IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


මුස්ලිම් ප්‍රජාව සතුරන් නොවේ

බොදුබල සේනා සංවිධානයට මුස්ලිම්වරුන් සමග ප්‍රශ්නයක් නැතැයි ද, එදා වෙළඳාමට ආ මුස්ලිම්වරුන් සිංහල කාන්තාවන් බිරියන් කරගත් බවත් ඔවුන් මෙරට සිටින පේ හතුරන් නොවන බවත්, එහෙත් ඇතැමුන් අරාබි අන්තවාදීන් සමග එක්වී කටයුතු කරන බවත් බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලබඩඅත්තේ ඥානසාර හිමියෝ ඇල්පිටියේදී පැවසූහ.

‘ක්‍රිස්තියානි මූලධර්මවාදීන් වගේම, මුස්ලිම් අන්තවාදිනුම් මේ රටට ඇවිත් සිටිනවා.අද බොරු බුදුවරුන් පහළ වෙලා. රහතන් වහන්සේලා සිටින බවත් පේනවා. එමගින් පන්සලට තිබුණු බැඳීමත් නැති කරලා. මෙය මූලධර්ම වාදීන්ගේ වැඩක්. ජාතික හැඟීම් සිංහලයන් අතරින් නැති කර දැමීමයි අරමුණ.‘

 

 



අදහස් (0)

මුස්ලිම් ප්‍රජාව සතුරන් නොවේ

රනිල් Sunday, 31 March 2013 02:18 PM

හැම ජාතියකම මිනිස්සු ඉන්නවා රටක් උනාම (දී)

:       0       1

සිල්වා Sunday, 31 March 2013 02:13 PM

කරනවා නම් අපේ රට ඇතුළදීම කරන්න මොනතරම් දේවල් තියෙනවාද අපේ හාමුදුරුවනේ? (නි)

:       0       0

හිෂාම් Sunday, 31 March 2013 02:22 PM

“එමගින් පන්සලට තිබුණු බැඳීමත් නැති කරලා. මෙය මූලධර්මවාදීන්ගේ වැඩක“ සමාවන්න ස්වාමින් වහන්ස, පන්සල, පල්ලිය, කෝවිල සමග තිබුණ බැදීම් නැතිවෙන්න පටන් ගත්තේ අද ඊයෙක නොවෙයි. ළමා විය විභාග තරගයටත්, තරුණ විය රැකියා පෝලිමටත්, විවාහක විය පවුල්බර ඉසිලීමටත් ගෙවෙන රටක පන්සල් පල්ලි මතක්‍ වෙයිද? මෙම තත්වය හැමෝටම පොදුයි! (නි)

:       0       1

ශාන් Sunday, 31 March 2013 11:07 PM

ඔබ වැනි කට්ටිය ඉන්න හින්දා අනිත් අයගෙත් නම කැත වෙනවා. කරුණාකරලා දැන්වත් ජාතිවාදය නවත්වන්න (ස)

:       0       0

තුසිත් Sunday, 31 March 2013 02:20 PM

අපි හාමුදුරුවන් සමගයි. ජය වේවා! (නි)

:       1       0

ඉෂාන් - දෝහා කටාර් Sunday, 31 March 2013 02:23 PM

මේක පිටුපස ලොකු දේශපාලන සහායක් තියෙනවා. අපේ සිංහල මුස්ලිම් සහෝදරත්වය නැති කරන්න හදන්නේ (නි)

:       0       2

ෂමිල් Sunday, 31 March 2013 11:22 PM

මෙතෙක් කල් මුස්ලිම් ජනතාවට හා ඉස්ලාම් ආගමට හැකිතාක් නිගාකොට දැන් කියනවා මුස්ලිම් මිනිස්සු සමග ප්‍රශ්නයක් නැතිලු හා මුස්ලිම් මිනිස්සු හතුරන් නොවේලු!! ඇය් දැන් "U" ටර්න් ? (ස)

