මදුරෙයි බලා පිටත්වීමට සූදානම් වූ මිහින් ලංකා ගුවන්සේවයට අයත් එම්.ජේ 305 දරණ ගුවන්යානය ධාවන පතයට ඇතුළුවී ගුවන්ගතවීමට සූදානම් වෙත්ම එහි එන්ජිමෙහි කොටසක කාර්මික දෝෂයක් ඇති බවට සංඥාවන් නිකුක් වීම නිසා එම යානය ගුවන්ගතකිරීම තාවකාලිකව අත්හිටුවා ඇත.
ඒ 320 මාදිලියේ මිහින් ලංකා සතු හොඳම ගුවන්යානය වන මෙය අද දහවල් 12.30 ට මගීන් 173 ක් රැගෙන ඉන්දියාවේ මදුරෙයි බලා පිටත්වීමට සූදානම් වී ඇත.
යානය ගුවන්ගත වීමට ධාවන පතය දිගේ ගොස් වේගය වැඩිකරනවිට ඇන්ජිමේ කොටසක දෝෂයක් ඇති බවට සංඥාවක් නිකුත් වීම හේතුවෙන් ගුවන් නියමුවෝ යානය ගුවන්ගත කිරීමෙන් වැලකී සිටියහ. පසුව ඉංජිනේරුවන් විසින් එන්ජිමෙහි දෝෂය ඇති කොටස ඉවත්කොට අළුතෙන් එම කොටස සවිකොට නැවත පිටත්වීමට සූදානම් වෙද්දී තවත් තාක්ෂනික දෝෂයක සංඥාවක් නැවත නිකුත්වීම නිසා යානය ගුවන් ගත කිරීම නවතා ඇත.
මේ වන විට යානයේ දෝෂය නිවැරදි කිරීම සඳහා ඉංජිනේරුවන් කටයුතු කරමින් සිටින බවත් මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මදුරෙයි බලා යාමට වෙනත් ගුවන්යානයක් යොදා ගන්නා බව මිහින් ලංකා උසස් නිලධාරියෙක් කීවේය.
මදුරෙයි ගුවන්තොටුපොළෙහි ගොඩ බෑ හැක්කේ ඒ 320 දරණ ගුවන් යානා පමණක් බවත් මිහින් ලංකා සතුව ඇත්තේ ඒ320 වර්ගයේ මෙම යානාව පමණක් බැවින් මේ සඳහා ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ යානවක් යෙදවීමට කටයුතු කරන බවත් හෙතෙම කීය.
මේ වන විට මින් මගීන් 150 ක් අද රාත‍්‍රී 11.30 ට ශ‍්‍රී ලංකන් ගුවන් යානයකින් මදුරෙයි බලා පිටත් කිරීමට කටයුතු යොදා ඇති බවත් ඉතුරු 23 දෙනාද හැකි ඉක්මනින් පිටත් කරන බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිහින් ලංකා ගුවන් සේවය පටන් ගත්තට කමක් නැහැ. නමුත් ගුවන් යානා ගත්තේ පට්ටා ගහපු ඒවා. කොයිතරම් දුෂණ සිද්ද උනාද ඒ ගනුදෙනුවේදී. හැම ආයතනයක්ම පටන්ගන්නත් කලින්ම මිලියන ගණන් කොමිස් ගැහිල්ල කරනකොට මොන දෙපාර්තමේන්තුවද වාසනා වන්ත සංවර්ධනයක් ලබල තියෙන්නේ? මේ මුස්පේන්තු කොමිස් ගැහිල්ලෙන් පටන්ගන්න එකම ව්‍යාපෘතියක් සංවර්ධනය වෙලා නැතුවට ඊට සම්බන්ද