IMG-LOGO

2025 අප්‍රේල් මස 28 වන සඳුදා


මවකගෙ සෙනෙහස මෙලෙස ද පුතුනේ

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

හත් හැවිරිදි දරුවකුට අමානුෂික ලෙස පහරදුන් බව කියන මවක සහ මිත්තණියක අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලීසිය කියයි.

ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් මගින් ප්‍රාදේශීය ලේකම් වරයාට ලැබුණු වීඩියෝ පටයක් අනුසාරයෙන් පරීක්ෂණ පැවැත් වා මෙම මව සහ මිත්තණිය අත්අඩංගුවට ගෙන ඇත්තේ අද පස්වරුවේ දීය.

ගනේගොඩ ප්‍රදේශයේ වෙසෙන මෙම පවුලේ දරු තිදෙනකු විහාරස්ථානයක දිවි ගෙවන බවත් ඔවුන් තිදෙනා නිවසට පැමිණි අවස්ථාවේ මිත්තණියට වන්දනා නොකළැයි කෝපයට පත්ව මව සහ මිත්තණිය පහරදී ඇතැයි පරීක්ෂණවලදී හෙළි වී තිබේ

වයස අවුරුදු දාසය නමය හා හතේ දරු තිදෙනා විහාරස්ථානයක වෙසෙන අතර දියණිය පමණක් මෙම නිවසේ සිට ඇතැයිද මව සහෝදරයාට පහර දෙන අවස්ථාව වීඩියෝ ගත කර ඇත්තේ එම දහතුන් හැවිරිදි දියණිය  බවද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත

දරුවාගේ ප්‍රකාශය  සටහන් කළ බවත් ඔහු අද වෛද්‍යවරයෙකු වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් පල්ලවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත රත්නායක මහතා පැවසීය.

 

 



අදහස් (20)

මවකගෙ සෙනෙහස මෙලෙස ද පුතුනේ

පූජා Tuesday, 27 April 2021 03:07 PM

ආදරයේ උල්පත වූ අම්මා, මා ඔබගේ පුතු වූ, ඔබ මතු බුදුවන දවසේ, මා රාහුල කුමරුන් සේ, සෙවණ පතා අද මෙන් පැමිණෙන්නෙමි, සුළඟිල්ලේ එල්ලී... මේ මව් ගුණ ගීතය මේ යක්‍ෂ ගැහැණුන් අසා තිබෙනවාදැයි සැකයකි.. වීඩියෝ කරපු ගැහැණු දරුවාටත් දෙවියන්ගේම පිහිටයි.. දරුවන් හදා වඩා ගන්නට බැරිව පන්සලට බාර දුන්නාට, මේ අම්මණ්ඩිට නම් කෑමෙන් බීමෙන් අඩුපාඩුවක් නැති හැඩයි.. පව් අර පොඩි දරුවා...

:       0       26

PradeepWednesday, 28 April 2021 06:02 AM

බඩගිනියි අම්මේ කියලා දරුවා කියනකොට මෙහෙම ගහන්න පුළුවන් නම් ඒ යක්ෂණියක් මිසක් අම්මෙක් නම් වෙන්න බෑ..

:       0       22

JeewanFriday, 30 April 2021 08:06 AM

පින් කෙත හෙළ රන් දෙරණේ යලි කිසිදා නොඉපදෙවා. මම ජීවත් වන්නේ ස්වීඩනයේ. මගේ මොකක් හෝ පෙර කුසල කර්මයකට මෙහෙට එන්න ලැබුනා. මෙහෙම දෙයක් මෙහෙ ළමයෙක්ට සිද්ද වුනොත් පහුවෙනිදාම ලමයව රජයට බාරගෙන ළමයෙක් රැකබලා ගන්න කැමති ලියාපදිංචි වී ඇති පවුලකට බාරදෙනවා ( තනිකම මකා ගැනීම සදහා එසේ ලියාපදිංචි වී ඇති කරුණාවන්ත පවුල් ඕනා තරම් ඉන්නවා). ඒ වෙනුවෙන් ආණ්ඩුවෙන් එම පවුලට ළමයා බලාගැනීම වෙනුවෙන් මාස් පතා සැලකියයුතු මුදලක්ද ගෙවනවා. සතියකට හෝ දෙකකට වරක් එම ළමයා වෙනුවෙන් පත් කල විශේෂ නිලදාරියෙක් ළමයාව මුණ ගැසී කතා කොට විස්තර සහ ඕනෑ එපාකම් විමසනවා. ළමයා අවුරුදු 18ක් වෙනකන් සියලු වියහියදම් දරා ආරක්ෂා කාරීව ජීවත් කරවනවා. දඩුවම් පැමිණ වූ මව හෝ පියා ගේ මානසිකත්වය පරීක්ෂා කොට වයිද්‍ය ප්‍රතිකාර හෝ වරද අනුව යම් කිසි ස්වයං පශ්ශත්තාප විය හැකි දඩුවමක් නියම කරනවා.