:       0       1

ඉම්රාන්. Sunday, 31 March 2013 11:31 PM

මේ කියන්නේ බොරුවට ද ? (ස)

:       0       0

පහන් Sunday, 31 March 2013 02:45 PM

කුඩාපොළ හාමුදුරුවෝ ,වාරියපොළ සුමංගල හාමුදුරුවෝ ඉන්න කාලේ මේ අදහස් දාන අය හිටියා නම් මෙයාලා ඒ හාමුදුරුවරුන්ටත් ත්‍රස්තවාදී කියලා කියාවි. කුඩාපොළ හාමුදුරුවෝ පුරන් අප්පුව ඇවිස්සුවා කියලත් කියාවි. (නි)

:       0       0

අසේල Sunday, 31 March 2013 02:45 PM

ඔබට නිවන් සුව (ස)

:       0       1

වසන්ත Monday, 01 April 2013 12:07 AM

සෑම් විතරයි ඇත්තක් කියලා තියෙන්නේ, අන්තවාදීන් වෙනත් නම්වලින් පෙනී ඉන්නවා (ස)

:       1       0

සදුන් Sunday, 31 March 2013 02:58 PM

මම ඉහ මුදුනින් පිලි ගන්නවා ඒ කතාව (දී)

:       0       0

ඉම්රාන් Sunday, 31 March 2013 03:03 PM

100% ඇත්ත කතාව (දී)

:       0       0

රිෆ්ඩි Monday, 01 April 2013 12:27 AM

හාමුදුරුවනේ ඉස්ලාම් ආගම හෝ ක්‍රිස්තියානි ආගම විවේචනය ිකරීමෙන් වේනනේ බෞද්ධයන් බුදු දහම අත හැර යෑමයි. පළමුව තමන්ගේ ධර්මය ප්‍රචාරය කර හොද ගති ගුණ මිනිසුන්ට පෙන්වන්න. ඉබේටම මිනිස්සු බුදු දහම කරා ලඟා වේවි. (ස)

:       0       1

ප්‍රභාත් Sunday, 31 March 2013 03:05 PM

බොදු බල සේනාව කළ යුත්තේ බෝධි පූජායි. (නි)

:       0       0

රොක් Sunday, 31 March 2013 03:13 PM

ගලබඩඅත්තේ ඥානසාර හිමියනි, මුස්ලිම් අය සතුරන් නොවෙයි තමයි. (නි)

:       0       0

මුසේන් Monday, 01 April 2013 10:53 AM

"සිංහල ජාතිය බුදු දහමට වෙන අසාධාරණ ගැන කථා කළොත් ඒක ජාතිවාදයද?" එතකොට බුදුදහමට අසාධාරණ වෙනවා කියලා බුදුන් දෙශනාකල දර්ශනය විනාශවෙන විදිහේ වැඩකලාම බුදුදහම රැකෙයිද? හිතන්න ලොව්තුරා බුදුන් දේශනා කලේ සතුරන්ටත් මෛත්‍රිය කරන්න කියලා මිසක් සිවුර උස්සගෙන කුනුහරුප කියන්ඩවත් නෙමෙයි බුදුදහම රකිනඩ අමුතුවෙන් පිබිදෙන්න අවශ්‍ය නෑ අවුරුදු 2500 වඩා රැකිල තිබුනෙ මෙහෙම ගහමරාගෙන නෙමෙයිනෙ බෞද්ධයන් හරියට හිටියොත් දහම නිකන්ම රැකෙවී.(නදී)

:       0       1

අජන්ත Sunday, 31 March 2013 03:13 PM

අපි කවුරුත් මිනිස්සු (දී)

