ශ්‍රී ලංකා එකමුතුව සංවිධානය කරන මිලානෝ බක් මහ උළෙලඉරිදා (12) මියා දියා මිසාලියා හි අංක 146 ස්ථානයේදී පැවැත් විමට නියමිතය.
එදින මිලානෝ නගරයේ පෞද්ගලික වාහන ගමනාගමනය උදේ 10.00 සිට සවස 6.00 දක්වා නතර කර ඇති බැවින් මිලානෝ නගර සභාව පොදු ප්‍රවාහන සේවා යොදවා එක් ටිකට් පතකින් දවස පුරාම ගමන් කළ හැකි පහසුකම්ද ජනතාවට ලබා දී ඇති බව සංවිධායකයෝ දන්වා සිටිති.
අප්‍රේල් මාසයේ පැවැත්වීම තිබු මෙම බක් මහ උළෙල එරටෙහි පැවති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් කල් දැමිමටද සිදුව තිබු බව සංවිධායකයෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මිනිස්සුන්ගෙ සල්ලි වලට විදලා හැංගිලා ඉන්න නන්දන පනාගොඩද? අනේ නන්දන මිනිස්සුන්ගෙ සල්ලි ටික දීලා අර සංවිධාන මේ සංවිධාන සල්ලි ගහගන්න ඒව ගැන කතා කරන්නකො. කැත නැද්ද අහිංසක මිනිසුන්ගෙ අමාරුවෙන් හම්බකල මුදල් කාල ඉන්න.(නදී)
නන්දන මහත්තයෝ පේනවා නේද ඔබ තුමාට තිබෙන ගල්වැහි. නෝනටත් කියන්න නිකම් බොරු දේවල් ලියන්න එපා කියලා. ඔයාගේ මුදල් වංචා වලට නෝනත් සම්බන්ද නිසා.(නදී)
අවුරුදු උත්සවයක් සමරන්න 'ටිකට්' එකක් අරගෙන කෑම වලටත් ගෙවන්න කියනවානම් එතන තියෙන්නේ ව්‍යාපාරයක්.(නදී)
අයියෝ, මොකද මේ ලංකාවේ දේශපාලකයෝ වගේ මඩ ගහගන්නේ? මේ ඉතාලියේ ඔය මොන උත්සවේ තිබුණත් ඔහොම තමයි. හැමෝම බලන්නේ තමන් පොර වෙන්න.හොඳම දේ ඔය වැඩ වලට යන්නේ නැතුව නිවාඩු දවසේ ගෙදරට වෙලා තමන්ගේ වැඩක් බලාගෙන ඉන්න එක. (නි)
මෙම උත්සවයේ සංවිධායකයින් යයි කියා ගන්නා 'ශ්‍රී ලංකා එකමුතුව' පටන් ගත්තෙත් අප්‍රේල් 14 ට පසුවයි. එකමුතු වුන දිනම කට්ටියම ගෙවල් වලට ගිහිල්ල තියෙන්නේ හොදටම බීලා 'හතරගාතෙන්' කියලයි ගෙවල් වල උදවිය කියන්නේ.(නදී)
සුමුදු කාරියවසම් මහතාණෙනි, දුර බැහැර ඉඳල උත්සවයට ගියාම හිටි අඩියේ ටිකට් කඩනවා, ආධාර එකතු කරනවා, කෑම පැකට් විකුනනවා. සංවිධානයේ තොරතුරු, ලිපින, දුරකථන අංක ඉල්ලුවේ යන්න ඉස්සෙල්ල විස්තර දැනගන්න මෙය මුදල් අයකරන උත්සවයක් ද යන වග.(නදී)
සල්ලි මතක් කරනකොට සංවිධායකයින්ට මෙච්චර තරහ යන්නේ ඇයි? වැඩේ වැරදුනා කියලවත්ද? කෙසේ වෙතත් අපි උත්සවයට ගිහින් මුදල් නොගෙවා සතුටු වෙලා එමු.(නදී)
