IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


..................මුහුණට මුහුණ..................

 

 

 

සේමිණි ඉද්දමල්ගොඩ මේ දිනවල මොනවද කරන්නෙ? කියලා ඇයගෙන් ඇහුවාම, ඇය අපට කිව්වෙ ”සිනහව අතරින්” කියලයි. ටෙලි නාට්‍යවලට පසුගිය කාලයේදී වැඩිපුර දායක නොවූ සේමිණි ”සිනහව අතරින්” කියලා කිව්වෙ කුමකටද? මේ පිළිසඳරට ඒ ගැන සහ තවත් විස්තර ඇය කියාවි.

 

 

 සේමිණි මොනවද මේ දිනවල කරන්නෙ?
”සිනහව අතරින්”

 

 සිනහව අතරින් කිව්වෙ?
සනත් ගුණතිලක මහතාගේ අලූත්ම සිනමා නිර්මාණයයි. මේ දිනවල එහි රඟපෑම් වලට දායක වෙනවා.

 

 කොච්චර කාලයකට පසුවද චිත‍්‍රපටයක රඟපාන්නෙ?
ටෙලි නාට්‍යයකට නම් අවුරුදු දෙකහමාරකින් විතර දායක වුණේ නැහැ. ඒත්, චිත‍්‍රපට හතරකට විතර දායක වුණා. මීට පෙර රූගත කළ ප‍්‍රසන්න ජයකොඩිගෙ ”38 - ශ්‍රී” චිත‍්‍රපටයේ රඟපෑවා.

 ඇයි ටෙලි නාට්‍ය වලින් ඈත් වුණේ?
හොඳ නිර්මාණයක් නොලැබුණ නිසා කාලය ගෙවී ගියා. මට දැනෙන චරිතයක්, රංගනයෙන් උපරිම දෙයක් ඉදිරිපත් කළ හැකි චරිතයක් ලැබුණොත් බාර ගන්නවා.
 


 මේ චිත‍්‍රපටය මොනවගේ කතාවක්ද? මෙහි ඔබ රඟපාන චරිතය මොන වගේද?
මෙහි ප‍්‍රධාන චරිත හැටියට තිබෙන්නෙ චරිත තුනක් විතරයි. සනත් ගුණතිලක, ක‍්‍රිස් හැරස් සහ මම ප‍්‍රධාන චරිත රඟපානවා. මෙම කතාවෙ හැටියට කාන්තාව විවාහ වී සිටින්නෙ සුදු ජාතිකයෙකු සමගයි. වගකීම් පැහැර හරින විට සිදුවන පේ‍්‍රමාන්විත කතා පුවතක් මීට ඇතුළත්.
 


සැබෑ ජීවිතේ ඔබ කොහොම කෙනෙක්ද?
මාත් ඉතිං ඉතාම සාධාරණව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්.
 

 

 කලා ක්ෂේත‍්‍රය දැනෙන්නෙ කොහොමද?
බොහොම සුන්දර තැනැක්. සුන්දර මිනිසුන් වගේම එක එක අධ්‍යාපන මට්ටම්වල සිටින අයත් සිටිනවා. ඒත් සුන්දර තැනක්. ලබන අත්දැකීම් බොහොමයි.
 


 ක්ෂේත‍්‍රයේ අය එක්ක තියෙන බැඳීම මොන වගේද?
බැඳීම් බොහෝදුරට අඩුයි. තියෙන්නෙ හිත මිත‍්‍රකම් විතරයි. දුකට සැපට තරා තිරම නොබලා  ඕනෑම කෙනෙකුට මගෙන් උදව්වක්  ඕනෑ වුනොත් පුළුවන් විදියට පිහිට වෙනවා. ඒ වගේම අසාධාරණයකදී  ඕනෑම කෙනෙක්ට මගේ සීමාවේ සිට පෙනී සිටිනවා.
 