:       0       0

නලිමි Sunday, 31 March 2013 03:20 PM

අන්තවාදි කන්ඩායම් රට තුළට ඇතුල්වී ඇත්නම් සාක්ෂි සමග බුද්ධි අංශ වෙත පැමිණිලි කරන්න. එසේ නොමැතිව නීතිය අතටගෙන ක්‍රියා කිරිමෙන් නීතිය පමණක් නොව ශාසනයද හෑල්ලුවට ලක්කිරිමකි සිදුවන්නේ (නි)

:       0       0

අමරසේකර Monday, 01 April 2013 01:24 AM

මේ උන්නාන්සේ නූල පත්තුකරලා දැන් වෙන දෙයක්නේ කියන්නේ. වැඩේ අවුට් ඔෆ් කොන්ට්‍රෝල් යනකොට මොනවද කියන්නේ. (ස)

:       0       2

ෂෙරිෆ් Monday, 01 April 2013 01:26 AM

අතිතයමෙන් අනාගතයද එක සිතින් ඇත බොඳවෙලා නිදාසිටි සැම දෙනාම එක්වි වරෙව් සටනට රොක්වෙලා අපායක් මෙන් නැහෙන මේරට යලි හදන්නට එක්වෙලා නවලොවක් අපි හදමු එක්වි සාමයෙන් යලි පිබිදිලා (ස)

:       0       1

රොෂාන් Sunday, 31 March 2013 03:25 PM

එක එක වේලාවට එක එක කථා.අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       1

අරුණ අබේරත්න Sunday, 31 March 2013 03:26 PM

බුදු දහමේ හරයවත් නොදන්නා ආකාරයෙන් කරනා ක්රියා හේතුවෙන් හිස ඔසවන්නේ ජාති වාදයයි.. (ස)

:       0       1

මුතුකුඩ Monday, 01 April 2013 01:49 AM

සෑම්ලා වාගේ නිගන්ඨයෝ එදා බුදුරදුන්ගේ කාලයෙත් හිටියා. ඒ ජානවලින් පැවත එන වන්දිභට්ටයෝ දැන්ද සිටීම පුදුමයට කාරණාවක් නොවේ. (නි)

:       0       0

අහිංසා Sunday, 31 March 2013 03:30 PM

සැබෑව සැබෑව හාමුදුරුවනේ ඔබතුමාගේ කතාවේ හරයක් තියෙනවා. හැම ආගමක් ධර්මයක් තුළම ත්‍රස්තවාදීන් අන්තවාදීන් වෛරය වපුරුවන්නන් ඉන්නවා. බොහොම ළඟකදී ඔය කට්ටිය භංග වෙලා යයි. සත්‍යය ජයගන්නවා නියතයි. එතකන් ටිකක් ඉවසමු . (නි)

:       0       0

රසංගි Tuesday, 02 April 2013 12:53 PM

අපි ඒ කතාව පිලි ගන්නවා (දී)

:       0       0

ප්‍රසාද් Sunday, 31 March 2013 03:28 PM

අපිට සමගියෙන් ජිවත් වෙන්න දෙන්න. (නි)

:       0       0

දිසානායක Sunday, 31 March 2013 03:30 PM

සියළු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! බුදුන් දැක නිවන් දකිත්වා! (නි)

:       0       0

මාලා Sunday, 31 March 2013 04:01 PM

මේ ඇයි දැන් මෙහෙම කියන්නේ. ? (ස)

:       0       0

කෝලිත Sunday, 31 March 2013 03:54 PM

තවත් කියන්න දේවල් නොමැත. (නි)

:       0       0

රීටා Sunday, 31 March 2013 03:54 PM

වර්ග වාදී විස පතුරුවලා දැන් වෙනස් වෙන්නේ ඇයි. (ස)

:       0       1

සේන Sunday, 31 March 2013 04:03 PM

දැන් කියන්නේ මේක කළේ චීවර ධාරියෝ කියලද ? (ස)

:       0       1

පාල Sunday, 31 March 2013 03:56 PM

මේවා කළේ චීවර ධාරියෝ කියලා අත පිහදා ගනිමු. (ස)

