ශ්රී ලංකාවෙන් දඹදිව වන්දනාවට පැමිණි කිසිවකුටත් කරදරයක් සිදුවී නැතැයි චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානයේ කලවානේ මහානාම හිමියෝ කියති.
‘සාමාන්‍යයෙන් දවසකට ලංකාවෙන් දෙතුන්සීයක් එනවා. ඒ හැමටම නවාතැන් ඇතුළු පහසුකම් සළසනවා. පිටස්තර නවාතැන් පොළවලට වඩා තමිල්නාඩු රජයෙන් මහා බෝධියේ ආරක්ෂාව සළසලා තිබෙනවා.‘
වන්දනාවේ පැමිණි විශ්‍රාල පිරිසක් මේ දිනවල මහාබෝධි මධ්‍යස්ථානයේ සිටින බව ද, ඔවුනට කිසිදු කරදරයක් හිරිහැරයක් නැති බව ද, වන්දනාමාන කටයුතු සිත්සේ කර ගත හැකි බව ද ඒ හිමියෝ කියති.
කිලෝමීටර් සිය ගණනක් ඈත පෙදෙස්හි වී යැයි කියන දේ මාධ්‍ය මගින් උලුප්පා පෙන්වා ඇතත් මහාබෝධියේදී කිසිවකුටත් කිසිම කරදරයක් වී නැතැයි ද ඒ හිමියෝ පවසති.
තමිල්නාඩු පොලීසියත් මධ්‍යම රජයත් මහාබෝධියේ ආරක්ෂාව තර කර ඇති බව ද, තමිල්නාඩු පොලිස් කොමසාරිස්වරයා පෞද්ගලිකවම මහාබෝධියට පැමිණ බව ද, මහාබෝධි රාජකාරිය විශේෂ රාජකාරියක් සේ සළකා ක්‍රියා කරන ලෙස පොලීසියට උපදෙස් දුන් බව ද ඒ හිමියෝ කියති.
වන්දනාකරුවන්ගේ නවාතැන්, ආහාර හා බෙහෙත් ආදී පහසුකම් ද එහි ඇති බවත් මහානාම හිමියෝ පවසති.
බානගල උපතිස්ස ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති හිමියෝ ද, තීනියාවල පාලිත නුගේගොඩ නාලන්දාරාමාධිපති හිමියෝ ද එහි කටයුතු අධීක්ෂණය කරති.
(ඡායාරූප කලවානේ මහානාම හිමි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුරට සල්ලි නැද්ද? නැත්නම් වියදම් කරන්න ලෝභකමද? (නි)
මම අහලා තියෙන්නෙත් ගාමිණී අහලා තියෙන විදියටමයි. (නි)
මොන තරම සුභ දෙයක්ද (දී)
ගාමිණී කියන දේ හරි. (නි)
සාධු....සාධු....සාධු.... සියල්ලන්ටම බුදු සරණයි (දී)
ඔබ සැමට සම්මා සම්බුදු සරණයි (දී)
යවන්න නම් එපා දන්නා කෙනෙක්ව. හාමුදුරුවෝ නම් වදාරයි. (නි)
බුදු ගුණ අනන්තයි (දී)
දඹදිව වන්දනාකරුවන් බයෙන් හිටියේ පහු ගිය කාලයේ (දී)
අහන්නත් සතුටුයි (දී)
සතුටු දායකයි (දී)
අනෙ මේ අහිංසක මිනිස්සුන්ට ඒ තිරිසන්නු අපරාධයක් කලොත්!(නාලි)
මමත් බොදු ප්‍රතිපත්ති රකිනවා. නමුත් ඉන්දියාවට නම් යන්නෙ නැහැ. (නි)
ඔය තමිල්නාඩුවේ යන වෙලේ යන්නකෝ අපේ මුදුන් මල්කඩ වූ දළදා සමිදු වඳින්න. කොහේ ගිහින් වැන්දත් අපේ ශාන්තිනායක බුදු සමිදු වැඩ සිටිනවා (ස)
මොනවා වුණත් ටිකක් පරිස්සම් වෙන එක හොදයි. (නි)
මම නම් අහල තියෙන්නේ දඹකොළ පටුන කියලයි ලංකාවට කියන්නේ කියලා. දඹදිව කිඹුල්වත් පුරය තියෙන්නේ නම් ඉන්දියාවේ. (නි)
ලංකාවේ මොනතරම් බෞද්ධ සිද්ධස්ථාන තියෙනවද වැද පුදා ගන්න? (නි)
යාම නවත්වමු, අපට නොවේ පාඩු වෙන්නේ, එතකොට වදියි එන්න කියාලා.(නදී)
චෙන්නායි මහා බෝධි සමාගමේ කලවානේ මහානාම අපේ හාමුදුරුවන්ට ජාතියේ උපහාරය හිමි විය යුතුමයි (නි)
ඉෂාන් තමුන් දන්න දඹදිව දේවල් වැඩියෙන් දාන්න එපා අන්තර්ජාලයේ ලියන්න තිබූ පලියට.(නදී)
තම ජීවිත කාලෙදි බෞද්ධයෙක් විෂේශයෙන් වැද පුදා ගතයුතු තැන් ටිකක් බුදු හාමුදුරුවො කියල තියනව.ඒව ඔක්කොම තියෙන්නෙ ඉන්දියාවෙ.ඔය දඹදිව තියෙන්නෙ මෙහෙයි කියන කෙනාට නම් කියන්න තියෙන්නෙ, මිත්‍ය දෘශ්ඨිය ලොකු පාප කර්මයක් කියන එක තමයි ඉතින්.(නදී)
පොලිසිය දාලා තියෙන්නේ හේතුවක් ඇතුව වෙන්න ඇතිනේ. (නි)
හිමියනි, ඔබ සැමට පින්! (නි)
අනුර හරි. (නි)
දඹදිව කියන්නෙත් මේ හෙළ බිමටම තමයි. (නි)