මූදු ගොස් චණ්ඩ මාරුතයට හසුවී මිය ගිය ධීවරයන්ගේ ගණන අද සවස හය වන විට 24 දක්වා ඉහළ ගියේය.
කොළඹින් අට දෙනකු ද, කළුතරින් හතර දෙනකු ද, ගාල්ලෙන් 12 දෙනකු ද මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ නිලධරයෝ කියති.
අතුරුදන් වූ ගණන 22කි.
ධීවර යාත්‍රා 30ක් පමණ ගොඩට නොපැමිණි බවත්, යාත්‍ර 14ක සුන්බුන් සොයාගෙන ඇති බයත් රජය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරද තියෙන්නේ කිසිම ආරක්‍ෂිත උපකරණ නැතුව මුහුදු ගිය කට්ටියගේ. එයාලා හැදුනේ නැත්නම් ආයිත් ඔය වගේ දෙයක් වෙයි (නි)
ආපදා කළමනාකරණය,ආපදා පුලුවන් තරම් කලින් හදුනාගෙන සුදානමින් කටයුතු කරන්න වැඩ පිළිවෙලක් සකස් නොකරන්නේ ඇයි? (නි)
නිමල් ලලිතා ඔබලාගේ ප්‍රකාශය 100% නිවැරදි ය. ස්තුති යි (නි)
මේ විපතට වගකිව යුත්තේ කාලගුණ විද්‍යා ලොක්කත් ඇමති තුමත්. මේ දෙන්නවම ඉවත් කල යුතුයිඉ. මේ ගොල්ලන්ට හර්ද සාක්ෂිය කියන එක නැති බැවින් මේගොල්ල කවදාවත් ඉල්ලා අස්වෙන්නේ නැහැ. දැන් පරිපාලන සේවයේ වැඩි හරියක් ඉන්නේ ඇමතිව සතුටු කරලා තමන්ගේ මල්ල පුරෝගන්න නිලදාරීන් මිසක් මහා ජනතාව ගැන හිතන අය නෙවෙයි. මේගොල්ල යැපෙන්නේ දුප්පත් මහා ජනතාවගේ මුදලින් කියල හිතන්නේ නැහැ. විපතක් උනහම වන්දි ගෙවනවා කියන්නේ හරියට ඒගොල්ලන්ගේ සල්ලි වලින් වන්දි ගෙවනවා වගේ. මේගොල්ලන්ට පිරිත් නුල් ගැටගහන හාමුදුරුවරුත් මේවට වගකියන්න ඕනා.(නදී)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සුදු අලියෙක් විතරයි. තමන්ට හරි අනාවැකි කියන්න බැරිනම් ඉන්දියාවේ එකෙන් හරි නිවැරදි තොරතුරු ගන්න තිබුනා. මෙතන තියෙන්නේ උවමනාවක් නැතිකම. ඉදිරියේදිවත් එහෙම වැඩ පිලිවෙලක් ඕනා.(නදී)
ආපදා කළමනාකරණ ඇමති කෙනෙක් ඉන්නවා. ආපදා කලමනාකරන සේවයක් තියෙනෙවා. ආපදාවක් උනහම මහජනයාගෙන් උපකාර ඉල්ලනවා.(නදී)
කෝ මේ බලසේනා වටකරමු කාලගුණය . ආ.. අමතකවුනා අපි සත්ත්ව ඝතනයට විරුද්ධයි. හොඳවැඩේ මාලු මරන්න මුහුදු යනවට.(නදී)
ලෝකේ වෙනරට වලත් මීට වැඩිය හුලං හමනවා. ඒත් එකපාරට මෙච්චර මැරනෙවද? නොදන්න නිසයි අහන්නේ. අපේ මේ වගේ මිනිස්සු ගනනාවක් මැරුණා නේද වැලිගමදි. ඉදිරියේදි මිනිසුන් මුහුදු රස්සාව නොකලොත් ළමයින්ට කන්න දෙන්නෙ වෙන්නේ මොනවද? (නි)
මේ මිනිස්සුන්ගෙ පවුල් වල දරුවන්ට කන්න දෙන්නේ කොහොමද දැන්? (නි)
මම දවසක් සයුර රේඩියෝ එකට කතා කරලා කීවා නිකන් බයිලා කියන්නේ නැතිව එම ධීවරයින් හට අඩු ගානේ අනතුරකදී පැලදීමකට ආරක්ෂක මෙවලමක් හරි ලබා දෙන්න කටයුතු කල යුතුයි කියලා. මා විශ්වාස කරනවා මේ මිය ගිය කිසිවෙකුටත් එය තිබී නොමැත කියා. මෙම රැකියාව ඉතා අනතුරු දායක දෙයක් නිසා ආරක්ෂක මෙවලම් පාවිච්චි කිරීම අනිවාර්ය කල යුතුයි.(නදී)
අනාථ වුන පවුල් වලට ජීවත් වෙන්න පිලියමක් යොදන්න වගකිවයුතු අයගේ ඇස් ඇරේවා කියා පතමි (නි)
මියගිය හැමදෙනාටම නිවන් සුව පතනවා (නි)