:       0       0

ද සිල්වා Sunday, 31 March 2013 04:06 PM

හාමුදුරුවනේ අපේ හතුරෝ මුස්ලිම්, හින්දු හෝ ක්‍රිස්තියානි ආගමේ නොවෙයි. අපේ රටේ ඉන්න දූසිත දේශපාලකයෝ සහ නිලධාරීන්. කරුණාකරලා අල්ලසට වංචාවට සහ දූෂණයට විරුද්ධව ජනතාව පෙල ගස්වන්න. දස රාජ ධර්මයට අනුකූලව පාලනය කරන්න පාලකයන්ට බල කරන්න. (ස)

:       0       1

චන්දන Monday, 01 April 2013 03:28 AM

අපි කවුරුත් අන්තිමට මැරෙනවා (දී)

:       0       0

ලංකාපුත්‍ර Monday, 01 April 2013 05:48 AM

ලංකාවේ උපන් මොනම මුස්ලිම්වරයෙක්වත් අද වනතුරු බෞද්ධාගමට අගෞරව වන ලෙස ක්‍රියාකර නැත. (නි)

:       0       0

ලංකා Monday, 01 April 2013 06:07 AM

ඒක ඉතා ප්‍රබල ප්‍රකාශයක් (දී)

:       0       0

ලංකාපු ත්‍ර Monday, 01 April 2013 06:18 AM

බෞද්ධයින්ට කිසිදිනක වරදින්නේ නැහැ. බුදුරජානන් වහන්සේගේ ධර්මය පිලිපදින ඕනැම කෙනෙක් කූඹියෙකුටවත් හිංසාවක් කරන්නේ නැහැ. (නදී)

:       0       0

ශිරාස් බුහාර් Sunday, 31 March 2013 04:28 PM

අපි නම් තාම කලින් හිටියා වගේම අපේ සිංහල හිතමිත්‍රයන් එක්ක හොද ආදරයෙන් සහජීවනයෙන් ඉන්නෙ. (නි)

:       0       0

වසන්ත Monday, 01 April 2013 07:32 AM

දැන් වෙලා තියෙන්නේ, මුස්ලිම් කෙනෙක් හීනෙන් බය වුණොත් ඒකටත් බොදු බල සේනාව පළි. පෞද්ගලික ආරවුලක් වුණොත් ඒකටත් බොදු බල සේනාව පළි. මේක දැන් සමහර මුස්ලිම් අයගෙ මානසික රෝගයක් වෙලා. තමන්ගේ 'කුණු' වහගන්න මේක එයාලට නියම මාතෘකාවක් වෙලා. ඕකයි ඇත්ත. (නි)

:       1       0

සුනිල් Monday, 01 April 2013 07:48 AM

බොදුබල සේනාව හරි (දී)

:       0       1

නවුෂාඩ් Monday, 01 April 2013 12:31 PM

ඇය් දැන් මේ “යූ“ ටර්න් ? (නි)

:       0       0

බණ්ඩාර Monday, 01 April 2013 08:08 AM

අපි මේ ප්‍රශ්න සියල්ල ඉක්මනට විසදුවොත් හොදයි (දී)

:       0       0

මෝරලා Sunday, 31 March 2013 11:12 AM

අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මොකක්ද දැන් මේ කියන්නේ.(නදී)

:       0       0

තුවාන් Sunday, 31 March 2013 11:11 AM

අනේ මෙච්චරද සෙනග? (නදී)

:       0       0

මාර්ක් Sunday, 31 March 2013 11:17 AM

බෙදීම් ඇත්කරන්නේ කවිච කියලා දැන් හොදට දන්නවා.(නදී)

:       0       0

නුවන් Sunday, 31 March 2013 11:27 AM

බුදු දහමේ කිසිවිටෙකත් වෛර කරන්නට කියා නැහැ. කරුණාව, මෛත්‍රිය හා අහිංසාවාදය තමයි දේශනා කෙරුවේ. එහෙම බැළුවම බොදු බල සේනාව කියලා හාමුදුරුවරු සංවිධාන හදාගෙන මේ කරන දේවල් හරිද?(නදී)

