IMG-LOGO

2024 නොවැම්බර් මස 25 වන සඳුදා


මාස තුනට ලංවීමට කෝටි 4431ක පාඩුවක්

(රංජන් කස්තුරි)

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉකුත් මාස තුනේදී රුපියල් කෝටි 4431ක මූල්‍ය පාඩුවක් සිදුව තිබේ.

මේ වසරේ ජූලි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාර්තුවේ වෙනුවෙන් ලංකාවිදුලි බල මණ්ඩලයට එම පාඩුව සිදුව ඇතැයි එම මණ්ඩලයට නිකුත් කළ මූල්‍ය වාර්තාවේ සඳහන් වේ.

ලංකා විදුලි බලමණ්ඩලය ඉකුත් 2021 වසරේ එම කාර්තිවේදි රුපියල් කෝටි 2145ක පාඩුවක් ලබා  තිබිණි.



අදහස් (18)

මාස තුනට ලංවීමට කෝටි 4431ක පාඩුවක්

Gayan Wednesday, 16 November 2022 02:34 PM

මෙච්චර ගණන් වැඩිකරලත් පාඩුයි නම්, CEB එකේ ඉන්න මිනිස්සු වෙන්න බෑ.

:       0       51

ud jayawardna Wednesday, 16 November 2022 02:58 PM

ලංවීමේ පාඩුව ගැන කතා කරනවා, ලංකා විදුලි බල මණ්ඩලයේ ආයෝජනයෙන් ආරම්භ කරපු Lanka Transfomars සමාගමේ පාලකයින් කූට ලෙස ලංවීමට අයිති කොටස් ESLOT නම් ආයතනයක් හර්හ පුද්ගලික් නම් වලට හිමි කරගෙන තිබෙනවා .. මේවා සුදු කරපටි මංකොල්ලා මේවා ගැන හොයන්න එකෙක් නෑ

:       1       51

කිරිපුතා Wednesday, 16 November 2022 03:10 PM

මිනිසුන් ට එපා වෙනකම් විදුලි බිල උස්සලා තවත් පාඩුයිද ? ඇතුලෙ හොරා කන ඒවා තමයි ඔය

:       0       48

යෝගා Wednesday, 16 November 2022 03:11 PM

මූල්‍ය පාඩුවක් නෙවෙයි වංචාවක් කියල කියන්න. ජලාශ පිරෙන්න වැහැලා. බිල වැඩි කරලා. ඵ්ත් පාඩුයිලු. ඔන්න ඔය මූසල මංඩලය මුලුමනින්ම විකුණලා දාන්න බැරිද

:       0       56

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 16 November 2022 03:20 PM

පාඩු සිදුවන්නේ,මේ රටේ විදුලි පාරිභෝගිකයන් නිසා එහෙම නොවෙයි.අසාමාන්‍ය පඩි නඩි,අධි සුඛෝපභෝගී රථ වාහන,කාර්යාල හා අනෙකුත් පහසුකම්,බොහෝ ආණ්ඩු විසින් තමන්ට කඩේ ගිය හා දරදිය ඇද්ද අය බුරුතු පිටින් සුදුසුකම් වලට වඩා දේශපාලන සුදුසුකම් මත බඳවා ගැනීම,දේශපාලකයන්ගේ උවමනා ඕනෑකම් ආදිය ගැන වෙහෙසීම ඇතුළු තවත් වංචා දූෂණ නිසා මේ සා විශාල මුදල් ප්‍රමාණයක් පාඩුවී ඇති බව පෙනේ.මේ සඳහා දක්ෂ රහස් පොලිස් නිලධාරීන් යොදවා මේ පාඩුවූ ආකාරය ගැන නිසි විමර්ශනයක් කරන්න.රහස් පොලිස් පරීක්ෂණ වලට බාධා හා බලපෑම් එල්ල නොකරන්න.එවිට,හොඳ හොඳ දේවල් බලාගන්න පුළුවන් වේවි.

:       1       40

sharm warn Wednesday, 16 November 2022 03:20 PM

ලයිට් පුළුවන් තරම් කැපුවා .මිනිස්සු බිලත් ගෙවුවා කොහොම කොහොම හරි .මොන මගුලක්ද මේ හැමදාම පාඩුයි පාඩුයි කියන්නේ?පාඩු වෙලා තියෙන්නේ මොන හේතූන් උඩද කියලා පැහැදිලි කරන්න බැරිද?මේක හරි මගුලක් වුනානේ

:       0       38

මහසෙන් Wednesday, 16 November 2022 03:22 PM

ඕක මෑත කාලයේ ලාභ ලැබූ බවක් කාට හෝ මතකයේ තියෙනව ද? නිලදාරී මාෆීයාවයී ඊට නොදෙවෙනී සේවක මාෆියාවයි මෙතෙක් රට කල උන්ගේ හෙන්චයියෝ පුරවන තැනක් වන මෙය පුද්ගලීකරනය කර යුතුමයි.

