(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල. කණ්ඩලම, කැප්පැල ප්‍රදේශයේ අවමගුල් ගෙදරක පිරිසක් සහ මල්වර වූ දියණියකගේ උත්සවයක් පැවැත් වූ නිවසක දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තවත් 18 දෙනකු අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය පවසයි.
දැරියගේ මල්වර වූ සතුට සමරමින් පිරිසක් මත්පැන් සාද පවත්වා ගීත ගායනා කරමින් මහ ඉහළින් සතුටු වන්නට වෙද්දි මළ ගෙදර පැමිණි පිරිස ඊට දැඩි ලෙස උරණ වී දෙපිරිස අතර ඇතිවූ කතාබහක් අවසානයේ දී ගැටුමක් බවට පරිවර්තනය වී ඇතැයි පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.
ගැටුම අතරතුර මළ ගෙදර පාර්ශවයේ පුද්ගලයන් දෙදෙනෙකුත් මල්වර පාටියේ සිටි එක පුද්ගලයෙකුත් තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
පසුව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස් .පී .එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි විවිධ පැමිණිලි අංශයේ සහ කොවිඩ් මර්ධන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුනිල් කරුණාතිලක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් කණ්ඩලම ප්‍රදේශයට ගොස් නිරෝධායන නීති කඩමින් පුද්ගලයන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊට අමතරව ගැටුම සඳහා සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 7 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.
මුළු වූ රටක දැඩි අවදානම් තත්ත්වයක් තිබියදීත් සියලු නීති උල්ලංඝනය කරමින් ගම්මාන වල සිදු කෙරෙන මෙම කටයුතු නිසා ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාවට බරපතල තර්ජන එල්ල වන බව දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක පී එදිරිසිංහ මහතා පැවසීය.
මල ගෙදර පිරිසටත් වැඩිවියට පත් වූ දැරියගේ සාද පැවැත්වූ පිරිසටත් දැඩි ලෙස අවවාද කළ පොලීසිය මෙම 18 දෙනාම දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් ජයග්‍රහණය කළ ඩොනල්ඩ් ට්‍රම්ප්ට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සුබ පතා ඇත. ‘ට්‍රම්ප් ධෛර්යවන්ත පුද්ගලයෙක්’
දකුණු කොරියානු ජනාධිපති යුන් සුක් යෝල් බිරිඳ කිම් කියෝන් හේ සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටියේය. ඒ, කිම් කියෝන් හේ ඉතා මිල අධික ‘ඩියෝර්’ වර්ගයේ අත්බෑගයක් ත
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා
ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං
වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මල්වර උත්සව - මළගෙදර ගැටුමෙන් 3 ක් රෝහලේ : 18 ක් පොලිසියේ
upul Monday, 25 January 2021 10:20 AM
මේ උත්සව තහනම් නේද?