IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


මහා නාහිමි ආදාහනය සඳුදා

වේවැල්දෙණියේ මේධාලංකාර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියෝ අවුරුදු 104ක් ආයුවළදා අපවත් වූහ. උන්වහන්සේ  අනූ වසරක් පැවිදි දිවිය ගත කරමින් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සදහා අනුපමය සේවාවක් ඉටු කළ යතිවරයාණ කෙනෙකි. විනයධර ධර්මධර සුපේශල ශික්ෂාකාමී සංඝ පීතෘවරයාණන් කෙනකු වූ උන්වහන්සේ 1909 දෙසැම්බර් මස හත් වැනිදා සිංගම්කුට්ටි ආරච්චිගේ ඉසන් අප්පුහාම් මහතා හා රාජපක්ෂ විතාරණලාගේ ලියගුහාමි මහත්මිය ට දාව වේවැල්දෙණිය මිල්ලවලදී    සිංගම්කුට්ටි ආරච්චිගේ බෙන්ජමින් අප්පුහාම් නමින් මෙලොවට ජනිත වූහ. හෙතෙම  1922 මැයි 22 වැනිදා අනුරාධපුර අභයගිරි ආරාමයේදී කතළුවේ සීලවංශ හා කදිරාගම සුමනසාර හිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි විය. 1930 ජූනි 16 වැනිදා උන්වහන්සේ මා ඔයේ ඉඹුල්ගහමංකඩ උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදාව ලැබූහ. නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටින අතරදී බුරුමයේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම අතහැර ගුරු හාමුදුරුවන්ගේ දුක් සැප බැලීමෙහි යෙදෙමින් ගුරුවරයාට සැලකීමේ මනා ගුණය පෙන්වූ යතිවරයකු ලෙසද මහනාහිමියෝ ප‍්‍රකටය. 1972 සිට උන්වහන්සේ  මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති ධුරය හෙඹවූ   අතර 1983 දී උපරිමානු විජ්ජක තනතුරට පත්වූ වේවැල්දෙණියේ හිමියෝ අනතුරුව සඤ්ඤා ලේඛකාධිකාරී හා අධිකරණ සංඝනායක තනතුරටත් පත්වී මාහැඟි සේවාවක් කළහ. 1998 දී  ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායකව වැඩ විසූ පොත්තෙවෙල පඤ්ඤාසාර නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව මේධාලංකාර හිමියෝ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ දොළොස්වන මහනාහිමියන් වශයෙන් පත් වූහ. නිකායේ සෑම තනතුරකටම උන්වහන්සේ පත්වූයේ තරගයකින් තොරව වීමද විශේෂත්වයකි. නිදහස් ලංකාවේ පළමු  අගමැතිවරයා වූ ඞී. ඇස්. සේනානායක මහතා ඇසුරු කරන අතර අද ජාතික පාසලක් ලෙස පවතින මීරිගම ඞී. ඇස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයය බිහිකිරීමට මූලික වූ උන්වහන්සේ විදේශ රටවල් ගණනාවක ආගමික ප‍්‍රචාරයේ යෙදුණු මහ තෙර නමක් වූහ. මහා බෝධි ළමා නිවාසය හා තවලම්පිටිය සෙත් සෙවන වැඩිහිටි නිවාසය පිහිටුවීමට නාහිමියන්ගෙන් සිදුවූ සේවය අපරිමිතය. තමන්ගේ සියවන උපන් දිනය වෙනුවෙන් මීරිගම දිසා රෝහල මූලික රෝහලක් කරන ලෙසට උන්වහන්සේ කළ ඉල්ලීම සපල වීම නිසා මීරිගම ජනතාවට මහත් සෙතක් අත් වීය. උන්වහන්සේගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් මීරිගම රෝහලේ වැඩ ආරම්භ කළ දන්ත ශල්‍යාගාර ගොඩනැගිල්ලද 101 වැනි ජන්ම දිනයදා දැයට පිරිනැමුණේ මහනාහිමියන්ට දිගාසිරි පතමිනි. ආදාහන පූජොත්සවය පිළිබඳව පසුව දැනුම් දෙන බව මීරිගම ශාසනවර්ධන පරිවේනාධිපති මරඳන්කල්ලේ සුසීම හිමියෝ පැවසූහ. ආදාහන පූජෝත්සවය මිරිගම ඩී ඇස් සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදි පූර්න රාජ්‍ය ගෞරව සහිතව සඳුදා  (3)  පැවැත්වීමට නියමිතය



අදහස් (0)

