ඩුබායි සිට සිය මෙහෙයුමි කටයුතු සිදුකිරීම සඳහා මිහින්ලංකා ගුවන්සේවය සිය නවතම විකුනුමි හා ප්‍රවර්ධන මධ්‍යස්ථානය ඔක්තෝබර් 17 වැනි දින ඩුබායිහි නවනගරය වන බzඩුබායි හිදී විවෘත කිරීමට නියමිතය.
ඩුබායි හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ සුප්‍රසිද්ධ හෝටලයක් වන පැනෝරාමා හෝටලය අසල නව මිහින්ලංකා කාර්‍යාලය විවෘත වන අතර එමගින් ඩුබායිහි සේවය කරන ලක්ෂයකට අධික ප්‍රමාණයක්වූ ශ්‍රී ලාංකිකයින් පිරිසකට මෙන්ම මිහින් ලංකා සමග පියාසර කරන විදේශිකයින්ටද සෘජු සේවා රැසක් ලබා ගත හැකිවනු බව ඩුබායිහි මිහින් ලංකා කළමනාකරු වන ඇන්ජලෝ පුංචිහේවා මහතා කියයි.
ඔහු පැවසුවේ එහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට පසු ලාංකිකයනට සේවා ලබා ගැනීමට ඇති ස්ථානය මෙය වන බවයි.
නව විකුණුම් මධ්‍යස්ථානය ආසන වෙන්කිරීම, ප්‍රවේශ පත්‍ර ලබා ගැනීම, භාන්ඩ ප්‍රවාහනය ඇතුළු විශේෂ සේවා ලබා දීම, ගාස්තු පිළිබඳ තොරතුරු දැනගැනීම, කාල සටහන් හා පැකේජ පිළිබඳ සේවා ලබාදීමි වලට සරිලන සේවා සැපයීමට අවශ්‍ය නවීන පහසුකමි වලින් සමන්විත බවද පුංචිහේවා මහතා පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩෙයිරා, හෝර්නස්, ඩුබායි හා අල්කෝස් යන නගරවලට මැදිව පිහිටා ඇති බ'ඩුබායි නගරයේ මිහින් ලංකා කාර්යාලයක් විවෘත කිරීම එම නගරවල සේවය කරන ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ට ඉතා සතුටුදායක පණිවිඩයක් වනු ඇති බවත් ඔහු කියයි.
මිහින් ලංකා අඩු වැය ගුවන් සේවයක් බැවින් මැදපෙරදිග රටවල්හි මිහින්ලංකා ගුවන්සේවය ජනප්‍රිය කිරීමත් එමගින් විශේෂ ලාභයක් ඉපැයීමත් මෙහි තවත් අරමුණකි.
පූර්ණ සේවා ගුවන්සමාගමකට සමානව ගුවන් භාණ්ඩ ප්‍රවාහනය මෙන්ම ප්‍රනීත ආහාරපාන, ආබාධිත හා දුබල මගීන්ට සත්කාරක සේවා හොඳින් ක්‍රියාත්මක කරන අතර කුඩා දරුවන්ට අපහසුවකින් තොරව ගමන්කිරීමෙි පහසුකමිද ඇත.
නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රීීී ලංකා තානාපතිිි සරත් විජේසිංහ, ඩුබායිහි කොන්සාල් ජනරාල් අබිදුල් රහීමි, ආර.එචි.එස් සමූහ ව්‍යාපාරයේ අධිපති රෆීක් හෂන් සාලි, මිහින් ලංකා අළෙවි ප්‍රවර්ධන කළමනාකාරිනී රංගි පෙරේරා, වානිජ අංශ ප්‍රධානී රෝහන පෙරේරා සහ මෙහෙයුමි උපදේශක ඉන්ග්‍රීඩි ගුරුගේ යන මහත්ම මහත්මීන් සහභාගී වීමට නියමිතය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිහින් ලංකා දියුණු වේවා ,අමාරුවෙන් හම්බකරගත් සල්ලිටික ලංකාවටම එන වැඩක් . අපේ සුබ පැතුම් (ස)
ලාබදායී ාගුවන් සේවාවක් නිසා අඩු මුදලට ලංකාවට එන්න මිහින් ලංකා ඔන්ලයින් බුකින් එකක් නොවැම්බර් 29 වැනිදා බැලුවා.. එම්.ජේ. 2226 පිටත්වීම වේලාව ඩුබායි සිට 22.50 බ්‍රහස්පතින්දා ළගාවීම කොළඹට 30 වැනි දා උදෑසන 4.45ට එකොනොමි පංතියේ.. එක මගියෙකුට ගාස්තුව ලෙස විශ්වාස කරන්න 180000ක් විතර රුපියල්... ෆ්ලයි ඇරබියා, එයාර් ඇරබියා වලින් ඔය මුදලට දහ සැරයක් විතර යන්න පුළුවං.. ජය වේවා..!(නු)
