IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මහ සක්විත්තෙක් රිමාන්ඩ්

වසර තුනක් තිස්සේ රුපියල් කෝටි පන්සියයකට ආසන්න මුදලක් වංචා කරමින් සුපිරි හෝටලවල කල් ගත කළ දැව ව්‍යාපාරිකයකු බව කියන පුද්ගලයෙක් මාවනැල්ල වැඩබලන මහේස්ත්‍රාත් ගලගම ඒ සමරසේකර මහතා විසින් ලබන 30 වැනිදා තෙක් රිමාන්ක් කරනු ලැබීය.

කෑගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකයෙන් අත්අඩංගුවට ගෙන එසේ ඉදිරිපත් කැරුණේ   මහනුවර වතුලියද්ද උඩුවෙල ඩබ්ලිව් බී නිමල් වික්‍රරත්න (46) නම් පුද්ගලයාය.

ඔහු මාවනැල්ලේ ව්‍යාපාරියකයකුට පමණක් රුපියල් දෙකෝටි විසි නම ලක්ෂයක් වංචා කර ඇතැයි කෑගල්ල පොලීසිය අධිකරණයට දැන්වීය.

ඔහුට විරුද්ධව පැමිණිලි 61ක් ඇතැයි ද, කුරුණෑගල, මාතලේ, මහනුවර, කෑගල්ල ප්‍රදේශවලින් තවත් වංචා සිදු කර ඇති බව පෙනේයැයි ද පොලීසිය අධිකරණයට දැන්වීය.

දැව සංස්ථාවට ද රුපියල් එක්කෝටි හැට ලක්ෂයක වංචාවක් කර ඇති බවට ලැබී ඇති තොරතුරු ගැන පරීක්ෂණ පවත්වයි.

සුපිරි පන්තියේ අති සුඛෝපබෝගී වාහනයක ගමන් කරන ඔහු කුරුණෑගල සුපිරි හෝටලයකදී අත්අඩංගුවට ගන්නා විට ඔහුගේ බිරිය ළඟ රුපියල් තිස් ලක්ෂයකට අධික මුදලක් තිබෙන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

අන්අයගේ චෙක්පත් ව්‍යාපාරිකයනට දී මාරු කැර ගැනීමෙන් ඔහු මේ වංචාව කර ඇතැයි පොලීසිය කියයි.

කෑගල්ල පොලිස් අධිකාරී ප්‍රියලාල් දසනායක මහතාගේ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ ඩබ්ලිව් එම් ඒ ගෆාර් පොලිස් සැරයන්වරුන් වරුන් වන 17224 ආරියරත්න, 53674 කුමාරතුංග , 24571 ජයතිස්ස, කාන්තා පොලිස් සැරයන් 711 සුදර්මා ජයලත් සහ පොලිස් කොස්තාපල් වන 11030 අශෝක මහත්වරු පරීක්ෂණ  කළහ.

 

 

 



අදහස් (0)

මහ සක්විත්තෙක් රිමාන්ඩ්

සන්ද්‍යා Monday, 28 January 2013 11:04 AM

තවත් ඉන්නවාද මෙහෙම අය (දී)

:       0       0

ජීවක Sunday, 27 January 2013 09:59 PM

පාඩම් ඉගෙනගන්නෙ නැති අපේ ජනතාවට හොද වැඩේ. (නි)

:       0       0

පනාගොඩ Monday, 28 January 2013 03:59 PM

දැන් කන්න වෙන්නේ කල්දේරම් බත් තමයි (ස)

:       0       0

ඩෑම් Sunday, 27 January 2013 10:39 PM

බුදු අම්මෝ! මෙච්චර ගාණක්? කජු ඇටද? කොස් ඇටද? (නි)

:       0       0

දෝහා Sunday, 27 January 2013 10:41 PM

මේ ව්‍යාපාරිකයා පොඩි ගණන් වලින් ගණුදෙනු කරන්න අකමැති ඇති. (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Sunday, 27 January 2013 10:46 PM

කොච්චර ලොකු සල්ලිකාරයෙක් වුණත් මොකටද, අසාධාරණ අයුක්ති සහගත විදිහට හම්බ කරලා. ඒත් ඒ වගේ සාධාරණ මිනිසුන්ට කොහෙද ආත්මයක්. රටට ලෝකෙට පෙනෙන්න ඉන්ටකූලර්වල ගමන් බිමන් ගියාට, තරු හෝටල් වලින් හැම් බේකන් කෑවාට, විස්කි බ්‍රැන්ඩි බිවුවාට, පහළ පෙළේ ගැහැනු ආශ්‍රය කළාට, අහස උසට තාප්ප වලින් වට වුනුණ මහ මැදුරුවල හිටියාට පමණක් මිනිහෙක් හොඳ මිනිහෙක් වෙන්නේ නැහැ. හිඟන්නෙකු වුනත් ගුණයහපත් නම් එයාට ගරු කරන්න ඕනෑ. (නි)