ලාල් ගලබඩ, වැඩ වරදිනකොට ඔයා හැමදාම හොද මිනිහා වෙනවා. 'ඒ මම නෙමෙයි' කියලා. ඔයා ගැන අපි නොදන්නවා ද? පහන පත්තු කරන්න ආරාධනා කරලා කවියක් එහෙම කියන්න කිවවා නම් හොද අදහස් 'ටොන්' එකක් ලියයි ලංකාදීපෙට. (නි)
ශාන්ති පෙරේරා ඇන්ටි, බෙදා හදාගන්න කට්ටිය හොයාගන්න බැහැ කියන්නේ සංවිධාන ශක්තියේ දුර්වල කමක්. මුදල් අය කරන්නේ ලාබ ලබන්න. මෙවැනි ජාතික උත්සව විකුණගෙන කන්න අනුබල දෙන්න එපා.(නදී)
අනේ මෙහෙම මෝඩයො. වැඩි පිරිසක් එක් වෙලා කරන අවුරුදු උත්සවයක නමක් නොම්මරයක් දාන්න කියන්නෙ ඇත්තටම මෝඩකමද එහෙම නැතිනම් කුහක කමද? ගිය අවුරුදු උත්සවය අපි බැලුවෙත් මේ සංවිධානයම සංවිධානය කල එක තමයි.(නදී)
අවසානයේ මහා අරක්කු සන්දර්ශනයක් සමග ගුටි කෙලි සන්දර්ශනයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙයිද දන්නෙ නැහැ (නි)
කල් ගිහින් හෝ කඩිමුඩියේ ප්‍රංශයේ සහ ඉතාලියේ අවුරුදු උත්සව පවත් වන්නේ හුදෙක් මුදල් ඉපයීමේ චේතනාවෙන්. මේවා ස්වේච්චාවෙන් කරන ජාතික උත්සව නිසා කවුරුත් මුදල් ගෙවිය යුතු නැහැ.(නදී)
නන්දන පනාගොඩ මහත්තයෝ ඔය අනිත් සංවිධාන වල මුදල් ගැන කතා නොකර ඔයා ගෙවන්න තියෙන යුරෝ 300000-40000 ක මුදල ඒ මිනිස්සුන්ට ගෙවන්න. ඔයා ගුටි නොකා ඉන්නේ ඒ මිනිස්සුන්ගෙ හොඳ කම නිසා. ඔයා කව්ද කියලා මුලු මිලනෝම දන්නවනේ.(නදී)
ලාල් ගලබඩ ලෙක්කෝ සිට , ඉහත ලාල් ගලබඩ ලෙක්කෝ ලාල් ගලබඩ නොවන වග මෙසේ ලියමි. කවුරු හරි මෝඩ කෙනෙක් මගේ නමින් ලියා සතුටක් ලබන බව පෙනේ.මෙය නිවැරදි කල හැක්කේ ලංකාදීපයට පමණි. මෙයද පලකරන්න. (නදී)
චතුල වෙරෝනා එකේ දෙකක් නැහැ පී ඇනුම් සමග .(නදී)
නන්දන ඔයා මොනවාද කතා කරන්නේ. බෙදා හදා ගන්නත් අනුගුහයකයෝ ඉන්න එපායැ. අනේ ඉතින් අපි නොදන්නා නන්දන. තව මොනවද කතා.(නදී)
හරියට මේගොල්ලෝ එක ටිකට් එකෙන් දවසම යන්න දුන්නා වගේනේ කතාව. අවුරුදු උත්සවය ගැන ඒකෙන් හිතාගත්තහැකි.(නදී)
අවුරුද්ද යනු බෙදා හදා ගන්නා උත්සවයක් නිසා මේ සංවිධාන වලට කිසිම මුදලක් නොගෙවීමට කවුරුත් වග බලා ගන්න. (නි)
නමක් සහ ලිපිනයක්, දුරකථන අංකයක් නොමැති මෙම සංවිධානය ගැන අප අසා නැත. ජාතික උත්සව විකුණා කමින් තම බඩ කට පුරවාගන්න දරන උත්සාහයක්ද මේක?(නදී)
කෝ පිටිගල ඉන්නවද ? (නදී)