කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් සමග එකට උගෙනගත් ගුණසුන්දරම් ජේසුදාසන්ට කොළඹ මාහාධිකරණ විනිසුරු ප්‍රීති පත්මන් සූරසේන මහතා බරපතල වැඩ සහිතව මාසයක සිර දඩුවමක් නියම කළේය.
චෝදනා පහළොවකට වර පිළිගත් ඔහට එක් චෝදනාවකට මාසය බැගින් මාස පහළොවක සිර දඩුවම් නියම විය. එහෙත් එක වර ගෙවී යන පරිදි නියම වූ සිරදඩුවම අනුව ඔහු සිරේ සිටිය යුතු කාලය මාසයකි.
සිර දඩුවම අවසානයේ වසරක පුණුරුත්තාපන වැඩසටහනකට ද ඔහු යටත් කැරිණි.
කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන්, ශන්මුග සුන්දරම් ජතීෂ්වරන් මෙවත් කරන්, ත්‍යාගරාජා රවි ශංකර් හෙවත් ශංකර්ට 2005 සිට 2007 දක්වා කොළඹ, වන්නි හා වැල්වැටිතුරේදී ආධාර දුන් ඔහුගේ ලැප්ටොප් පරිගණකයේ සටහන් වී ඇත්තේ අවි, පුපුරණ ද්‍රව්‍ය, යුද උපකරණ, නැව් ආදිය එතෙරින් මිලට ගැනීමට ඔහු ද හවුල්කරුවකු වී ඇති බවයි.
එහෙත් එම තොරතුරු සනාත කර ගැනීමට හැකියාවක් නැතැයි පැමිණිල්ල අධිකරණයට දැන්වීය.
චෝදනා 15කට ඔහු වරද පිළිගෙන පාපොච්චාරණයක් ද කළේය.
ඔහුට එරෙහිව චෝදනා ඔප්පු කළ හැකි වූයේ නම් වසර 15 සිට වසර 300ක් දක්වා ඔහුට සිර දඩුවම් නියම කළ හැකි බවත් පැමිණිල්ල අධිකරණය හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝ මොන අපරාධයක්ද? මාසෙකට හිරේ අරින්න එපා. දවසක් දුන්නා නම් හොඳටම ඇති. (නි)
විනාඩි හතලිස් තුන්දාස් දෙසීයක්! වැඩි නැද්ද? (නි)
කොටින්ට මෙච්චර උදව් කරලත් මාසයයි. කොටි විනාස කරපු ජෙනරාල්ට අවුරුදු තුනයි. මේකයි අපේ රටේ යථාර්තය. (ස)
මේවා මොනවද ? මුළු කොටි සන්විධානේටම ආයුධ ගෙනාව කෙනා ගැන හිතද්දී මේක සුළු වරදක්නේ (නි)
එයාගේ චෝදනා 15 ට සුදු කොඩි වනපු කතා තිබුණෙ නැද්ද? ඒකද මෙච්චර අඩු සිරදඩුවමක්? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේකද සාධාරන නීතිය? දිට්ට ධම්ම වේදනීය කර්මය ගැන එදා කතාකළ හාමුදුරුවරුන් මේකට කියන්නේ මොනවද? (නි)
ගමේ මිනිහෙක් ආරක්ෂාවට තුවක්කුවක් තියා ගත්තොත් අවුරුදු 3 ක් විතර හිරේ. අනේ මන්දා ඉතින් (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. යුද්ධය කාලේදී එල් ටී ටී කාරයන්ගෙන් මාසික වැටුප් ගත්තු නිලදාරීනුත් තාමත් සක්‍රීය හමුදා සේවයේ ඉන්නවා කියන්නේ ඇත්තද? (නි)