ඇමති වරු කුට්ටි ගනන් හම්බකරලා ඉවරයි. ඊට පස්සේ එන එන ලොක්කෝ පුළු පුළුවන් විදිහට කීයක් හරි කඩාගන්න බලනවා මිසක් ඔය ප්‍රශ්න වලට උත්තර හොයන්නේ නැහැ. සුගත්,නිමල්ලලිත වගේ අය කියන්නේ ලංකාවට දේශපාලකයෝ මොනවා කරත් කට අරින්න නරකයි කියලද? එක ව්‍යාපෘතියක් තාම ලාබ ලබනවාද? යුද්දේ විකුණන සැලැස්ම හැරෙන්න අනික් හැම දෙයක්ම අසර්තකයි. දේශපාලකයන්ට වඩා ජනතාව සැහෙන්න දුකක් වින්දා යුද්දේ ඉවරකරන්න. යුද විරුවෝ ජිවිත පරදුවට තියලා බේරගත්තා. අහකයන දේශපාලකයෝ මේ වගේ බංකලොත් වැඩ කරනකම් අපි උඩ බලාගෙන ඉමු.(නදී)
ලෝකේ ඕනෙම රටක මේ වගේ සිද්ධි වෙන්න පුළුවන්. මෙතන වැදගත්ම දේ තමයි දෝශය හඳුනාගැනීමත් සමග කල උතුම් හොඳම දේ සිදුකර තිබීම. මගීන් අපහසුතාවයට පත්වුණා තමයි ඔවුන් සැලසුම් කරගෙන හිටපු දේවල් නියමිත වෙලාවට කරගන්න බැරි වුනා. ඇත්ත, නමුත් හැම දෙනාම වාසනාවන්ත විදිහට ජීවිත් බේරගත්තා. බුද්ධිමත් තීරණ ගත්ත හැමෝටම පින් සිද්ධ වෙනවා. ගුවන් යානා පාවිචිකිරීමට බැරිම තත්වයේ නම් , අලුත්වැඩියා කල නොහැකි නම් කල හැකි හොඳම විසඳුම පාලක පක්ෂය විසින් නොපමාව කළ යුතුයි. දියුණු වෙන රටකට ගුවන් සේවා දෙකක් තිබීම වැදගත්. ගුවන් තොටුපළවල් 3 හෝ 4 තියෙනවනම් එකත් එතම වැදගත්. වැදගත්ම දේ වගකිවුතු රජයක් ලෙස වංචාව දූෂණය අඩු කර , හොඳ අභ්‍යයන්තර පාලන ක්‍රම ඇතිව මේවා පාඩු නැතිව පවත්වාගෙන යා යුතුයි. එහෙම උනොත් ආසියාවේ අශ්චර්වය වැඩි ඈතක නෙවෙයි.(නදී)
මේක ලංකාවට අයිති නිසයි ප්‍රශ්නේ. ගුවන්තොටුපොළේ අයට නම් ඕවා සාමාන්‍ය දේවල්. වෙන ගුවන්සේවා වලට අයක් යානා වලටත් ඔහොම වෙනවා. ඒවා පිටට වාර්ථා වෙන්නේ නැහැ.(නදී)
උස්සමු ..බස්සමු... බස්සමු ...උස්සමු ....විස් මවමින් මුළු ලෝ.... (නි)
ලාංකික අපේ අවාසනාව තමයි (නි)
වඳුරෙක් කිව්වලු, අලි "සෙල්ලම් කරයි" අපි ......... කියල. (ස)
මේ මොකද මේ .... (ස)
මේ මිහින් කියන නමේ මොකක්ද හොරයක් එක්ක අපලයක් තියෙනවා.(නදී)
ඔහොම තමයි පාවිච්චි කරපු ගුවන්යානා ගත්තම. (නි)
ගුවන් යානාදෝෂ ,සමාගමේ පාඩු ,විදෙස් ණය සහ පොලි ජනතාවට බරක් වීම මට වැඩක් නැත.මේ ගමන ආපස්සට හරවන්න හදන අය දේශද්‍රෝහියෝ විදියට තම මට පෙනෙන්නේ. (නි)