:       0       37

මුදියන්සේ.... Wednesday, 16 November 2022 03:55 PM

ජනතාවට තවත් බර නොදී දූෂණය, වංචාව රජයන මෙම විදුලි බල මණ්ඩලය වහාම පෞද්ගලිකරණය කිරීම හැර වෙනත් ගොඩ ඒමට විකල්පයක් නොමැත. පෞද්ගලිකරණය කිරීම තුලින් අතිරික්ත සේවකයින් ඉවත් කොට වංචාව සහ දූෂණය දුරු කිරීමට පියවර ගත් පසුව මෙම මණ්ඩලයට හොද කාලයක් ලබන ආකාරය රටේ ජනතාවට දැකගත හැකි වේවි.

:       0       32

චන්දිම ෆොන්සේකාWednesday, 16 November 2022 08:20 PM

අපේ රටේ පුද්ගලික කරණයත් හරිම කල්පනාවෙන් කරන්න ඕනි දෙයක්. මොකද බොහෝ ආයතන ඔය පුද්ගලික කරණය කරනවා කියාලා අන්තිමට කලේ තිබිච්ච සම්පත් ටිකත් හොරට විකුණගෙන සියල්ල නැති භංගස්ථාන කරපු එකයි. බලන්න තුල්හිරිය වේයන්ගොඩ පෙහෙ කම්හල්, සිදුවේ තෙල් සහ මේද ආයතනය ඔය එකක් දෙකක් විතරයි. ඒ නිසා මේ වර්තමාන දේසපාලන සහ නිලධාරි යක්කු පෙරේතයෝ යටතේ පුද්ගලික කරණයත් හරිම අවදානම්.

:       2       0

විපරමා Wednesday, 16 November 2022 04:00 PM

ල..වි.ම. කවද්ද ලාභ ලැබුවේ? ඔතන ඉන්න කාගේ කාගෙත් කෙරුවාවල් ගැන අපිට අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. සිදුවෙන වන්චා. දූෂණ ,අක්‍රමිකතා ගැන දන්නො හොඳාකාරවම දනිති .

:       0       29

Rohana Wednesday, 16 November 2022 04:42 PM

ලංකාව හොරුන්ගේ සහ මංකොල්ලකරුවන්ගේ මධ්‍යස්ථානයක් වෙලා. කොච්චර මිල වැඩිකළත් පාඩුවේ අඳෝනාවමයි.

:       0       19

ගජමිතුරු Wednesday, 16 November 2022 05:03 PM

මණ්ඩලයේ අයගේ තියෙන්නේ හොරකම, වංචාව හා දූෂණය පමණයි. සමහර ව්‍යාපෘති කරද්දී ජනතාවට අයිති දේපළ විනාශ වෙන ආකාරයට කටයුතු කරන අවස්ථා අනන්ත තියෙනවා.. උදාහරණයක් කියනවා නම් රජයේ ඉඩම් හරහා චුට්ටක් දුරින් විදුලි මාර්ගය යොදන්න හැකියාව තියෙද්දී කෝටි ගණනක් වන්දි ගෙවීමට සිදුවන ආකාරයට පුද්ගලික ඉඩම් විනාශ කරමින් පුද්ගලික පළිගැනීම් ලෙසට විදුලි මාර්ග සැලසුම් කරනවා. රජයේ ඉඩම් හරහා ගියාම චුට්ටක් දුර නිසා වැඩිවන මුදලට වඩා විශාල ලෙසට වන්දි ගෙවීම් නිසා අධික ලෙසට පාඩු ලබනවා... එහෙම කටයුතු කොපමණ තිබේද බලන්න... මේවාට සමහරක් ජනතා විරෝධතා නොසලකා කටයුතු කරන ස.ප්‍රා.ලේලා / ප්‍රා.ලේ ලාත් හවුල් කියන්න පුළුවන්... මොකද ඔවුනුත් පෘතග්ජන මිනිස්සු නිසා ව්‍යාපෘති වෙනුවෙන් ලැබෙන මාසික දීමනාවට අමතරව තවත් කීයක් හෝ ගන්න බලනවා වෙන්න පුළුවන්...

