වේවැල්දෙණියේ මේධාලංකාර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියෝ අවුරුදු 104ක් ආයුවළදා අපවත් වූහ.
උන්වහන්සේ අනූ වසරක් පැවිදි දිවිය ගත කරමින් සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම සදහා අනුපමය සේවාවක් ඉටු කළ යතිවරයාණ කෙනෙකි.
විනයධර ධර්මධර සුපේශල ශික්ෂාකාමී සංඝ පීතෘවරයාණන් කෙනකු වූ උන්වහන්සේ 1909 දෙසැම්බර් මස හත් වැනිදා සිංගම්කුට්ටි ආරච්චිගේ ඉසන් අප්පුහාම් මහතා හා රාජපක්ෂ විතාරණලාගේ ලියගුහාමි මහත්මිය ට දාව වේවැල්දෙණිය මිල්ලවලදී සිංගම්කුට්ටි ආරච්චිගේ බෙන්ජමින් අප්පුහාම් නමින් මෙලොවට ජනිත වූහ.
හෙතෙම 1922 මැයි 22 වැනිදා අනුරාධපුර අභයගිරි ආරාමයේදී කතළුවේ සීලවංශ හා කදිරාගම සුමනසාර හිමිවරුන්ගේ ආචාර්ය උපාධ්‍යායත්වයෙන් පැවිදි විය. 1930 ජූනි 16 වැනිදා උන්වහන්සේ මා ඔයේ ඉඹුල්ගහමංකඩ උදකුක්ඛේප සීමා මාලකයේදී උපසම්පදාව ලැබූහ.
නිට්ටඹුව විද්‍යානන්ද පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටින අතරදී බුරුමයේ වැඩිදුර අධ්‍යාපනය ලැබීම අතහැර ගුරු හාමුදුරුවන්ගේ දුක් සැප බැලීමෙහි යෙදෙමින් ගුරුවරයාට සැලකීමේ මනා ගුණය පෙන්වූ යතිවරයකු ලෙසද මහනාහිමියෝ ප‍්‍රකටය. 1972 සිට උන්වහන්සේ මීරිගම ශාසනවර්ධන පිරිවෙන් විහාරාධිපති ධුරය හෙඹවූ අතර 1983 දී උපරිමානු විජ්ජක තනතුරට පත්වූ වේවැල්දෙණියේ හිමියෝ අනතුරුව සඤ්ඤා ලේඛකාධිකාරී හා අධිකරණ සංඝනායක තනතුරටත් පත්වී මාහැඟි සේවාවක් කළහ.
1998 දී ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායකව වැඩ විසූ පොත්තෙවෙල පඤ්ඤාසාර නාහිමියන්ගේ අපවත්වීමෙන් අනතුරුව මේධාලංකාර හිමියෝ ශී‍්‍ර ලංකා රාමඤ්ඤ මහා නිකායේ දොළොස්වන මහනාහිමියන් වශයෙන් පත් වූහ. නිකායේ සෑම තනතුරකටම උන්වහන්සේ පත්වූයේ තරගයකින් තොරව වීමද විශේෂත්වයකි.
නිදහස් ලංකාවේ පළමු අගමැතිවරයා වූ ඞී. ඇස්. සේනානායක මහතා ඇසුරු කරන අතර අද ජාතික පාසලක් ලෙස පවතින මීරිගම ඞී. ඇස්. සේනානායක මධ්‍ය මහා විද්‍යාලයය බිහිකිරීමට මූලික වූ උන්වහන්සේ විදේශ රටවල් ගණනාවක ආගමික ප‍්‍රචාරයේ යෙදුණු මහ තෙර නමක් වූහ. මහා බෝධි ළමා නිවාසය හා තවලම්පිටිය සෙත් සෙවන වැඩිහිටි නිවාසය පිහිටුවීමට නාහිමියන්ගෙන් සිදුවූ සේවය අපරිමිතය.
තමන්ගේ සියවන උපන් දිනය වෙනුවෙන් මීරිගම දිසා රෝහල මූලික රෝහලක් කරන ලෙසට උන්වහන්සේ කළ ඉල්ලීම සපල වීම නිසා මීරිගම ජනතාවට මහත් සෙතක් අත් වීය. උන්වහන්සේගේ ජන්ම ශත සංවත්සරය නිමිත්තෙන් මීරිගම රෝහලේ වැඩ ආරම්භ කළ දන්ත ශල්‍යාගාර ගොඩනැගිල්ලද 101 වැනි ජන්ම දිනයදා දැයට පිරිනැමුණේ මහනාහිමියන්ට දිගාසිරි පතමිනි.