හැමදේටම ආණ්ඩුවට බනින එක පුරුද්දක්. ඒත් ත්‍රී වීලර් සංස්කෘතියෙන් මිදෙන්න අසමත් ලංකාවට ත්‍රී වීලර් එපා කියන අය ද්‍රෝහීන් ලෙස දකින විෂ කැවුණු පිරිසක් රටේ ඉන්නවා. එහෙම අය වෙනුවෙනුත් ආණ්ඩුව යමක් කරන බව මෙයින් පෙනෙනවා.(අ)
අප්පද බොල මම හිතුවේ කොල්ලෝ ලෝකේ තියන හොදම ගුවන් සේවය මිහින් ලංකා කියලා. බලනකොට එක ශ්‍රී ලංකන් දෙක මිහින් ලංකා.(නදී)
මම හිතුවේ කොල්ලෝ ලෝකේ තියන හොදම ගුවන් සේවය මිහින් ලන්කා කියල බලනකොට 1 ක ශ්‍රී ලන්ක්න්කන් එකනේ 2 මිහින් ලංකා(අ)
මෙය නැවත පුද්ගලික කරන්න. ලාබයෙන් විදුලි බිල අඩු කරන්න. (නි)
මේකේ දෝෂය හොයාගත්තා කියා පාරම්බාන අයටයි මේ කියන්නේ. මේ ගුවන් යානා සම්පුර්ණයෙන්ම පරිඝනක ගත කරලයි තියෙන්නේ. දෝෂයක් පැමිණිවිට එය පමණක් නොව ඒ සදහා මාරු කළ යුතු කොටස් අංකය සමග මුද්‍රණය වී ලැබෙනවා. කව්රු මොනවා කීවත් ජනතාව හාමතේ. සුදු අලි නඩත්තු කරන්න කඩේ යාම නිවට කමක්. ලංකාවට පාඩු ලබන ගුවන් සමාගම් දෙකක් සහ ගුවන් තොටුපොළෙවල් දෙකක් අවශ්‍යයි කියනවා නම් ඉක්දියාවේ විශාලත්වය අනුව ගුවන් තොටුපොළවල් 200 ක් හා ගුවන් සමාගම් 200 අවශ්‍ය වෙනවා.(නදී)
හරියට දන්නේ නැතුව කමෙන්ට්ස් දාන්න එපා.ප්ලේන් එක කඩාගෙන වැටුනානම් මොකද වෙන්නේ. ලෝකේ ඕන තරම් මේ වගේ දේවල් වෙනවා.(අ)
ඔය මිහින් ලංකාවට ඔහොම වෙන එක හොඳයි. මට නම් දැන් රටත් එක්කම එපා වෙලා තියෙන්නේ. (නි)
රටට බරක්වන ඔය වගේ සියළු දේ නැතිවී යේවා! (නි)
අපි නම් ඇත්ත කියන්න බය නැහැ (නි)
,ඔබ සමහරවිට නොදන්නවා උනාට මුලින්ම ගුවන්යානා පිස්සුව හැදුනේ අපේ පලවන ජනාදිපති තුමා ටයි ගත්තේ සින්ගපූර්වල පාවිච්චි කරපුව හැබිය් ඕව ගන්නකොටම එවකට සිගපූරුවේ හිටපු ජනාදිපති ලී කුවන් යු අපේ රජයට කිව්වා ඕවට තව කල් තියනවා රට ටික්කක් දියුනුකරල ඉන්න කියල. නමුත් එවකට සිංගප්පූර් ගුවන්සේවය හිටපු තමන්ගේ බැනව ගෙන්නලා සබාපති කරලා එයාර් ලංකා පටන්ගත්ත. එතකොටත් සින්ගපූර් ජනාදිපති පුදුමවෙලා ඇහුවා මගේ පෛලොට් කෙනෙකු කොහොමද ඔබේ ගුවන් සමාගමක් පාලනය කරන්නේ කියල. පටන් ගත්තෙම වැරදිතනින්, මදිපඩුවට හිමින් ලන්කත් දුවනවා. (අ)