:       0       15

බද්රානි Wednesday, 16 November 2022 07:40 PM

අනේ මන්දා, ලංකාවේ මෝඩයින් හැමදාම ප්‍රශ්න තලු මරමර නාහෙන් අඬන එකනේ කරන්නේ... ඕකට තියන එකම හා සරල විසඳුම, ඔය විදුලි බල මණ්ඩලය පිටරටකට හෝ විදේශීය සමාගමකට විකුණන්න. පැය විසි හතරම විදුලිය ලැබෙයි. අපි මේ වියදම් කරන මුදලටම. හැබැයි ඉතින් ඔය ආගමික ස්ථානවලට පිනට විදුලිය දෙන්න, ඒ කාටවත් පිස්සු නැහැ.

:       0       12

Saman Wednesday, 16 November 2022 09:51 PM

යකෝ ‌මේමාසෙ අන්තිමට අපි බිල ගෙවනව නම්, ලයිටුත් කපනවනම්, අර්ටිකෙත්දැන්ටු ටිකක් හොඩයි නම් මෙ පාඩුව ගැන ටිකක් හොයල බලුවොත් නරකද මුන් කියන්නෙ

:       0       1

chandima Thursday, 17 November 2022 02:18 AM

මණ්ඩලයට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ගෙනෙන්නේ පිට රටින්.ඒකාලේ පාඩුව රුපියල් 175 න් බෙදපුවාම එදා වුනු පාඩුව ඩොලර් වලින් එනවා .මෙදා පාඩුව රුපියල් 367 න් බෙදපුවාම මෙදා පාඩුව ඩොලර් වලින් එනවා .ඒ වගේම මිනිස්සු විදුලියට එදා ගෙවල් තියන ගාන රුපියල් 175න් බෙදපුවාම ලැබුණු ආදායම ඩොලර් වලින් එනවා .මෙදා ආදායම 367 න් බෙදපුවාම මෙදා ආදායම ඩොලර් වලින් එනවා .බෙදලා බලන්නකෝ වෙලා තියන දේ ?

:       0       0

Willow Drive Thursday, 17 November 2022 06:37 AM

කාලකන්නි හොරු රැලකට අපි අසුවී ඇත

:       0       2

රුක්ෂාන් Thursday, 17 November 2022 07:04 AM

කොච්චර පාඩුයි කිව්වත්, දෙසැම්බර් බෝනස් එක නම් වෙලාවට ගනියි.

:       0       3

ගජමිතුරු Thursday, 17 November 2022 12:18 PM

යම් ආයතනයක් දිගින් දිගටම පාඩු ලබනවා නම් රජයේ නීතියක් හෝ පනතක් මගින්ම බෝනස් ගෙවීම තහනම් කරන්න ඕන. මෙතෙක් කලක් මණ්ඩලයේ නිළධාරින් ගෙවියයුතු බදු මණ්ඩලය මගින් ගෙව්වත් මෙවර අයවැය මගින් ඒක තහනම් කරනවා කියලා අහන්න ලැබුනා .ඒ සමගම මෙතෙක් නිළධාරින් ගෙවිය යුතු මුදල් මණ්ඩලය මගින් ගෙවීම් සිදුකල නිළධාරින් ගෙන් එම මුදල් අයකිරීම කරන්න ඕන.දැඩි දඩුවම් නැතුව ලංකාව හදන්න බැහැ

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඩූමෝ කොටසේ නාය යෑම යළි සක්‍රිය වේ
2024 නොවැම්බර් මස 24 89 0

පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි


අලුත් ඇමැතිවරුන්ට අලුත් වාහන නෑ
2024 නොවැම්බර් මස 24 816 0

පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.


ඇමති හදුන්නෙත්තිට ආපු පළමු ඇමතුම
2024 නොවැම්බර් මස 24 3564 1

කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත


මෙරට ධීවර යාත්‍රාවක් කුඩු සමග මාලදිවයින් මුහුදේ දී අල්ලයි
2024 නොවැම්බර් මස 24 946 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර


ශ්‍රීලනිපයක් බෝනස් මන්ත්‍රී ධූරයක් ඉල්ලයි
2024 නොවැම්බර් මස 24 1352 5

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර⁣ දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට


විදුලි ගාස්තු අඩු කිරීම ලබන වසරට කල්යයි
2024 නොවැම්බර් මස 24 1105 2

විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 509 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 730 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2035 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site