(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
"මිලේනියම් සිටි" හිදී බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීම කිසිදු නීති විරෝධී ක්‍රියාවක් නොවන බව රණවිරුවකු ලෙස තමා ප්‍රකාශ කරන්නේ යැයි ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.
එම ස්ථානයේ අවි ආයුධ තබාගෙන සිටීම හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කළ අයථා වැඩක් බව පැවසූ මන්ත්‍රීවරයා එය රජයක් පිටින් දමා මඩ ගැසීමට මේ අය හැමදාම උත්සාහ ගත් බවද ප්‍රකාශ කළේය.
හමුදා බුද්ධි අංශ කිසිවක් කිසිදිනක දිග දුර විහිදුම් නොකළ හෙයින් කොළඹට ආර්.පී.ජී, ක්ලේමෝ බෝම්බ ගෙන ඒමට අවශ්‍යතාවක් නොතිබූ බවද ඔහු පැවසුවේය.
ඒවා කළේ විශේෂ බලකාය බවද ෆොන්සේකා මහතා පැවැසීය.
මිලේනියම් සිටි සිද්ධිය වනවිට තමා යාපනය ආඥාපතිවරයා බවත් ඔහු ප්‍රකාශ කළේය.
ඒ රණවිරුවන් පිරිස යොදාගෙන එදා රජය පෙරළීමට කටයුතු කළ බව සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මිලේනියම් සිටි අත්අඩංගුවට ගැනීම නීති විරෝධී නෑ
Mangala Friday, 19 November 2021 03:34 PM
කලවැද්දා, කලවැද්දාම තමයි.
චන්දන Friday, 19 November 2021 03:54 PM
ඩොලර් වැඩ කරනවද. ඔලුව හෝදලාද. දේශපාලනය කරන්න ගියාම ඔහොම වෙනවා
Nalinsg Friday, 19 November 2021 04:08 PM
මොන විහිලුවක්ද....
ගමේ එකාලා Friday, 19 November 2021 04:09 PM
කලවැද්දෙකුටත් වැඩිය අන්ත අසූචි වලක ඉන්න අව මන්ගලයෙක් කොමෙන්ට් එකක් දාලා. පිස්සෙක් වගේ?
දාස Friday, 19 November 2021 04:30 PM
කලවැද්දා නැතිව සර් යුද්ධය කළානම් තාමත් යුද්දෙ... එහෙමත් නැත්නම් ප්‍රබාකරන් ඊලම අරගෙන... ඒකයි තිත්ත ඇත්ත....
පොඩි මල්ලි Friday, 19 November 2021 04:56 PM
ලංකාවේ යුද්දෙ වෙලාවේ සරත් ෆොන්සේකා ආමි එකේ ලොක්කා වෙලා හිටියා.. එච්චරයි.... කතා කරලා වැඩක් නෑ මේ ගැන...
ranil Friday, 19 November 2021 05:01 PM
බලාගෙන යනකොට රනිල් කරලා තියන ගොඩක් දෙවල්වල වරදක් නෑ වගේ...
ajith p Friday, 19 November 2021 05:29 PM
මඩේ හිටවපු ඉන්න වගේ...
මහසෙන් Friday, 19 November 2021 05:51 PM
මෙයා ගැන කතාකරලා ඵලක් ඇතිද? ගෞරවනීය රණවිරුවෙක් ලෙස පැසසුම් ලැබ අවසානයේදී පැන්නා මඩට. එතන ඉඳන් මේ වෙනකම්.... කියපුවා මෙයාට මතක ද දන්නෑ...?
beau Friday, 19 November 2021 05:59 PM
මේ කවුද? ඔන්න කබරගොයත් දැන් මෙයාට තලගොයා වගේ පේන්නේ... රණවිරුවන් මෙයාට ඡන්දය දෙයි දැන්.. බලාගෙන ඉන්න.
යෝගා Friday, 19 November 2021 06:46 PM
ලැජ්ජාවක් නැහැ..
