මාළඹේ පෞද්ගිලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් පේරාදෙණි සරසවි වෛද්‍යපීඨ සිසුවෝ ගලහ වටරවුමේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූහ.
මාළඹේ පෞද්ගිලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගන්නා ලෙස ඉල්ලමින් පේරාදෙණි සරසවි වෛද්‍යපීඨ සිසුවෝ ගලහ වටරවුමේ දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩ එපා දන්සැල් ටිකක් විවෘත්ත කරන්න (ස)
නිලංග වෛද්‍ය විද්‍යාල කියන්නේ අපේ ජීවිත එක්කම වැඩ කරන තැනක්.. ඉංජිනේරුවන්ට වඩා වගකීමෙන් වැඩ කරන්න ඔන වෛද්‍ය ශිෂ්‍යයන්.. පෞද්ගලික වෛද්‍යවිද්‍යාලවල රජයේ ඒවායේ වගේ හරියට පුහුණු නොකර එයාලට හොද පළපුරුද්දක් ලැබෙන්නේ නැහැ හොද වෛද්‍යවරයෙක් වෙන්න.. රජයේ රෝහල්වලින් වෛද්‍ය සිසුවෙකුට ලැබෙන අත්දැකීම් ඒකෙන් ලබාගන්නේ කොහොමද? පොඩ්ඩක් හිතන්න.. ඉංජිනේරු සහ වෛද්‍ය වෙන ඒකයි.. වෛද්‍ය සිසුන්ට හොද පුහුණුවක් ලැබෙනවා රජයෙන් ඒක නිසා හොද වෛද්‍යවරු බිහිවෙනවා.. පෞද්ගලික වෛද්‍ය විදළාවලින් පිටවෙන අය පුහුණු වෙන්නේ වැඩ කරන ගමන් නිසා එයාලාගනේ වෙන්න පුළුවං අතපසුවීම් වැඩියි.. ඒක කනිසා මරණ ප්‍රමාණය වැඩියි.. ලංකාවෙ කෙනෙක් මැරුණාම වෛද්‍යවරු වගකියන්නේ නැති නිසා පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ලොකු ප්‍රශ්ණයක්..!(නු)
මම නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගත්ත, අද ජාත්‍යන්තර සමාගමක සේවය කරන ඉංජිනේරුවෙක්. අපේ මිනිස්සු කෝටිපතියන්ගේ දරුවන් උදෙසා ඉදිවෙන පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ආවඩනකොට හිතෙන්නේ කන්නන්ගර මහත්තයා බොහොම අමාරුවෙන් අරන් දුන්නු මේ සම්පත අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත්තේ ඇයි කියලයි. ජනප්‍රිය කතාවක් තමයි ලෝකේ කොහෙවත් මෙහෙම නිකන් දෙන අධ්‍යාපනයක් නැහැ කියලා. ඇත්ත.ඉතින් ලෝකේ වෙන කොහෙවත් මෙහෙම නිදහස් අධ්‍යාපනයක් නැති නිසා තමයි අපි මේක රැකගන්න ඕනෑ. මට පරණ කවියක් මතක් වෙනවා "මැණික් ගලේ පය හැපුණත් කනා ඇහිදලා ගනීද?..." . (නි)