මහා නාහිමි ආදාහනය සඳුදා

මංගල Thursday, 30 August 2012 12:38 AM

ඔබ වැනි සංඝයා වහන්සේ කෙනෙක් මෙවන් යුගයක මෙලෙස සමු ගැනීම අපේ අභාග්‍යයක්. ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

පාලිත Friday, 31 August 2012 12:21 AM

මාගේ ගුරු දේවයාණන් වහන්ස, ඔබවහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා ! (නි)

:       0       0

Nayomi Herath Thursday, 30 August 2012 04:03 PM

අපේ නායක හාමුදුරුවන්ට අමා මහ නිවන් සම්පත් අත්වේවා..!!(නු)

:       0       0

ආරියරත්න Thursday, 30 August 2012 01:39 AM

හිමියනි, ඔබට නිවන් සුව! (නි)

:       0       0

කුමුදුනී Thursday, 30 August 2012 02:41 AM

ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

රංජීව Thursday, 30 August 2012 05:44 AM

උන්වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

චන්දවිමල හිමි Thursday, 30 August 2012 06:37 AM

අතිගරු මහා නාහිමියන්ට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අමිල කටුනායක Thursday, 30 August 2012 07:10 AM

නිවන් සුව පතමි. (නි)

:       0       0

කටුවන විජිතවංශ හිමි Thursday, 30 August 2012 04:45 PM

ගුරුදේවයන්වහන්ස... ඔබවහන්සේට නිවන් සුව ලැබේවා..!(නු)

:       0       0

සුමේධ Thursday, 30 August 2012 07:06 AM

ඔබවහන්සේට උතුම් නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

වසන්ත Thursday, 30 August 2012 07:28 AM

ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

කුමාර Thursday, 30 August 2012 05:02 PM

මහා නාහිමියන්ට නිවන් සුව පතමි..!! වලාකුළකින් මතුවූ චන්ද්‍රයා සේ මුළු ලෝකයම, සාසනයම ආලෝකවත් කළ නායකයාණෙන් අනාගත භික්ෂුවට පරමාදර්ශී නාහිමි නමක්..!!(නු)

:       0       0

නිහාල් Thursday, 30 August 2012 07:50 AM

මෙන්න සැබෑ නාහිමිවරුන්. නිවන් සැප ‍ලැබේවා! (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 30 August 2012 08:01 AM

සම මෙත් සනා පිරි හදහත් දැවෙයි ලොවේ සුවපත් වුණා මිස අපවත් වුණා නොවේ ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)

:       0       0

ගයාන් අනුරුද්ධ Thursday, 30 August 2012 07:56 AM

මගේ නායක හාමුදුරුවනේ.. නැවතත් අප අතරම ඉපදේවා.. නිර්මල බුදුදහම රැක ගනන්ට..!!(නු)

:       0       0

රත්නායක සනත් Thursday, 30 August 2012 08:07 AM

අජරාමර නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

කුමාර තායිලන්තය. Thursday, 30 August 2012 08:37 AM

තායිලන්ත ජනතාවගේ කණගාටුව ප්‍රකාශ කරන්න කියා නායක හාමුදුරුවන්ගේ හිතවත් දායකයන් කිහිපදෙනෙක් මට කිව්වා.. !! බැංකොක් නුවරට අපේ නායක හාමුදුරුවො කිහිප වතාවක් වැඩමකර තිබෙනවා.. අපිට ධර්මය දේශනා කළා. අපේ ගෞරවනීම මහා නායක හිමියන්වහන්ස... ඔබවහන්සේට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු..!!(නු)

:       0       0

ප්‍රමෝද් Thursday, 30 August 2012 08:36 AM

සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි..!!(නු)

:       0       0

ප්‍රදීප් ජානක Thursday, 30 August 2012 08:51 AM

නමෝ බුද්ධාය ! වේවැල්දෙණියේ මේධාලංකාර නායක ස්වාමීන් වහන්සේ ඉතාම සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක්. රාමඤ්ඤ මහ නිකායේ මහා නායක තනතුර දරා සිටියත් ඉතාම නිහතමානී කෙනෙක්. කිසිම දේශපාලන පක්ෂයකට ගැතිකම් නොකර ශාසනික පිළිවෙතේ ම මනාව යෙදුනු උතුම් යතිවරයෙක්. විශේෂයෙන් ම සිල්වත් ගුණවත් සංඝයාගේ නිවැරදි පිළිවෙත පක්ෂග්‍රාහී නොවී වර්ණනා කරපු කෙනෙක්. අපේ රටේ අනික් මහානායක ස්වාමීන් වහන්සේ ලාත් මේ උතුම් ස්වාමින් වහන්සේ ආදර්ශයට ගන්නවා නම් මොන තරම් හොද ද? දේශපාලන ගැතිකම් නොකර සංඝයා ගේ සිල්වත් ගුණවත් පිළිවෙතම වර්ණනා කල ලාභ සත්කාර කිර්ති ප්‍රසංශාවට නොඇලුණු ගෞතම බුදුරජුන්ගේ ධර්මයට ම ඇලුණු මේ උතුම් ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ! නමෝ බුද්ධාය !(නු)

