අත දරුවකු සමග මාතර සිට වේහැල්ල - දික්වැල්ල දක්වා පෞද්ගලික බසයක යමින් සිටි කතක ක්ලාන්ත වී බසයෙන් වටෙද්දී දරුවා වීසි වී ගියේය.
රියැදුරා වහා බසය රෝහලට රැගෙන ගියේය. රෝහල් පොලිසියේ ස්ථානාධිපති සාගර සිරිවර්ධන මහතා දරුවා සිය බාරයට ගත්තේය.
මේ මව හා දරුවා ගැන තොරතුරු කිසිවක් පොලිසියට ලැබී නැත.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සත් ගුණවත් භාවයෙන් පිරුණු ලංකාව? (නි)
දම්මිගේ ගෙදර කාටහරි එහෙම වුණහමත් කියන්නේ මෙහෙමද? (නි)
හොද මිනිසුන් වෙමු. (නි)
ආදරණීය පුතේ, මේ මාමලා නැන්දලා කියන දේවල් ඔයාට තේරුම්ගන්න තව ගොඩාක් කල් තියෙනවා. ඒවා තේරුම් ගන්න මහන්සි වෙන්න එපා. බඩ පිරෙන්න කන්න.පොලිසියේ මාමලා අතරේ හොද අය ගොඩක් ඉන්නවා පුතේ.බයවෙන්න එපා. අම්මිට තෙරුවන් සරණින් ඉක්මනටම සනීප වෙයි. (නි)
ශ්රී ලංකාවෙ අදටත් මනුස්සකම දන්න මිනිස්සු ඉන්නවා ඒ ගැන සතුටුයි..!(නු)
ඒගැන තව විස්තර අපි බලාපොරොත්තු වෙමු..!!(නු)
රටේ ඉන්න හුග දෙනෙක්ට තුන් වේලෙන් එක වේලක් කන්නවත් පුලුවන්කමක් නැති එකේ මෙහෙම කලන්තේ හැදෙන එක පුදුමයක් නොවෙයි. (නි)
ජයසිරි, ඒ ගැන විස්තර ඕනෑ නම් පොලිසියෙන් හරි රෝහලෙන් හරි ඉල්ලා ගන්න. (නි)
පිස්සු හැදෙනවනේ. (නි)
මෙවැනි රියදුරෙකු ගැන දැනගන්නත් ආසයි.... (ස)
මම ඒ මනුස්සයව බස් එකෙන් වැට්ටුව කියල පොලිසියෙන් මට ගහයි කියල බයට තමයි මම ඒ මනුස්සයව ඉස්පිරිතාලයට අරන් ගියේ - රියදුරා (ස)
නියමයි. ඔහු නියම වීරයෙක්. (නි)
එම මවට සහ දරුවන්ට ඉක්මන් සුව ලැබේවා! රියදුරු මහතාට ස්තූතියි. (නි)
අනේ පවු නේද? (නි)
අනේ පව් නේද?(නු)
මිනිස්සු පොලිසියට බනිනවා දොස්තරලට බනිනවා. කොන්දොස්තලාට බනිනවා. රජයේ සේවකයනට බනිනවා. හැමොටම බනිනවා. අපි අපිටම බැනගන්නවා. අර දිපාල් සිල්වා කියපු සිංදුව හරියටම හරි (අ)
ඔක්කොම හොඳයි හැබැයි පොඩි එකාව කොහොමද ෆොටෝ අරන් තියෙන්නේ (අ)
රියදුරු මහත්තයාට පින් සිද්ධ වෙනවා. අම්මේ ඔබට ඉක්මන් සුව ලැබෙන්න ඕනේ. (අ)
අනේ මට හරි ආසයි චූටි පැටියට බත් කටක් කවන්න.. අපි රට ඉන්න හින්දා දරුවෙකුගෙ හුරතලයක් බලන්න අපිට නැහැ.. බලන්න පුතා බත් කන ලස්සන.. ඇස් වලට කුදුළු එනවා..පුතු පැටියෝ ඔයාට බුදු සරණයි..!!(නු)
වනසිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් මැනි මිනිසුන් ඇත...!! එවන් මිනිසුන්ට චිරාත්කාලයක් වැජබෙන්නට වරම්...!!(නු)
දැන්කාලේ මේ වගේ මිනිස්සු හොයාගන්නත් අඩුයි..(ස)
හොද වැඩක්. (නි)
ඒකිනෙකාට දොස් කියා ගන්න ඒක දැන්වත් නතර කරල අපි අපේ අයට හැමවිටම උදව් කරමු. අපි හැමෝම මිනිසා කියන නමෙ තේරැම හිතට ගන්න බලමු. (නු)
නියමයිනේ. (නි)
එම හදිසි අවස්තාවේදී උදවු කිරිමට පැමිණි සියල්ලන්ටමත්, පොලිසියටත් අපගේ ප්‍රණාමය! (නි)
මහත්වරුනි, අප අවට සිටින හැමදෙනම නොයෙක් ලෙඩ රෝග අමාරුකම්,ආබාධ තියෙන අයයි. මුහුණ බලලා කියන්න බැහැ තියෙන අමාරු. කුසගින්නේ ඉඳලා ක්ලාන්ත වුණාද දන්නෙ නැහැ. ආසනයක් නොලැබුණාම ගමන් යනකොට මොනතරම් අපහසුද? හැම විටකම අපහසු අයට උදවු කරන්න. (නි)
මට හරියට පැහැදිලි නැහැනේ. (නි)
අනේ මේවා අහද්දි ඇත්තටම ඇඩෙනවා. මිනිසත්කම තිබුණු රියදුරුට පින්. (නි)
මවට ඉක්මන් සුව පතමි. (නි)
බසය රෝහලට ගෙනිහිල්ලා තියෙන්නේ කාන්තාව නැතුවද? (නි)
එවැනි දේ වලින් අපට වැඩක් නැත. (නි)
පවු, අසරණ මිනිස්සු. ඉක්මන් සුව ලැබේවා! (නි)
හොද රියදුරෙක්. (නි)
දැන් මිනිස්සුන්ට කන්න බොන්න විදියක් නැහැ. ආශ්චර්යය නම් තමයි. ඒත් ඉතිං? (නි)
අනේ පවු. (නි)
කන්නාඩි හදන කඩේටනම් නොමිලේම ප්‍රචාරය.. (ස)
අනෙක් රියදුරු සහ කොන්දොස්තරලාටත් මෙතුමා හොද ආදර්ශයක්. (නි)
මදි. මදි. විස්තර මදි. (නි)
ජනතාව කන්න නැතුව ඉතා අමාරුවෙන් සිටී... සමහරු රු. 2500 ජීවත් වෙන හැටි කියාදෙයි.. (නු)
අතළොස්සක් දෙනා නොමිනිස් ගති ඇත්තන් වුවත් අපේ සමාජයේ තවමත් මිනිස්කම සුරුකිව තිබෙනවා. (නි)
පවු. මොකක් හරි අසරණකමක් ඇති. (නි)
මෙයාව වැටුණේ බසය තුළටද? බසයෙන් පිටතටද? (නි)
අසංක, ඔයා සම්පූර්ණයෙන් නිවැරදියි. (නි)
මවට ඉක්මන් සුව! (නි)
පවු අහිංසක මිනිස්සු! (නි)
මනුස්සකම තියන මිනිස්සු තවමත් අප අතර ඉන්නවා. ඒ අයට ස්තූතියි. (නි)
රියදුරු මහතාට ස්තූතියි. (නි)