 අද ලොකු පුවතක් සහෝදර ශිල්පිණියක සමග. ඔබ එය දකින්නෙ කොහොමද?
ඇත්තටම මම නඩු කියන්න උසාවි යන්න කැමති නැහැ. ඒවා හරිම කරදර දේවල්. ඒත් මට මගේ පවුලට වෙච්ච අපහාසය වෙනුවෙන් මට වෙන යමක් කරන්න තිබුණෙ නැහැ. මේ නීතියේ පිහිට හැර.
 


 ඔබ ඇය එකට රඟපාලා තියෙනවා නේද?
ඔව්. නාට්‍ය තුන හතරක වගේ රඟපාලා තියෙනවා.
 


 මෑතකදී විකාශය වුණේ?
සුදත් රෝහණ මහතාගේ ස්වයංජාත නාට්‍යයේ මගේ හොඳම යෙහෙළියක ලෙස රඟපෑවා.
 


එදා ඒ නාට්‍යයේ රඟපාද්දි ඔබ දෙපෙළගේ මිත‍්‍රත්වය මොන වගේද?
හොඳ යාළුවෝ වුණා. සහෝදරාත්මකව අපි ඒ නාට්‍යයේ රඟපෑවා.
 


කලා ක්ෂේත‍්‍රයේ සහෝදර බැඳීමක් තිබියදී මෙවැනි තීරණයක් ගැනීම ගැන කොහොමද හිතන්නෙ?
ඇත්තටම එවැනි දේවල් හොඳ නොවෙන්න පුළුවනි. හොඳ නැති වෙන්න ඇති. ඒත් මගේ පසුබිම සහ මා පත්වූ තත්ත්වය මත සාධාරණ තීන්දුවක් මම ගත්තෙ.
 


එය සාකච්ඡා මාර්ගයෙන් විසඳාගන්න තිබුණනෙ?
වැරැද්ද සිදුවූ පසු එය නිවැරදි කරගන්න පුළුවන් දෙයක් නොවෙන්න පුළුවන්. මේ සිදුවීම නිසා මගේ සැමියා ධම්මික ඉද්දමල්ගොඩ නොවන්නට මගේ පවුල දැනටමත් කැඩිලා. අපි දෙන්නා අතර තියෙන බැඳීම හරි ඉහළයි. මම අඬනකොට එයා මාව සැනසුවා.
 


 ජීවිතේ කොහොමද ගෙවී යන්නෙ?
ඉතාම සුන්දරව සැහැල්ලූවෙන් හරිම සරලව ගෙවී යනවා. ඒත් තව දෙයක් කියන්නම  ඕනෙ.
 

 

 ඒ මොකක් ගැනද?
මගේ නමින් ෆේස්බුක් අඩවියේ වෙනත් අය පෙනී සිටිනවා. මම වගේ පෙනී සිටිමින් බොරු ප‍්‍රචාර, මඩ ප‍්‍රචාර යවනවා. ඒවාට අහුවෙන්න එපා කියලා මම මගේ ආදරණීය රසිකයින්ට කියනවා.

 

 

දමිතා මේ දිනවල මොනවද කරන්නෙ? අපි ඇයගෙන් එහෙම ඇහුවාම ඇය කිව්වෙ රංගනයේ සුවිශේෂී චරිතයක් ඇයට ලැබී ඇති බවයි. ඊට අමතරව සිවගුරුනාදන්ගෙ ටෙලිනාට්‍යයක සහ ෂර්ලි පී. දෙලංකාවලගේ ටෙලි නාට්‍යයකටත් රංගනයෙන් එක්ව සිටින දමිතා විදේශීය සංචාරයකටත් ලහි-ලහියේ සූදානම් වෙනවා. මේ සියල්ල අතරේ සඳැල්ල පිළිසඳරකට ඇය එක්වූයේ මෙලෙසිනි.


 

 දමිතා, කොහොමද ජීවිතේ?
හොඳින් ඉන්නවා.
 


