IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මහ කොටියාගේ මිතුරාට මසක සිර දඬුවම්

කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමග එකට උගෙනගත් ගුණසුන්දරම් ජේසුදාසන්ට කොළඹ මාහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා බරපතල වැඩ සහිතව මාසයක සිර දඩුවමක් නියම කළේය.

චෝදනා පහළොවකට වර පිළිගත් ඔහට එක් චෝදනාවකට මාසය බැගින් මාස පහළොවක සිර දඩුවම් නියම විය. එහෙත් එක වර ගෙවී යන පරිදි නියම වූ සිරදඩුවම අනුව ඔහු සිරේ සිටිය යුතු කාලය මාසයකි.

සිර දඩුවම අවසානයේ වසරක පුණුරුත්තාපන වැඩසටහනකට ද ඔහු යටත් කැරිණි.

කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්, ශන්මුග සුන්දරම් ජතීෂ්වරන් මෙවත් කරන්, ත්‍යාගරාජා රවි ශංකර් හෙවත් ශංකර්ට 2005 සිට 2007 දක්වා කොළඹ, වන්නි හා වැල්වැටිතුරේදී ආධාර දුන් ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ සටහන් වී ඇත්තේ අවි, පුපුරණ ද්‍රව්‍ය, යුද උපකරණ, නැව් ආදිය එතෙරින් මිලට ගැනීමට ඔහු ද හවුල්කරුවකු වී ඇති බවයි.

එහෙත් එම තොරතුරු සනාත කර ගැනීමට හැකියාවක් නැතැයි පැමිණිල්ල අධිකරණයට දැන්වීය.

චෝදනා 15කට ඔහු වරද පිළිගෙන පාපොච්චාරණයක් ද කළේය.

ඔහුට එරෙහිව චෝදනා ඔප්පු කළ හැකි වූයේ නම් වසර 15 සිට වසර 300ක් දක්වා ඔහුට සිර දඩුවම් නියම කළ හැකි බවත් පැමිණිල්ල අධිකරණය හමුවේ කියා සිටියේය.



අදහස් (0)

මහ කොටියාගේ මිතුරාට මසක සිර දඬුවම්

රනිල් Thursday, 16 May 2013 07:45 PM

ප්‍රභාකරන් සමග ඉගෙනුම ලැබු පලියට කොටියෙක් වෙන්නේ කොහොමද?මානුෂික අයිතිවාසිකම් බිද දැමීමක්. (නි)

:       0       0

ඩයස් Thursday, 16 May 2013 08:20 PM

දෑත් ශක්තිමත් කරන්න පොරොන්දු වුණා නම් හොඳයි.මොලේ ඇති අය එහෙමයි. පෙනෙන්නේ නැද්ද ලියිට් බිල වැඩි කළාට කැමති උදවියත් ලංකාවේ ඉන්නවා. ඔය ඒකට පෙළපාලි යන්නේ.ජාති හිතෛශීන්ට සැප්තැම්බර් වෙද්දී දිවි නහ ගන්නයි වෙන්නේ. (නි)

:       0       0

ඩී.උපුල් Thursday, 16 May 2013 08:32 PM

මෙයා ළඟත් සෑහෙන විදේශ වත්කම් ඇති මම හිතන්නේ. (නි)

:       0       0

රකිත් Friday, 17 May 2013 10:14 AM

නිතිය හදාරපු කාට හරි මට පැහැදිලි කරන්න පුලුවන්ද මේ එකවර ගෙවීයන පරිදි වූ සිර දඬුවම පිළිබඳව? චෝදනා 15 ට වරදකරු වී මාස 15 ක සිරදඬුවම එක මාසයෙන් ඉවර කරන්න පුලුවන් නම්, ත්‍රිත්ව මිනීමැරුම් ඝාතනයකට වරදකරු වී වසර 15ක් බැගින් සිර දඬුවම නියම වූ කෙනෙකුට පුලුවන්ද එකවර ගෙවීමේ ක්‍රමය මගින් 15න් පසු ගෙදර යන්න. (නි)