චමින්ද ජයනාත් ජයසූරිය Friday, 19 November 2021 07:30 PM
මම හිතන්නෙ ෆොන්සේකා මහත්මයා මෙවැනි කාරණාවක් කියන්න හේතුවක් වෙන්න ඇත්තේ ඊයේ සඳහිරුසෑය විවෘත කරන උත්සවයට ආරාධනා නොලැබීම ගැන ඇතිවූ සිත්තැවුල වෙන්න ඇති.. නැත්නම් මෙච්චර කාලෙකට පස්සේ මෙවනි දෙයක් කියන්න හේතුවක් නෑනේ... ඇත්තතටම අපි දුක්වුණා වර්තමාන පාලකයින් එම උත්සවයට මෙතුමාට ආරාධනා නොකිරීම ගැන... නමුත් මෙතුමාගේ මේ කතාව ඇහුවාට පස්සේ මෙතුමා ගැන දැඩි කලකිරීමක් ඇති වුණා..
kota gune Friday, 19 November 2021 07:53 PM
ඇත්ත කියනකොට අපහාස කරන්න එපා...
චමිඳු නිම්ශාන් බොරලැස්ස Friday, 19 November 2021 08:09 PM
මේ මොකද මන්දා මේ මනුස්සයාට වෙලා තියෙන්නේ...? වයස සමග අවබෝධය අවුල් වෙලා තියෙන්නේ මම හිතන්නේ.., දැන් ඔහුට දේශපාලනය වගේ හැම දෙයින්ම විශ්‍රාම යාමට කාලය පැමිණ ඇති බව පේනවා නේද? මේ සියලු දෙනා ඉවත් කර අලුතින් තරුණ දක්ෂතා ඇති අවංක කාර්යශූර ශක්තිමත් මනා සිහියෙන් යුත් පිරිපුන් මිනිසුන් සහිත කණ්ඩායමක් රටේ පාලනය සඳහා පත්කර ගැනීම පිණිස ජනතාව එක්සත්ව සමගියෙන් කටයුතු කළ යුතුයි...
sugath Friday, 19 November 2021 08:13 PM
මා සිතන්නේ මොහු කියන දේ සත්‍යයක්...
Asanga Friday, 19 November 2021 08:48 PM
මිලේනියම් සිටි සිද්ධියෙන් පසුව බුද්ධි අංශ නිලධාරීන් හා ඔත්තුකරුවන් 140කට ආසන්න පිරිසක්, ඔවුන්ගේ අනන්‍යතාවය හෙලිවීම මත එල්ටීටීඊ ගොදුරු බවට පත්වුණා. ඒක ගැන කතාවක් නෑ...
Bamunuarachchi Friday, 19 November 2021 09:11 PM
තමන්ගේ යටතේ සිටි හමුදාව යුද්ධ අපරාධ කළා, සුදුකොඩි කාරයින්ට වෙඩිතිබ්බා කියා හමුදාව පාවා දීපු මේ ගොයියා මෙහෙම කියන එක පුදුම නැහැ... පාවාදීම ඉවසන්නේ නැති රණ විරුවෙක් රජීව් ගාන්ධිට තුවක්කු මිටෙන් ගැහැව්වා විතරයි.
Bamunuarachchi Friday, 19 November 2021 09:15 PM
අපිට මෙයාව මනින්න පුළුවන් මේ වගේ කියමන් වලින්. බලය ලැබුණොත් මොනවා කරයිද දන්නේ නැහැ. ඒ කරන්න පුළුවන් වෙන්නේත් අනික් අය නිකන් හිටියොත් පමණයි. ජාතිය පාවා දෙන්නේ මේ වගේ ගොබ්බයින් තමයි...
Pitigala milano Friday, 19 November 2021 09:33 PM
අනිවාර්යයෙන්ම සියලු බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන දඬුවම් කළ යුතුයි.