:       0       0

ගලබඩ Sunday, 31 March 2013 11:28 AM

අපි හැමෝම මිතුරන්. මේ ජරා වැඩ කරන්නේ කවිද? කලකිරීම් ගොඩයි මහත්තයෝ.(නදී)

:       0       0

ඉශාන් Sunday, 31 March 2013 11:47 AM

මම ඒ හාමුදුරුවෝ කියන කතාව පිලි ගන්නවා (දී)

:       0       0

මාලිංග Sunday, 31 March 2013 11:50 AM

අනේ මන්දා (දී)

:       0       0

කාලිංග Sunday, 31 March 2013 11:46 AM

ගොදු බල සේනාව සමග මම 100% එකඟයි (දී)

:       0       0

සිම්සාන් Sunday, 31 March 2013 05:50 PM

බුදු දහමෙත් ඔය දේවල් ඔය විදියට සදහන් වෙනවද? (නි)

:       0       0

රසික Sunday, 31 March 2013 11:58 AM

එහෙනම් මොකටද මේ ප්‍රශ්න ඇති කර ගන්නේ (දී)

:       0       0

මොහොමඩි කාලිඩ් Sunday, 31 March 2013 05:43 PM

මොහොමඩ්, ඔබේ ප්‍රාර්ථනයයි, බෞද්ධයන්ගේ ප්‍රාර්ථනයයි රටට ආදරේ කරන අයගේ ප්‍රාර්ථනයයි ඉටු වේවා!(නදී)

:       0       0

හේරත් Sunday, 31 March 2013 12:05 PM

තුවාන්, මේ සිංහල බෞද්ධයෝ අවදිවෙන්න නිදිගැට කඩුවා විතරයි. (නදී)

:       0       0

ආහිල් Monday, 01 April 2013 08:55 AM

මේ අදහස් වලින් බලපුවාම මේ රටේ විවිධ මත දරන අය ඉන්නවා. විවිධ ආගම් අදහන රැඩිකල්වාදී, මධ්‍යස්ථමතදාරී ඒ වගේම මඩේ ගහපු ඉන්න වගේ දෙපැත්තට වැනෙන කට්ටියත් ඉන්නවා. ඒ කොහොම වුණත් මම දන්න දෙයක් තමයි බහුතරය කැමති ආගම් බේද අතහැරලා ශ්‍රී ලාංකිකයන් විදිහට පෙනී හිටින්න. නමුත් මොවුන්ගේ හිත මොනයම් මොහොතක ආගමික නායකයින්, මාධ්‍යවේදීන් හා දේශපාලකයින් නිසා වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම නොවෙන්න අපි සියලු දෙනා වග බලාගන්න ඕනෑ. අපි සියලුම ආගම් තේරුම් ගත යුතුයි. (නි)

:       0       0

චන්ඩි Sunday, 31 March 2013 12:03 PM

හැමෝටම ඉඳ ගන්න පුටු තිබ්බ එක නම් හුඟක් හොඳ වෙඩක්.(නදී)

:       0       0

කුවාන් Sunday, 31 March 2013 12:13 PM

අනේ හාමුදුරැවනේ. කරුණාකරලා මේක නවත්වනවද? (නදී)

:       0       1

තාරක Monday, 01 April 2013 08:56 AM

අපි කවුරුත් ලේ, මස්, ඇට , නහර වලින් හැදිච්ච මිනිස්සු (දී)

:       0       0

අචිනි Sunday, 31 March 2013 12:25 PM

අනේ හාමුදුරුවනේ!(නදී)

:       0       0

අසංක Sunday, 31 March 2013 12:19 PM

හරිම ව්‍යාකුල ප්‍රකාශයක් (දී)