සියළුම රජයේ විශ්වවිද්‍යාලවලට වියදම් කරන්නේ මේරටේ ජනතාවගේ බදු මුදල්.. ඒක නිසා නිකං ඉගෙන ගන්න එකයට මේ අයට දැං ප්‍රශ්ණයක් වගේ.. කරුණාකර අනවශ්‍ය ප්‍රශ්න ඔළුවලට දාන්නේ නැතිව ඉගෙන ගන්න..මම යෝජනා කරනවා මේ රටේ සියළුව ජනතාවගෙන් සල්ලිවලින් ඉගෙන ගන්න අය එක හරියට කරන්නේ නැතිනම් ඒ සිසුන්ව ඉවත් කරන්න.. නැවත විභාග කරන්න උවමනානම් සල්ලි ඒ අයගෙන් අය කරගන්න... අපේ බදු මුදල් වියදම් කරන්න එපා.. පිනට ඉගෙන ගන්න තියෙනඑකත් නැතිකරන්න හදන මේවගේ කට්ටියක්.. පෞද්ලික විශ්වවිද්‍යාල හැම රටෙඒම තියනවා.. ලංකාවෙ ඇරෙන්න.. පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් කිසිම නරකක් වෙන්නේ නැහැ හොදක් මිසක්..!(නු)
නිකන් බොරුවට කාලය කා දමනවා. (නි)
ලංකාවේ නිදහස් අධ්‍යාපනය ගන්න විශ්ව විද්‍යාල වලට යන්න පුළුවන් කී දෙනාටද? පුළුවන් අය රට ගිහිල්ලා ඉගෙන ගන්නවා. ලංකාවේ ඒ පහසුකම් දෙන්න හදනකොට විරුද්ධයි. දොස්තරලා ,වෛද්‍ය සිසුන් විරුද්ධ තමුන්ගේ බඩට වදී කියලා. නැත්නම් ඇත්තටම මාලඹේ දියුණු කරලා ලංකාවට විදේශ විනිමය වගේම මෙහෙ අයටත් ඉගෙන ගන්න උදව් කරන්ඩ ඕනෑ.එහෙම නැතුව ඊර්ෂ්‍යාව,කුහකකම පෙන්නන එක නෙමේ.
උපුල්, කෝටිපතියන්ගේ ළමයින්ට නෙමෙයි ඔය විද්‍යාල හදන්නේ. අධ්‍යාපන වියදම් දරන්න පුලුවන් අයටයි. (නි)
මෙතන තියෙන්නේ පැහැදිලි ඊර්ෂ්‍යාව. (නි)
මේක ඕනෑ කියලා කෑගහන මහත්තුරු එක්කෙනෙක්වත් තමන්ගේ එකෙක් ලෙඩවුණාම මේකෙන් පිටවුණ දොස්තර කෙනෙක් ගාවට යයිද? (නි)
අනේ මල්ලිලා ටික, ලංකාවේ තව කෙනෙක් ඩොකෙක් වෙන එක ට ජෙල ද. ඉංජිනේරුවරු බලන්න අන්න මාලඹේ ඉංජිනේරු පාඨමාලාව පටන් අරන්ලු. අපි නම් බය නෑ මොන ක්‍රමයෙන් ලංකාවේ ඉංජිනේරුවෝ බිහි උනත්. ඔයාල ගේ ඉස්කෝලවල හිටපු සහෝදරයෝම තමයි මෙහෙ ඉන්නෙත් එක හින්ද බොරුවට කාලය කන්නේ නැතුව ඉගෙනගන්න. දෙමව්පියන් ට ඕන ඔයාලව හොඳ දොස්තරයෙක් කරන්න මිසක් ඔයාල දේශපාලනය කරනවා බලන්න නෙවෙයි. අනික කොහොම පාරට බැස්සත් වැඩකුත් නෑ නේ. දන්නවා නේ ලංකාවේ උදාහරණ. කාලය නාස්තිකරන්න එපා. (ස)
උපුල් ඔය කියන දේ හරියට හරි . හැම දේම නිකන් දෙනකොට ලංකාවේ මිනිස්සුන්ට අගයක් නැතිවෙනවා . ප්‍රශ්නය තියෙන්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙන ගන්න අයගේ සුදුසුකම් ගැනයි. උසස්පෙළ හොදින්ම සමත් වෙන අයටයි රජයේ වෛද්‍ය විද්‍යාල වල ඉගෙන ගන්න ලැබෙන්නේ. මේ පෞද්ගලික