ආදාහන පූජොත්සවය පිළිබඳව පසුව දැනුම් දෙන බව මීරිගම ශාසනවර්ධන පරිවේනාධිපති මරඳන්කල්ලේ සුසීම හිමියෝ පැවසූහ.
ආදාහන පූජෝත්සවය මිරිගම ඩී ඇස් සේනානායක ජාතික පාසල් ක්‍රීඩාංගනයේදි පූර්න රාජ්‍ය ගෞරව සහිතව සඳුදා (3) පැවැත්වීමට නියමිතය
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබවහන්සේ ශාසනික ආගමික වශයෙන් ඉටුකළ උදාර සේවයට නිවන් සුවයම අත්වේවා... එය අනෙකුත් ස්වාමීන්වහන්සේට ආදර්ශයක් වේවා..!!(නු)
තායිලන්ත ජනතාවගේ කණගාටුව ප්‍රකාශ කරන්න කියා නායක හාමුදුරුවන්ගේ හිතවත් දායකයන් කිහිපදෙනෙක් මට කිව්වා.. !! බැංකොක් නුවරට අපේ නායක හාමුදුරුවො කිහිප වතාවක් වැඩමකර තිබෙනවා.. අපිට ධර්මය දේශනා කළා. අපේ ගෞරවනීම මහා නායක හිමියන්වහන්ස... ඔබවහන්සේට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරමු..!!(නු)
සියළු සංස්කාර ධර්මයෝ අනිත්‍යයි..!!(නු)
නමෝ බුද්ධාය ! වේවැල්දෙණියේ මේධාලංකාර නායක ස්වාමීන් වහන්සේ ඉතාම සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේ නමක්. රාමඤ්ඤ මහ නිකායේ මහා නායක තනතුර දරා සිටියත් ඉතාම නිහතමානී කෙනෙක්. කිසිම දේශපාලන පක්ෂයකට ගැතිකම් නොකර ශාසනික පිළිවෙතේ ම මනාව යෙදුනු උතුම් යතිවරයෙක්. විශේෂයෙන් ම සිල්වත් ගුණවත් සංඝයාගේ නිවැරදි පිළිවෙත පක්ෂග්‍රාහී නොවී වර්ණනා කරපු කෙනෙක්. අපේ රටේ අනික් මහානායක ස්වාමීන් වහන්සේ ලාත් මේ උතුම් ස්වාමින් වහන්සේ ආදර්ශයට ගන්නවා නම් මොන තරම් හොද ද? දේශපාලන ගැතිකම් නොකර සංඝයා ගේ සිල්වත් ගුණවත් පිළිවෙතම වර්ණනා කල ලාභ සත්කාර කිර්ති ප්‍රසංශාවට නොඇලුණු ගෞතම බුදුරජුන්ගේ ධර්මයට ම ඇලුණු මේ උතුම් ස්වාමීන් වහන්සේට ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේවා ! නමෝ බුද්ධාය !(නු)
ලබාගනු මැනවි අජරාමර නිවන් සුව..!(නු)
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! මෙවැනි ආදර්ශවත් හිමිවරු අනාගතයේත් පහළ වේවා..!!(නු)
ඔබවහන්සේට නිවන් සුව..!!(නු)
ඔබවහන්සේට උතුම් නිවන්සුව පතමු..!!(නු)
ඔබවහන්සේගේ සේවය අමරණීයයි..!! නිවන්සුව අත්වේවා..!!(නු)
ඔබවහන්සේට නිවන් සුව පතමි..!!(නු)
නිවන්මග අත්වේවායි පතමි..!!(නු)
හැම ස්වාමීන් වහන්සේ නමක්ම මේ වගේ ශාසනික සේවාවක් කරන්න අපේ සංස්කෘතියට මහා ආර්ශයක් වේවා (වි)
අතිගරු මහා නාහිමියන්ට නිවන් සුව ලැබේවා...!!!(නු)
අතිගරු මහා නාහිමියන්ට නිවන් සුව ලැබේවා!!!(නු)
රටට ජාතියට උන්වහන්සේ කළ මෙහෙය අමරණීයයි... උන්වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා!(නු)
ඔබවහන්සේට නිවන් සුව අත්වේවා..!1(නු)
අජරාමර නිවන් සුව ලැබේවා! (නි)
සාසනයට අනගි මෙහෙවරක් කළ උන් වහන්සේට නිවන් සුව අත් වේවා..!!(නු)
ඔබවහන්සේට නිවන් සුව පතමි..!!(නු)
මෙහිමියෝ රටටත් රටවැසියාටත් කළ මෙහෙවර මිළ කළ නොහැකියි (නි)
සසර මග මේ හිමියන්ට ඉතාම කෙටි වේවා..!!(නු)
අමා මහ නිවන් සුව ලැබේවා..!!(නු)