:       0       0

සෙන්තිල් Thursday, 16 May 2013 08:33 PM

රුපවතී,මේ මිනිහව පුනරුත්තාපනයට යවන්න කියලා විනිසුරු නියම කළා. නමුත් ඔහු කිවුවොත් ඒක එයාට එපා,එයාට ඕනෑ ඔයා වගේ සිංහල ගැහැනියෙක් බැදලා පවුල් ජීවිතයක් ගෙනියන්න කියලා ඔයා මොකද කියන්නේ? (නි)

:       0       0

කුමාරසිරි Friday, 17 May 2013 10:34 AM

ප්‍රභකරන් ඉස්කෝලේ ගිය එකෙක්ද? (ස)

:       0       0

ෂෙහාර් Thursday, 16 May 2013 09:03 PM

මට වහ බොන්න හිතුණා මේවා ඇහෙද්දී (නි)

:       0       0

තබුක් සිල්වා Friday, 17 May 2013 10:37 AM

වත්කම් එහම තිබුනානම් හොඳ තැනකට හඳුනා දෙන්න තිබුණා (ස)

:       0       0

ආනන්ද ආර් Thursday, 16 May 2013 09:12 PM

සිර දඬුවමත් ක්ෂණික නූඩ්ල්ස් වගේනෙ. ටක් ගාල ගෙවිලා යන විධිත් තියෙනවා. කොහොම වුනත් ගුනසුන්දරම්ගේ අනාගතය නම් සුභ පාටයි. (නි)

:       0       0

මාලිංග Friday, 17 May 2013 11:07 AM

යාළුවො කියන්නේ ඔන්න ඕකට තමයි

:       0       0

සේරම් පැරිස් Thursday, 16 May 2013 09:47 PM

ත්‍රස්තවාදීන්ට දෙන්න පුළුවන් ඉහලම දඬුවම කියලයි මම කියන්නේ (නි)

:       0       0

රනිල් Thursday, 16 May 2013 09:58 PM

සෙන්තිල් මට කිවුවොත් මම ඒකට කැමති වෙනවා. (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 16 May 2013 09:58 PM

මොනවා කිවුවත් මේක අර බයිසිකලේ නොම්මර තහඩුව මොඩ් කළා වගේ බරපතළ වරදක් නොවෙයි අනේ. (නි)

:       0       0

ශ්‍රී කාන්ත මාමඩුව Friday, 17 May 2013 11:27 AM

අපි ඉන්නේ කැලයක කැලේ තියෙන්නේ කැලේ නීතිය කියල බලන් ඉමු ලොකු එවුන්ට කොහොමත් වාසිය තමයි. (ස)

:       0       0

බිෂාන් Thursday, 16 May 2013 10:28 PM

අයියෝ සල්ලි

:       0       0

සුනිල් Thursday, 16 May 2013 10:40 PM

සිර දඩුවම සිර මැදිරියක් තුළද ගෙවන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

රූපවතී Thursday, 16 May 2013 11:14 PM

සෙන්තිල්, මගේ රට ජාතිය වැනසුව කෙනෙක් එක්ක දීග කන්න තරමට මම බොළද ගැහැනියක් නෙමෙයි. ඊට වඩා හොද මානසික සැනසීමක් බෙල්ලේ ගලක් බැදගෙන බේරේ වැවට පනින එක. මම ගොඩක් එඩිතර ගැහැනියක් (නි)

:       0       0

හේරත් Thursday, 16 May 2013 11:35 PM

අන්ගුලිමාලත් බුද්ධ ශාසනයේ මහන වෙලා රහත් වුණා. මේ අපේ සිරි ලංකාවේ මොකද බැරි මහන වෙලා පිරිත් කියන්න. ඕනෑ තරම් අය ඉන්නවා අංගුලිමාල පිරිත් නුල් බැදගන්න. ඔහොම යන් රාලෝ. ලෝකෙන් උතුම් රට ලංකාවයි. ලංකාවයි සිරි ලංකාවයි. (නි)

