තමිල්නාඩුවේදී ශ්‍රී ලාංකික භික්ෂූන් ඇතුළු ශ්‍රී ලාංකිකයනට හිතාමතාම කරන පහදරීම් වලින් ශ්‍රී ලාංකිකයන් රැකගැනීමට ඉන්දීය රජය අපොහොසත්වීම ගැන ඉන්දීය රජයට බලවත් විරෝධය හා කනස්සල්ල දක්වන මල්වතු අස්ගිරි මහා නාහිමිවරු එම ප්‍රහාරයනට විරෝධය ද පළ කරති.
තිබ්බොටුවාවේ සුමංගල මල්වතු මහා නාහිමි හා උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමි ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්ට ලිපියක් මගින් මේ බව දන්වති. තමිල්නාඩුවේ ප්‍රහාර ශිෂ්ඨසම්පන්න සමාජයකට අනුමත කළ නොහැකි බවත් මහා නාහිමිවරු පවසති. මේ පහරදීම පිටුපස කොටි හිතවාදී තමිල්නාඩු රජයේ ද සහාය ලැබෙතියි ද මහා නාහිමිවරු කියා සිටිති. බුදුන් වහන්සේත් මිහිඳු හිමියන් හා සංඝමිත්තා තෙරණියත් උපන් දේශයේ වනදනාමාන කටයුතුවලට යන ශ්‍රී ලාංකිකයනට සිදුවන මෙවැනි අයහපත් සිද්ධි වළක්වා ගැනීමට ඉන්දියා රජය මැදහත්වනු ඇතැයි අපේක්ෂා කරන බව ද මහා නාහිමිවරු කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බාමියන් බුදු පිළිම කඩපු තලෙයිබාන්වරුන්ට මොකද වුණේ? (නි)
තමිල්නාඩුවෙන් ගෙන්වන භාන්ඩ නාමලේඛනයක් දෙන්න. අපි ඒවා නොගත යුතුයි.(නදී)
ඉන්දියාව නොව තමිල්නාඩුවයි අසාර්ථක. බුදුරදුන් වැඩි ස්ථානද තමිල්නාඩුවේ නැත. නොගිහින් සිටීම හොදය. තලෙයිබාන්වරුන්ට වුණ දේම මොවුන්ටත් වේවි. (නි)
අපි ඊට වඩා දෙයක් කල යුතුයි හාමුදුරුවනේ (දී)
අපි අපේ සංඝ රත්නය රැක ගන්න ඕනේ (දී)
අපි දැඩි ලෙස කම්පා උනා ඒ පුවතින් (දී)
කනගාටුයි නේන්නම් (දී)
ඉන්දියාවේ ඒ සිදු වූ ක්‍රියාව කැතයි (දී)
මමත් එකඟයි ඔබ වහන්සේලා සමග (දී)
නිර්මල උත්තම දහමක් දේශනා කළ බුදුන් වහන්සේ පිළිබද ගරු සරුවක් නැති ඉන්දියාව හාමුදුරුවරුන්ට ගරු කිරීමක් නොකරයි. එහි විපාක වශයෙන් ඉන්දියාව කිසි විටක නැගී සිටිමට නොහැකි ජාතියක් වන බව පැහැදිලිව පෙනේ. කිසිදිනක මොවුන් සත්‍ය තේරුම් නොගනී. (නි)
ඉන්දියන් නම ගෑවුණු දේවල් නොගෙන ඉදිමු. (නි)
ළගදීම මේ කළකම් එයාලට පළදේවි. (නි)
තමිල්නාඩුව ඉන්දියාවේ දෙවැනි කාෂ්මීරය වන ළකුණු පහළ වී ඇත. පින්වතුනි, ඉවසන්න. (නි)
අපේ මහා නාහිමිවරු මෙලෙස ඉදිරිපත් වීම ගැන සතුටුයි. (නි)
ඉන්දියාවේ මාධ්‍ය නාලිකායක අද දිනදී ලංකාව සහ ජිනීවා ප්‍රශ්නය ගැන විද්වතුන් කිහිප දෙනෙකුගෙන් මත විමසීමක් කළා. ඒ මොහොතේ දිල්ලියෙන් ඉදිරිපත්වූ කිහිපදෙනාම ලංකාව ගැන සුබවාදීව කතා කරපු අතර තමිල්නඩුවෙන් ඉදිරිපත් වූ දෙදෙනාම ලංකාවට විරුද්ධව කතා කළා.මට මෙය අහම්බෙන් නැරඹීමට ලැබුනේ. මට හිතුන දේ නම් මතුපිටින් බලා යම්කිසිදයක් විවේචනය නොවටී යන්නයි. අපි හිතන තරම් ඉන්දියන් මිනිසුන් අපට විරුද්ධ නැත (නි)
හොදම දේ ඉන්දීය බඩු වර්ජනය කිරිමයි. (නි)
ඔවු. අපිට ඉන්දියන් බඩු ඕනෑම නැහැ. (නි)
හැම දෙනාම මේ අසාධාරණ වැඩේ හෙලා දකිනවා (දී)
කනගාටු දායක සිද්දියක් තමයි (දී)
මුළු රටේම කනස්සල්ල (දී)
අපිත් දැඩි කනස්සල්ල පල කරනවා (දී)
කොටි වෙනුවෙන් කදුලු සලන්න එපා (දී)
බුදුරදුන් වැඩි ස්ථාන තමිල්නාඩුවේ නැත. එනිසා එහි නොගිහින් සිටීම හොදය. (නි)
බලන්නඩකෝ තමිල්නාඩුවට මේවට දිට්ධ ධම්මවේධනීය කර්මය ලගදීම පළිසන් දෙන හැටි. ඒව ස්වභාවධර්මයාගෙන්ම සිද්ධ වෙයි.(නු)
අපි ඉන්දියානු නිශ්පාදන වර්ජනය කරමු විශේෂයෙන්ම ඉන්දියන් ඔයිල්..!
අමිල ඔයා කියන දේම තමයි මට ත් කියන්න තියෙන්නේ.. (නු)
මිනිස්සු මෙ වෙනුවෙන් ජීවිතය කැප කරන්න උනත් ලැහැස්තියි (දී)
මානව හිමිකම් ගැන කතාකරන අයට මේවා නොපෙනෙන්නේද? (නි)
තව ටික කාලයකින් ඉන්දියාවත් අසාර්ථක රාජ්‍යයක් වේවි. (නි)