:       0       0

ටෝනි Monday, 01 April 2013 08:59 AM

මේවා පිටුපස සිටින්නේ කවුද?කිනම් හස්තයක්ද?අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

රශ්මි Sunday, 31 March 2013 12:22 PM

ටික ටික හිරවෙනකොට මොලේ පෑදෙනවා වගේ.(නදී)

:       0       0

රුවන් Sunday, 31 March 2013 12:23 PM

දැන් වෙලා තියෙන්නේ, මුස්ලිම් කෙනෙක් හීනෙන් බය වුණොත් ඒකටත් බොදු බල සේනාව පළි. පෞද්ගලික ආරවුලක් වුණොත් ඒකටත් බොදු බල සේනාව පළි. මේක දැන් සමහර මුස්ලිම් අයගෙ මානසික රෝගයක් වෙලා. තමන්ගේ 'කුණු' වහගන්න මේක එයාලට නියම මාතෘකාවක් වෙලා. ඕකයි ඇත්ත. (නි)

:       1       0

රසිකා Monday, 01 April 2013 09:08 AM

සිංහල ජාතිය බුදු දහමට වෙන අසාධාරණ ගැන කථා කළොත් ඒක ජාතිවාදයද? (නි)

:       0       0

අශෝක Sunday, 31 March 2013 12:25 PM

අපි කවුරුත් තවත් කෙනෙකුගේ ආගම් වලට හිරිහැරයක් නොවන විදිහට ජිවත් වෙන්න ඕනේ (දී)

:       0       0

මොහිදීන් Sunday, 31 March 2013 12:26 PM

අන්තවාදීන් හැමෝම එකයි.(නදී)

:       0       0

සේන අබුඩාබි සිට Sunday, 31 March 2013 06:29 PM

සේරම මුස්ලිම් සහෝදරයන්ට ලියන්නේ. මෙතරම් කාලයක් අපි සැවොම එක වගේ අත් වැල් බැදගෙන හිටියා. ඒ වගේම ඉදිරියටත් ඒ මිතුදම ඕනේ. මේ අපේ රටයි. අපි ඉපදුන මැරෙන රටයි. ඉන්දියන් කාරයෝ අපේ රටට දාන ප්‍රශ්න දිනෙන් දින වැඩි වෙනවා. ඇයි ඔබ නිහඩ. මේ ඔබගේ රට නෙමේද ? කොටි කළ විනාශය මතකනේ. එදා වගේ තාමත් නිදාගෙන ඉන්න ද කල්පනාව. හිස ඔසවමු. ඉදිරියටම යමු. සේරම මේ අවස්ථාවෙදි නැගී සිටිමු. (ස)

:       0       0

නානසාර Sunday, 31 March 2013 06:48 PM

මුස්ලිම් ජනතාවට හිරිහැර නොකරනු! (නි)

:       0       0

ක්‍රිස්ටි Sunday, 31 March 2013 06:48 PM

වචන වල ක්‍රිස්තියානි අන්තවාදී කියලා තව අළුත් ප්‍රශ්නයක් ගේන්න එපා. ලංකාව හරිම සුන්දරයි. ඒක අමතක කරන්න එපා. අන්තිමට කොයි මන්තර දැම්මත් වැඩක් වෙන්නේ නැහැ. (ස)

:       0       1

ෆසල් Sunday, 31 March 2013 12:58 PM

අරාබි රටවල් වල පීඩන ඇවිත්ද දන්නෙ නැහැ. (නි)

:       0       0

සුභෝදන Sunday, 31 March 2013 12:58 PM

මම පිලි ගන්නවා (දී)

:       0       0

ලිලන්ත Monday, 01 April 2013 05:54 PM

මිනිස්සු තවත් මිනිසෙකුගේ සතුරන් වෙන්නේ කොහොමද (දී)

:       0       0

තිස්ස Sunday, 31 March 2013 01:01 PM

හැම කෙනාම එක වගේ නැහැ (දී)