:       0       0

චලන Thursday, 16 May 2013 11:39 PM

මොනවද මේ රටට වෙන්නේ? අර බුදුදහම ඇපේට තියලා පාර්ලිමේන්තු ගියපු උන්නාන්සේලා කොහෙද දැන්? (නි)

:       0       0

ශ්‍රී ලන්කන් Friday, 17 May 2013 01:06 AM

කෝ අර සේනාව​? හලාල් වලට කථාකලාට අසාධාරණ වලට එරෙහිව නම් කවුරුවත්ම කථා නැහැ (නි)

:       0       0

අනොමි Friday, 17 May 2013 01:07 AM

නිකන් විනාස වෙනවා

:       0       0

ද සිල්වා Friday, 17 May 2013 01:12 AM

පැමිණිල්ල ඕනෑකමෙන්ම පරාද වෙලා වගෙයි මට පෙනෙන්නේ. අපේ රටේ නිතිය හරි හැටි තේරුම් ගැනීමට මගේ දැනුම මදි කියලයි මට හිතෙන්නේ (නි)

:       0       0

නාලක Friday, 17 May 2013 01:41 AM

අවි, පුපුරණ ද්‍රව්‍ය, යුද උපකරණ, නැව් ආදිය එතෙරින් මිලට ගැනීමට දඬුවම මාසයයි. කැමරා ,දුරදක්න ,බැටරි කෑලි ,ගෙන්වීමට අත්සන දැම්මාට අවුරුදූ තුනයි (නි)

:       0       0

සංජිව Friday, 17 May 2013 01:57 AM

කරන කලට පව් මිහිරිය මි සේ

:       0       0

ජානි Friday, 17 May 2013 02:07 AM

සෙන්තිල්, එහෙම කියලා ශේප් වෙච්ච අයත් ඉන්නවද? (නි)

:       0       0

දිසානායක Friday, 17 May 2013 12:40 PM

රකිත් පුතා, මටත් ඔය ප්‍රශ්නෙම දැන ගන්න ඕනෑ. අනිත් එක මෙයා විසින් කරපු වැරදි එයා විසින්ම පාපොච්චාරණය කරද්දීත් නැවත කියන්නෙ ඇයි වැරදි ඔප්පු කරන්න පුළුවන් වුනොත් වසර 300 ක හිරේට අරින්න පුළුවන් කියලා. (නි)

:       0       0

නිරෝෂන් Friday, 17 May 2013 02:46 AM

දුප්පත් කී දෙනෙක් හරියට නඩු කියාගන්න සල්ලි නැතුව හිරේ ඇද්ද? (නි)

:       0       0

මනෝහරන් Friday, 17 May 2013 03:00 AM

කව්ද කේ පි කියන්නේ මට මතක නැහැනේ?

:       0       0

බමුනුසිංහ Friday, 17 May 2013 04:19 AM

රනිල්, මෙයා චෝදනා 15 ට වැරදිකරු වෙලා තිබෙන්නේ. නැතුව ප්‍රබකොරන්ගේ යාලුවෙක් නිසා නොවෙයි දඬුවම ලැබුනේ. (නි)

:       0       0

බමුණුසිංහ Friday, 17 May 2013 04:26 AM

සෙන්තිල්, ඔයා කසාද බැනදපු කෙනෙක්ද ? ආණ්ඩුවට වැඩිය හොඳට ගැහැනුන්ට පුළුවන් මිනිසුන්ව පුනරුත්ථාපනය කරන්න. අරයා ජීවිත කාලයටම හිරේ. ඔන්න රූපවතී බැන්දොත් වෙන දේ. (නි)

