ඩුබායි සිට සිය මෙහෙයුම් කටයුතු සිදු කිරීම සඳහා මිහින් ලංකා ගුවන් සේවය සිය නවතම විකුණුමි හා ප‍්‍රවර්ධන මධ්‍යස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ‍්‍රී ලංකා තානාපති සරත් විජේසිහ මහතා විසින් ඩුබායිහි නවනගරය වන බ‘ඩුබායි හි අල්මන්කූර් වීදියේදී අද(17) පෙරවරුවෙ විවෘත කැරිණි.
සිංහල චාරිත‍්‍රානුකූලව පෙරවරු 10.00 ට යෙදුණු නැකකින් තානාපති පීත්ත පටිය කපා නව කාර්යාලය විවෘත කෙළේය. ඩුබායි සහ උතුරු එමීරයේ ශ‍්‍රී ලංකා කොන්සල් ජනරාල් අබ්දුල් රහීමි මහතා ඇතුලු මිහින් ලංකා ගුවන්සේවයේ ප‍්‍රධානීහු පොල්තෙල් පහන දල්වා නව කාරයාලයේ වැඩ කටයුතු ආරමිභ කළහ.
ඩුබායි හි වෙසෙන ශ‍්‍රී ලාංකිකයන්ගේ සුප‍්‍රසිද්ධ හෝටලයක් වන පැනෝරාමා හෝටලය අසල නව මිහින්ලංකා කාර්‍යාලය පිහිටා ඇති අතර සතියේ දින හතම පෙරවරු නවයේ සිට රාත‍්‍රී අට දක්වා විවෘතව ඇත. බදාදා (17) විවෘත කළ නව කාර්යාලය මගින් ඩුබායිහි සේවය කරන ලක්ෂයකට අධික ප‍්‍රමාණයක්වූ ශ‍්‍රී ලාංකිකයිනට මෙන්ම විදේශිකයිනටද සේවා රැසක් ලබා ගතහැකයි.
නව කාර්යාලය විවෘත කරමින් අදහස් දක්වූ තානාපති විජේසිංහ මහතා කියා සිටියේ ඩුබායිහි සේවය කරන ලක්ෂ සංඛ්‍යාත ශ‍්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතා සඳහා තානාපති කාර්යාලය ද මිහින් ලංකා කාර්‍ය මණ්ඩලය සේවා රැසක් ඉටු කරන බවයි. එමෙන්ම ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනයට මෙය ඉමහත් පිටුවහලක් වන බවත් අනාගත ආයෝජන අවස්ථා ඇති කිරීමේ තවත් එක් අඩිතාලමක ආරමිභයක් බවත් හේ කීවේය.
එමෙන්ම වසර 30 ක් තිස්සේ ශ‍්‍රී ලංකාවේ පැවැති යුද්ධය නිමාවී රටට සාමය උදාවී ඇති බැවින් සංචාරක ව්‍යාපාරය මෙන්ම ආයෝජන අවස්ථා ඇති වකවානුවක මෙවන් සේවා ලබා ගත හැකි කාර්යාලයක් විවෘත කිරීම කාලෝචිත බවත් කීය.
මිහින් ලංකා ගුවන්සේවයේ වාණිජ ප‍්‍රධානී රොහාන් පෙරේරා මහතා පැවසූවේ ඉදිරියේදී සාජා සහ ඩුබායි වෙත මිහින්ලංකා ගමන්වාර වැඩිකිරීමට සැලසුම් කර ඇති බවයි. මගීන්ගේ පහසුව සඳහා සාජා නගරයත්, ඩුබායි නගරයත් අතර නොමිලේ මගී ප‍්‍රවාහන සේවයක් ආරමිභ කරන බවත් ඔහු කීවේය.
මීට අමතරව අඩු වැය ගුවන් සේවයක් ලෙස ඉදිරියට ඒම සඳහා කෙටි ආහාර වේලක්, සුහද ශීලී සේවාවන්, ඇතුලු පහසුකම් රැසක් මිහින් ලංකා ගුවන් සේවය ලබා ලබාදෙන බවත් කීය.
නව විකුණුම් මධ්‍යස්ථානය ආසන වෙන් කිරීම,ටිකට් පත් අලෙවිය, භාණ්ඩ ප‍්‍රවාහනය, ගාස්තු පිළිබඳ තොරතුරු ,කාලසටහන් හා පැකේජ සේවා ආදිය දැන ගැනීම සඳහා නවීන පහසුකම් නව කාර්යාලයයෙන් ඇත.