පාසල් වල සල්ලි දීලා ලේසියෙන්ම වෛද්‍ය උපාධිය ගන්න පුළුවන්. එතකොට බිහිවෙන වෛද්‍යවරුන්ගේ හැකියාව සහ බුද්ධි මට්ටම ගැන ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. පිට රට ඉදන් එන වෛද්‍යවරුන්ගේත් දැනුම හුගක් අඩුයි . ලංකාවේ දැනට ඉන්න සියලුම විශේෂඥ වෛද්‍යවරුන් සහ ශල්‍ය වෛද්‍යවරුන් රජයේ වෛද්‍ය විද්‍යාල වලින් ඉගෙන ගත්ත අය . දැනුම හැකියාව නැති වෛද්‍යවරුන් බිහිවෙනවා කියන්නේ මිනිසුන්ගේ ජිවිත ගැන ප්‍රශ්නයක්. අනිත් කරුණ උසස්පෙළ බොහොම මහන්සි වෙලා ඉගෙනගන්න කෙනෙකුට ලබා ගන්න පුළුවන් දේ කිසිම මහන්සියක් නොවී තමන්ගේ සල්ලිවලට ලබා ගන්න පුලුවන් නම් එතන සදාචාරයක් තියේද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. (නි)
දන්සැල් වලින් කන අය තමයි කඩ එපා කියන්නේ (ස)
උපාධි කඩ එපා , උපාධි දන්සැල දාන්න (ස)
මේකෙන් නිදහස් අධ්‍යාපනය නැතිවෙනවා කියෙන්නේ මොන පදනම මතද? (නි)
පිටරටට යන විදෙශ විනිමය ඉතිරි වෙනවා.අනික් වැදගත්ම කරුනතමා දොස්තර මහත්තුරු යලටයි මහටයි දෙකටම වැඩවර්ජන කරනවා.අහිංසක ලෙඩ්ඩු අසරණ වෙලා හිටපු හැටි අපි දැක්කා.ඒඅයට බෙහෙත් ගන්න තව කොච්චර දොස්තරලා හිටියත් අපේ රටට වැඩි නෑ. පුද්ගලීක හෙද විදුහල් පවා රටේ ඇතිවෙන්න ඕනා.ඒනිසා පාරේ කෑ ගසා කාලය කා නොදා හොද පුතාලා දුවලා වගේ ගිහින් ඉගෙන ගන්න.හොදට පාස්වෙලා තමන්ගේ වැදූ දෙමව්පියන්ට සතුටක් දෙන්න.අපි උපන් අපේ පුංචි ලංකාව ලෝකයට අරන්යන වගකීම ඔබලා අතේ තිබෙන බව අමතක කරන්න එපා. (ස)
ටැන්සානියාවෙන් ගිහිං වෛද්‍ය උපාධියක් අරන් මෙහෙ ඇවති් රජයේ රෝහලක වැඩ කළාට කමක් නැහැ.. ලංකාවෙන් එපා.. පුළුවංනම් මම කියන දේ බොරු කියලා කියන්න.,! (නු)
හරි ඉතින් ඔයාලා ඔහොම අපිට බැන බැන ඉන්නකෝ. බලාගෙන ඉන්න, සල්ලි දීලා ඩිග්රියක් අරගෙන හැමෝම ඇවිත් බෙහෙත් දෙයි. මෙතන ප්‍රශ්නේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විතරක් නෙවේ, අපේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ ඇත්ත. ඔක්කොම ප්‍රයිවට් කරපු කාලෙක තේරෙයි නිදහස් අධ්‍යාපනයේ වටිනාකම. කොහොමත් අපේ මිනිස්සු ගොඩක් මෝඩ ඇති මම නම් හිතන්නේ. (නි)