 මොකක්ද මේ විශේෂිත චරිතයක් රඟපාන්න යනවයි කියන්නෙ?
කේ.බී. හේරත් මහතා නිර්මාණය කළ රාජ්‍ය සම්මාන ලැබුව ”මායාදේවි” නාට්‍යය නැවත වේදිකාගත කිරීමට සුසිල් අයියා සූදානම් වෙනවා. එහි එදා ප‍්‍රවීන රංගන ශිල්පිනී ගීතා කාන්ති ජයකොඩි රඟපෑ චරිතය මෙවර ලැබී තිබෙන්නෙ මටයි. එය ඇත්තටම මට සුවිශේෂී අවස්ථාවක්. ඒ අවස්ථාව මට ලැබුණේ තවත් ප‍්‍රවීන රංග ශිල්පිනියක වන මාලි ජයවීරගේ නිසයි. බොහෝ දෙනා කුහකකම් කරන මොහොතක ක්ෂේත‍්‍රයේ ඒ වගේ ගුණයහපත් අය ඉන්න එක ගැන මට තියෙන්නෙ ගෞරවයක්.
 


 ඇයි ඔබට කුහකකම් කරන්නෙ? කලාව කරන අය කුහක නැහැ නේද?
සමස්තයක් හැටියට කලා ක්ෂේත‍්‍රය හරිම සුන්දරයි. එක් කෙනෙක් - දෙන්නෙක් කරන දේ නිසා සමස්ත කලාව ගැන මම කළකිරෙන්නෙ නැහැ. පැහැදිලිව දැන් කවුරුත් දන්නා දෙයක් මම ප‍්‍රශ්නයකට මුහුණදීලා කියලා. හැබැයි මේ වෙලාවේ ප‍්‍රවීනයින්, මගේ සමකාලීනයින්, ඉන් පසුව ආ පරපුරේ අය ඇතුළු බොහෝ දෙනා මේ ප‍්‍රශ්නය මොකක්ද කියලා මගෙන් ඇහුවා. ඒ සියලූම දෙනාගෙන් මට ලැබුණු ගෞරවය ශක්තිය වගේම රසික පිරිසගෙන් ලැබෙන ආදරය ගැනත් මේ මොහොතේ සිහිපත් කරන්නම  ඕනෑ.
 


 දැන් ඇත්තටම මේ ප‍්‍රශ්නය ඔබ දකින්නෙ මොන විදියටද? කලාකරුවෝ නේද මේ?
ඇත්තටම මේක මෙච්චර දුරදිග යා යුතුව තිබූ දෙයක් නෙවෙයි. සමහර  ඕපාදුප වෙබ් අඩවි රටේ චරිත අල්ලාගෙන එයාලගෙ ආත්ම ගෞරවය විනාශ කරන බොරු පුවත් නිරන්තරයෙන් දානවා. මා ගැනත් ඉතා අසභ්‍ය පුවත් 
පසුගිය දෙසැම්බර්වල සිට ප‍්‍රචාරය කරලා තිබුණා. හරි නම් මමයි ඒවාට එරෙහිව නඩුදාන්න  ඕනෑ. මේ ප‍්‍රශ්නයට අදාළ අනෙක් පාර්ශ්වය ගැන වෙබ් අඩවියක් පුවතක් ගොතා, එම පුවතට අදාළව මගේ ඡායාරූපයක් බොඳකර යොදා තිබුණා. ඒක හරියට වෙබ් සයිට්වලට මම දීපු ප‍්‍රකාශයක් වගෙයි. මම මේ සදාචාරයක් නැති වෙබ් සයිට්වලට ප‍්‍රකාශ දෙන්න යන්නෙ නැහැ.  ඕවා බලන්නෙත් නැහැ. කොහොම වුණත් ඒ පුවත ඒ කියන වෙබ් එක කළා ද, නැත්නම් වෙන කෙනකුගේ වුවමනාවට කළා ද කියලා තවම දන්නෙ නැහැ. මොන විදියට වුණත්, ඒවා ආගම දහම නොහඳුනන අයගෙ ආත්මයක් නැති වැඩ.
 