:       0       0

උපාලි Friday, 17 May 2013 04:36 AM

අද පාලනයට බැඳිලා ඉන්න හිටපු එල්.ටී.ටී.ඊ. නායකයන් දිහා බැලුවාම මෙයාව රිමාන්ඩ් එකේ හිටියට සමාව ඉල්ලලා ගෞරවනීය නිදහස් කිරීමක් දෙන්න ඕනෑ. ප්‍රභාකරන් හිටියා නම් මෙලහට ඉහලම කැබිනට් ඇමති කෙනෙක්. අපි එහෙමයි දෑත් හයි කොරන්නේ දන්නවද? (නි)

:       0       0

චන්දා Friday, 17 May 2013 05:05 AM

රනිල් නිකම් අපේ අහවල් මහත්යා වගේමයි කතාව (නි)

:       0       0

ඩයස් Friday, 17 May 2013 06:04 AM

ඊලග මැතිවරණයටත් ඉදිරිපත් වුණ හැකි. (නි)

:       0       0

ගමේටි Friday, 17 May 2013 05:41 PM

වෙන මොකකටවත් නොවෙයි ආශ්චර්යය කියන්නේ මේවට තමයි. (නි)

:       0       0

රත්නපාල Friday, 17 May 2013 06:26 AM

දෑත් ශක්තිමත් කරන්න ගියාම ඔහොම තමා. ඔක්කොම නීති අපිට විතරයි. (නි)

:       0       0

කුමාර Friday, 17 May 2013 06:28 AM

මගේ ඡන්දය ඊ ළඟ පාරත් ජනාධිපතිතුමාට..(ස)

:       0       0

ලුම්බිණි Friday, 17 May 2013 06:29 AM

හරියට හරි නාලක. අවි, පුපුරණ ද්‍රව්‍ය, යුද උපකරණ, නැව් ආදිය එතෙරින් මිලට ගැනීමට දඬුවම මාසයයි. මේක නම් කේතුමතී රටම තමයි. (නි)

:       0       0

පෙරේරා Friday, 17 May 2013 06:45 AM

අපෝ මොන අපරාධයක්ද? මාසෙකට හිරේ අරින්න එපා. දවසක් දුන්නා නම් හොඳටම ඇති. (නි)

:       0       0

කුමාරි Friday, 17 May 2013 07:01 AM

සමහරවිට ඡන්දෙට ඉදිරිපත් වේවිද දන්නෙ නැහැ (නි)

:       0       0

වරුණ Friday, 17 May 2013 07:32 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. යුද්ධය කාලේදී එල් ටී ටී කාරයන්ගෙන් මාසික වැටුප් ගත්තු නිලදාරීනුත් තාමත් සක්‍රීය හමුදා සේවයේ ඉන්නවා කියන්නේ ඇත්තද? (නි)

:       0       0

රන්දිත Friday, 17 May 2013 07:44 AM

ගමේ මිනිහෙක් ආරක්ෂාවට තුවක්කුවක් තියා ගත්තොත් අවුරුදු 3 ක් විතර හිරේ. අනේ මන්දා ඉතින් (නි)

:       0       0

නිමල් Friday, 17 May 2013 08:01 AM

මේකද සාධාරන නීතිය? දිට්ට ධම්ම වේදනීය කර්මය ගැන එදා කතාකළ හාමුදුරුවරුන් මේකට කියන්නේ මොනවද? (නි)

:       0       0

නිමල් පෙරේරා Friday, 17 May 2013 08:09 AM

එයාගේ චෝදනා 15 ට සුදු කොඩි වනපු කතා තිබුණෙ නැද්ද? ඒකද මෙච්චර අඩු සිරදඩුවමක්? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)

:       0       0

ජ.හේරත් Friday, 17 May 2013 08:15 AM

මේවා මොනවද ? මුළු කොටි සන්විධානේටම ආයුධ ගෙනාව කෙනා ගැන හිතද්දී මේක සුළු වරදක්නේ (නි)