සමහරවිට ඡන්දෙට ඉදිරිපත් වේවිද දන්නෙ නැහැ (නි)
අනේ අම්මප මෙහෙමත් නාටක..(ස)
හරියට හරි නාලක. අවි, පුපුරණ ද්‍රව්‍ය, යුද උපකරණ, නැව් ආදිය එතෙරින් මිලට ගැනීමට දඬුවම මාසයයි. මේක නම් කේතුමතී රටම තමයි. (නි)
මගේ ඡන්දය ඊ ළඟ පාරත් ජනාධිපතිතුමාට..(ස)
දෑත් ශක්තිමත් කරන්න ගියාම ඔහොම තමා. ඔක්කොම නීති අපිට විතරයි. (නි)
ඊලග මැතිවරණයටත් ඉදිරිපත් වුණ හැකි. (නි)
රනිල් නිකම් අපේ අහවල් මහත්යා වගේමයි කතාව (නි)
අද පාලනයට බැඳිලා ඉන්න හිටපු එල්.ටී.ටී.ඊ. නායකයන් දිහා බැලුවාම මෙයාව රිමාන්ඩ් එකේ හිටියට සමාව ඉල්ලලා ගෞරවනීය නිදහස් කිරීමක් දෙන්න ඕනෑ. ප්‍රභාකරන් හිටියා නම් මෙලහට ඉහලම කැබිනට් ඇමති කෙනෙක්. අපි එහෙමයි දෑත් හයි කොරන්නේ දන්නවද? (නි)
සෙන්තිල්, ඔයා කසාද බැනදපු කෙනෙක්ද ? ආණ්ඩුවට වැඩිය හොඳට ගැහැනුන්ට පුළුවන් මිනිසුන්ව පුනරුත්ථාපනය කරන්න. අරයා ජීවිත කාලයටම හිරේ. ඔන්න රූපවතී බැන්දොත් වෙන දේ. (නි)
යාළුවො කියන්නේ ඔන්න ඕකට තමයි
ඔන්න අද ලංකාවේ තත්වේ. අපරාදේ මාසෙත් ඇතුලට දැම්මේ. (නි)
වෙන මොකකටවත් නොවෙයි ආශ්චර්යය කියන්නේ මේවට තමයි. (නි)
යහළුවන් බැස්සා එකතු වෙන්න දෙන්න (දී)
වරදක් නම් දඩුවම (දී)
ජිවිතාන්තයටම සිරගෙට පින්තතුර යවන්න ඕනේ
විජිත රෝහණ වගේ එකම එක එඩිතර කොල්ලෙක්වත් නැද්ද ලංකාවේ? (නි)
රකිත් පුතා, මටත් ඔය ප්‍රශ්නෙම දැන ගන්න ඕනෑ. අනිත් එක මෙයා විසින් කරපු වැරදි එයා විසින්ම පාපොච්චාරණය කරද්දීත් නැවත කියන්නෙ ඇයි වැරදි ඔප්පු කරන්න පුළුවන් වුනොත් වසර 300 ක හිරේට අරින්න පුළුවන් කියලා. (නි)
අපි ඉන්නේ කැලයක කැලේ තියෙන්නේ කැලේ නීතිය කියල බලන් ඉමු ලොකු එවුන්ට කොහොමත් වාසිය තමයි. (ස)
රනිල්, මෙයා චෝදනා 15 ට වැරදිකරු වෙලා තිබෙන්නේ. නැතුව ප්‍රබකොරන්ගේ යාලුවෙක් නිසා නොවෙයි දඬුවම ලැබුනේ. (නි)
වත්කම් එහම තිබුනානම් හොඳ තැනකට හඳුනා දෙන්න තිබුණා (ස)
ප්‍රභකරන් ඉස්කෝලේ ගිය එකෙක්ද? (ස)
