IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මිහින් ලංකා ඩුබායි යයි

ඩුබායි  සිට සිය මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා මිහින් ලංකා ගුවන් සේවය සිය නවතම විකුණුමි හා ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති සරත් විජේසිහ මහතා විසින් ඩුබායිහි නවනගරය වන බ‘ඩුබායි හි අල්මන්කූර් වීදියේදී අද(17)  පෙරවරුවෙ විවෘත කැරිණි. සිංහල චාරිත‍්‍රානුකූලව පෙරවරු 10.00 ට යෙදුණු නැකකින් තානාපති  පීත්ත පටිය කපා නව කාර්යාලය විවෘත කෙළේය.  ඩුබායි සහ  උතුරු එමීරයේ ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල්  අබ්දුල් රහීමි මහතා  ඇතුලු මිහින් ලංකා ගුවන්සේවයේ ප‍්‍රධානීහු  පොල්තෙල් පහන දල්වා නව කාරයාලයේ  වැඩ කටයුතු ආරමිභ කළහ. ඩුබායි හි වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුප‍්‍රසිද්ධ හෝටලයක් වන පැනෝරාමා හෝටලය අසල  නව මිහින්ලංකා කාර්‍යාලය  පිහිටා ඇති අතර සතියේ දින හතම පෙරවරු නවයේ සිට රාත‍්‍රී අට දක්වා විවෘතව ඇත.  බදාදා (17) විවෘත කළ නව කාර්යාලය මගින්  ඩුබායිහි සේවය කරන ලක්ෂයකට අධික ප‍්‍රමාණයක්වූ ශ‍්‍රී ලාංකිකයිනට මෙන්ම විදේශිකයිනටද සේවා රැසක් ලබා ගතහැකයි. නව කාර්යාලය විවෘත කරමින් අදහස් දක්වූ තානාපති  විජේසිංහ මහතා කියා සිටියේ ඩුබායිහි සේවය කරන ලක්ෂ සංඛ්‍යාත ශ‍්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සඳහා තානාපති කාර්යාලය ද   මිහින් ලංකා කාර්‍ය  මණ්ඩලය සේවා රැසක් ඉටු කරන බවයි.   එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනයට මෙය ඉමහත් පිටුවහලක් වන බවත් අනාගත ආයෝජන අවස්ථා ඇති කිරීමේ තවත් එක් අඩිතාලමක ආරමිභයක් බවත් හේ කීවේය. එමෙන්ම වසර 30 ක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ පැවැති යුද්ධය නිමාවී රටට සාමය උදාවී ඇති බැවින් සංචාරක ව්‍යාපාරය මෙන්ම ආයෝජන අවස්ථා ඇති වකවානුවක මෙවන් සේවා ලබා ගත හැකි කාර්යාලයක් විවෘත කිරීම  කාලෝචිත  බවත් කීය. මිහින් ලංකා ගුවන්සේවයේ වාණිජ ප‍්‍රධානී රොහාන් පෙරේරා මහතා පැවසූවේ ඉදිරියේදී සාජා සහ ඩුබායි වෙත මිහින්ලංකා ගමන්වාර වැඩිකිරීමට සැලසුම් කර ඇති බවයි.  මගීන්ගේ පහසුව සඳහා සාජා නගරයත්, ඩුබායි නගරයත් අතර නොමිලේ මගී ප‍්‍රවාහන සේවයක් ආරමිභ කරන බවත් ඔහු කීවේය. මීට අමතරව  අඩු වැය ගුවන් සේවයක් ලෙස ඉදිරියට ඒම සඳහා කෙටි ආහාර වේලක්,   සුහද ශීලී සේවාවන්, ඇතුලු පහසුකම් රැසක්  මිහින් ලංකා ගුවන් සේවය ලබා  ලබාදෙන බවත් කීය. නව විකුණුම් මධ්‍යස්ථානය  ආසන වෙන් කිරීම,ටිකට් පත් අලෙවිය, භාණ්ඩ ප‍්‍රවාහනය,  ගාස්තු පිළිබඳ තොරතුරු ,කාලසටහන් හා පැකේජ  සේවා  ආදිය දැන ගැනීම සඳහා නවීන පහසුකම් නව කාර්යාලයයෙන් ඇත. උතරු එමීරයේ  කොන්සාල් ජනරාල්වරයා වන අබ්දුල් රහීමි,  ආර්.එචි.එස් සමූහ ව්‍යාපාරයේ අධිපති  රයීෆ්  හෂන් සාඳි ,  මිහින් ලංකා ඩුබායි කළමනාකරු වන ආන්ජලෝ පුංචිහේවා, ප‍්‍රධාන අලෙවි කළමනාකරු ගුල්සාන් ශායිඩීන්, වාණිජ අංශ ප‍්‍රධානී රෝහණ පෙරේරා,  මුල්‍ය ප‍්‍රධානී සජීව සුවාරිස්, අලෙවි ප‍්‍රවර්ධන කළමනාකාරිනී රංගි පෙරේරා, සහ මෙහෙයුම් උපදේශක ඉන්ග‍්‍රීඩි ගුරුගේ යන මහත්ම මහත්හු ද   ශ‍්‍ර‍්‍රී ලාංකිකයෝ රැසක් ද සහභාගී වූහ.                          