:       0       0

ඩී.උපුල් Friday, 17 May 2013 01:57 PM

විජිත රෝහණ වගේ එකම එක එඩිතර කොල්ලෙක්වත් නැද්ද ලංකාවේ? (නි)

:       0       0

සිදානායක Friday, 17 May 2013 02:00 PM

ජිවිතාන්තයටම සිරගෙට පින්තතුර යවන්න ඕනේ

:       0       0

චාමි Friday, 17 May 2013 06:20 PM

ඔන්න අද ලංකාවේ තත්වේ. අපරාදේ මාසෙත් ඇතුලට දැම්මේ. (නි)

:       0       0

නිමල් Friday, 17 May 2013 08:21 AM

කොටින්ට මෙච්චර උදව් කරලත් මාසයයි. කොටි විනාස කරපු ජෙනරාල්ට අවුරුදු තුනයි. මේකයි අපේ රටේ යථාර්තය. (ස)

:       0       0

කේෂාන් Friday, 17 May 2013 02:00 PM

වරදක් නම් දඩුවම (දී)

:       0       0

වීරකුමාර Friday, 17 May 2013 08:21 AM

විනාඩි හතලිස් තුන්දාස් දෙසීයක්! වැඩි නැද්ද? (නි)

:       0       0

සිසානයක Friday, 17 May 2013 02:00 PM

යහළුවන් බැස්සා එකතු වෙන්න දෙන්න (දී)

:       0       0

මාගළී Thursday, 16 May 2013 06:32 PM

පොල් ගෙඩි 8 හොරකම් කළාට වඩා දඩුවම හොදා වගේ .... (නි)

:       0       0

සදරුවන් Thursday, 16 May 2013 06:42 PM

ලංකාවේ නීතිය අපි අලුතෙන් හදමුද? (නි)

:       0       0

සුමනා Thursday, 16 May 2013 06:49 PM

දඩුවම නම් හදි වගේ. (නි)

:       0       0

රූපවතී Thursday, 16 May 2013 07:05 PM

මිනිස් ජීවිත කීයක් විනාශ කළ කෙනෙක්ද මේ? කොහොමද දඩුවම? රටේ අනිකුත් මිනිස්සු මේවා ආදර්ශයට අරන් තමයි ඔය හැමදාම කොටලා ,මරලා, වෙඩි තියලා අපිට අහන්න ලැබෙන්නේ. සිංහලයට ඉක්මනින් අමතක වෙනවනේ. යුද්දයක් තිබුනවත් මතක නැහැ (නි)

:       0       0

චතුල වෙරෝනා Thursday, 16 May 2013 07:10 PM

වරදට දඬුවම් මදි නේද? (නි)

:       0       0

අජිත් කරුණාරත්න Thursday, 16 May 2013 07:11 PM

රට අල්ලන්න උදවු කරපු අයට මාසයයි. අපේ මහත්තයාගේ කට වැරදුනාට අවුරුදු තුනයි. ඔවු ඔවු. වහාම නීතිය අලුත් කරමු. (නි)

:       0       0

අශෝක Friday, 17 May 2013 09:16 AM

අනේ අම්මප මෙහෙමත් නාටක..(ස)

:       0       0

අසේල Thursday, 16 May 2013 07:19 PM

වැඩි නැද්ද? (නි)

:       0       0

අශෝක Friday, 17 May 2013 09:21 AM

මොකද බය හිතුආද

:       0       0

අජිත් Thursday, 16 May 2013 07:21 PM

එයා පව්. (නි)

:       0       0

අශෝක Friday, 17 May 2013 09:21 AM

යාලුවෝ ඉන්නවා හැමතැනම

:       0       0

සරත් - නුවර Thursday, 16 May 2013 07:22 PM

නැහැ නැහැ කවුරුත් මේ දඩුවම ගැන දුක් වෙන්න එපා. (නි)

:       0       0

මොහමෙඩ් Thursday, 16 May 2013 07:27 PM

මෙච්චර වැරදි කරලත් දඬුවම මාසයයි. මොනවාද මේ වෙන්නේ? (නි)

