මරණ පරීකෂණයක් පමා වී යැයි තිස්සමහාරාම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු තිස්සමහාරාම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී දොස්තර එච්.එම්. ක්‍රිශාන්තට බැන තර්ජනය කළැයි පශ්චාත් මරණ පරීක්ෂණ නොකිරීමට එහි වෛද්‍යවරු තීරණය කරති. රෝහලට අධිකරණ වෛද්‍යවරයකු නැති බවත් මහජනයාගේ පහසුව තකා තමන්ට අයිති නැති රාජකාරියක් කළ බවත් මින්පසු අනවශ්‍ය රාජකාරි නොකරන බවත් වෛද්‍යවරු කියති. මෙම තීරණය නිසා මළ සිරුරු හම්බන්තොට රෝහලට යැවිමට සිදුවේයි.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම දොස්තරලා ටිකක්.හොද වැඩේ මේ දකුණේ චණ්ඩින්ට. (නි)
අධිකරණ වෛද්‍යවරයකු නැත්නම් පශ්චාත් මරණ පරීක්ෂණය කිරීම වෛද්‍ය අධිකාරීවරයාට අයිති කාර්යයක් තමයි. (නි)
ප්‍රාදේශීය සභා මන්ත්‍රින්ට වැඩේ පැවැරුවා නම් හොඳා නේද (අ)
මේ දොස්තර මහත්තයා හොද කෙනෙක්. මම හිටියා නම් ඒ මනුස්සයාට කරන දේ බලා ගන්න තිබුණා. (නි)
මේ දේශපාලඥයො කාටවත් මින් පස්සේ ඡන්දේ දීමෙන් වැළකී සිටින්න ඕනේ. (නි)
නියමයිනේ. (නි)
නියමයි. (නි)
මොකද මේ දකුණේ අය චන්ඩි වෙලා .තැනක හැසිරෙන්නවත් දන්නේ නැද්ද ???(ස)
මෙයාගෙ කණ කුඩුවෙන්න ගහන්න කවුරුවත් ළග හිටිය නැතිද ඇත්තටම?(නු)
වෙන හැම දේම වෙන්නේ බෙන්තර ගඟෙන් එහා පැත්තෙනේ . හැබැයි ඔය වගේ ලොක්කෝ රටේ හැමතැනම වගේ ඉන්නවා...(ස)
එක මකුණයි ළමයෝ කන්නේ එයි ඔක්කොම මකුණෝ මරන්නේ. (වි)
මෙන්න දකුණින් තවත් ඡන්ද ප්‍රතිඵලයක්...(ස)
දකුනෙද? එහෙ මේවගේ වැඩ කරන්න ඕන තරම් අය ඉන්නව...(නු)
දොස්තරට බණින්න තිබුණෙ තමන්ගේ කාර්යය අවසන් වුණාට පස්සෙනේ.අපේ කට්ටිය කොහොමත් ඉක්මන් වැඩියිනේ. (නි)
තුසිත, කාපු මකුණා ඉදිරිපත් උනානම් අනෙක් අය ගැන සළකා බලන්න තිබුණා..!!!!(නු)
"ප්‍රදීශා 2012-07-30 18:41:23 අධිකරණ වෛද්‍යවරයකු නැත්නම් පශ්චාත් මරණ පරීක්ෂණය කිරීම වෛද්‍ය අධිකාරීවරයාට අයිති කාර්යයක් තමයි." එතකොට දේශපාලකයින්ගෙන් බැණුම් අහන එකත් රාජකාරියට අයිතිද? කරුණාකර ඔබේ දැනුම සිද්ධියට අදාලව පෙන්වීමට ඉගෙනගන්න. (නි)