අපෝ කිසිම පහසුකමක් නැති ගුවන් සේවිකාවක් (ස)
තියෙන එකත් හරියට කරගන්න බැරුව තවත් එකක් මොකටද? (නි)
තිලක් කියන එක සහතික ඇත්... පැය හත අට ප්‍රමාධ වෙන ගුවන් සේවයක් මේක.. මම මේ විදියට රස්තියාදු වෙලා තියෙනවා... මින් මත්තට කවදාවත් ඕකෙ යන්නෙ නැහැ.. කාටවත් යන්න කියන්නෙත් නැහැ..!(නු)
මේකේ යනවා කියන්නේ මරණ සහතිකේ ලියලා තියලා යනවා වගේ වැඩක් (ස)
ලංකාවේ අපේ බඩු මිළ මිහින් ලංකා වගේ උඩින් යයිද දන්නෙ නැහැ. (නි)
එයා ඇරබියා කොහොමද හොද වෙන්නේ ඒකෙ වතුර වීදුරුවක් විතරයි දෙන්නේ.. ඔබ මුදල් ගෙවනවානම් ඕනෑම දෙයක් ලබා ගැනීමට හැකියාව තියෙන්න ඕන.. කෑමට.. සාර්ජා ගුවන් තොටුපලත් තියෙන්නේ ගොඩක් ඈත නගරයේ සිට..!(නු)
ගුවන් ගමන් ප්‍රමාදය අවම කරගැනීම තුළින් වඩාත් හොද සේවාවක් කිරීමට හැකි වේවායි පතමි. (නි)
ඇයි දෝහා කටාර් නොයන්නේ? (නි)
වැඩි ගාණක් දීලා ගියහම අනතුරු වෙන්නේ නැද්ද? (නි)
අපෝ කියන තරම් වැඩ නෑ. අමාරුවේ වැටෙන්න එපා. (අ)
මම දන්න විදියට අර්ථසාදකේ සල්ලි ටික මේකට වියදම් වෙලා...!(නු)
ලංකාවෙ ජාතික ගුවන් සේයයත් පාඩු පිට නේ යන්නේ.. ඉතිං කොහෙමාද මිහින් ලකා ලාබ ලබන්නේ? මේක රටට බරක්.. දැං ගුවන් සේවා දෙකම ගෙනියන්නේ දුප්පත් මිනිසුන්ගේ සීනි කිලෝ එකෙනුයි ගහන ටැක්ස් වලිනුයි..!(නු)
ඔය කියන තරම් ඇති පහසුකමක් නැහැ. ඉංග්‍රීසියෙන් කතාකලේ නැතිනම් වතුර ටිකක්වත් ඉල්ලගන්න එක අමාරු වැඩක්. අනික දැන් මිහින් ලංකා කියන්නේ නම විතරය් භාවිතා කරන්නේ ශ්‍රී ලන්කන් ගුවන් යානා. සේවය අන්තිමය්. අපේ අහිංසක විදේශ රැකියා සඳහා යානා අයට සලකන්නේ නැහැ. (නු)
මිහින් ලංකට කියන්නකෝ කටාර් වලටත් එන්න කියලා (ස)
අපේ ඒවට බැන බැන පිටරට දේට දත නියවාගෙන ඉන්නවා.. මේ අපේම අපේම දේපොලක්.. ඉන්දියාවෙ අයනම් තමන්ගේ දේ අගයනවා.. මෙහෙම රටවල් කවදා දිනවන්නද?(නු)
ඇත්තටම අපිට හරිම සතුටුයි. ජය ශ්‍රී! (නි)
කොයිතරම් හොඳ සේවයක්ද ? සිය රට දේ සිරි සැප දේ ...අපේ රටේ දේ අගය කරන්න (ස)
මේකෙන් වෙන්නේ මිනිස්සුන්ට තවත් බරක් පැටවෙන එකද මන්දා? (නි)
මම විතරක් නෙමෙයි, කවුරුවත් හොද කියන්නෙ නැහැනේ (නි)
එයාර් අරාබියා ලාභයි (නි)
සමාවෙන්න. වැඩි ගාණක් දීලා යද්දී අනතුරක් වුණහම ඉතුරුවෙන්නේ අළූ නෙමෙයිද? (නි)
මම හිතන්නේ මිහින් ලංකා වලට වැඩිය එයාර් ඇරබියා හොදයි. (නි)
ලාභයි කියලා යන්න එපා. වැදගත් වන්නේ ආරක්ෂාවයි. අනතුරක් වුණොත් ඉතිං අළු තමයි ඉතුරු වෙන්නේ. (නි)
මගේ රස්සාවටත් ගහන්නයි යන්නේ (ස)
මරුනේ. නරකද අපිට හොද එකක් විතරක් තිබුණා නම්? එක නමකින් මුළු ලෝකයේම නමක් ඇතිකරන්න. (නි)
ඇන්ජලෝ පුංචිහේවා මහතානෙනි, කොළඹ සිට කෙලින්ම ඉතාලියේ මිලානෝ නගරයටත් ගූවන් ගමන් ආරම්භ කලොත් තමයි හොද... ඔබ තුමාගේ එහෙම අදහසක් නැද්ද...?(ස)
කාලෝචිත වැඩක්. හොද තරඟයක් දෙන්න හැකියාව ලැබේවා.