නිදහස් අධ්‍යාපනයෙන් නිසි ඵල නෙලා ගන්නට බැරි වූ අය අධ්‍යාපනය පුද්ගලීකරණය කරන ලෙස ඉල්ලන බව පෙනී යනවා.එතකොට වැඩියෙන්ම සල්ලි තියෙන කෙනාගේ ළමයි දොස්තර, ගමේ දක්ෂ කොල්ලන්ට සහ කෙල්ලන්ට කොන්දොස්තර තනතුරුවත් සොයා ගන්න බැරිවේවි. (නි)
මෙවන් දේවල් අපේ රටට අවශ්‍යයි. (නි)
රජයට පවරාගෙන නඩත්තුවට මුදල් දෙන්නේ කවුද?(ස)
තව ටිකක් ඉවසලා ඉන්නකෝ දරුවනේ පැය 48 නීතිය සම්මතකර ගත්තා විතරයිනේ (ස)
ඔයාලා බොරුවට කෑ ගහන්න එපා. එතන ඉන්නෙත් ඔයාලා වගේම ළමයි ටිකක් තමයි. (නි)
පිටරටවල් වල ගොස් ඉගෙනගනිද්දී අපේ රටේ සල්ලි නේද පිටවෙන්නේ? ඒ නිසා තව තවත් වෙද විදුහල් අවශ්‍යයි. (නි)
කුහක කම තමයි. වෙන මොකද්ද (ස)
සරසවි වරම් ලබන්න ලකුණු ප්‍රමාණවත් නොවූ අය පිටරට ඉගෙන ගන්න යනකොට රටේ මුදල් පිට යන්නේ..එම නිසා මෙවැනි විදුහල් දිස්ත්‍රිත් මට්ටමින් අවශ්‍ය බවයි මගේ හැඟිම (ස)
මේ උද්ඝෝෂණයේ තේරුම මොකක්ද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
ආ... ඔය ඉන්නේ ඉරිසියාකාරයෝ ටිත. (නි)
මොකද මේ හදිස්‍සියේ? (නි)
මෙහෙම පුලුවන්ද අනේ ආශ්චර්යය කරා යන්න? (නි)
මම දකින විදිහට නම් විය යුත්තේ මෙය නොවේ. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ විභාගය හා සරසවි වෛද්‍ය පීඨ විභාගය එකම ආයතනයකින් පවත්වා එකම විභාගයකට මුහුණ දී සුදුස්සාට සුදුසු තැන දීමයි. අපේ රටේ නිදහස් අධ්‍යාපනය තිබුණාට අල්ලපු රටවන ඉන්දියාවේවත් පාසැල වලින් පසුව නිදහස් අධ්‍යාපනයක් නැහැ. (නි)
ඒක එපා කියන්න ඔයාලා කවුද? (නි)
ඔබලනත් ඉගෙන ගන්නේ මහජන මුදලින් එම නිසා ඒ වැඩේ හරියට කරගෙන එලියට යනවා මිස මුදල් දී ඉගෙන ගන්න අයට කරදර නොකර කරුණාකර තමන්ගේ දේවල් බලාගන්න..!(නු)
ඔවු මේ කියනකල් තමයි හිටියේ වහන්න. (නි)
ඒකාධිකාරය බිදෙයි කියලා බයේ වෙන්න ඇති. (නි)
වහන්න ඕනෑ මාලඹේ නෙමෙයි, වෛද්‍ය පීඨයයි. (නි)
පේරාදෙණි වෛද්‍ය සිසුවනි, කරුණාකර මෙහි ඇති වැරැද්ද අපිට පැහැදිලි කර දෙන්න අපිට තේරෙන භාෂාවෙන්. ඔබේ ඉල්ලීම් සාධාරණ නම් මහජනතාවත් ඔබට සහයෝගය දක්වාවි. ඊයෙ පෙරේදා පෞද්ගලික ආයතනයක් ඉංජිනේරු උපාධි දීමට සූදානම් කියල ප්‍රකාශ කළා. තමුන්ණාන්සේලා ඒකත් වහන්න කියලා උද්ඝොෂණයක් දාන්නෙ නැද්ද? ඇයි මේ නොහොබිනා කෙනහිලි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විතරක්? (ස)