:       0       0

Kukulegama Gunarathana Thursday, 30 August 2012 08:48 AM

ලබාගනු මැනවි අජරාමර නිවන් සුව..!(නු)

:       0       0

ලක්ෂ්මන් Thursday, 30 August 2012 09:12 AM

ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! මෙවැනි ආදර්ශවත් හිමිවරු අනාගතයේත් පහළ වේවා..!!(නු)

:       0       0

දිනේෂ් Thursday, 30 August 2012 09:12 AM

ඔබවහන්සේට නිවන් සුව..!!(නු)

:       0       0

නිරන් Thursday, 30 August 2012 09:22 AM

ඔබවහන්සේට උතුම් නිවන්සුව පතමු..!!(නු)

:       0       0

චමිල හේමන්ත - මීරිගම Thursday, 30 August 2012 09:33 AM

ඔබවහන්සේගේ සේවය අමරණීයයි..!! නිවන්සුව අත්වේවා..!!(නු)

:       0       0

නිලන්ත Thursday, 30 August 2012 09:37 AM

ඔබවහන්සේට නිවන් සුව පතමි..!!(නු)

:       0       0

මොහොමඩ් හුසේන් Thursday, 30 August 2012 09:54 AM

නිවන්මග අත්වේවායි පතමි..!!(නු)

:       0       0

ඉමල්ෂා සඳරේඛා සේනානායක -රුහුණු සරසවිය Thursday, 30 August 2012 09:56 AM

හැම ස්වාමීන් වහන්සේ නමක්ම මේ වගේ ශාසනික සේවාවක් කරන්න අපේ සංස්කෘතියට මහා ආර්ශයක් වේවා (වි)

:       0       0

නාලක Monday, 03 September 2012 07:28 PM

ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!.(ස)

:       0       0

සිරිනිමල් Wednesday, 29 August 2012 08:20 PM

ශාහනයටත්, රටටත්, ජාතියටත් කළ මෙහෙවරේ බලෙන් ඔබවහන්සේට රහත් භාවය ලැබේවා! (නි)

:       0       0

සම්පත් Wednesday, 29 August 2012 08:30 PM

උන්වහන්සේට නිවන් දැකීමට වාසනාව උදා වේවා! (නි)

:       0       0

අසිත අංජන Thursday, 30 August 2012 10:19 AM

අතිගරු මහා නාහිමියන්ට නිවන් සුව ලැබේවා...!!!(නු)

:       0       0

සමුනසිරි Thursday, 30 August 2012 10:20 AM

අතිගරු මහා නාහිමියන්ට නිවන් සුව ලැබේවා!!!(නු)

:       0       0

ධනුෂ්ක රණවීර Wednesday, 29 August 2012 08:50 PM

අපවත් වී වදාළ අපේ මහා නාහිමිපාණන් වහන්සේට අමාමහ නිවන් සුව පතමි. (නි)

:       0       0

ගලබඩ පවුල ඉතාලියේ සිට .. Wednesday, 29 August 2012 08:56 PM

නායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම අසා අපද කම්පා වන අතර,නිවන් සුව ප්‍රාර්ථනා කරමු. (නි)

:       0       0

බුද්ධි කල්හාර Thursday, 30 August 2012 10:30 AM

රටට ජාතියට උන්වහන්සේ කළ මෙහෙය අමරණීයයි... උන්වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා!(නු)

:       0       0

උපාලි Wednesday, 29 August 2012 09:09 PM

බුදු සසුනට කළ සේවය අගය කරමු. මාගේ බලවත් ශෝකය! (නි)

:       0       0

දිනූකා Monday, 17 September 2012 12:07 PM

නිවන් සුව ලැබේවා ! (ස)

:       0       0

රිස්වාන් - සවුදි Wednesday, 29 August 2012 09:10 PM

මහනාහිමියන් වෙනුවෙන් මාගේ බලවත් ශෝකය!

