IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මිලානෝ බක් මහ උළෙල ඉරිදා

ශ්‍රී ලංකා එකමුතුව  සංවිධානය කරන  මිලානෝ බක් මහ උළෙලඉරිදා (12) මියා දියා  මිසාලියා හි  අංක 146 ස්ථානයේදී  පැවැත් විමට නියමිතය.

 එදින මිලානෝ නගරයේ පෞද්ගලික වාහන ගමනාගමනය උදේ 10.00 සිට සවස  6.00  දක්වා නතර කර ඇති බැවින් මිලානෝ නගර සභාව   පොදු ප්‍රවාහන සේවා යොදවා  එක් ටිකට් පතකින්  දවස පුරාම ගමන් කළ හැකි පහසුකම්ද  ජනතාවට   ලබා දී ඇති බව සංවිධායකයෝ දන්වා සිටිති.

 අප්‍රේල් මාසයේ පැවැත්වීම තිබු මෙම බක් මහ උළෙල  එරටෙහි  පැවති  අයහපත් කාළගුණික තත්වය හේතුවෙන්  කල් දැමිමටද සිදුව තිබු  බව සංවිධායකයෝ කියති.

 



අදහස් (0)

මිලානෝ බක් මහ උළෙල ඉරිදා

නන්දන පනාගොඩ මිලානෝ Saturday, 11 May 2013 06:32 PM

සුමුදු කාරියවසම් මහතාණෙනි, දුර බැහැර ඉඳල උත්සවයට ගියාම හිටි අඩියේ ටිකට් කඩනවා, ආධාර එකතු කරනවා, කෑම පැකට් විකුනනවා. සංවිධානයේ තොරතුරු, ලිපින, දුරකථන අංක ඉල්ලුවේ යන්න ඉස්සෙල්ල විස්තර දැනගන්න මෙය මුදල් අයකරන උත්සවයක් ද යන වග.(නදී)

:       0       0

උදේනි පනාගොඩ මිලානෝ Saturday, 11 May 2013 06:48 PM

මෙම උත්සවයේ සංවිධායකයින් යයි කියා ගන්නා 'ශ්‍රී ලංකා එකමුතුව' පටන් ගත්තෙත් අප්‍රේල් 14 ට පසුවයි. එකමුතු වුන දිනම කට්ටියම ගෙවල් වලට ගිහිල්ල තියෙන්නේ හොදටම බීලා 'හතරගාතෙන්' කියලයි ගෙවල් වල උදවිය කියන්නේ.(නදී)

:       0       0

ශාන්ති පෙරේරා Sunday, 12 May 2013 02:22 PM

නන්දන මහත්තයෝ පේනවා නේද ඔබ තුමාට තිබෙන ගල්වැහි. නෝනටත් කියන්න නිකම් බොරු දේවල් ලියන්න එපා කියලා. ඔයාගේ මුදල් වංචා වලට නෝනත් සම්බන්ද නිසා.(නදී)

:       0       0

ප්‍රියන්ත Saturday, 11 May 2013 12:20 PM

හරියට මේගොල්ලෝ එක ටිකට් එකෙන් දවසම යන්න දුන්නා වගේනේ කතාව. අවුරුදු උත්සවය ගැන ඒකෙන් හිතාගත්තහැකි.(නදී)

:       0       0

ලක්සිත-ප්‍රංශය Friday, 10 May 2013 10:40 PM

කෝ පිටිගල ඉන්නවද ? (නදී)

:       0       0

ශාන්ති පෙරේරා Saturday, 11 May 2013 01:01 PM

නන්දන ඔයා මොනවාද කතා කරන්නේ. බෙදා හදා ගන්නත් අනුගුහයකයෝ ඉන්න එපායැ. අනේ ඉතින් අපි නොදන්නා නන්දන. තව මොනවද කතා.(නදී)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරය Friday, 10 May 2013 11:11 PM

නමක් සහ ලිපිනයක්, දුරකථන අංකයක් නොමැති මෙම සංවිධානය ගැන අප අසා නැත. ජාතික උත්සව විකුණා කමින් තම බඩ කට පුරවාගන්න දරන උත්සාහයක්ද මේක?(නදී)

:       0       0

කොස්වත්ත Saturday, 11 May 2013 01:38 PM

චතුල වෙරෝනා එකේ දෙකක් නැහැ පී ඇනුම් සමග .(නදී)

:       0       0

ඩිනෝ Sunday, 12 May 2013 12:04 AM

අයියෝ, මොකද මේ ලංකාවේ දේශපාලකයෝ වගේ මඩ ගහගන්නේ? මේ ඉතාලියේ ඔය මොන උත්සවේ තිබුණත් ඔහොම තමයි. හැමෝම බලන්නේ තමන් පොර වෙන්න.හොඳම දේ ඔය වැඩ වලට යන්නේ නැතුව නිවාඩු දවසේ ගෙදරට වෙලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක. (නි)