අදහස් (0)

මිහින් ලංකා ඩුබායි යයි

රොහාන් Thursday, 18 October 2012 08:15 AM

ටුආන්, මුකුත් කනවද? (නි)

:       0       0

රත්නායක Friday, 19 October 2012 12:03 AM

ඇයි අබුඩාබි වලට කැමති නැද්ද? (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Thursday, 18 October 2012 08:31 AM

ආසිරි මංගල ගීත ගයා අපි ඇරඹුව මේ වාරේ මේ වැඩ සපුරා සතුටින් ඉද ගෙන ඉතාලි ඒනවා එන වාරේ

:       0       0

මහින්ද Thursday, 18 October 2012 08:48 AM

රටට හොදක් නම් එච්චරයි

:       0       0

පෙරේරා Thursday, 18 October 2012 09:26 AM

ටුආන්, මෙතන ව්‍යාපාරික කටයුත්තක් මිස බුද්ධාගමට හෝ සිංහල ජාතියට අකටයුත්තක් වෙලා නැති නිසා උද්ඝෝෂණයක් කරන්නේ නැහැ. අනික මේ ගුවන් සේවයේ මුස්ලිම් කට්ටියත් යනවනේ. ඒ නිසා යමක් ලියන්න කලින් ඔලුගෙඩියක් තියෙයි නම් හිතලා ලියන්න. (නි)

:       0       0

ජස්මින් Thursday, 18 October 2012 01:54 PM

ලෝකෙම ව්‍යාප්ත කරන්න

:       0       0

සදුනි Thursday, 18 October 2012 09:30 AM

සුභපැතුම්

:       0       0

‍ෆාන්ස් Saturday, 20 October 2012 06:37 AM

මීට වැඩ හොඳ නැද්ද එයා ලංකා එක දියුණු කරානම්.(ස)

:       0       0

සෝමෙ Thursday, 18 October 2012 01:49 PM

පළමුව සුබ පෑතුම්. පැනෝරාමා හෝටලය කියන්නෙ සුප්‍රසිද්ධ හෝටලයක්. හැබැයි අපිට නම් මෙලෝ රහක් නැහැ. (නි)

:       0       0

සේනක Thursday, 18 October 2012 01:59 PM

ජයවේවා නියමයි

:       0       0

මැකියුටා Wednesday, 31 October 2012 02:48 PM

අපෙන් උණුසුම් සුබ පැතුම් (ස)

:       0       0

මුතුකුඩ Thursday, 18 October 2012 02:00 PM

ලංකාවට ‍මේ මුස්ලිම් රටවල් ටික නැත්නම‍් පිගානයි කෝප්පෙයි තමයි ඉතුරු වෙන්නේ. (නි)

:       0       0

ෆාතිමා Thursday, 18 October 2012 10:33 AM

සුභපැතුම්

:       0       0

සරත් Thursday, 18 October 2012 10:44 AM

ඩුබායි ගිහිල්ලත් ඉවරයි වගේ. (නි)