කසුන් - ගම්පහ Friday, 19 November 2021 10:00 PM
ඔය පාවාදිම නිසා කී දෙනෙකුට නම් තමන්ගෙ ස්වාමි පුරුෂයා නැති වුණාද? දරුවන් කී දෙනෙකුට තමන්ගේ තාත්තා නැති වුණාද? ඒ විතරක් නොවෙයි.. රටට කීදෙනෙක් නම් රහසිගත බුද්ධි තොරතුරු සැපයූවන් නැති වුණාද? දිවි හිමියෙන් බුද්ධි තොරතුරු රැස් කළ සෙබළුන්, නිලධාරීන් නැති වුණාද?
Saman Friday, 19 November 2021 10:12 PM
අයියෝ ලොකුම රණවිරුවෙක් නේද මේ...? යහපාලනය කාලේ තිබුණු ප්‍රසිද්ධ උත්සවයකදී චන්ද්‍රගුප්ත තේනුවර නමැත්තා මොහු ඉදිරියේම කිව්වා ලෙඩේ හොඳ කරන හැටි. මම හිතන්නේ අත්හදා බැලීම කරන්න ඇත්තේ ෆීල්ඩ් මාෂල් කෙනෙක් අරගෙන වෙන්න ඇති. රණවිරුකම කොහොම වෙතත් පාවාදීමේ විරුවෙක් වග නම් හොඳට පැහැදිලියි.
naleen Friday, 19 November 2021 10:45 PM
දැන්ද ඔව්වා කියන්නේ...?
beau Saturday, 20 November 2021 03:50 AM
එතකොට මේ හේතුව නිසා ත්‍රස්තයින් මරාදැමූ බුද්ධි නිලධාරීන් සංඛ්‍යාව ෆොන්සේකා මහත්තයාට අමතක වෙලා වගේ. ඕකනේ... කබරගොයත්, තලගොයා වෙලා මෙයාට...
sudelmi Saturday, 20 November 2021 04:27 AM
පරිස්සමෙන් කියවන්න... ඔහු කියන දේ 100%ක් ඇත්ත. හමුදා බුද්ධි අංශ කිසිවක් කිසිදිනක දිගුදුර විහිදුම් නොකළ හෙයින් කොළඹට ආර්.පී.ජී, ක්ලේමෝ බෝම්බ ගෙන ඒමට අවශ්‍යතාවක් නොතිබූ බවද ඔහු පැවසුවේය.
Bamunuarachchi. Saturday, 20 November 2021 06:43 AM
තම හමුදාව පාවාදෙනවා නම් කොහොමද රණවිරුවෙක් වෙන්නේ?
NuwanSaturday, 20 November 2021 05:47 PM
මේකෙන් කොහොමද පාවාදීමක් වෙන්නේ...? LRRP එකයි, හමුදා බුද්ධි අංශයයි වැඩකළේ වෙනස් ක්ෂේත්‍ර 02ක... ඒකවත් දන්නේ නැද්ද?
BamunuarachchiSaturday, 20 November 2021 07:09 PM
හලෝ පිටපොට යන්න එපා. මම මේක පාවා දීමක් කියලා කිව්වේ නැහැ. මම කිව්වේ තම හමුදාව පාවා දීපු කෙනා කොහොමද රණ විරුවෙක් වෙන්නේ කියලා. තම හමුදාව යුද අපරාධ කළා කියලා කිව්වේ කව්ද?
BamunuarachchiSaturday, 20 November 2021 07:24 PM
මෙයා රණවිරුවෙක් කියා තමන්ටම කියා ගන්න එකයි මම මෙතැන විවේචනය කලේ... තේරුණාද?
SiriMonday, 22 November 2021 02:46 AM
රණවිරුවා කියලා වචනයක් සිංහල සබද කෝෂයේ නැහැ නේද.?
VithanaSunday, 21 November 2021 08:03 AM
බමුණුආරච්චි යුධ විශේෂඥයෙක් වෙලානේ. සරත් ෆොන්සේකා මැතිතුමා කියන දේ වැරදියි කියන්න තරම් ඔබගේ තියෙන දැණුම සහ පලපුරුද්ද මොකද්ද?