 ඒ දේවල් සහ මේ ප‍්‍රශ්නය අතර ඇති සම්බන්ධය මොකක්ද? 
එක්තරා අවස්ථාවක මම පුද්ගලික ගුවන් විදුලි නාලිකාවක වැඩ සටහනකට එක්වුණා. එක්වුණාම මේ සිද්ධිය ගැන ඇහුවාම මම දුන්න උත්තරය එයයි. එහිදී කිසිම කෙනකුට අපහාස කරලා නැහැ.


 මේ වගේ දේවල් කතාකරලා විසඳාගන්න නේද තිබුණෙ?
ඇත්තටම මේ වගේ දේවල් කරල කවුරු හරි හදන්නෙ අපි කොටවන්න නම්, මේ ක්ෂේත‍්‍රයේ සිටින කාගේත් ගෞරවයට - ආදරයට පත් ප‍්‍රවීනයෙක්, මෙය කතා කරලා විසඳාගන්න සාකච්ඡුා කළා. නමුත් මේ පාර්ශ්වයට එය විසඳාගන්න  ඕනෑ වුණේ නැහැ. මාධ්‍ය මගින් මට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග අරගෙන කියලා තිබුණට, මේ දක්වා මට නම් නීතිමය ලියැවිල්ලක් ලැබී නැහැ. (2013.03.25)සහතිකෙන්ම මම අසත්‍ය බොරුකියලා නැහැ. හැමදේකටම වඩා හෘද සාක්ෂිය ප‍්‍රබලයි. අද දක්වා අවුරුදු 30ක් විතර පුරාවට මම කලා ක්ෂේත‍්‍රයේ නිරතව සිටිනවා. මගේ දක්ෂතාවය මත ජනතා සම්මාන, ජනප‍්‍රිය සම්මාන, රාජ්‍ය සම්මාන විතරක් නොවෙයි, ජාත්‍යන්තරව පවා මම රටට සම්මාන ගෙනැත් තියෙනවා. ඒ විදියට හොඳට ඉන්න එක ගැන දරාගන්න බැරි අය කළ දේවල්වලට මම වග කියන්නෙ නැහැ. මිනිස්සුන්ට වැරදුණ තැන් ඇති. ඒත් මේ සත්‍ය නොවන වෙබ්අඩවි වලින් සමාජයට දිය යුත්තේ යහපත් ආකල්පයි. මේ වෙබ් අඩවි විතරක් නොවෙයි., මේ බොරු පුවත්දාන ඒවා වෙනුවෙන් කමෙන්ට්ස් දාන අය ඊට වඩා හිස් චරිතයි. මානසික ලෙඞ්ඩු වගේ අයයි.
 


 කලාව යනු සාමකාමී, මනුස්සකම වපුරණ තෝතැන්නක්. මිත‍්‍රත්වය තහවුරු කර ගැනීම නේද විය යුත්තෙ?
එහෙම තමයි විය යුත්තෙ. ඒත් ප‍්‍රශ්න විසඳාගන්නෙ මේ විදියට නම්? මගේ නීතිමය අයිතිවාසිකම්, කීර්තිනාමය උදෙසා මාත් කටයුතු කරාවි. සත්‍යය කවදා නමුත් ජයගන්නවාමයි. සල්ලිවලට කරන දේවල් තාවකාලිකයි. සත්‍ය දිනය එළැඹෙනදාට මම උත්තර දේවි.
 


 කොහොමද පුද්ගලික ජීවිතේ තොරතුරු?
විවාහ උත්සවය ගන්න සූදානම් වෙනවා. ඒ සියල්ල අතරේ ලැබූ මේ අතිරේක ජනප‍්‍රියත්වය මම සළකන්නෙ ධන ලකුණක් ලෙසයි. මම ඵල ඇති රුකක් වෙන්න ඇති. ඒක නෙ මෙවැනි දේ වෙන්නෙ. ගහේ අතු කපා දාන්න එක එක දේ වෙන්න පුළුවනි. ඒත් මගේ ජීවිත අරටුව මහා ශක්තිමත්. අතු ලියලාවි, පෙරටත් වඩා ශක්තිමත් වේවි.