:       0       1

ජයන්ත මිලානො Tuesday, 27 April 2021 03:48 PM

උදේ හවස බණ අහන හදවත කුරිරු මිනිස්සු .

:       30       6

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 27 April 2021 03:49 PM

" මවගේ සෙනෙහෙ කිම ? මේ ලෙස ලැබ පුතුනේ ... පුංචි සිතට ඇයි දෝ මේ දුක ලැබුණේ ... ලේ කිරිකර පෙවූ මව් සිත උණු නොවුනේ ... මොන පවකටද නුඹ හට මේ මව ලැබුණේ ... "

:       0       5

සමන් Tuesday, 27 April 2021 05:55 PM

දිගටම බලන්න බැහැ , හම්මෝ පොඩි එකා. දරුවන්ට ආදරේ දෙන්න ඕනේ, වැරදි ආදරෙන් පෙන්වලා දෙන්න ඕනේ.

:       0       2

Pradeep Tuesday, 27 April 2021 06:04 PM

අපොයි දෙවියනේ.. අම්මා කෙනෙකුට මෙහෙම දරුවෙකුට ගහන්න පුළුවන්ද?.. මොකක්ද මේ රටේ මිනිස්සුන්ට වෙලා තියෙන්නේ.. තමන්ගෙම දරුවෙකුට මෙහෙම පහර දෙන මේ ගැහැණු වෙනත් දරුවෙකුට මොනවා කරයිද?..

:       0       4

හසිත Tuesday, 27 April 2021 11:02 PM

මේකටද අමානුෂිකයි කියන්නෙ?? අපේ අම්මත් මට ගහලා ඇති ඔයිට වඩා දරුණුවට.. මිනිස්සුන්ගෙ අනුකම්පාව දිනාගන්න හොඳයි.. පොඩි ළමයි හදන එක එක විදි තියනවා.. මේකත් එක විදියක් විතරයි මට නම්..

:       12       1

Raveendra Tuesday, 27 April 2021 11:43 PM

දවස ආරම්භයේ දීම අපට කියවීමට ලැබුනේ දරු සෙනෙහස පිලිබදව අසංවර පුවතකි.

:       0       1

Lockdown-AUS Tuesday, 27 April 2021 11:56 PM

ඔතරම් පහර දෙන්නත් පන්සලක නවත්තලා තියාගන්නත් බැරි නිසා වෙන්න ඇති නේ..... මට දෙන්න ඔයා කුඩා ළමයා මම කවලා පොවලා පාසල් යවලා දරුවාගේ අනාගතය හදලා දෙන්නම්.....

:       8       3

මුණසිංහ Wednesday, 28 April 2021 01:47 AM

මෙතන විශාල ඛේදවාචකයක් තියෙන බව පේනවා. ළමයි තුන්දෙනෙක් ඉන්නේ විහාරස්ථානයේ. සමාජ ගැටළුවක්. දඬුවමට අමතරව විසඳුම් දිය යුතු ගැටළුවක් තිබෙනවා.

:       9       7

Buddhika Wednesday, 28 April 2021 03:17 AM

ළමයා මුරණ්ඩු කියලා පේනවා.. ආච්චිට වඳින්න කියන්නේ... අම්මාට අවනත නැහැ දරුවා.. අපිට අපේ අම්මා මීට වඩා ගහල හදලා තියෙන්නේ පොඩි කාලේ.. මෙහෙම පොඩි කාලේ ගහලා හදන්නේ නැත්නම් ලොකුවෙලා පොලිසියේ හිරේ, බන්ධනාගාරයේ්‍, එතැනින් පාතාලයේ කෙනෙක් එක්ක සෙට්... ඊට පස්සේ පවුලේ කට්ටිය ඔක්කොම අමාරුවේ.. මේක සමාදානයෙන් විසඳුමක් දීලා කරුණු අවබෝධ කරන්න ඕනෑ දෙයක්.. දෙපැත්ත ගැනම කරුණු හරියට විභාග කරලා..

:       39       11

සුනිල්Wednesday, 28 April 2021 07:59 AM

දරුවෙකුට දඬුවම් කරන්න ඕනෑ වැරැද්දක් කළොත්, නමුත් මේ වගේ අමානුෂික ලෙස දඬුවම් කීරීම කිසිසේත් අනුමත කළ නොහැක.

:       2       30

Sanju Wednesday, 28 April 2021 04:47 AM

ඒ දරුවා වදපු කෙනාගේ නම ගම නැත්තේ ඇයි? 

:       2       10

amara Wednesday, 28 April 2021 05:38 AM

කොල්ලා නොසණ්ඩාල වැඩක් කරා නම් අම්මට තිබුණා පොලිසි යන්න... මේක බලන හැම අම්මම නීතියට අනුව ඒ විදියට කරන්න...

