රාජ්‍ය නොවන සංවධානයක බි‍්‍රතාන්‍ය කතකගේ කොල්ලූපිටියේ නිවසෙන් ඇමෙරිකා ඩොලර් සියයක් අයි පොඞ් උපකරණයක් අත් ඔරලෝසුවක් ඇතුළු බඩු මුට්ටු සොරාගත් මොහොමඞ් ස්මිත් පරීනා නම් වැඩකාරියට කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා 18 මාසයක සිර දඬුවමක් පනවා එය පස් වසරකට අත්හිටුවා රුපියල් තුන් දහසක දඩයක්ද ගැසීය. පැමිණිලිකාරියට රුපියල් 20000 වන්දි ගෙවන ලෙසද ඇයට නියම විය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගමයා මමත් ඔබේ අදහසට එකගයි!
මට දුක හිතෙන්නේ මෙහෙකාරිය ගැන නොවේ. අධිකරණය ගැන.
"ලුම්බිණි 2012-07-06 08:02:05 මට දුක හිතෙන්නේ මෙහෙකාරිය ගැන නොවේ. අධිකරණය ගැන. " වැඩක් නැහැ කතාකරලා. මිනියක් මරලා පැනලා ඉන්න මිනිහෙක්ට වරෙන්තුවක් දීගන්න බැහැ. සමහරුන්ට විරුද්ධව තිබුන නඩුත් අයින් කරගත්තා. පාරේ ට්‍රැපික් රාළහාමිලා නීතිය ඉටු කරන්නා වගේ අහිංසක දුප්පත් ගැනියෙකුගෙන් සේරම යුක්තිය ඉටු කර ගත්තා... තුට්ටු දෙකේ දේශපාලකයින්ටත් මීට වඩා හෘදය සාක්ෂියක් තියෙනවා.
අපේ මිනිස්සුන්ට හොඳ පාඩම් මේවා. ගෙවල්වලින් බඩු හොරකම් කිරීම, බතල හොරෙන් හැරීම වගේ බරපතල අපරාද නොකර, ස්ත්‍රී දූෂණ, බලාපචාර, පුරාවස්තු හොරකම් වගේ පොඩි පොඩි දේවල් කරනවානම් මෙහෙම වෙන්නේ නැහැනේ .
"ගාල්ලගේ, පොඩි එක හෝ ලොකු එක හොරකම් කිරීම ලොකු වරදක් විශේෂයෙන්ම විදේශිකයෙකුගේ භාණ්ඩ හොරකම් කිරීම අපේ රටට ලොකු අගෞරවයක්.." කෝටි ගණනක බාල පෙට්‍රල් ගෙන්වීමෙන්, තව කෝටි ගණනක වැට් බදු වංචාවෙන්, අහිංසක ලෙඩුන්ට අවශ්‍ය වෙන ප්ලාස්මා කාන්දු පෙරහන් ගෙන්වීමේ බිලියන ගණනක වංචාවෙන් , මේ ආදී දේවල් වලින් අපේ රටට නම්බුව ලබාදුන් අය නිදහසේ ඉන්නේ ඒ ලබාදුන් කීර්තිය රටට මේ තරම් වැදගත් නිසාද ?
නිතීය ශක්තිමත් කරන්න අවශ්‍යයි.ව්‍යවස්ථාවෙන් වෙනසක් ඇති කල යුතුයි. නිකමට ඇමරිකන් ව්‍යවස්ථාවේ ජනධිපති බල තල දිහා බලන්න.ලංකාවෙ තියන බලතලවලින් කියද තියෙන්නෙ,,
නියමයි.නීතියට ජයවේවා! අධිකරණය දිනේවා! ස්ත්‍රී දූෂකයන් යහතින් වැජඹේවා!
තීන්දුව 100% ක් නිවැරදියි. වැරැද්දට දඩුවම් අනිවාර්යයි. හරියට කියවන්නේ නැතුව වල්පල් දොඩවන්න එපා මහත්වරුනේ.
මොන එහෙකටද හොරකම් කරන්න ගියේ. මාසේ පඩියෙන් බැකෝ එකක් ගත්තනම් ගොඩම තමයි...