 

 



අදහස් (0)

..................මුහුණට මුහුණ..................

පෙ‍රේරා Saturday, 27 April 2013 03:06 AM

ජනප්‍රියතාවයයි, ප්‍රසිද්ධියයි විතරක් නෙමෙයි, බුද්ධියයි , වටහාගැනීමයි දෙකත් තියෙන්න ඕනෑ. (නි)

:       0       0

ලාල් ගලබඩ ලේක්කෝ නගරයේ සිට Saturday, 06 April 2013 09:57 PM

ප්‍රසිද්ධිය ලබා ගැනීමට ගරු කටයුතු අධිකරණය යොදාගැනීමේ චෝදනාව මත ලොකු දඩයක් ගැසිය යුතුයි යැයි මම යෝජනා කරනවා. (නි)

:       0       0

දම්මි Saturday, 13 April 2013 06:43 PM

ඔය විකාර ප්‍රශ්න අමතක කරලා ,දෙන්නම සමාදාන වෙන්න. ඔයාලගේ දක්ෂතා එකතු වුණහම හොඳ නිර්මාණයක් කරන්න පුළුවන්. එහෙම කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් අන්න එයාට සම්මානයක් දෙන්න වටිනවා. (නි)

:       0       0

චාමින් Tuesday, 02 April 2013 07:21 AM

කුණූ ගොඩවල් අවුස්සන්නෙ නැතුව ඉන්නම බැරි හැටි? (නි)

:       0       0

අනුරාධ Sunday, 07 April 2013 03:07 PM

අනේ අපි ඔය දෙන්නටම කැමතියි. රංඩු වෙන්න නම් එපා.(නදී)

:       0       0

භාතිය Thursday, 11 April 2013 11:59 AM

නියම දෙන්නා.. (ස)

:       0       0

දයා Tuesday, 02 April 2013 04:36 PM

දෙන්නම ලස්සනයි. දෙන්නා හැප්පෙන්නෙ නැතුව ඉන්නකෝ සහෝදරියො වගේ. (නි)

:       0       0

රජිව් Monday, 01 April 2013 10:41 AM

සාම දාන වෙන්න (දී)

:       0       0

හිරන්ත Monday, 01 April 2013 12:20 AM

මේ දෙන්නම හරිම හොඳයි. මේවා අහනකොට තනි ඇහැට දැනෙනවා. (ස)

:       0       0

ආනන්ද Monday, 01 April 2013 12:25 AM

මඩ මඩ ගහන තරමක් මඩ (ස)

:       0       0

නීල් Friday, 05 April 2013 12:04 AM

නියම දෙන්නා. (නි)

:       0       0

රමණී Monday, 01 April 2013 12:48 AM

දමිත ඔයා කළ වැඩේ හරි නෑ. තමන් කතා කරන්නේ මොනවද කියලා කතා කරන්න කලින් හිතන්න. (ස)

:       0       0

පියල් Monday, 01 April 2013 10:50 AM

ඕවත් ප්‍රශ්නද (දී)

:       0       0

ෂිෆාන් Tuesday, 02 April 2013 04:59 PM

නියම දෙන්නා... (නි)

:       0       0

අනුරාධ Monday, 08 April 2013 04:14 AM

අනේ, මේ දෙන්නා මොනවා කරගත්තහම අපිට මොකෝ? අපිට මේ දවස් වල ඔයිට වැඩිය තව ප්‍රශ්න කොච්චර නම් තියෙනවද? (නි)

:       0       0

පිටිගල මිලානෝ Wednesday, 03 April 2013 04:14 AM

අසේල ,මිලානෝ, වරක් දෙවරක් සොබිත හිමි හම්බවෙන්න රුවන්වෙල්ලේ ගියා.(නදී)

:       0       0

චින්තා Monday, 01 April 2013 11:21 AM

මේ ඔය විකාර නවත්වන්න, අධිකරණයට මේ ප්‍රශ්න වලට වඩා වැදගත් වැඩ තියෙනවා (දී)