:       0       0

මහසෙන් Friday, 17 May 2013 09:30 AM

සරත් ෆොන්සේකා මහත්තයා අවුරුදු දෙකක් හිරේ හිටියේ ඇයි? මං දන්නේ නැති හින්දයි අහන්නේ ? (නි)

:       0       0

සම්පත් Friday, 17 May 2013 09:38 AM

අපි ළඟ පාන් කපන පිහියක් තිබුනත් අල්ලන් යනවනේ.(ස)

:       0       0

රොබට් Thursday, 16 May 2013 07:42 PM

මේක නීතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. උසාවිය පිළිගන්නෙ කාගෙවත් කතන්දර නෙමෙයි. පැමිණිලි පාර්ශවය ඉදිරිපත් කරන චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ හැකි සාක්ෂි පමණයි. ඉතින් එවැනි ඔප්පු කළ හැකි සාක්ෂි නැත්නම් චූදිතයා නිදහස්, නැත්නම් සුළු දඬුවමක් පමණයි. මෙතන වරද පරීක්ෂණ මෙහෙයවන පාර්ශවයෙ, එක්කො ඒ පිළිබඳ අවබෝධය අඩුයි. නැත්නම් වුවමනාවෙන්ම නඩුව විසිවෙන විදියට සාක්ෂි මෙහෙයවනවා. මොකද චූදිතයා පැත්ත මාරුකරලා දෑත් ශක්තිමත් කරන්න කැමති වුණාද දන්නෙ නැහැනෙ. හැබැයි වෙන රටක නම් එක්කො එල්ලුම් ගහේ, නැත්නම් ජීවිතාන්තයට හිරේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අනවසරයෙන් මසුන් මැරූ ඉන්දියානුවෝ 17ක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 116 0

මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළුවී ධිවර කටයුතු වල නිරතවූ ඉන්දියානු ධිවර යාත්‍රා දෙකක් මන්නාරමට උතුරින් වූ මෙරට මුහුදු සීමාව තුලදී අත්අඩංගුවට ගත බව


අපරාධ රැසකට සූදානම්ව සිටි අයෙක් ගිනිඅවි -උණ්ඩ සමඟ අල්ලයි
2024 සැප්තැම්බර් මස 30 497 0

විදෙස් රටක සිටින බවට ඒත්තු ගන්වා විදෙස් දුරකථන අංක භාවිත කරමින් අපරාධයකට සැරසී සිටි පොඩි ලැසී ගේ මාමා ගිනි අවියක් සහ ජීව උණ්ඩ සමග වැලිවේරිය ප්‍රදේශයේ


බඳින තුවක්කුව පත්තු වී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 30 98 0

බඳින තුවක්කුවකින් වැදුණු වෙඩි පහරක් හේතුවෙන් පාදයකට තුවාල සිදු වූ පුද්ගලයකු ගම්පහ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කොටදෙනියාව පොලිසිය කියයි.


භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා
2024 සැප්තැම්බර් මස 30 521 0

රුපියල් මිලියන එක්ලක්ෂ හතලිස් දෙදහස් පන්සියයක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් බදාදා (2 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


විදෙස් දුම්වැටි සමඟ කතක් ගුවන්තොටේදී මාට්ටු
2024 සැප්තැම්බර් මස 30 327 0

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි


අත අහිමි දැරියට අලුත් අතක්
2024 සැප්තැම්බර් මස 30 943 0

මෙවැනි සංකීර්ණ සැත්කමක් ඉන්දීය වෛද්‍යවරුන් යටතේ සිදුවුණු පළමු අවස්ථාව මෙය බවත්, මේ අයුරින් සැත්කමක් මගික් අතක් බද්ධ කෙරුණු ආසියානු කලාපයේ ළාබාලතම තැ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38162 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25117 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 821 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 292 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site