:       0       0

ජීව Sunday, 27 January 2013 11:35 PM

මෙයට වඩා වැඩි දෙයක් වුණත් කළ හැකි පරිදි තමයි අපේ මූල්‍ය පසුබිම හදාගෙන තියෙන්නෙ. කොහොම වුණත් මිනිහා දක්ෂයෙක්. නඩු නැතුව එළියට දාන්න ඕනෑ. (නි)

:       0       0

තිලක් Sunday, 27 January 2013 11:36 PM

මිනිස්සුන්ට තේරෙන්නේ නැද්ද මේ වැඩ (දී)

:       0       0

පිටිගල Monday, 28 January 2013 03:10 AM

තේක්ක වගාවකට ආයෝජනය කරලා මගේ ලොකු මුදලක් නැති වුණා (ස)

:       0       0

ඩයස් Monday, 28 January 2013 06:38 PM

ෂුවර් එකටම 2012 ලෝක විනාශය එන බව විශ්වාස කරපු අයෙක්. (නි)

:       0       0

ලෙපර්ඩ් Tuesday, 29 January 2013 02:31 AM

ඔය වගේ අයව රිසානා වගේ අය බේරගන්න බිලි දෙන්න හොදයි, මට නම්. (නි)

:       0       0

සිල්වා Sunday, 27 January 2013 07:19 PM

මට අපේ මිනිස්සු ගැන කියන්න අදහස් එන්නෙ නැහැ. (නි)

:       0       0

නාරද Monday, 28 January 2013 07:58 AM

තවත් ඉන්නවානම් අල්ලලා දාන්න හිරේ (දී)

:       0       0

කෙවින් Sunday, 27 January 2013 07:24 PM

නියම මනුස්සයෙක්නේ. ඔබට ජය! (නි)

:       0       0

අජිත් Monday, 28 January 2013 08:16 AM

දැඩි දඩුවම් දිය යුතුයි (දී)

:       0       0

සිතාර Sunday, 27 January 2013 07:32 PM

තවත් ඉන්නවද මේ වගේ පිරිස් (දී)

:       0       0

හිල්ම් Sunday, 27 January 2013 07:35 PM

හිරේම දාන්න (දී)

:       0       0

කීර්ති Sunday, 27 January 2013 07:38 PM

මේවා අද කාලේ හැටියට ටිප් ටොප් වැඩ වුණාට වෙන මොනවා කියලා කරන්නද ඉතින්? (නි)

:       0       0

ලලිත් - කටාර් Sunday, 27 January 2013 07:39 PM

මුදල් ඇමතිකමක් දුන්නා නම් නියමයි. (නි)

:       0       0

රිස්වාන් Monday, 28 January 2013 09:27 AM

බය නැතිව කරන හැටි විතරක් (දී)

:       0       0

චමල් Sunday, 27 January 2013 08:21 PM

අන්න හරි, ජනතාවට අසාධාරණයක් වෙන්න දෙන්න එපා (දී)

:       0       0

ගාමිණි Sunday, 27 January 2013 08:29 PM

මේ වගේ අය ලංකාවෙන් අයින් තුරන් කල යුතුයි (දී)

:       0       0

සුසන්ත Sunday, 27 January 2013 08:42 PM

අනේ මන්දා මට නම් මේ මොකුත්ම තේරෙන්නෙ නැහැ. (නි)

:       0       0

ලෙපර්ඩ් Sunday, 27 January 2013 09:01 PM

ඔය වැඩ වලින් තමාට වෙලා තියන පාඩුව තේරෙන්නෙ ඔය විලෝපික සිරුරෙන් ඉවත් වෙන දවසට. සැපවින්ද කාලෙ වගේ නෙමෙයි දුක විදින්න වෙන්නෙ. ගැළවීමක් නැහැ. (නි)

:       0       0

හුසෙයින් Monday, 28 January 2013 10:25 AM

ඔය වගේ ගොඩක් දේවල් අහන්න ලැබේවි (ස)

:       0       0

බණ්ඩා Sunday, 27 January 2013 09:45 PM

මෝඩ මිනිසුන් ඉන්න රටකට මේවා සාමාන්‍ය දේවල්. (නි)

:       0       0

ෂෙරිෆ් Monday, 28 January 2013 10:50 AM

උපරිම දඩුවම් දෙන්න (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 80 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1681 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4536 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3368 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3496 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1637 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site