:       0       0

සාහුදුල්ලා Sunday, 31 March 2013 01:12 PM

හාමුදුරුවනේ අපි හැමෝම දැක්ක හාමුදුරුවන් මෙච්චර දවස් මොනවද කලේ කියලා . ඒ වගේම හාමුදුරුවනේ හම්දුරුවන් වගේම ඔබතුමා හිටපු වේදිකාවේ කියපු දේවලුත් අපි අහන හිටියා මට තේරෙන්නේ නැත්තේ එය හාමුදුරුවන්ට මෙච්චර වෛරයක් අපි ගැන කවුරුහරි වැරදි කරනවානම් අපි හැමෝම එකතු වෙලා එක හෙළා දකිමු නැතුව එක ආගමකට විතරක් අපහාස කරන්න එපා අපි හිතුත් රිදෙනවා හාමුදුරුවනේ.(නදී)

:       0       1

ෂිහාම් Sunday, 31 March 2013 07:13 PM

මේ ප්‍රවෘත්තිය අප්‍රේල් 1වෙනිදා දැම්මානම් වටිනවා.(නදී)

:       0       0

වන්මො Sunday, 31 March 2013 01:18 PM

බොදු බල සේනාව අනේ කලකිරීම් ගොඩයි හාමුදුරුවනේ !!!!!(නදී)

:       0       0

රසාන්ජලි Monday, 01 April 2013 06:05 PM

බොදු බල සේනාව හරි

:       0       0

සාලිය Sunday, 31 March 2013 01:20 PM

එහෙම තරහක් නැහැ, අපි කවුඑරුත් එකා වගේ ඉන්න ඕනේ (දී)

:       0       0

මොහොමඩ් Sunday, 31 March 2013 01:27 PM

ගලබඩඅත්තේ ඥානසාර හිමියෝ ඉතාමත් හොද වෙයි ලගදීම.(නදී)

:       0       0

නිශාඩ් Monday, 01 April 2013 01:51 PM

රසිකා සිංහල අයට බුදු දහමට වන අසාධාරණය මොනවද? ලංකාවෙන් පළාතක් ඉල්ලුවද? මෙච්චර කල් ඉඳල දැන්ද අසාධාරණයක් වෙනවා කියලා හිතුවේ? දන්නෝ දනිති. ලෝකයම දැනගනීවි ලගදීම .(නදී)

:       0       0

ජසීම් Sunday, 31 March 2013 08:17 PM

කට තියෙන පළියට කතා කරන්න එපා. ඔක්කොම ශ්‍රී ලංකාවෙ නේද අනේ. (ස)

:       0       0

අනුල Sunday, 31 March 2013 01:41 PM

ක්‍රිස්තියානි මූලධර්මවාදීන් වගේම, මුස්ලිම් අන්තවාදිනුම් මේ රටට ඇවිත් සිටිනවා.අද බොරු බුදුවරුන් පහළ වෙලා. රහතන් වහන්සේලා සිටින බවත් පේනවා. එමගින් පන්සලට තිබුණු බැඳීමත් නැති කරලා. මෙය මූලධර්ම වාදීන්ගේ වැඩක්. ජාතික හැඟීම් සිංහලයන් අතරින් නැති කර දැමීමයි අරමුණ (නි)

:       1       0

අකිල Monday, 01 April 2013 09:25 AM

මුස්ලිම් කියලා අපේ වෙනසක් නැහැ අපි කවුරුත් මිනිස්සු, හැබැයි කවුරුත් අන්තවාදීන් වෙන්න එපා (දී)

:       0       1

ප්‍රදීප් Sunday, 31 March 2013 08:33 PM

බුදු දහම බේරගන්නව කියන අය අතින්ම බුදු දහම විනාසවෙන්න පටන් අරන්. (ස)

