මිහින් ලංකා ගුවන් සේවයට අද අලුතින් ගුවන් බසයක් එක් විය. මගීන් 210කට ගමන් කළ හැකි A 321-200 මෙම ගුවන් යානය ප්‍රංශයේ එයාර් බස් සමාගමෙන් කුලී පදනම මත මිලදී ගෙන තිබේ.
මේ යානය සමග මිහින් ලංකා ගුවන්යානා තුනක් ඇත. ඉදිරියේදී කොළඹ සිට දිල්ලි දක්වා සතියකට ගමන් වාර පහක් ද, එම ගමන්වාරවලින් දෙකක් නේපාලයේ කත්මන්දු දක්වා දීර්ඝ කිරීමටද ගුවන් බලධරයෝ බලාපොරොත්තු වෙති.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත්එකතු වේවා (දී)
ඔන්න තවත් පියාපතක්..නෑ නෑ.. ජනතාවගේ පොකට් එකට තට්ටුවක්.....ජය වේවා !!
මිහින් ලංකා එකත් ශ්‍රී ලංකන් එකට එකතු කරානම් රටට වෙන පාඩුව අඩු කරගන්න පුළුවන් , අපේ රට ණය වෙලා තියෙන්නේ ..කරුණාකර අපේ අනාගත පරපුරෙහි අනාගතය අදුරු කරන්න එපා..(ස)
නොදියුණු ගුවන් සමාගම් දෙකක්ම දැන් අපිට තියනවා , කාටද ආඩම්බර. සමහරුන්ටනම් සතුටු ඇති . මීට වඩා හොද නැද්ද අපේ මේ පුංචි රටට දියුණු හොද එක ගුවන් සමාගමක් තිබුණොත් ...(ස)
ජනතාව මත තවත් බදු බරක් වගේ
මිහින් ලංකාවට සුභපැතුම්
එයා බස් එලක් නියමයිනේ
ශා ශෝක්නෙ
අපිට මොකටද අනේ ඔය තරම් ගුවන් යානා
ජනතාවට තවත් බරක්ද
මේවයේ යන්න අපිට පින නැහැ
නියමයිනේ ආසයි යන්න
අපි අගයනවා ඒ වැඩේ
ජය වේවා !(ස)
උණුසුම් සුබ පැතුම් (දී)
හොද වැඩක් (දී)
අනේ හොදයි. හොද දෙයක්. ඒත් මේක හරියට කළමනාකරණය කරයිද කියන එක තමයි ගැටලුව. නමුත් සූභවාදීව බලමු. යුද්ධය ඉවර කළා වාගේම රටත් දියුණු කරයිද කියලා. (නි)
රටට තවත් බරක් වෙයිද? (නි)
හිමින් ලංකානේ ඉතිං කොහොමත්. ඒ නිසා තේරුමක් නැහැ. (නි)
මිහින් ලංකා -අහස අපට. (නි)
රටේ ඉන්න හැමෝම ලෝභ අය වගෙයි පේන්නේ. හැම වෙලාවෙම හොයන්නේ මිළ අඩු දේවල්. (නි)
සන්තෝසයි නියම වැඩක්
මගේ සුභ පැතුම් මිහින් ලංකා! (නි)
කරුණාවෙන් ඉල්ලා සිටිනවා පුලුවන් නම් ඩුබායි වලට තිබෙන ගුවන් ගමන් අබුඩාබි දක්වා දීර්ඝ කරන ලෙස (නි)
තවත් පියාපතක් දුන්නොත් තවත් හොදයි (නි)
අපේ රටේ කොච්චර ඉන්නවද කන්න නැතුව? මේ නාස්ති කරන්නේ අපේම මුදල් නේද දෙයියනේ? (නි)
මිහින් ලංකා එකට සුභ අනාගතයක්..(ස)
ලංකාවට කන්නද මේ තරම් ගුවන් යානා
ඇත්තටම සතුටුයි .අපේ රටේ දේවල් දුප්පත් අපිට ගොඩක් වටිනවා.....ස්තූතියි....(ස)
ලොක්කට තවත් හොඳයි. (ස)
අනේ මන්දා ඉතින් මම අහින්සක්යිනේ
පාඩු ලබනවා කියනවනම් තව එකක් මොකටද ???(ස)
ජයවේවා...!(ස)
හැකිනමි මිලානෝ නඟරයටත් එක ගමන් වාරයක්වත් එන්න.(ස)
පමා නොවී යා හැකි එකක්ද ?(ස)
මොන පියාපතක්ද පියාපත් දෙකක් තියෙනවා ගුවන් යානයකට
වැඩි දියුණු කරන්න හිමින් සැරේ මේ ගුවන් සේවාව
ඔහොම හොදා හිමිහිට යන්........ හිමිහිට යන්........ ජය වේවා !!!(ස)
අපි මිහින් ලංකා එකට සුබ පතනවා. (ස)
වැඩේ නම් හොදයි අපිට බදුබර දැනෙන්න තියන්න එපා
මොකද දෙයියනේ මිහින් කියල එකක් කරන්නේ, ඕකත් ශ්‍රී ලන්කන් එකට එකතු කලානම් හරිනේ. ඕකටත් දැන් ඉතින් ඉදියි 1000 ක් විතර සේවකයෝ. පිස්සු විකාර (ස)
ගොඩක් ලාබයිලුනේ...(ස)
වැඩේනම් හොඳයි..ඇරියස් වෙලා උස්සන් යයිද දන්නේ නෑ..(ස)
මිහින් ලංකා තමයි දෑන්ට තිබෙන අඩුම ගණන් අය කරන ගුවන් සමාගම. ඒ නිසා විදේශ රටක ජීවත් වන අපට හුගක් සතුටුයි. කරුණාවෙන් ඉල්ලා සිටිනව පුලුවන් නම් ඩුබායි වලට තිබෙන ගුවන් ගමන් අබුඩාබි දක්වා දීර්ග කරන ලෙස.(ස)
විකාර වැඩ
අත්පිට මුදලටද නයටද ගත්තේ
ජනතාව තවත් අසරණ කරනවා
අයියෝ සල්ලී................(ස)
මොකද්ද මේ වැඩේ තේරුම
ගුවන්යානා 2 ක් තිබිලා කෝටි 700 ක් පාඩු කරගත්තා. තව 1 ක් අරගත්තම කෝටි කීයක් පාඩු වේවිද දන්නේ නෑ....(ස)
සමහරුන්ගේ ඇස්වල කටු අනිනවා වගේ වෙනවා මේවා දකිද්දි .රටටක ගුවන් සමාගම් කිහිපයක් තියෙද්දි ..බය වෙන්න එපා .ප්ලේන් වැඩි වුණා කියලා ප්‍රයිවට් බස් වගේ වෙන්නේ නෑ....(ස)
අයියෝ සල්ලි