මිහින් ලංකා හෝදගන කාල හැදිච්ච එඋන්, මිහින් ලංකා යන්නේ නැනේ, උන් යන්නේ එමෙරෙට්ස්, බ්‍රිටිෂ් එයාර් වගේ උසස් ඒවගේ. අපි තමඊ මිහින් ලංකා ගිහිල්ල පරිප්පු කන්න ඕන.(අ)
ද සිල්වා එක්ක මාත් එකඟයි. අපට ගුවන් සේවා දහයක් තිබුනත් කමක් නැහැ අපේ බදු මුදලින් ඒවායේ පාඩු පියවන්නේ නැත්නම්. ඉඳ හිට නම් කමක් නැහැ. හැම අවුරුද්දෙම මහජන බදු මුදල් මේ සුදු අලින් විසින් කා දමනවා. පුද්ගල ප්‍රතිරුප ගොඩ නගන්න අපේ සල්ලි ගිලින්නේ නැතුව ඒ ඒ පුද්ගලයන්ගේ මුදල්ම යොදවනවානම් නම් අපට ඇති කැක්කුමක් නැහැ. (නදී)
ලෝකේ උතුම් රට ලංකාවයි අපේ ශ්‍රී ලංකාවයි. ලෝකේ උතුම් පාලන යත් ශ්‍රී ලංකාවේ .......ශ්‍රී ලංකාවේ.....සුබ අනාගතයක්.(නදී)
'මිහින් ලංකා' එකේ යන කොට, 'ලංගම' බස් එකේ යනවා වගේ දැනෙනවා.(නදී)
අපරාදේ මහජන මුදල්. රටේ තිබෙන ශ්‍රී ලංකන් එකට ඔය සල්ලි ටික දැම්මා නම් ඒක ගොඩ. (නි)
අපි වවමු රට නගමු! ඔය කබල් ප්ලේන් වලට පස් පුරවලා අල හිටෙව්වා නම් සාක්කුවටත් ලේසියි, පර්ස් එකටත් වාසියි. (නි)
දෙපාරක් නොවෙයි සදාකාලිකවම බිමට බැස්සවිය යුතුයි. (නි)
"මිහින් ලංකා" නෙමෙයි, "හිමින් ලංකා" ... කාට කියන්නද මේ දුක? (නි)
දෙයියෝ සාක්කි
කනගාටුයි
අයියෝ සල්ලි
මගලි, ඔය යන අනිත් රටවල ගුවන්යානා හරිම හොද අනතුරු නොවන ඒවා කියලද හිතාගෙන ඉන්නේ ? රටේ හැම දෙයටම ගරහන්න එපා. අපේ රටේ ගුවන් සේවා මෙතෙක් කාලයක් අනතුරු රහිතව දුවනවා විතරක් නොවෙයි අපේ අය බොහෝ මැදපෙරදිග රටවල පමණක් නොව එයාබස් බෝයිං කියන සමාගම්වලත් ඉහල තැන්වල ඉන්නවා. ඒ වගේම රටට මඩ ගහන්න, ආණ්ඩු පෙරලන්න අපේ මිනිස්සු පිටරට කොන්ත්‍රාත් අරන් සියල්ල කඩාකප්පල් කරන්නත් බලන අවස්ථාත් තිබෙනවා. ලෝකය ගැන දන්නා අය මෙවැනි සිදුවීම් දිහා සැකයෙන් බලනවා. රට වෙනුවෙන් එහෙම කිරීම වරදක් නෑ.(නදී)
අනේ මන්දා බැරි වැඩ නොකර පුළුවන් දෙයක් කරානම් ඉවරයි. මිනිස්සු මරන්නේ නැතිව. එක එක රටවල පරණ යානා අරගෙන ගුවන් සේවා කරනවා.(නදී)
තමන්ගේ නමින් පටන්ගෙන දැනට බංකොලොත් උන මිහින් ගුවන් සේවය තවත් රටේ සල්ලි කාබාසිනියා කරන්නෙ නැතිව හා මගින්ගේ ජිවිත අනතුරේ දාන්නේ නැතිව වහලා දැම්මා නම් නරකද?(නදී)