බ්‍රිතාන්‍යය ජාතිකයෙක් වුණාට අපේ ලාංකීය කෙනෙකුටත් වැඩිය දුප්පත් බවයි පේන්නේ
ගමයා මමත් ඔබේ අදහසට එකගයි!
විදායක ජනාධිපති ක්‍රමය ලංකාවෙන් තුරන් කරලා දාන්න ඕනි. කවුද මේ ක්‍රමය වෙනස් කරන්නේ?.
ඉන්ද්‍රජිත්, ලංකාවට එන සංචාරකයෝ ලංකාවෙ නම අගෟරවයකට පත් කළේ ඉතාම සුළුවෙන්.. මේවා නෙමෙයි දකුණෙ ඉන්න ප්‍රාදේශීය සභා සභාපතිලා සංචාරකයන් දූෂණය කරනවා.. ඊට වඩා ලොකු අපකර්තියක් තියෙනවාද?
අපේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නෙ දුප්පත් අහිංසකයන්ට විතරයි...
කමක් නැහැ ඔය ගොඩක් රාජ්‍ය නොවන සංවිධානවල නෝනලත් කරන්නෙ හොද වැඩ යැ...
නීතිය තම්බල පොවන්න ඕන..
හොරකම් කරන්න ඕනි අහුවෙන්නේ නැති වෙන්න.
අහිංසක මිනිහෙක් පොල් ගෙඩියක් හොරෙන් ගත්තත් දෙන්නේ දරන්න බැරි දඩුවම්.ඒත් සල්ලිකාරයෙක් වැරැද්දක් කළොත්? අනේ මෙහෙමත් නීතියක්.මම උසාවියට අපහාස නොකරමි. නමුත් ඇත්ත පවසමි.
දුප්පත් වැඩකාර කෙල්ලට මෙහෙමයි, ලොකු ලොක්කන්ට අරෙහෙමයි. අනේ අපොයි!
අජිත් පෙරේරා ලියපු හරි දේ පළ කළාට ලංකාදීපයට ස්තූතියි
ෂික් විතරක්.... මේ පාලකයොයි නීතියයි දෙකම එකයිනේ
මම හිතුවේ නිතිය සෑමකෙනෙකුටම සමානයි කියලයි!කටයුතු මෙහෙමනම් සිද්දවෙන්නේ අපේ අධිකරණය විදේශිකයන් වරදක්කරාම දෙන දඬුවම්/තීන්දු හමේ පාට, තරාතිරම නොබලා සිදුවිය යුතුයි.
නීතිය කාටත් පොදු වෙන්න ඕනෙ. ඔය හොරකම ඇමති කෙනෙක්ගේ පුතෙක් කලා නම් ඔය වගේ දඩුවමක් දෙයිද ? අපි දන්න තරමින් මිනි මරපු කුඩු විකුනන මහ දවල් මිනිස්සු ගස් බදින මිනිස්සුන්ට මරනීය තර්ජන කරන ඇමතියෙක් ඉන්නව ඔහු මන වැරද්ද කලත් අපේ පොලිසිය නොදැක්ක වගේ ඉන්නව මේ ඇමතිය පොලිසියේ උසස් නිලදාරින් ඉදිරිපිට මිනිස්සුන්ට කනේ පාරවල් ගහල මරනීය තර්ජන කරනව ! ඔන්න අපේ රටේ නීතිය : මේවා කතාකරන්න කවුරුත් නැහැ ! රටේ විරුද්ද පක්‍ෂයක් නැහැ ! ඉන්න ඵවුන් කුලල් කාගන්නව ! අපේ නායක හාමුදුරුවරුන්ටවත් මේවා පේනනේ නැහැ: මුදල් වලට යාන වාහනවලට පිරිත් කියන අපේ හාමුදුරුවරු ආගමත් විකුනන් කනව . ඉතින් කොහොමද මේ රට හදන්නෙ ? කවුද රට හදන්න ඉන්නෙ ? මේ කිසිම කෙනෙක් රටට ආදරය නැහැ . ඉන්න ඔක්කොම හොරු .
පව් අසරණ කම නිසානේ
කණිෂ්කයා කොයි නීති විද්‍යාලයෙන්ද දන්නෑ ඉගෙන ගත්තේ?