කව්රු හරි කියන එකක් නැද්ද මේ ගොල්ලන්ට හොඳ වැඩේ වුනේ කියලා. මොකද මාළු මරන්න එහෙම නැතිනම් මාළු ඝාතනයට නේද මේ ගොල්ලෝ ගිහින් තියෙන්නේ.(නදී)
සුනාමියෙන් පස්සේ සිදුවුණු තදබල ආපදාව. ඇමතිගේ වගකීම මොකක්ද? මහා සෝනාටද වගකීම දෙන්ට යන්නේ?(නදී)
ඇයි බන් මුහුද රළුයි යන්න එපා කියල කියනවා ලලිත්ට ඇහුනේ නැද්ද. ඇමතිට බැනලා වැඩක් තියනවද..? (නදී)
මෙහෙම ගියොත් ඉදිරියට මුහුදු යන ධීවරයන් පිළිබද වගකිමේ ඇමති කියලා නව ඇමති පදවියක් දාන්න වේවිද මන්දා? (නි)
කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ සියලුම නිලධාරීන් කොන්දේසි විරහිතව නෙරපා දන්නා ඕන. විෂයභාර ඇමති ඉල්ලා අස්විය යුතු නේද ?? මෙහෙම දෙපර්තුමෙන්තුවක් අපේ රටට ඕන නැහැ නේද ?(නදී)
කාලගුණය හරි අවිනිශ්චිතයි. අදාල වගකිවයුත්තන්ගේ කාර්ය භාරය නිසියාකාරව සිදුවුනා නම් මෙවැනි විපත් අඩුවීමට ඉඩ තිබුනා. සිදුවූ දේ ගැන හරි කනගාටුයි (නි)
ලලිත් කියන එක සම්පූර්ණයෙන්ම ඇත්ත. මීට සති 2-3 කට කලින් ඇමෙරිකාවෙන් කියලා තිබුනා ජුනි 7-11 අතර ලංකාවට මේ වගේ දෙයක් වෙනවා කියලා. (නි)
පව් අසරණ මිනිස්සු.(නදී)
ලලිත්, ඔයා 100%ක් හරි. ඒත් වගකීම භාරගෙන ඉල්ලා අස්වන ඇමතිවරු ශ්‍රී ලංකාවෙන්නම් හොයා ගන්න බැරිවේවි. තව වැඩිපුර ඇමැතිකමට කෑල්ලකුත් ඉල්ලාවි පුලුවන්නම්.(නදී)
ක්‍රිකට් ප්‍රතිපල වගේ මැරුණ ගණන් අපට ඕනේ නැතෝ. මේ අහිංසකයන්ගේ ගින්දර නිවන්නකෝ මහතුනි.(නදී)
අතුරුදහන් වුන අය සොයා මේ මොහොතෙත් මෙහෙයුම් කරන නාවික හමුදාවෙත් ගුවන් හමුදාවෙත් අයගේ සේවය පැසසුම් සහගතයි.(නදී)
මේ මිනිස්සු මූදු ගියේ මෝඩකමකට නෙමෙයි. තමන්ගේ අඹුදරුවෝ බඩගින්නෙ තියන්න බැරිමකට. අපි ගොඩට වෙලා සැපට මාළු රස බලනවා විතරයි. මූදු යන්න බැරි කාලයක් ආවහම මේ මිනිස්සුන්ට ජීවත්වෙන්න යම් රක්ෂණ ක්‍රමයක් හදන්න දැන් කථාකරගනිමු. මම ලංකාදීප පත්තරෙන් ඉල්ලා සිටිනවා මේ ආර්ථික වශයෙන් අමාරු අවුරුද්දෙ ජීවිත විසිරිලා ගියපු මේ ධීවර පවුල්වලට උදව්කරන්න කෙටිකාලීන අරමුදලක් පිහිටුවන්න කියලා. අපි හැමෝම හැකි පමණින් උදව්කරන්න සූදානම්.(නදී)
මේකේ සම්පූර්ණ වගකීම කාලගුණ දෙපාර්තමේන්තුව බාරගන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ. අහිංසක අපේ දුක් ගින්දරක තරම. (නි)
දැන් කවුරුත් නැහැ වගකීම ගන්න (දී)
මේ පාරවත් කාලගුනේ කට්ටියට සුදුසු ක්‍රියාමාර්ගයක් ගමු නේද? දැන් කී පාරක් මෙහෙම දේවල් වුණාද? (නි)
රජයේ වැඩකට නැති සියලුදෙනා ඉවත්කර නව යුගයකට පාතබමු.(නදී)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට තවත් මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්න ඉඩ දෙන්න එපා. හරි පියවරක් ගන්න.(නදී)
මෙවන් අකල් මරණයක් යලි කිසි කලක අත් නොවේවා! අතුරුදන් වූවන් නිරුපද්‍රිතව ගොඩබිමට ලඟා වේවා! (නි)
සෑම දෙයකම පැති තුනක් තියනවා. එනම්, පැමිණිලිකරු, විත්තිකරු සහ සත්‍යයයි. (නි)