උතරු එමීරයේ කොන්සාල් ජනරාල්වරයා වන අබ්දුල් රහීමි, ආර්.එචි.එස් සමූහ ව්‍යාපාරයේ අධිපති රයීෆ් හෂන් සාඳි , මිහින් ලංකා ඩුබායි කළමනාකරු වන ආන්ජලෝ පුංචිහේවා, ප‍්‍රධාන අලෙවි කළමනාකරු ගුල්සාන් ශායිඩීන්, වාණිජ අංශ ප‍්‍රධානී රෝහණ පෙරේරා, මුල්‍ය ප‍්‍රධානී සජීව සුවාරිස්, අලෙවි ප‍්‍රවර්ධන කළමනාකාරිනී රංගි පෙරේරා, සහ මෙහෙයුම් උපදේශක ඉන්ග‍්‍රීඩි ගුරුගේ යන මහත්ම මහත්හු ද ශ‍්‍ර‍්‍රී ලාංකිකයෝ රැසක් ද සහභාගී වූහ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප‍්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකෙම ව්‍යාප්ත කරන්න
ටුආන්, මෙතන ව්‍යාපාරික කටයුත්තක් මිස බුද්ධාගමට හෝ සිංහල ජාතියට අකටයුත්තක් වෙලා නැති නිසා උද්ඝෝෂණයක් කරන්නේ නැහැ. අනික මේ ගුවන් සේවයේ මුස්ලිම් කට්ටියත් යනවනේ. ඒ නිසා යමක් ලියන්න කලින් ඔලුගෙඩියක් තියෙයි නම් හිතලා ලියන්න. (නි)
සුභපැතුම්
සුභපැතුම්
ඩුබායි ගිහිල්ලත් ඉවරයි වගේ. (නි)
මීට වඩා හොඳ අය ලංකාවේ නැද්ද අම්මපා? මිහින් එකටම ඉන්නේ ඔච්චර තමයි මම හිතන්නේ. (නි)
අයියෝ සල්ලි
අපේ රට හැදෙනවා නම් අපිත් කැමතියි. (නි)
හොරු සමඟ හෙළුවෙන් (ස)
ටූන්, ඩුබායි වල අවුරුදු ගානක් තිස්සේ තියෙන සිංහල නම් තියෙන වියාපාර ටිකක් මෙන්න.. අරලිය රෙස්ටුරන්ට්, රන් හැන්ද රෙස්ටුරන්ට්, ප්‍රිමාල් ස්ටෝර්ස්.... තව සිංහල සහ වෙනත් නම් තියෙන ලංකාවේ වියාපාර ඇත (කරි ලීෆ් , චෙෆ් ලංකා, ට්‍රයිකෝ කාගෝ , ආදී වශයෙන්).. (නු)
ටුආන් , ඔබ ලිඳේ ඉන්න ගෙම්බෙක් එහෙම නැත්නම් ජාතිවාදයෙන් අන්ධ වුණ මෝඩයෙක්.. (නි)
රොහාන්,මට කාලා පුරුදු නැහැ,දීලා පුරුදුයි (නි)
රටට හොදක් නම් එච්චරයි
පළමුව සුබ පෑතුම්. පැනෝරාමා හෝටලය කියන්නෙ සුප්‍රසිද්ධ හෝටලයක්. හැබැයි අපිට නම් මෙලෝ රහක් නැහැ. (නි)
ජයවේවා නියමයි
ලංකාවට මේ මුස්ලිම් රටවල් ටික නැත්නම‍් පිගානයි කෝප්පෙයි තමයි ඉතුරු වෙන්නේ. (නි)
පුළුවං නම් සයිප්‍රස්වල ඉදලා ඩුබායිවලට ගුවන් සේවයක් දාන්න දැම්මොත් අපි ටකෙල්න්ම ඩුබායි හරහා ලංකාවට එන්න පුළුවං..!(නු)
ඩුබායි යනු බුදුන් වැඩම කළ දේශයකි. (නි)
වැඩේ හොදයි, හැමදාම පාඩුයි පාඩුයි කියනවා වෙනුවට අපේ රටට සම්පතක් වෙන ආයතනයක් වේවා! සුබපැතුම්..!! (නි)
ඇයි අබුඩාබි වලට කැමති නැද්ද? (නි)
විශ්ව ඔබතුමා හරියටම හරි (ස)
මීට වැඩ හොඳ නැද්ද එයා ලංකා එක දියුණු කරානම්.(ස)
අපෙන් උණුසුම් සුබ පැතුම් (ස)
මොනවා කරන්නද? දැන් අපිත් වයසයි (නි)
ජය ජය ජයවේවා! හරිම සතුටුයි අපේ මුදල් අපේ රටටම
නැවතුන කාලේ ටිකට් වලට තාම සල්ලි ගන්න තියෙනවා.(නදී)
මිහින් ලංකා කාර්යාලයක් මිලානෝවලටත් දෙන්ඩ. අපිට කැකිරිද මන්ද?