:       0       0

ජයමාල් Thursday, 18 October 2012 10:46 AM

මීට වඩා හොඳ අය ලංකාවේ නැද්ද අම්මපා? මිහින් එකටම ඉන්නේ ඔච්චර තමයි මම හිතන්නේ. (නි)

:       0       0

ෆ්‍රෙඩී ජයලත් Wednesday, 17 October 2012 07:36 PM

සුභපැතුම්

:       0       0

රෝහණ මීගහපොල Wednesday, 17 October 2012 07:32 PM

ජය ජය ජයවේවා! හරිම සතුටුයි අපේ මුදල් අපේ රටටම

:       0       0

රෑපා රත්නායක Thursday, 18 October 2012 02:17 PM

පුළුවං නම් සයිප්‍රස්වල ඉදලා ඩුබායිවලට ගුවන් සේවයක් දාන්න දැම්මොත් අපි ටකෙල්න්ම ඩුබායි හරහා ලංකාවට එන්න පුළුවං..!(නු)

:       0       0

සුරංග Wednesday, 17 October 2012 07:44 PM

නැවතුන කාලේ ටිකට් වලට තාම සල්ලි ගන්න තියෙනවා.(නදී)

:       0       0

වසන්ති Wednesday, 17 October 2012 07:44 PM

මිහින් ලංකා කාර්යාලයක් මිලානෝවලටත් දෙන්ඩ. අපිට කැකිරිද මන්ද?

:       0       0

අසිත Thursday, 18 October 2012 02:38 PM

ඩුබායි යනු බුදුන් වැඩම කළ දේශයකි. (නි)

:       0       0

අමිල Thursday, 18 October 2012 03:07 PM

වැඩේ හොදයි, හැමදාම පාඩුයි පාඩුයි කියනවා වෙනුවට අපේ රටට සම්පතක් වෙන ආයතනයක් වේවා! සුබපැතුම්..!! (නි)

:       0       0

චමිලා Thursday, 18 October 2012 11:26 AM

අයියෝ සල්ලි

:       0       0

මල්කාන්ති Thursday, 18 October 2012 11:21 AM

අපේ රට හැදෙනවා නම් අපිත් කැමතියි. (නි)

:       0       0

Jaya Samee Wednesday, 17 October 2012 09:37 PM

අනේ මන්ද.. පැනරමා හෝටලය ළග ගෙයක් හදාගන්න හිතෙනව මේ පින්තුර ටික දැක්කම!!!

:       0       0

ජීව Wednesday, 17 October 2012 10:35 PM

එතකොට ශ්‍රී ලන්කන් එකට මොකද වෙන්නෙ.

:       0       0

රොෂාන්-ඩුබායි Wednesday, 17 October 2012 10:44 PM

හරි හොදය. මටත් ලේසියි නිවාඩුවට එන්න..

:       0       0

තසංක වීරකෝන් Wednesday, 17 October 2012 10:40 PM

සරත් සර් දැක්ක කල්... ඔබතුමා හට සදා ජය...

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Wednesday, 17 October 2012 11:05 PM

ඔය රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඇත්තටම පහසූවක් වේවි. ගොඩක් සතුටූයි. දිගු ගමනකට සූභ පතනවා..!! ඒ වගේම සතියකට එක වරක් හෝ කොළඹ සිට කෙලින්ම ඉතාලියේ මිලානෝ නගරයටත් ගූවන් ගමන් ආරම්භ කරනවනම් මෙහෙ ඉන්න සියථම ශ්‍රී ලාංකිකයන්ටත් පහසූවක් වගේම වෙනත් ගුවන් සේවා ආයතනවලට ඇදී යන විශාල මූදලක් නවතා ගැනීමටත් හැකියාව ලැබේව්. ...!!

:       0       0

ගයාන් Wednesday, 17 October 2012 11:14 PM

අබුඩාබිවලටත් මිහින් ලංකා එවන්න බලන්න..