නිතිය හදාරපු කාට හරි මට පැහැදිලි කරන්න පුලුවන්ද මේ එකවර ගෙවීයන පරිදි වූ සිර දඬුවම පිළිබඳව? චෝදනා 15 ට වරදකරු වී මාස 15 ක සිරදඬුවම එක මාසයෙන් ඉවර කරන්න පුලුවන් නම්, ත්‍රිත්ව මිනීමැරුම් ඝාතනයකට වරදකරු වී වසර 15ක් බැගින් සිර දඬුවම නියම වූ කෙනෙකුට පුලුවන්ද එකවර ගෙවීමේ ක්‍රමය මගින් 15න් පසු ගෙදර යන්න. (නි)
අපි ළඟ පාන් කපන පිහියක් තිබුනත් අල්ලන් යනවනේ.(ස)
සරත් ෆොන්සේකා මහත්තයා අවුරුදු දෙකක් හිරේ හිටියේ ඇයි? මං දන්නේ නැති හින්දයි අහන්නේ ? (නි)
යාලුවෝ ඉන්නවා හැමතැනම
මොකද බය හිතුආද
නැහැ නැහැ කවුරුත් මේ දඩුවම ගැන දුක් වෙන්න එපා. (නි)
සිර දඬුවමත් ක්ෂණික නූඩ්ල්ස් වගේනෙ. ටක් ගාල ගෙවිලා යන විධිත් තියෙනවා. කොහොම වුනත් ගුනසුන්දරම්ගේ අනාගතය නම් සුභ පාටයි. (නි)
මට වහ බොන්න හිතුණා මේවා ඇහෙද්දී (නි)
රුපවතී,මේ මිනිහව පුනරුත්තාපනයට යවන්න කියලා විනිසුරු නියම කළා. නමුත් ඔහු කිවුවොත් ඒක එයාට එපා,එයාට ඕනෑ ඔයා වගේ සිංහල ගැහැනියෙක් බැදලා පවුල් ජීවිතයක් ගෙනියන්න කියලා ඔයා මොකද කියන්නේ? (නි)
මෙයා ළඟත් සෑහෙන විදේශ වත්කම් ඇති මම හිතන්නේ. (නි)
දෑත් ශක්තිමත් කරන්න පොරොන්දු වුණා නම් හොඳයි.මොලේ ඇති අය එහෙමයි. පෙනෙන්නේ නැද්ද ලියිට් බිල වැඩි කළාට කැමති උදවියත් ලංකාවේ ඉන්නවා. ඔය ඒකට පෙළපාලි යන්නේ.ජාති හිතෛශීන්ට සැප්තැම්බර් වෙද්දී දිවි නහ ගන්නයි වෙන්නේ. (නි)
ප්‍රභාකරන් සමග ඉගෙනුම ලැබු පලියට කොටියෙක් වෙන්නේ කොහොමද?මානුෂික අයිතිවාසිකම් බිද දැමීමක්. (නි)
මේක නීතිය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. උසාවිය පිළිගන්නෙ කාගෙවත් කතන්දර නෙමෙයි. පැමිණිලි පාර්ශවය ඉදිරිපත් කරන චෝදනා සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කළ හැකි සාක්ෂි පමණයි. ඉතින් එවැනි ඔප්පු කළ හැකි සාක්ෂි නැත්නම් චූදිතයා නිදහස්, නැත්නම් සුළු දඬුවමක් පමණයි. මෙතන වරද පරීක්ෂණ මෙහෙයවන පාර්ශවයෙ, එක්කො ඒ පිළිබඳ අවබෝධය අඩුයි. නැත්නම් වුවමනාවෙන්ම නඩුව විසිවෙන විදියට සාක්ෂි මෙහෙයවනවා. මොකද චූදිතයා පැත්ත මාරුකරලා දෑත් ශක්තිමත් කරන්න කැමති වුණාද දන්නෙ නැහැනෙ. හැබැයි වෙන රටක නම් එක්කො එල්ලුම් ගහේ, නැත්නම් ජීවිතාන්තයට හිරේ. (නි)
මෙච්චර වැරදි කරලත් දඬුවම මාසයයි. මොනවාද මේ වෙන්නේ? (නි)
ත්‍රස්තවාදීන්ට දෙන්න පුළුවන් ඉහලම දඬුවම කියලයි මම කියන්නේ (නි)
