කරේ බෝපගේ ප්‍රදීප් කියන ඕල්කට්ගේ නම විකුනගෙන කන බොරු චන්ඩියා ඇතුළු ගෝල බාලයෝ ටික. වැඩේ හරිම කැතයි. මෙහේ හොරෙන් කන ගමන් මහ ලොකුවට දන්සැල් දෙන්නත් කල්පනාව (ඒ වැඩ වලට ගන්නෙත් ඔය කඩ වලින් ඉල්ල ගන්න මුදල් වලින්ම තමා ).(නදී)
ඔහොම ගියොත් නම් ලංකාවේ අයව ඉතාලියට වැද්ද ගන්න එකක්වත් නැහැ.අපරාදේ, හොඳ මිනිස්සුන්ටවත් කීයක්වත් හොයා ගන්න බැරි වෙන එක තම වෙන්නේ ඉස්සරහට. (නි)
මෙය එක සිද්ධියක් පමණි. ස්ත්‍රී දුෂණ, මංකොල්ලකෑම් සහ තවත් අපරාධ රැසකට ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වලින් සොයන මොවුන් ප්‍රසිද්ධියේ මිලානෝ සාන්ත අගෝස්තීනු ලංකා කඩ ආශ්‍රිතව ගැවසෙනවා. (නි)
පිස්සුද ජයලාල්, පිටිගල වගේ නියම පොරවල් ඉන්නවා (නි)
ඔය කියන 'පොරවල්ගේ' පොටෝ දෙක තුනක් ලංකාදිපයට එවන්න (නි)
ලංකාදීපේ මෙම පාතාලයා ගැන පළවූ පළමු පුවතින් පසු මොහු වටා නිතර කැරකෙමින් සිටි සමහර 'ග්‍රහයින්' දැන් දකින්නට නැතිලු.(නදී)
මිලානෝ වල නම් කොන්ද පන නැති සිංහලයෝ ඉන්නේ. ලැජ්ජයි!(නදී)
ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙක්ද ඝාතනය කර ඇති මොහු ගැන රණවිරුවන්ම වග බලා ගත යුතුයි. (නි)
මගේ නමින් අදහස් දක්වා තිබෙන මහතාගෙන් කාරුනිකව ඉල්ලා සිටින්නේ එවැනි නපුංසක වැඩ නොකරන ලෙසයි ස්තූතියි (නි)
එයාගේ ලංකාවේ තවම පදිංචිව ඉන්න පවුල් වලට යම් බලපෑමක් කළොත් , එතකොට ඔය කචල් ටිකක් අඩුවේවි. (නි)
ඉතාලියේ පොලිසියට මේ පාතාලයෝ ගැන ලංකාවෙන් දැනුම් දෙන්න. ගෝඨාබය මහත්තයෝ, ඔබතුමාට පින් සිද්ධ වෙනවා. මුන්ව අල්ලලා ලංකාවට ගෙන්වා ගන්න. බුදු බව අත්වෙයි ඔබතුමාට (නි)
ඔබලාට පුළුවන් ශ්‍රී ලාංකිකයන් හැටියට එකතු වෙලා ඔය පාතාල කියන අයව අල්ලලා දෙන්න. නැත්නම් හොඳ දඬුවමක් දෙන්න. මොකද ඔය ලංකාවේ කරන පාතාල සෙල්ලම් බටහිර රටවලට හරි යන්නේ නැහැ. ඔබලාගේ එකමුතුව තිබේ නම් ඔය අයට හොඳ පාඩමක් දිය හැකිය (නි)
අඩු තරමේ ඉතාලි පොලිසියටවත් පැමිණිලි කරන්න ශක්තියක් නැත්නම් සද්ද නොකර ඉන්නයි තියෙන්නේ. ඉතාලියේ වෙන දේවල් වලට ලංකාව මොනවා කරන්නද ? (නි)