සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ අත්අඩංගුවේ පසුවන ධීවරයන් හය දෙනා බේරා ගන්නට වහා මැදිහත් වන්නැයි ඔවුන්ගේ ඥාතීහු ඉල්ලති.
පසුගිය වසරේ සැප්තැම්බර් 27 වැනිදා මුහුදු ගිය ඔවුන් අල්ලා ගත් මුහුදු කොල්ලකරුවන්ගෙන් ඔවුන් මුදා ගැනීමට නම් ඩොලර් මිලියන හයක් හෙවත් රුපියල් කෝටි 68ක් ගෙවන ලෙස දන්වා ඇතැයි ද, මේ මුදල් සොයා ගැනීමට තමන්ට හැකියාවක් නැතැයි ද ඔඔවුන් බේරා දෙන්නැයි ද නෑයෝ රජයෙන් ඉල්ලති.
කටානේ ඩබ්ලිව්. ශාන්ත සෙබස්තියන් ප‍්‍රනාන්දු (31), කළුතර දකුණු මෝදර තිදරු පියකු වන එස්.කේ. වීරසේන සිල්වා, මොත්තුතුඩාව මදුරන්කුලියේ එස්. දිනේෂ් සුසන්ත ප‍්‍රනාන්දු (29), මීගමුව උතුරු පිටිපන දූපත් අංක 1හි ඩබ්ලිව්.ජේ. ලෙයොන් රුද්‍රිගු (27), මීගමුව උතුරු පිටිපන දූපත් අංක 2 හි පී. සෙල්වරාජන් (43) සහ මීගමුව පිටිපන බසියාවත්ත පල්ලිය අසල ඞී. ජූඞ් නිහාල් ප‍්‍රනාන්දු (28) යන පිරිස මෙසේ මුහුදු කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට පත්ව සිටිති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෝමාලියානු කොල්ල කරුවන්ට මේ පාර වැරදිලා. අප් රටේ මිනිස්සු එච්චර ගනං නෑ කියල තව ටිකදවසකින් තෙරෙයි.