:       0       0

මහී Monday, 01 April 2013 11:24 AM

මෙලෝ රහක් නැහැ (ස)

:       0       0

බබානිස් Friday, 05 April 2013 03:44 AM

මාර රණ්ඩුවක් බලාගන්න පුළුවන් වගෙයි. ගෝ ගෝ ගෝ... (නි)

:       0       0

රොහාන් Monday, 01 April 2013 02:48 AM

එකට ඉන්න කට්ටිය නේද මේ (දී)

:       0       0

හර්ෂ Saturday, 20 April 2013 08:41 PM

ඒගොල්ලෝ හිතන් ඉන්නේ මහජන යට පිස්සු කියල.(නදී)

:       0       0

අනුර Wednesday, 17 April 2013 04:10 PM

අන්තිමට දෙන්නගෙම චරිතත් විනාශ වෙලා සල්ලිත් ඉවරවෙලා, දෙන්නම පරදිනවා. අන්තිමට දිනන්නේ නීතිඥයෝ විතරයි (නි)

:       0       0

ඩැරල් Sunday, 14 April 2013 06:34 PM

ඔය දෙන්නම ගැන අපි දන්නවා. ඕනෑ නම් කියන්නම් (නි)

:       0       0

සෙන්තිල් Monday, 01 April 2013 03:55 AM

මට නම් මේ දෙන්නම එකයි. (නි)

:       0       0

ඩැරල් Sunday, 14 April 2013 06:36 PM

කවුරුත් එකයි (නි)

:       0       0

රජිත Monday, 01 April 2013 05:05 AM

මේ දෙන්නම අපිව රවට්ටනවා. (නි)

:       0       0

ඩීන් Wednesday, 03 April 2013 01:25 PM

මට නම් දෙන්නම හොදයි‍. (නි)

:       0       0

සිල්වා Monday, 01 April 2013 07:38 AM

බොහොම හොදයි. (නි)

:       0       0

රවී Wednesday, 03 April 2013 08:24 AM

මට නම් මේ දෙන්නම එකයි. දමිතා හරි හොදයි.(නදී)

:       0       0

සුදත් ඇන්තනි Tuesday, 09 April 2013 05:22 PM

යම රජ්ජුරුවෝ 2014 කැලැන්ඩරේට අම්මණ්ඩිල හොයනවා. (අ)

:       0       0

සරසි Sunday, 31 March 2013 04:28 PM

දෙන්නම හොඳයි අපි තමයි වැරදි හරිනේ. (ස)

:       0       0

අසේල ,මිලානෝ Tuesday, 02 April 2013 07:09 PM

පිටිගල මහත්තයෝ , ඔයත් රුවන්වෙල්ලේ නිතරම කැරකුනා නේද?(නදී)

:       0       0

පුලස්ති Monday, 08 April 2013 08:56 AM

පෞද්ගලික දේවල් ගැන වෙන කාටවත් කියන්න අවශ්‍ය නෑ. ඒ වගේම පෞද්ගලික දේවල් අහන්න ඕනෙත් නෑ.(නදී)

:       0       0

විමල් Monday, 01 April 2013 12:45 PM

මට හිනා යනවා ඇත්තටම (දී)

:       0       0

වන්නි නායක Monday, 01 April 2013 12:39 PM

මේවාට කියන්නේ විකාර කියලා (දී)

:       0       0

නීල් Monday, 01 April 2013 04:38 PM

තරහා මරහා කම් එපා (දී)

:       0       0

හරීන් Thursday, 04 April 2013 07:46 AM

මේගොල්ලෝ වැරදි කරලා අන්තිමට අපිව අල්ලනවා මඩ ගහනවා කියලා.... (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 31 March 2013 05:09 PM

එක්කෙනෙක්ව රුවන්වැල්ල පැත්තෙදි දැකල තියෙනවා. 9ස)

:       0       0

සුජීවා Monday, 01 April 2013 12:57 PM

මොනවාද මේ වැඩ , යාලු වෙන්න...., යාලු වෙන්න....(දී)