:       0       0

ගයාන් Wednesday, 17 October 2012 11:18 PM

හැබැයි කට්ටිය ටිකට් ගන්න ගියහම ලංකාවට නෑවිත් වෙන රටවලට යයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ගයාන් Wednesday, 17 October 2012 11:21 PM

මොනවා කරන්නද? දැන් අපිත් වයසයි (නි)

:       0       0

රජිත් Wednesday, 17 October 2012 11:15 PM

මොනවා කෙරුවත් දූෂිතයින් සිටිනා තාක්කල් ආයතනයක් ගොඩගන්න බැහැ (නි)

:       0       0

රාජිත Wednesday, 17 October 2012 11:23 PM

මොනව නෙරුවත් හොරු ඉන්නවානම් ගොඩ ගන්න බෑ

:       0       0

සෝමපාල Thursday, 18 October 2012 11:56 AM

හොරු සමඟ හෙළුවෙන් (ස)

:       0       0

රොෂාන් Friday, 19 October 2012 10:17 PM

විශ්ව ඔබතුමා හරියටම හරි (ස)

:       0       0

ටුආන් Thursday, 18 October 2012 05:14 AM

අර ලංකාවේ ඉන්න උද්ඝෝෂණ සෙට් කට්ටිය මේකටත් එරෙහිව උද්ඝෝෂණ කරයිද දන්නේ නැහැ.මොකද මිහින් ලංකා කියන සිංහල වචනය අරාබි රටක පාවිච්චි කිරීමට දීම නිසා. ඒ කට්ටියට මුස්ලිම් කට්ටියව,මුස්ලිම් රටවල්ව අරහන්නේ. (නි)

:       0       0

ශිරාන් Thursday, 18 October 2012 05:22 AM

කටාර් වලටත් මිහින් ලංකා එවන්න බලන්න. (නි)

:       0       0

නිමල් Thursday, 18 October 2012 06:22 AM

මෙල්බර්න් ඉඳලා කෙළින්ම යන්න එකක් දැම්මොත් වැඩි ගානකට හරි යන්න මිනිස්සු ඉන්නවා. අපිට හැම වෙලේම කොහේ හරි රටක පැය 5ක් විතර රස්තියාදු වෙනවා. (නි)

:       0       0

විශ්ව Thursday, 18 October 2012 01:01 PM

ටූන්, ඩුබායි වල අවුරුදු ගානක් තිස්සේ තියෙන සිංහල නම් තියෙන වියාපාර ටිකක් මෙන්න.. අරලිය රෙස්ටුරන්ට්, රන් හැන්ද රෙස්ටුරන්ට්, ප්‍රිමාල් ස්ටෝර්ස්.... තව සිංහල සහ වෙනත් නම් තියෙන ලංකාවේ වියාපාර ඇත (කරි ලීෆ් , චෙෆ් ලංකා, ට්‍රයිකෝ කාගෝ , ආදී වශයෙන්).. (නු)

:       0       0

විශ්ව Thursday, 18 October 2012 01:01 PM

ටුආන් , ඔබ ලිඳේ ඉන්න ගෙම්බෙක් එහෙම නැත්නම් ජාතිවාදයෙන් අන්ධ වුණ මෝඩයෙක්.. (නි)

:       0       0

ලුම්බිණි Thursday, 18 October 2012 07:20 AM

මම බැලුවේ මේක 'සිංහල චාරිත‍්‍රානුකූලව' පටන් ගත්තේ ඇයි කියලා. සමහර විටක මුස්ලිම් රටක් නිසා වෙන්න ඇති. කොහොම වුණත් ලාභ ලැබෙන විදියට මේ බිස්නස් එක කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. (නි)

:       0       0

තිලක් පෙරේරා Thursday, 18 October 2012 07:25 AM

ප්‍රචාර හැටියට වැඩත් වෙනවානම් අපිටත් සතුටුයි.

:       0       0

වරුණ Thursday, 18 October 2012 07:30 AM

ඕක මුලින්ම ක්‍රියාත්මක වුනේ ඉතාලියේ.(නදී)

:       0       0

ටුආන් Thursday, 18 October 2012 01:14 PM

රොහාන්,මට කාලා පුරුදු නැහැ,දීලා පුරුදුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 327 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 1437 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1950 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 445 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1688 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 553 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39647 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25786 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 367 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site