එයාර් ලංකා, මිහින් ලංකා, අහසට පොලව වගෙයි. එක සැරයක් මිහින් ලංකා එකේ ගියොත් තේරෙයි රග. (නි)
මිහීන් ලංකා ගුවන් සේවයට තියෙන්නෙත් යානා 3 යි. ඔය දෝෂ දුන්නයි කියන ඒ-320 ගුවන් යානය තමයි මිහීන් ලංකා සතු අවුරුදු 19 ක් පැරණිම යානය. ඕක විකුණලා අලුතෙන් එකක් ගත්තනම් හරි. (නි)
මාගලී, ඔබ හරි (නි)
මම කවදාවත් රජයට දොස් කියන්නේ නැහැ. නමුත් දැන් කාලය ඇවිල්ලා තියෙන්නේ පරණ ප්ලේන් දාලා අලුත් ප්ලේන් ටිකක් ගන්න (නි)
මිහින් එයාර් සෙල්ලම ඉවර වෙන්නේ රටේ මිනිසුන්ව හිගමනයට පත් කරලා තමා (නි)
දෙවියන්ට පින් දෙනවා මම... (නි)
ගුවන් ගත කරන්න පෙර දැන ගත්ත නිසා හොදයි. නැත්නම් ඉතින් දෙවියන්ගේ පිහිට තමයි මගින් 150 ටම (නි)
කරන්න පුළුවන් දෙයක් එපැයි කරන්න. ශ්‍රිලංකන් එකක් අරගෙන ගියාම ඒක ෂෙඩුයුල් කරලා තියෙන රූට් එක කරන්නේ සක්‍කරයාගේ යානෙන් ද? ඊට පස්සේ ඉතිං ශ්‍රිලංකන් ගුවන් යානා පරක්කු වෙනවා.(නදී)
මිනින් ලංකා ගුවන් සේවයේ වරදක් නැහැ.ලෝකේ ඕනෑ තරම් ඔය වගේ දේ වෙනවා. (නි)
මොනවා වුණත් මිනිස්සුන්ගේ ජීවිත නේද? මින් ඉදිරියට ඔය ගියපු කිසි කෙනෙක් යන්නෙ නැහැ මිහින් ලංකා එකේ. (නි)
පාඩු ලබන එක සේවාවක් තියෙද්දී තව එකක් ගත්තා.මේ දෙකම පුද්ගලික අංශයට දුන්නා නම් කොපමණ මුදලක් ඉතුරු වෙනවද. (නි)
එක එක රටවල් වලින් ගන්නේ නැතිව ලංකාවේ හදන ඒවා තියෙනවද ගන්න. පිස්සෝ වගේ ප්‍රතිචාර දාන්න එපා.(නදී)
මිහින් ලංකා පසුගිය වසෙරේ පාඩුව රු. 100000000. ශ්‍රී ලන්කන් පාඩුව රු. 2050000000. ශ්‍රී ලන්කන් සභාපති කියනවා එමිරේටිස් මගින් ශ්‍රී ලන්කන් පාලනය කල කාලයේ ලාභ ලැබුවා කියලා. මේවා ජාතික ධනය , යුද්ධය දිනුවා කියලා ඉදිරි පරම්පරාව උගසට තබන එක හොද නැහැ. පාලකයන්ට ගුවන් යානා පිස්සුව හැදුනාට දුප්පත් ජනතාව පාලි නැහැ.(නදී)
තියෙන ශ්‍රී ලංකන් එයාර් එකත් පාඩුවට දුවන්නේ. එය නගා සිටුවීමක් නැතුව තවත් එකක්. (නි)