අනේ මන්ද.. පැනරමා හෝටලය ළග ගෙයක් හදාගන්න හිතෙනව මේ පින්තුර ටික දැක්කම!!!
එතකොට ශ්‍රී ලන්කන් එකට මොකද වෙන්නෙ.
හරි හොදය. මටත් ලේසියි නිවාඩුවට එන්න..
සරත් සර් දැක්ක කල්... ඔබතුමා හට සදා ජය...
ඔය රටේ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට ඇත්තටම පහසූවක් වේවි. ගොඩක් සතුටූයි. දිගු ගමනකට සූභ පතනවා..!! ඒ වගේම සතියකට එක වරක් හෝ කොළඹ සිට කෙලින්ම ඉතාලියේ මිලානෝ නගරයටත් ගූවන් ගමන් ආරම්භ කරනවනම් මෙහෙ ඉන්න සියථම ශ්‍රී ලාංකිකයන්ටත් පහසූවක් වගේම වෙනත් ගුවන් සේවා ආයතනවලට ඇදී යන විශාල මූදලක් නවතා ගැනීමටත් හැකියාව ලැබේව්. ...!!
අබුඩාබිවලටත් මිහින් ලංකා එවන්න බලන්න..
හැබැයි කට්ටිය ටිකට් ගන්න ගියහම ලංකාවට නෑවිත් වෙන රටවලට යයිද දන්නෙ නැහැ (නි)
සුභපැතුම්
මොනවා කෙරුවත් දූෂිතයින් සිටිනා තාක්කල් ආයතනයක් ගොඩගන්න බැහැ (නි)
මොනව නෙරුවත් හොරු ඉන්නවානම් ගොඩ ගන්න බෑ
අර ලංකාවේ ඉන්න උද්ඝෝෂණ සෙට් කට්ටිය මේකටත් එරෙහිව උද්ඝෝෂණ කරයිද දන්නේ නැහැ.මොකද මිහින් ලංකා කියන සිංහල වචනය අරාබි රටක පාවිච්චි කිරීමට දීම නිසා. ඒ කට්ටියට මුස්ලිම් කට්ටියව,මුස්ලිම් රටවල්ව අරහන්නේ. (නි)
කටාර් වලටත් මිහින් ලංකා එවන්න බලන්න. (නි)
මෙල්බර්න් ඉඳලා කෙළින්ම යන්න එකක් දැම්මොත් වැඩි ගානකට හරි යන්න මිනිස්සු ඉන්නවා. අපිට හැම වෙලේම කොහේ හරි රටක පැය 5ක් විතර රස්තියාදු වෙනවා. (නි)
මම බැලුවේ මේක 'සිංහල චාරිත‍්‍රානුකූලව' පටන් ගත්තේ ඇයි කියලා. සමහර විටක මුස්ලිම් රටක් නිසා වෙන්න ඇති. කොහොම වුණත් ලාභ ලැබෙන විදියට මේ බිස්නස් එක කරන්න පුළුවන් නම් ප්‍රශ්නයක් නැහැ. (නි)
ප්‍රචාර හැටියට වැඩත් වෙනවානම් අපිටත් සතුටුයි.
ඕක මුලින්ම ක්‍රියාත්මක වුනේ ඉතාලියේ.(නදී)
ටුආන්, මුකුත් කනවද? (නි)
ආසිරි මංගල ගීත ගයා අපි ඇරඹුව මේ වාරේ මේ වැඩ සපුරා සතුටින් ඉද ගෙන ඉතාලි ඒනවා එන වාරේ