ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් ලබන සෙනසුරාදා (26) කැඳවීමට එහි විධායක සභාව ගෙන තිබෙන තීරණය මතභේදයට තුඩුදී ඇතැයි වාර්තා වේ. නාවික හමුදා මූලස්ථානයේදී එදින පෙරවරු 10 ට කැඳවා තිබෙන විශේෂ මහ සභා රැස්වීමේදී ලබන ජූනි 9 වැනිදා කොළඹදී ආරම්භ වන 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ සංවිධාන කටයුතු ඇතුළුව සංගමයේ පරිපාලන තීරණ පිළිබඳව සාකච්ඡා කරනු ඇතැයි ද වාර්තා වේ. මලල ක‍්‍රීඩා සංගමයේ විශේෂ මහ සභා රැස්වීමක් කැඳවිය හැක්කේ එහි මධ්‍යම කාරක සභාවේ අනුමැතියෙන් පමණක් බවත් විශේෂ මහ සභා රැස්වීමක් කැඳවීමේ බලයක් විධායක සභාවට නොමැති හෙයින් මෙම විශේෂ මහ සභා රැස්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවත් පසුගිය සිකුරාදා (18) පැවැති විධායක සභා රැස්වීමේදී නිලධාරීන් කීපදෙනකු විසින් පෙන්වා දෙනු ලැබ ඇත. මලල ක‍්‍රීඩා සංගමයේ නව පාලනය පත්වී තවමත් දින කීපයක් පමණක් ගෙවී ඇති බැවින් මෙතෙක් මධ්‍යම කාරක සභාව පත්කර නැත. කෙසේ වෙතත් දිස්ත‍්‍රික් සංගම් තුනක් එක්ව විශේෂ මහ සභා රැස්වීමක් කැඳවන ලෙස සංගමයෙන් ඉල්ලීමක් කළ හැකි බැවින් ඒ අනුව කටයුතු කර මෙම විශේෂ මහ සභා රැස්වීම කැඳවීමට ක‍්‍රියා කරන බවත් වාර්තා වේ. එහෙත් ඒ සඳහා ද මධ්‍යම කාරක සභාවේ අනුමැතිය ලබා ගත යුතු බව වාර්තා වේ.
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක‍්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මලල කී‍්‍රඩා සංගමය පොට පටලවා ගනී