උසස් විදිහේ තීන්දුවක් දෙන්න
ලංකාවෙ ඉන්න නීතිඥයිනුත් මේදවස්වල දෙන නඩු තීන්දුවල හැටි....
අනේ පව් අසරණ ස්ත්‍රිය, දුප්පත්කම නිසාත්, ආශාව නිසාත් මෙවැනි සොරකමක් කරන්නට ඇතැයි මට සිතේ.වරදක් කලාම දඩුවම් දෙන්න ඕන තමයි. ඒත් අපි මිනිස්සු මිස සත්තු නෙවෙයිනේ. මනුස්සයෙක් වුනාම තවත් කෙනෙක් ගැන සංවේදීව හිතන්න බැරි නම් මොකටද ඒ මනුස්සකම, උගත්කම, හැදියාව, ගුණධර්ම. ඒ නිසා ඇවිදින කොම්පියුටර් විදිහට නොසිතා සංවේදීව, කාරුණිකව මේ පිළිබඳව කල්පනා කිරීම උචිත යැයි මම හිතනවා. මම මේකෙන් අදහස් කරන්නේ නැහැ ගැහැණියෙක් යම් වරදක් කලොත් නිකම් ඉන්නය, පිරිමියෙක් වරදක් කලොත් දඩුවම් ලබාදිය යුතුය යන වර්ගවාදී පටු දෘෂ්ටියක්. මම එහෙම කිව්වේ සමහර අය එහෙමත් කල්පනා කරනබව අත්දැකීමෙන්ම හොඳින්ම දන්න නිසයි.මොකද මම ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වැඩ කරන කාලේ වැඩ කලේම නෝනලා එක්ක නිසා ඒ පිළිබඳ අමිහිරි මතක ගොඩක් තියෙනවා. දැන් වැඩ කරන තැන ඉන්නේ නම් පිරිමි. එත් මේ අය පිරිමි වුනාට මට හිතෙන්නේ පිරිමිකම තියෙන්නේ බාහිර ඇඳුම පැළඳුමේ විතරයි වගේ.ක්‍රියාවෙන් මේ අයත් අර නෝනලා වගේමයි වැඩ කරන්නේ.. මොකද මම එහෙම කිව්වේ කරන තරමක් කරන්නේ හීන් නූල් වැඩ නිසා. මුණට හිනාවෙලා දිය යටින් ගින්දර ගෙනියන නිසා. සාමාන්‍යයෙන් පිරිමි එහෙම කරනවා අඩුයිනේ.මේවා කිව්වා කියලා මා එක්ක තරහා වෙන්න නම් එපා.හැදෙන්නයි කිව්වේ.තෙරුවන් සරණයි !!!
මිනීමරපු ස්ත්‍රී දුෂණය කරපු ලොකු අයට සැප දීලා දුප්පත් වැඩකාරි එල්ලන්න ඕන..
සුදුනෝනගේ අයි පෑඩ් එක හොරකම් කරපු කෙනාට මාස දහයක් සහ දඩ, තංගල්ලෙ සංචාරකයෙක් මරපු කෙනාට මොකද උනේ? ප්‍රාදෙශීය සභා සභාපතිට එක නීතියක් මෙහෙකාරියට තව නීතියක්.. අනිත් මිනීමැරැම් සහ අපරාධ නඩුත් ඉක්මනට විසදන්න..
මහනුවර දළදා මාලිගයේ ගිනුම් වාර්තා බෞද්ධ කොමසාරිස් වෙත නොයැවීයැයි මහනුවර මහේස්ත්‍රාත් උසාවියේ පවරා ඇති නඩු හතරක නියෝග අත් හිටුවන ලෙස මහනුවර මහඅධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කලේය.
පොඩි එක හෝ ලොකු එක හොරකම් කිරීම ලොකු වරදක් විශේෂයෙන්ම විදේශිකයෙකුගේ භාණ්ඩ හොරකම් කිරීම අපේ රටට ලොකු අගෞරවයක්..
නැති බැරි පොඩි මිනිහට තමයි හැම නීතියක්ම.. ලොකු ලොක්කො කරන හෙර වැඩ වලට මොන නීතියක්වත් නැහැ දඩුවමුත් නැහැ..