නිවන් සුව යතිවරයාණෙනි ඔබ වහන්සේට..!!(නු)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා....! (නු)
අතිගරු මහානාහිමියන් වහන්සේට නිවන් සුව ලැබේවා! අපගේ බලවත් කණගාටුව! (නි)
අපේ නායක හාමුදුරුවන්ට අමා මහ නිවන් සම්පත් අත්වේවා..!!(නු)
ගුරුදේවයන්වහන්ස... ඔබවහන්සේට නිවන් සුව ලැබේවා..!(නු)
මහා නාහිමියන්ට නිවන් සුව පතමි..!! වලාකුළකින් මතුවූ චන්ද්‍රයා සේ මුළු ලෝකයම, සාසනයම ආලෝකවත් කළ නායකයාණෙන් අනාගත භික්ෂුවට පරමාදර්ශී නාහිමි නමක්..!!(නු)
රිස්වාන්, මොහොමඩ් හුසේන්, මොහොමඩ් බේරුවල, ඔබ වැනි අන්‍යආගමික අය මෙලෙස අදහස් දැක්වීම පිළිබද ඉතා සතුටු වෙමි. (නි)
මාගේ ගුරු දේවයාණන් වහන්ස, ඔබවහන්සේට අමා මහ නිවන් සුව ලැබේවා ! (නි)
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා!.(ස)
නිවන් සුව ලැබේවා ! (ස)
ඔබ වහන්සේට නිවන් සුව පතමු. නැවතත් මේ පින් බිම එකලු කිරීමට මෙසිරිලකම ඉපදීමට වාසනාව සහ පින් බලය ඔබ වහන්සේට ලැබේවා! (නි)
උන්වහන්සේට නිවන් දැකීමට වාසනාව උදා වේවා! (නි)
අපවත් වී වදාළ අපේ මහා නාහිමිපාණන් වහන්සේට අමාමහ නිවන් සුව පතමි. (නි)
නායක ස්වාමින් වහන්සේගේ අපවත්වීම අසා අපද කම්පා වන අතර,නිවන් සුව ප්‍රාර්ථනා කරමු. (නි)
බුදු සසුනට කළ සේවය අගය කරමු. මාගේ බලවත් ශෝකය! (නි)
මහනාහිමියන් වෙනුවෙන් මාගේ බලවත් ශෝකය!
උන්වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය වැටහේවා! (නි)
අපේ හාමුදුරුවන්ට නිවන් සුව ලැබේවා! (නි)
අපේ මහනාහිමියන්ට අජරාමර නිවන් සුව අත්වේවා! (නි)
රටට සේවයක් කළ ගරු ස්වාමින් වහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
කණගාටුදායක ආරංචියක්. ඔබවහන්සේට නිවන් සුව! (නි)
ඔබවහන්සේට නිව්න සුව! (නි)
යතිවරයාණෙනි, ඔබ වහන්සේට නිවන් සුව! (නි)
ඔබ වහන්සේට අජරාමර නිව්න සුව! (නි)
අප මහනාහිමියන්ට නිවන් සුව ලැබේවා! (නි)
ඔබවහන්සේට අපි ස්වර්ගීය මෝක්ෂය ප්‍රාර්ථනා කරම්. (නි)
ශාහනයටත්, රටටත්, ජාතියටත් කළ මෙහෙවරේ බලෙන් ඔබවහන්සේට රහත් භාවය ලැබේවා! (නි)
ඔබවහන්සේට නිවන් සුව අත්වේවා! (නි)
ඔබට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව අත්වේවා! (නි)
ඔබ වැනි සංඝයා වහන්සේ කෙනෙක් මෙවන් යුගයක මෙලෙස සමු ගැනීම අපේ අභාග්‍යයක්. ඔබ වහන්සේට අජරාමර නිවන් සුව ලැබේවා! (නි)
හිමියනි, ඔබට නිවන් සුව! (නි)
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
උන්වහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
අතිගරු මහා නාහිමියන්ට නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව පතමි. (නි)
ඔබවහන්සේට උතුම් නිවන් සුව ලැබේවා! (නි)
ඔබවහන්සේට නිවන් සුව ලැබේවා! (නි)
මෙන්න සැබෑ නාහිමිවරුන්. නිවන් සැප ලැබේවා! (නි)
සම මෙත් සනා පිරි හදහත් දැවෙයි ලොවේ සුවපත් වුණා මිස අපවත් වුණා නොවේ ඔබ වහන්සේට නිවන් සුව පතමි! (නි)
මගේ නායක හාමුදුරුවනේ.. නැවතත් අප අතරම ඉපදේවා.. නිර්මල බුදුදහම රැක ගනන්ට..!!(නු)