වරුණ, ඔබ කොහොමද කියන්නෙ මිහින් ලන්කා වලට වඩා එයාර් ඇරබියා හොදයි කියලා. එයාර් ඇරබියා එකේ යන මගීන්ට ලැබෙන්නෙ වතුර විතරයි. මගීන්ට ලැබෙන පිළිගැනීමත් අඩුයි, ඒවා බජට් එයාර් ලයින් නිසා. එ වුණාට මිහින් ලන්කා එක බජට් එයාර් ලයින් එකක් වුණත් යන මගීන්ට ආහාර පාන ලබා දෙන අතරම හොද පිළිගැනීමකුත් ලබා දෙනවා. මා දන්නා තරමට ආහාර පාන ලබා දෙන එකම බජට් එයාර් ලයින් එක තමයි මිහින් ලංකා. කුහක නොවී හොද දේ අගය කරන්න ඉගෙන ගන්න. (නි)
හොඳ පරිපාලනයකින් යුතුව ඉදිරියට යන්නට වාසනාව ලැබේවා (ස)
සාජා එන්නේ නැද්ද ?? (ස)
මේ සේරම හොදයි. වැඩේ තියෙන්නෙ මිහින් ලංකා එක වැඩිපුර යන්නෙ සාජා වලට. ඒක ඩුබායි වලට එන්නෙ අඩුවෙන්. කලින් තිබ්බ කාලසටහන නම් නියමයි. එහෙත් අපේ අයට බැරි වුණා ඒක දිගටම තියාගන්න. හැමදාම මිහින් එක පරක්කුයි. ඒක නිසා අනිත් යානාත් පරක්කු වෙනවා. ඒ හේතුව නිසා එමිරේට්ස් ගුවන් සමාගම යටතේ තියන ෆ්ලයි ඩුබායි එකට ඒ කාලසටහන දීලා අපේ එක දැම්මා සාජා වලට. දැන් ෆ්ලයි ඩුබායි ලාබ පිට ලාබ ලබාගෙන වෙනමම ගුවන් පර්යන්තයක් සහ ගුවන් පථයක් හදන්න පටන් අරන් තියෙන්නෙ. අනික තමා ඔය කිසිම කාර්යාලයක් මෙහෙ නැති කාලේ මිහින් ලංකා එක බොහොම හොදට වෙලාවට වැඩ කළා.ඉතින් හරියට වැඩක් වෙන්නේ නැත්තම් වැඩක් නැහැ. මේක ලිවුවේ ආණ්ඩුවත් එක්ක තරහට එහෙම නෙමෙයි, අපේ සම්පත් වලට වෙන දේ බලාගෙන ඉන්න බැරුවයි. (නි)
ඇති යන්තම්. කරදරයක් නැතුව නිවාඩුවට ගෙදර යන්න පුලුවන්. (නි)
ලංකා ගුවන් සේවයට පිටරටවල අයත් කැමතියි. (නි)
එයාර් ඇරබියා අඩුම මිල ශ්‍රී ලංකන් රුපියල් 18964 එයාර් ඇරබියා වැඩිම මිල ශ්‍රී ලංකන් රුපියල් 33480 මිහින් ලංකා අඩුම මිල ශ්‍රී ලංකන් රුපියල් 35559.00 මිහින් ලංකා වැඩිම මිල ශ්‍රී ලංකන් රුපියල් 42159.00 ශ්‍රී ලංකන් මිල ශ්‍රී ලංකන් රුපියල් 44559.00 කොහොමද මිහින් ලංකා අඩු වැය ගුවන් සේවයක් වෙන්නේ ? (නි)
තව දියුණු වේවා , කවුරුත් මේ ගුවන්විදුලි සේවයම පාවිච්චි කරන්න (ස)
මම දකින විදියට මිහින් ලංකා යනු සුදු අලියෙකි. (නි)
අපිට මොකක්ද මේ වෙනුවෙන් කරන්න පුලුවන්? (නි)
ඇයි මේ කකක් ආණ්ඩුවෙන් නඩත්තු කරන්නේ.. එකකට හොදට සේවාව සපයන්න තිබුණනේ..(නු)
අසිත කකුලෙන් අදින්න එපා උපන් රට ගැන හිතන්න (ස)
මගදි එහෙම පිනෑන්ස් කොම්පැනියෙන් පැහැරගෙන යන එකක් නැහැනේද? වාරික එහෙම ගෙවලා නැහැ කියලා..!(නු)
වරුණ ඔයා මිහින් ලංකා එකේ ගිහිල්ලා නැති බව තමයි පේන්නේ... ඉතාම හොද ගුවන් සේවයක් තමයි මිහින් ලංකා කියන්නේ.. බජට් එයා ලයින් එකක් උනත් ජනතාවට සේවා සැපයුම නිසි පරදි වෙලා තියෙන්නේ..!(නු)
මිහින් ලංකා දැන්වීම් පුවරුව එතන තියෙන්නේ හුගක් කල් ඉදලා නේද? (නි)