IMG-LOGO

2025 අප්‍රේල් මස 26 වන සෙනසුරාදා


මලල ක‍්‍රීඩා සභාපති ධූරයට හිටපු ක‍්‍රීඩක රොහාන් ප‍්‍රදීප් කුමාර නාමයෝජනා දෙයි

හිටපු කෙටි ධාවන ශූරයකු වන රොහාන් ප‍්‍රදීප් කුමාර මහතා ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති ධූරයට තරග වැදීමට සඳහා නාමයෝජනා බාරදී ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකාව වෙනුවෙන් අන්තර් ජාතික මලල ක‍්‍රීඩා තරගමාලා රැසකදි මීටර් 400, මීටර් 200 හා සහය දීවිමේ පිරිමි ඉසව්වලදී පදක්කම් දිනූ ප‍්‍රදීප් කුමාර මහතා ගම්පහ දිස්ත‍්‍රික් මලල ක‍්‍රීඩා සංගමය නියෝජනය කරමින් නාමයෝජනා බාරදී තිබේ. මේ අතර මෙතෙක් සංගමයේ උප සභාපති ධූරයක් දැරූ ප්‍රෙමා පින්නවල මහතා හා වත්මන් සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාද සභාපතිධූරයට නාමයෝජනා බාරදුන් බව වාර්තාවේ. ක‍්‍රීඩා අමාත්‍යංශයේ උපදෙස් පරිදි මලල ක‍්‍රීඩා නිලවරණය පැවැත්වීම මේ වන විට අත්හිටුවා තිබේ. ඒ සඳහා කලින් මාර්තු 30 වැනිදා යොදා ගෙන තිබුණි. වත්මන් සභාපති පාලිත ප‍්‍රනාන්දු මහතාට හයවැනි වසරටත් සංගමයේ සභාපති ධූරයේ කටයුතු කිරීම සඳහා ක‍්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය පමාවීම නිලවරණය කල් දැමීමට ආසන්නම හේතුව වූ බව වාර්තාවේ. ක‍්‍රීඩා ඇමැතිවරයා ‘ලංකාදීප’යට පැවසුවේ ඊට තමන් කෙළින්ම මැදිහත් නොවන බවත් ජාතික ක‍්‍රීඩා සංගම් නිලවරණ සඳහා බලධාරීන්ට අනුමැතිය දීම සඳහා පත්කළ විශේෂ කමිටුව ප‍්‍රනාන්දු මහතාට අනුමැතිය දීම ගැන අවසන් තීරණයක් ගන්නා බවත්ය. කෙසේ වූවත් යොදා ගත් පරිදි පසුගිය සිකුරාදා (16) දක්වා නිලවරණය සඳහා නාමයෝජනා බාර ගැනීම සිදු කර තිබෙන අතර උපසභාපති ධූර හය සඳහා නාමයෝජනා  10ක් ලැබී ඇතිබවද වාර්තා වේ. ප‍්‍රධාන ලේකම් ධූරය, භාණ්ඩාගාරික දත්ත සටහන්කරු යන තනතුරු සඳහා වෙනත් නාමයෝජනා ඉදිරිපත් නොවීමෙන් දැනට එම තනතුරු දරන ජී.එල්.එස්.පෙරේරා, චන්දන ඒකනායක හා සමන් කුමාර යන මහත්වරුන් ඉදිරි නිලවරණයේදීත් එම තනතුරු සඳහා නිතරගයෙන් පත්වනු ඇත.



අදහස් (0)

මලල ක‍්‍රීඩා සභාපති ධූරයට හිටපු ක‍්‍රීඩක රොහාන් ප‍්‍රදීප් කුමාර නාමයෝජනා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජාත්‍යන්තර විමර්ශනයක් පවත්වන්න
2025 අප්‍රේල් මස 26 219 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරය පසුපස පාකිස්තාන රජය සහ බුද්ධි අංශ සිටිනවා යැයි ඉන්දියාව එල්ල


සාමකාමීව විසඳා ගන්න
2025 අප්‍රේල් මස 26 104 0

ඉන්දු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ දී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාව සහ පාකිස්ථානය තුළ උද්ගතව ඇති මතභේදාත්මක තත්ත


ජනපති කාර්යාලයේ තව සැප වාහන 27ක් වෙන්දේසියට
2025 අප්‍රේල් මස 26 201 0

ජනාධිපති කාර්යාලයේ භාවිතයෙන් ඉවත් කර ඇති සුඛෝපභෝගී වාහන තවත් විසි හතක් විකිණීමට මිල ගණන් කැඳවා ඇත.


පොලිස්පති දේශබන්දුට මැතිසබා කමිටුවෙන් චෝදනා පත්‍රයක්
2025 අප්‍රේල් මස 26 174 1

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අනිසි ලෙස බලය පාවිච්චි කර ඇතැයි සඳහන් චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දෙසතියේදී එම චෝදනා පිළිබඳව ත


ඡන්දෙට ගමේ යන්න නිවාඩු දෙන්නේ මෙහෙමයි
2025 අප්‍රේල් මස 26 256 0

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අයට වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවනු පිණිස නිවාඩු ලබාදීම


විජේවීරගේ නැගණිය අභාවප්‍රාප්ත වේ
2025 අප්‍රේල් මස 26 1096 0

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතාගේ නැගණියක වූ පටබැඳිගේ දොන් චිත්‍රානි විජේවීර මහත්මිය අද(26) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 849 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 387 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 541 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site