:       0       0

අසේල Tuesday, 02 April 2013 02:21 PM

මේවාට කියන්නේ විකාර කියලා මිට වඩා ලොකු ප්‍රශ්න තියෙනවා ලංකාවේ (දී)

:       0       0

නිමාලි Tuesday, 02 April 2013 02:18 PM

මේක දෙන්නත් එක්ක කතා කරලා ප්‍රසිද්ද වෙන්න කල වැඩක්ද දන්නේ නැහැ (දී)

:       0       0

හේරත් Friday, 05 April 2013 04:25 PM

ප්‍රසිද්ද වෙන්න කලින් පුසිද්ද උන වීඩියෝ ගැන මතකද ළමයෝ.(නදී)

:       0       0

ප්‍රියන්ත සිංහආරච්චි Tuesday, 02 April 2013 10:51 AM

ඉස්සෙල්ලා සියළු නිලියන්ට කථා කරන්න සහ අනෙකාගේ අයිතිවාසිකම් වලට ගරු කරන ආකාරය කියා දෙන්න ඕනෑ. දෙවැනිව තමා ලබපු ගරුත්වය රුකගෙන ඉන්න කියාදෙන්න ඕනෑ. අනික තමයි ඉදිරියට යන්න යන්න 60,70 දශක වල ආ ප්‍රවීණයන් වගේ නිහතමානි වෙන්න දැනගන්න ඕනෑ. අනික තමයි ජනප්‍රිය වෙනකොට මීට වඩා වගකීමෙන් ක්‍රියාකරන්න ඕනෑ. නැත්නම් දක්ෂතා යටපත් වෙනවා. (නි)

:       0       0

තිලක් Monday, 01 April 2013 09:12 AM

මම නම් කියන්නේ ‍මේ දෙන්නට කතාබහ කරලා ප්‍රශ්නය විසදාගන්න තවම කල් තියෙනවා කියලා. (නි)

:       0       0

ජෝති Monday, 01 April 2013 06:04 PM

දෙන්නා දෙපැත්තට බැන ගන්නවා (දී)

:       0       0

රසික Sunday, 31 March 2013 07:18 PM

දමිතා කා එක්ක හරි රන්ඩුවෙනවා හැමදාම සතුටින් ඉන්න බලන්න (අ)

:       0       0

දීපා Thursday, 04 April 2013 06:39 PM

දෙන්න හරිමම හොඳයි අපිට මොකටද අනුන්න්ගේ දේවල් (අ)

:       0       0

නෙතුමි Sunday, 31 March 2013 08:36 PM

ඔය හැම දේ ගැනම ඇත්ත දන්නේ ඒ ගොල්ලගෙමම යටි හිත විතරමයි. ඒ ගොල්ලන්ට හොඳනම් අපිට මොකද ? (ස)

:       0       0

චන්දන Monday, 01 April 2013 01:55 PM

ඕගොල්ලන්ගේ ප්‍රශ්න ඔගොල්ලොම විසදා ගන්න (දී)

:       0       0

ෂෙල්ටන් Saturday, 20 April 2013 04:20 PM

ඕව ප්‍රසිද්ද රහස්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 309 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 231 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 606 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 274 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


අගුණකොලපැලැස්සෙන් පැන්න රැඳවියන් දෙන්නෙක් අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 02 88 0

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයෙන් පලාගිය රැදවියන් හතර දෙනාගෙන් දෙදෙනෙකු අද (2) සවස 5.30 ට පමණ මාවැල්ල ධීවර තොටුපලේ රැදී සිටියදී තංගල්ල මූලස්ථාන පොලිසියේ නිළධ


මනු කියවන්නා අයිස් සමඟ මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 274 0

රුපියල් එක්කෝටි විසිලක්‍ෂයකට වඩා වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශගත මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන අහුන්ගල්ලේ සංජීවගේ ගෝලයෙක් බවට සැකකරන පුද්ගලය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38661 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25416 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site