:       0       0

මොහොමඩ් Sunday, 31 March 2013 01:47 PM

අපිට නම් සිංහල අය සමග කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

මුබාරක් Sunday, 31 March 2013 01:48 PM

ගලබඩ සාධුට ජාතික වීර පදක්කමක් දෙන්න වටිනවා මේ කරන සේවයට (නි)

:       0       0

අර්ජුන් Sunday, 31 March 2013 01:52 PM

කවුද කියන්නේ සතුරන් කියලා, ඒත් මිනිස්සු අපිත් මිනිස්සු, අපි හැමෝම ජිවත් වෙන ටිකට විතරයි මේ හැම දෙයක්ම කරන්නේ (දී)

:       0       0

මොහොමඩ් ගෆූර් Sunday, 31 March 2013 09:10 PM

කොට්ටෝරුවා හැම ගහටම කොට කොට යනවා. කෙසෙල් ගහට කොටපු දාට හොට පැටලෙනවා. (ස)

:       0       0

ඩෙෆ් Sunday, 31 March 2013 09:06 PM

මේකේ ප්‍රතිචාර දාල තියෙන විදියෙන්ම පේනවා වදින්න ඕන තැන්වලට සැරට වදිනවා (අ

:       0       0

සරා Sunday, 31 March 2013 01:58 PM

ගලබඩඅත්තේ ඥානසාර හිමියෝ ඉතාමත් හොදයි. (නි)

:       0       0

පිටිගල Sunday, 31 March 2013 02:00 PM

තත්ත්වය එහෙම නම් මුල ඉදලම මෙහෙමම ඉන්නනේ තිබුණේ. (නි)

:       0       0

හේමසර හිමි Sunday, 31 March 2013 02:05 PM

ඉ්සසර නම් හාමුදුරුවො සැර වැඩියි. දැන් නම් හොදයි. ඔහොම වඩිමු හාමුදුරුවනේ (නි)

:       0       0

සර්ධා Sunday, 31 March 2013 09:36 PM

වයසක අපට තේරෙන දේවත් තරුණ උඹලට නොතේරෙන එකයි පුදුමේ. සියළු මුස්ලිමුන් නොවැ අන්තවාදීන් නිසා තමයි මේ ප්‍රශ්න ඔක්කොම. ජාතිවාදීන්, අන්තවාදීන් කියල ඔක්කොම කට වහාගගෙන හිටියොත් අපට අලේ තමයි ඉතිරි වෙන්නෙ. ජාතිය ආගම බේරගන්න හොද ජාතකේකුත් ඕනවෙනවා මය පුතේ. (අ)

:       0       0

සංජය Sunday, 31 March 2013 02:00 PM

හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ ටික දිනට ලැබුණු ජයග්‍රහණය දිහා බැලුවහම ඔබ වහන්සේ ශාසනේ උන්නතිය තකා බුදුහාමුදුරුවන් දේශනා කළ ආකාරයට යම් දෙයක් කළා නම් අපිට සතුටුයි. (නි)

:       0       0

නදීෂා Sunday, 31 March 2013 02:04 PM

ඒ ප්‍රකාශය මට පැහැදිලි මදි (දී)

:       0       0

සෑම් Sunday, 31 March 2013 10:32 PM

ඔය කමෙන්ටු දාලා ඉන්න සිංහල නම් වලින් පෙනී සිටින සියලුම දෙනා සිංහල බෞද්ධයන් නොවේ....... සිංහලුනේ තව තවත් එක්වේවා!!! අපේ ජාතිය, ආගම ආරක්ෂා කරන්න.... අපි බොදු බළ සේනාවත් සමගයි... (ස)

:       1       0

සෑම් Sunday, 31 March 2013 10:35 PM

හාමුදුරුවනේ අපි ඔබ සමගයි.... සියලු බාධක ජයගෙන ඉදිරියටම යෑමට තවත් ශක්තිය, දෛර්යය ඔබට ලැබේවා!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 286 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 213 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 571 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 268 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 87 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 260 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38660 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25415 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 951 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site