විපරමා Monday, 22 November 2021 08:55 PM
මොලේ උඩ ඉන්න මෝඩ වහල්ලු ගැන කතාකරලා වැඩක් නැහැ. සියල්ල දත් කියලා හිතාගෙන හිටියට ලියන දේවල් වලින් ඔහු අන්ධ බාලයෙක් කියලා පේනවා...
දයාරත්න - අම්බලන්ගොඩ Saturday, 20 November 2021 08:19 AM
මම නම් කවදාවත්ම හිතුවේ නැහැ මෙහෙම කෙනෙක් කියලා...
Surendra Fernando Saturday, 20 November 2021 12:08 PM
සමහරක් අයට ඇත්ත කිව්වාම තේරුම් ගන්න ටිකක් අමාරුයි...
GamageSaturday, 20 November 2021 06:00 PM
ඔව්, සරත් ෆොන්සේකා කියන්නේ ඇත්ත. පුද්ගලික හමුදා හදාගෙන ගේම් දෙන්න පුළුවන්ද?
BamunuarachchiSaturday, 20 November 2021 06:27 PM
රටපාවා දෙන්න හැරෙන හැරෙන පැත්තට කතාකරන කෙනෙකුගෙන් ඇත්ත බලාපොරොත්තු වෙන්නේ කොහොමද? ඇත්ත වුණත් කතා කරලා වෙන්නේ අගතියක් නම් නිශ්ශබ්ද වෙන්න කියා ඉගෙන ගෙන නැද්ද? ඔය ඇත්තන්ගෙන් වූ සුගතිය මොකක්ද? උනේ රට වෙනුවෙන් අනගි සේවයක් කල නිලධාරින් ටිකක් රටට අහිමි වෙච්චි එක නේද? ජෝන් ලිලීස් ඉයුප්හස් කියා තිබෙනවා යුද්ධයේදී හා ආදරයෙදී හැම දෙයක්ම සාධාරණයි කියලා. යුද්ධය කළාට මේ උන්දෑ එ්ක දැනගෙන ඉඳලා නැහැ. ප්‍රසිද්ධ කියමනක් නොවූවත් මම අහලා තිබෙන්නේ මව් පාවා දීලා හරි යුද්ධය දිනන්න කියලා....
Asanka Saturday, 20 November 2021 05:46 PM
සහතික ඇත්ත කතාවක් මේක... හමුදා බුද්ධි අංශයේ නෙමෙයි LRRP එකේ වැඩ කළේ.. කොහෙත්ම RPG, ක්ලේමෝ ගෙන ඒමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒවා නගරබද සටන් අවි නොවේ. එය හමුදාවේම ගොඩක් අය දන්නවා. නිකන් මේ මාධ්‍ය මගින් අමුතුම කතාවක් පෙන්නන්න හැදුවට..
BamunuarachchiSaturday, 20 November 2021 07:21 PM
රටේ තිබුණු යුද්ධ තත්වය නිසා අපි කාගේ ගෙදර ආයුධ තිබුණත් කමක් නැහැ කියන සයිස් එකක් ඒ කාලේ තිබුනේ. මතකද කොටි ආවා කොටි ආවා කියලා මිනිස්සු දිව්ව හැටි. එහෙම වුණාම හිතෙන්නේ නැද්ද අපිට ආයුද තිබුණා නම් හොඳයි කියලා. අනුගේ වැඩ වලවලට තමන් අර්ථ කථනයන් දෙන්න එපා. ඒ ගොල්ලන්ගෙන් කෙලින්ම අහන්නේ නැතුව අපි කොහොමද තව කාගේවත් වැඩ ගැන කතා කරන්නේ? මට ආයුධයක් තිබෙනවා නම් ඔබ කොහොමද අල්ලපු ගෙදර කෙනාට ගහන්නයි තිබෙන්නේ කියා තීරණය කරන්නේ?