:       1       18

mihira Wednesday, 28 April 2021 06:02 AM

මේ වගේ ගෑණු ඉන්නවා ඔනෑ තරම්... ඒ අයටත් තේරෙන්නේ මේ කාන්තාව අවුරුදු 10ක් වත් හිරේ යවන්න ඕනේ...

:       9       12

Buddhika Wednesday, 28 April 2021 06:44 AM

අපේ අම්මලා අපිට ගහන කාලේ එෆ්.බී. තිබ්බා නම්, අම්මා තාම හිරේ, ආච්චි අම්මාට පයින් ගැසූ දරුවාට ඇයගෙන් සමාව ගන්න කියලා තමයි ඕක වෙන්නේ. ගහන්නෑ වැඳපන් කියලා කියද්දීත් ඇට්ටරකමට නිකං ඉන්න හින්දා තමයි ඔය ශොට් ටිකක් වදින්නේ. හරි වැරැද්ද කොහොමද දන්නෑ. ළමයි වුණාමත් ටිකක් කීකරු වෙන්න ඕනෑ. නැත්නම් ආච්චිඅම්මාට උස්සපු කකුලම තමයි හෙට අම්මාටත් උස්සන්නේ..

:       4       50

සනත් ඉතාලිය Wednesday, 28 April 2021 07:07 AM

මෙතන ප්‍රධාන වැරදිකාරිය මිත්තණිය. හොදටම පේනවා ඇය වැදුම් ගන්න බලාගෙනම ඉන්නවා. දරුවට ගහන්න ගහන්න බලන් ඉන්නවා. හොද නරක දන්න වැඩිහිටියෙක් නම් කරන්නෙ මුලින්ම දරුවා අම්මගෙන් ඈත්කරගෙන පහරදීම වළකන එක. ඒකෙන්ම දරුවාගේ හිතේ මිත්තනිය කෙරේ සියුම් ආදර හැගීමක් ඇතිවෙනවා. ඒක හැගීමෙන් එන්න ඕනෙ ඒ හැගීම ඇතිකරගන්න වැඩිහියෝ දැනගන්න ඕනෙ දරුවෝ ඉදිරියේ හැසිරෙන්න.. අත්තම්මා දැනගන්න ඕනෙ හීන් නූලෙන් දරුවාව හොඳ මඟට හරවාගන්න.

:       1       36

RaveendraWednesday, 28 April 2021 11:15 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය...

:       2       20

Purnima prabadhini Friday, 30 April 2021 01:03 PM

මේ අයට දඩුවම් නම් ලැබියයුතුමයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ඡන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 30ක් පොලිසියට මාට්ටු
2025 අප්‍රේල් මස 28 10 0

මැතිවරණ නීතිය උල්ලංඝනය කළ පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයෝ 30 දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටිති.


ත්‍රිරෝද-රන් බඩු කොල්ල කල්ලියක 4ක් අල්ලයි
2025 අප්‍රේල් මස 28 146 0

ත්‍රිරෝද රථ රියදුරන් කුලී ගමන් යන මුවාවෙන් රැගෙන ගොස් තියුණු ආයුධ පෙන්වා , යකඩ පොලු වලින් පහරදී ත්‍රිරෝද රථ සහ රන් භාණ්ඩ කොල්ලකෑමේ යෙදුණු සංවිධානාත්මක


උසස් පෙළ නැවත සමීක්‍ෂණයට අයදුම්පත් කැඳවයි
2025 අප්‍රේල් මස 28 121 0

උසස් පෙළ විභාගයේ (2024) ප්‍රතිඵල නැවත සමීක්‍ෂණය සඳහා ලබන මැයි මස 2 වැනිදා සිට 16 වැනිදා දක්වා අයදුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පැවසීය.


අල්ලස් කොමිසමේදී රනිල්ගෙන් පැය තුනක ප්‍රකාශයක්
2025 අප්‍රේල් මස 28 886 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැය තුනකට ආසන්න කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ දී ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර පි


අකුණක් 5ක් රෝහලට යවයි
2025 අප්‍රේල් මස 28 368 0

අනුරාධපුර වන්දනාවේ පැමිණ බසවක්කුලම (අභය ) වැවේ දිය නාමින් සිටි පිරිසකට අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බ


‘මහනුවරට රෝග බෝවීමේ අවදානමක් නෑ‘
2025 අප්‍රේල් මස 28 612 4

දළදා දැක්මෙන් පසු මහනුවර නගරයට කිසිදු ආකාරයක රෝග බෝවීමේ අවදානමක් නොමැතිි බව මහනුවර නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය පසන් පැරකුම් ජයසිංහ මහතා කිය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 982 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 427 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 575 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site