මුහුදු කොල්ලකරුවන් නයිජීරියාවට ඈත මුහුදේදී පසුගිය 25 වැනිදා පැහැරගත් භාණ්ඩ නැවේ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සිටි බව රොයිටර් පුවත් සේවය අබුජා නුවරින් වාර්තා කරයි.
කොල්ලකරුවන් විසින් පැහැරගන්නා ලද මුළු ගණන පස් දෙනකි.
ඇන්ටිගුවා හා බාබුඩා කොඩිය යටතේ යාත්‍රා කළ ‘සිටි ඔෆ් සියාමෙන්‘ කන්ටේනර් ප්‍රවාහන නැවට මුහුදු කොල්ලකරුවන් ප්‍රහාර එල්ල කරන ලදැයි කියනුයේ තෙල් නිෂ්පාදනය කරන බේල්සා ප්‍රාන්තයට අයත් මුහුදු සීමාවේදීය.
දැඩි ලෙස සන්නද්ධව සිටි කොල්ලකරුවන් 14 දෙනකු නැවට පහර දී පස් දෙනකු අත්අඩංගුවට ගෙන නැවේ තිබූ මුදල් ද පැහැර ගත් බව අන්තර් ජාතික සමුද්‍රාසන්න බියුරෝව කියයි.
මුහුදු කොල්ලකරුවන් අධිවේගී බෝට්ටුවකින් ඊට පෙර දින තවත් නැවක් පසුපස හඹා ගිය බව ද එම ආයතනය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි බල බලධාරියෝ මුළු රටේ ජනතාවම පැහැර ගත්තේ... (නි)
සෙන්තිල් මොනවාද මේ කියන්නේ..!(නු)
නැව නැතිව පස්දෙනෙක්ව අල්ලගෙනද(නු)
රජය ක‍්‍රියාත්මක වෙන්න (නු)
සෙත්තිල්, අපි බලමුකෝ කාටද වරදින්නේ කියලා. (නි)
කෝ මේ හැම එකටම ඉදිරිපත්වන ලෝක පොලිසියත් ජිනීවා කට්ටියත් නිදිද?(නු)
ඇයි මේ වරුන මේ විදියට කියන්නේ. අදෝනාවක් අහන්න වෙනවා. මොනද නයිජීරියා මුහුදු මංකොල්ලකාරයෝ කියන්නේ ඉතාමත් භයානක පුද්ගලයෝ. දැනට නම් සද්ද නැතුව ඉන්නවා. ඔය විදිහට මෝඩ කතා කියන්න එපා. දන්නා හින්දයි කියන්නේ.(නදී)
සෙන්තිල් ඔයා අපේ සිංහලයන්ට වරදිනකම් නේද ඉන්නේ.(නදී)
මේ කොහොමද නැව පැහැර ගන්නෙ නැතුව පස් දෙනෙක්ව පැහැර ගන්නේ. මට පේන්නෙ ප්‍රාන ඇපයට දීලා නැව බේරාගෙන වාගේ.(නදී)
සියළු දෙනාට නිරුප්‍රදිතව එන්න ලැබේවා!(නදී)
තවත් අදෝනාවක් අහතැහැකි ඉදිරියේදී (නි)
ලෝකේ ආපස්සට යනවා.. (නි)
මෙන්න අපේ විදේශ කටයුතු අමාත්‍යංශයට වැඩ පෙන්නන්න අවස්ථාවක්! මොවුන් සෑම දෙනෙක්ම නිරුපද්‍රිතව ඇතයි පතමි. (නි)
අහුවුණු තිදෙනා සිංහල අය නම් හොඳ සැළකිල්ලට ලක්වෙයි. (නි)
කිසිවෙකුට කරදරයක් නොවේවා! (නි)
කණගාටුදායක පුවතක්. (නි)
නයිජීරියා මුහුදු තීරයේ ගිහින් තියෙන්නේ ඔය නැව විතරක් ද හැබෑට? අඩු වශයෙන් ධීවර බෝට්ටුවක්වත් තිබිල නැහැ වගේ. මොනවා වුණත් ලාංකික තුන් දෙනා නිදහස් කරයි. අපේ රටෙන් මොනවා අයකර ගන්නද? (නි)