:       0       0

අරවින්ද හිමි Wednesday, 29 August 2012 09:19 PM

උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය වැටහේවා! (නි)

:       0       0

පරණගම Wednesday, 29 August 2012 09:19 PM

අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

දයාන් කුවේට් Thursday, 30 August 2012 10:49 AM

ඔබවහන්සේට නිවන් සුව අත්වේවා..!1(නු)

:       0       0

බණ්ඩාර Thursday, 30 August 2012 02:44 PM

සසර මග මේ හිමියන්ට ඉතාම කෙටි වේවා..!!(නු)

:       0       0

යාපා Thursday, 30 August 2012 02:44 PM

අමා මහ නිවන් සුව ලැබේවා..!!(නු)

:       0       0

අනුරාධ Wednesday, 29 August 2012 09:45 PM

අපේ මහනාහිමියන්ට අජරාමර නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

සම්පත් Wednesday, 29 August 2012 09:48 PM

රටට සේවයක් කළ ගරු ස්වාමින් වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

ක්‍රිෂාන්ත Thursday, 30 August 2012 11:02 AM

ඔබවහන්සේ ශාසනික ආගමික වශයෙන් ඉටුකළ උදාර සේවයට නිවන් සුවයම අත්වේවා... එය අනෙකුත් ස්වාමීන්වහන්සේට ආදර්ශයක් වේවා..!!(නු)

:       0       0

කැටවල Wednesday, 29 August 2012 09:55 PM

කණගාටුදායක ආරංචියක්. ඔබවහන්සේට නිවන් සුව! (නි)

:       0       0

චමින්ද Wednesday, 29 August 2012 09:58 PM

ඔබවහන්සේට නිව්න සුව! (නි)

:       0       0

චමල් Thursday, 30 August 2012 11:00 AM

සාසනයට අනගි මෙහෙවරක් කළ උන් වහන්සේට නිවන් සුව අත් වේවා..!!(නු)

:       0       0

සුසන්ත Wednesday, 29 August 2012 10:11 PM

යතිවරයාණෙනි, ඔබ වහන්සේට නිවන් සුව! (නි)

:       0       0

ඉග්මාන් Wednesday, 29 August 2012 10:27 PM

ඔබ වහන්සේට අජරාමර නිව්න සුව! (නි)

:       0       0

දෙවහුවෙ විමලධම්ම හිමි Wednesday, 29 August 2012 10:27 PM

අප මහනාහිමියන්ට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

වීරසූරිය Wednesday, 29 August 2012 10:37 PM

ඔබවහන්සේට අපි ස්වර්ගීය මෝක්ෂය ප්‍රාර්ථනා කරම්. (නි)

:       0       0

කාවින්ග Wednesday, 29 August 2012 10:40 PM

ඔබ වහන්සේට නිවන් සුව පතමු. නැවතත් මේ පින් බිම එකලු කිරීමට මෙසිරිලකම ඉපදීමට වාසනාව සහ පින් බලය ඔබ වහන්සේට ලැබේවා! (නි)

:       0       0

පාලිත Thursday, 30 August 2012 11:22 AM

ඔබවහන්සේට නිවන් සුව පතමි..!!(නු)

:       0       0

සූරිය වැව අරියධම්ම හිමි Thursday, 30 August 2012 03:22 PM

නිවන් සුව යතිවරයාණෙනි ඔබ වහන්සේට..!!(නු)

:       0       0

ප්‍රවීන් - මැනිලා Thursday, 30 August 2012 10:25 PM

රිස්වාන්, මොහොමඩ් හුසේන්, මොහොමඩ් බේරුවල, ඔබ වැනි අන්‍යආගමික අය මෙලෙස අදහස් දැක්වීම පිළිබද ඉතා සතුටු වෙමි. (නි)

:       0       0

ප්‍රියන්ත සේනානායක Wednesday, 29 August 2012 10:55 PM

ඔබවහන්සේට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

සිසිර කුමාර Wednesday, 29 August 2012 10:56 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ඇරිස් Wednesday, 29 August 2012 11:10 PM

නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

මොහොමඩ් - බේරැවල Thursday, 30 August 2012 03:29 PM

ඔබ වහන්සේ‍ට නිවන් සුව අත්වේවා....! (නු)

:       0       0

ගම්මැද්දේගම පියදස්සි හිමි Thursday, 30 August 2012 03:31 PM

අතිගරු මහානාහිමියන් වහන්සේට නිවන් සුව ලැබේවා! අපගේ බලවත් කණගාටුව! (නි)

:       0       0

ඛාන් Thursday, 30 August 2012 11:43 AM

මෙහිමියෝ රටටත් රටවැසියාටත් කළ මෙහෙවර මිළ කළ නොහැකියි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 4 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 28 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 211 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 394 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 381 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site