එයා පව්. (නි)
වැඩි නැද්ද? (නි)
රට අල්ලන්න උදවු කරපු අයට මාසයයි. අපේ මහත්තයාගේ කට වැරදුනාට අවුරුදු තුනයි. ඔවු ඔවු. වහාම නීතිය අලුත් කරමු. (නි)
වරදට දඬුවම් මදි නේද? (නි)
මිනිස් ජීවිත කීයක් විනාශ කළ කෙනෙක්ද මේ? කොහොමද දඩුවම? රටේ අනිකුත් මිනිස්සු මේවා ආදර්ශයට අරන් තමයි ඔය හැමදාම කොටලා ,මරලා, වෙඩි තියලා අපිට අහන්න ලැබෙන්නේ. සිංහලයට ඉක්මනින් අමතක වෙනවනේ. යුද්දයක් තිබුනවත් මතක නැහැ (නි)
දඩුවම නම් හදි වගේ. (නි)
ලංකාවේ නීතිය අපි අලුතෙන් හදමුද? (නි)
පොල් ගෙඩි 8 හොරකම් කළාට වඩා දඩුවම හොදා වගේ .... (නි)
සෙන්තිල් මට කිවුවොත් මම ඒකට කැමති වෙනවා. (නි)
මොනවා කිවුවත් මේක අර බයිසිකලේ නොම්මර තහඩුව මොඩ් කළා වගේ බරපතළ වරදක් නොවෙයි අනේ. (නි)
අයියෝ සල්ලි
සිර දඩුවම සිර මැදිරියක් තුළද ගෙවන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
සෙන්තිල්, මගේ රට ජාතිය වැනසුව කෙනෙක් එක්ක දීග කන්න තරමට මම බොළද ගැහැනියක් නෙමෙයි. ඊට වඩා හොද මානසික සැනසීමක් බෙල්ලේ ගලක් බැදගෙන බේරේ වැවට පනින එක. මම ගොඩක් එඩිතර ගැහැනියක් (නි)
අන්ගුලිමාලත් බුද්ධ ශාසනයේ මහන වෙලා රහත් වුණා. මේ අපේ සිරි ලංකාවේ මොකද බැරි මහන වෙලා පිරිත් කියන්න. ඕනෑ තරම් අය ඉන්නවා අංගුලිමාල පිරිත් නුල් බැදගන්න. ඔහොම යන් රාලෝ. ලෝකෙන් උතුම් රට ලංකාවයි. ලංකාවයි සිරි ලංකාවයි. (නි)
මොනවද මේ රටට වෙන්නේ? අර බුදුදහම ඇපේට තියලා පාර්ලිමේන්තු ගියපු උන්නාන්සේලා කොහෙද දැන්? (නි)
කෝ අර සේනාව? හලාල් වලට කථාකලාට අසාධාරණ වලට එරෙහිව නම් කවුරුවත්ම කථා නැහැ (නි)
නිකන් විනාස වෙනවා
පැමිණිල්ල ඕනෑකමෙන්ම පරාද වෙලා වගෙයි මට පෙනෙන්නේ. අපේ රටේ නිතිය හරි හැටි තේරුම් ගැනීමට මගේ දැනුම මදි කියලයි මට හිතෙන්නේ (නි)
අවි, පුපුරණ ද්‍රව්‍ය, යුද උපකරණ, නැව් ආදිය එතෙරින් මිලට ගැනීමට දඬුවම මාසයයි. කැමරා ,දුරදක්න ,බැටරි කෑලි ,ගෙන්වීමට අත්සන දැම්මාට අවුරුදූ තුනයි (නි)
කරන කලට පව් මිහිරිය මි සේ
සෙන්තිල්, එහෙම කියලා ශේප් වෙච්ච අයත් ඉන්නවද? (නි)
දුප්පත් කී දෙනෙක් හරියට නඩු කියාගන්න සල්ලි නැතුව හිරේ ඇද්ද? (නි)
කව්ද කේ පි කියන්නේ මට මතක නැහැනේ?