:       0       0

ලාල් ගලබඩ Saturday, 11 May 2013 02:37 PM

ලාල් ගලබඩ ලෙක්කෝ සිට , ඉහත ලාල් ගලබඩ ලෙක්කෝ ලාල් ගලබඩ නොවන වග මෙසේ ලියමි. කවුරු හරි මෝඩ කෙනෙක් මගේ නමින් ලියා සතුටක් ලබන බව පෙනේ.මෙය නිවැරදි කල හැක්කේ ලංකාදීපයට පමණි. මෙයද පලකරන්න. (නදී)

:       0       0

විජය ගුණරත්න-මිලානෝ Saturday, 11 May 2013 02:44 PM

නන්දන පනාගොඩ මහත්තයෝ ඔය අනිත් සංවිධාන වල මුදල් ගැන කතා නොකර ඔයා ගෙවන්න තියෙන යුරෝ 300000-40000 ක මුදල ඒ මිනිස්සුන්ට ගෙවන්න. ඔයා ගුටි නොකා ඉන්නේ ඒ මිනිස්සුන්ගෙ හොඳ කම නිසා. ඔයා කව්ද කියලා මුලු මිලනෝම දන්නවනේ.(නදී)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 11 May 2013 02:46 PM

කල් ගිහින් හෝ කඩිමුඩියේ ප්‍රංශයේ සහ ඉතාලියේ අවුරුදු උත්සව පවත් වන්නේ හුදෙක් මුදල් ඉපයීමේ චේතනාවෙන්. මේවා ස්වේච්චාවෙන් කරන ජාතික උත්සව නිසා කවුරුත් මුදල් ගෙවිය යුතු නැහැ.(නදී)

:       0       0

මනෝ විතානගේ , මිලානෝ. Saturday, 11 May 2013 02:53 PM

මේ මිනිස්සුන්ගෙ සල්ලි වලට විදලා හැංගිලා ඉන්න නන්දන පනාගොඩද? අනේ නන්දන මිනිස්සුන්ගෙ සල්ලි ටික දීලා අර සංවිධාන මේ සංවිධාන සල්ලි ගහගන්න ඒව ගැන කතා කරන්නකො. කැත නැද්ද අහිංසක මිනිසුන්ගෙ අමාරුවෙන් හම්බකල මුදල් කාල ඉන්න.(නදී)

:       0       0

සුමුදු කාරියවසම්. Saturday, 11 May 2013 03:01 PM

අනේ මෙහෙම මෝඩයො. වැඩි පිරිසක් එක් වෙලා කරන අවුරුදු උත්සවයක නමක් නොම්මරයක් දාන්න කියන්නෙ ඇත්තටම මෝඩකමද එහෙම නැතිනම් කුහක කමද? ගිය අවුරුදු උත්සවය අපි බැලුවෙත් මේ සංවිධානයම සංවිධානය කල එක තමයි.(නදී)

:       0       0

නන්දන පනාගොඩ-මිලානෝ Saturday, 11 May 2013 04:10 PM

ශාන්ති පෙරේරා ඇන්ටි, බෙදා හදාගන්න කට්ටිය හොයාගන්න බැහැ කියන්නේ සංවිධාන ශක්තියේ දුර්වල කමක්. මුදල් අය කරන්නේ ලාබ ලබන්න. මෙවැනි ජාතික උත්සව විකුණගෙන කන්න අනුබල දෙන්න එපා.(නදී)

:       0       0

නන්දන පනාගොඩ-මිලානෝ Saturday, 11 May 2013 02:16 AM

අවුරුද්ද යනු බෙදා හදා ගන්නා උත්සවයක් නිසා මේ සංවිධාන වලට කිසිම මුදලක් නොගෙවීමට කවුරුත් වග බලා ගන්න. (නි)

:       0       0

පාල Sunday, 12 May 2013 10:26 AM

අවුරුදු උත්සවයක් සමරන්න 'ටිකට්' එකක් අරගෙන කෑම වලටත් ගෙවන්න කියනවානම් එතන තියෙන්නේ ව්‍යාපාරයක්.(නදී)

:       0       0

පී.කරුණාසේන Saturday, 11 May 2013 06:15 PM

ලාල් ගලබඩ, වැඩ වරදිනකොට ඔයා හැමදාම හොද මිනිහා වෙනවා. 'ඒ මම නෙමෙයි' කියලා. ඔයා ගැන අපි නොදන්නවා ද? පහන පත්තු කරන්න ආරාධනා කරලා කවියක් එහෙම කියන්න කිවවා නම් හොද අදහස් 'ටොන්' එකක් ලියයි ලංකාදීපෙට. (නි)

:       0       0

පිටිගල මිලානෝ Saturday, 11 May 2013 06:17 PM

සල්ලි මතක් කරනකොට සංවිධායකයින්ට මෙච්චර තරහ යන්නේ ඇයි? වැඩේ වැරදුනා කියලවත්ද? කෙසේ වෙතත් අපි උත්සවයට ගිහින් මුදල් නොගෙවා සතුටු වෙලා එමු.(නදී)

:       0       0

චතුල වෙරෝනා Friday, 10 May 2013 07:25 PM

අවසානයේ මහා අරක්කු සන්දර්ශනයක් සමග ගුටි කෙලි සන්දර්ශනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1622 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 269 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4530 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 477 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 632 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2193 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site