ගුවන් ගමන් වලදී මේක සාමාන්‍ය දෙයක්. පත්තර වල දන්නා තරම් ලොකු දේවල් නෙවෙයි. මම ඕස්ට්‍රේලියාවේ ක්වන්ටස් ගුවන් සේවයේ යානයක එනකොටත් මෙහෙම දෙයක් උනා. දින තුනක් විතර පහුවෙලා තමයි ලංකාවට ආවේ. ක්වන්ටස් කියන්නේ ලොව හොදම ගුවන් සේවය කියලයි මම අහල තියෙන්නේ. ඒ හින්දා පටු දේශපාලන කෝණයකින් මේක දිහා බලන්න එපා. මෙවැනි දෝෂයක් හොයා ගත්ත එකම මදැයි මේ ගුවන් සේවයේ කාර්ය සාධනය මනින්න. ලෝකයේ කොච්චර ගුවන් යානා වැටිලා තියෙනවද මගින් සිය ගණන් එක්ක.(නදී)
තව මදි තව මදි තවත් බස්සන්න තවත් බස්සන්න.(නදී)
මිනිස්සු මැරුණත් මොකෝ? අපිට ජාතික ගුවන් සේවා 2ක් තියනවා. අපි ආඩම්බරකාර ජාතියක්. (නි)
මට පුදුම මාටින් දන්නා දේවල් ගැන. (නි)
ක්වන්ටස් , ලුෆ්තන්සා වැනි සමාගම් නඩත්තුවන්නේ එම රටවල වැඩකරන ජනතාවගෙන් ගන්න බදු මුදල් වලින් නෙවෙයි. මට දුක අපේ රටේ සාමාන්‍ය ජනතාව ජිවන බරින් මිරිකිලා සිටින විට පාලකයන් පාඩු ලබන ගුවන් සමාගම් එකක් නොව දෙකක් නඩතු කිරීමයි. ගුවන්යානා සමාගම් තිබුනට, ගුවන්තොටුපල තිබුනට ජනතාවට ඒවා පාවිචිකරන්න මුදල් නැත්නම් පාඩු වෙන එක තමයි සිදු වෙන්නේ. අපේ ආණ්ඩු පෙරලන්නේ පිට ඉන්න මිනිස්සු නොවෙයි. ආණ්ඩුවට සම්බන්ධ මෝඩයන් සහ හොරුන් විසිනි.(නදී)
ලාබ බිබික්කම් වල පොල් කුඩු වැඩියිලුනේ. (නි)
මිහින් ලංකා දෙපාරක්ම බස්සලද? (නි)
එත්තටම, ගුවන් යානයක් මේ වගේ දෙයක් හින්දා ටිකක් පරක්කු වෙන එක මහා පුදුම දෙයක් නෙමෙයි. මොකද කියන්නේ කට්ටිය මේක ඔය ප්‍රශ්නේ හින්දා මිනිස්සු 173ත් එක්ක කඩා වැටුනා නම්? (නි)
කොහොම වුණත් එකක් තියනවා. මිහින් ලංකා නැත්නම් අපි කෙලින්ම ඩකා ඇවිල්ලත් ඉවරයි. කොහොම හරි මේ ආයතනය ඉහලට ගන්න හැමෝම සහයෝගය දෙන්න.ජීවිත ටික බේරුවට පින්... (නි)
ළමයිනේ, අපේ රටේ වැඩ ගැන විවේචනය නොකර හිටපල්ලා. (නි)
මාටින්, ඔයා කී පාරක් ගිහින් තියෙනවද ප්ලේන් එකේ? දන්නා තරම තමයි.ඔයත් ඔයාගේ කතන්දරත් අර අපේ හොදට ලයිට් බිල වැඩි කළා කියන අය වගේනේ (නි)
"හිමින් ලංකා" (නි)
රනිල්,මාටින් කියපු දේවල් වල පුදුමයට කරුණක් නැහැ. මට නම් පුදුම එවැනි සරල පැහැදිලි කිරීමක් තේරුම් ගන්න බැරි ඔයා අකුරු ටික ගලපලා වචන කොහොමද කියවගත්තේ කියන එක. (නි)
''විහින් නහින් ලංකා.'' වෙයිද දන්නෙ නැහැ මෙහෙම යනකොට (නි)