මිහින් ලංකා ගුවන් සමාගමේ නව ඒ 320-200 එයාර් ගුවන් බසය පිලීපීනයේ ක්ලාක්ස් ගුවන්තොටුපොළේ සිට පැය හයකුත් විනාඩි පහක ගුවන් ගමනකින් අනතුරුව කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ළඟා විය.
ප්‍රංශයේ එායර් බස් සමාගමෙන් කුලී පදනම යටතේ ලබා ගත් මෙම එයාර් බසයේ ආසන 180කි.
මිහින් ලංකා ගුවන්සමාගමේ ප්‍රධාන ගුවන් නියමු, පුහුණු අධ්‍යක්ෂ කපිතාන් පූජිත ජයකොඩි සහ සහය ගුවන් නියමු සුරේෂ් ප්‍රනාන්දු එහි නියමුවෝ වූහ.
මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා කටුනායකදී යානය බාරගත්තේය.
යානය පරීක්ෂා කිරීමට ගිය ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉංජිනේරු කාර්ය මණ්ඩලයද මෙම යානයෙන්ම ආහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කරවන නෙමෙයි බණ්ඩාර, රටට කරකවන... (ස)
ජයවේවා
යානය පරීක්ෂා කරන්න ගියේ යානය මිලදීගෙන නමත් ගැහුවට පස්සෙද ? (ස)
චතුල, මේක අපි උපන් දේශයයි. (නි)
එහෙනම් කෝටි ගණනින් පාඩුයි කියන්නේ.අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
බණ්ඩාර, මිහින් ලංකා එක නොමිලයේද දුවන්නේ? චන්ද්‍රිකාව නොමිලයේද ගුවන්ගත වෙන්නේ? මේවා අපේ මුදල්. (නි)
බණ්ඩාරට උතුර දකුණ මාරුවෙලා. (නි)
යානා කියක් තියෙනවාද (දී)
වැඩේ නම් හොදයි නමුත් මට තියෙන බය ඔය සල්ලි ටිකත අපෙන් අල්ලයිද දන්නේ නැහැ (දී)
ඔක්කොම නෙමෙයි ගිය අවුරුදු වල පාඩුව මේ රටේ අයට පේන්නත් එක්ක දාන්න . එතකොට තේරෙයි මිහින් ලංකාවේ පම්පෝරිය.(ස)
යානය කියක් විතර වෙනවාද දන්නේ නැහැ (දී)
තවත් ඇතෙක් (ස)
මමනම් අහලා තිබුණේ මේ සමාගම පාඩුපිට පවත්වාගෙන යනවා කියලයි. ඒ මදිවට මෙන්න තවත් එකක් ගෙනැත් (ස)
බන්ඩාර, ඔයා ලංකාවේ නෙමෙයිද ඉන්නේ ?.ඉස්සර ලංකාව නෙමෙයි මේ (ස)
වැඩේ නම් හොදයි මම සතුටුයි (දී)
වසර 4ක් ඇතුලත රුපියල් බිලියන 8ක් පාඩු ලබා ඇත. කාටද ආඩම්බර? (ස)
අනේ අපොයි මෙහෙම රටක්. එක්කෙනෙකුටවත් මොලයක් නැති හැටියක් (ස)
බණ්ඩාරගේ ගෙවල් තියෙන්නේ ගිරුවාපත්තුවේද? (නි)
අපේ ඊ.පී.එෆ්. එකට දෙයියන්ගේම පිහිටයි. (නි)
ඔව් රට මෙවැනි දේවල් කරල දියුණු කරන එක හොදයි අපිටත් ආඩම්බරයි.නමුත් කිසිම දියුණුවකින් මහජනයාට සෙතක් නෑ නේ...ලොකු පුටුවල අයම ලොක‍්කෝ වේවි.ඒ අයට පාප්ප අලවපු කට්ටිය අධ්‍යකෂකවරු වේවි.මෙය බලාගෙන ඉන්න සාමාන්‍ය ජනතාව දිව එලියට දාගෙන කෙල හලාගෙන ඉන්න තමයි වෙන්නේ.......(ස)
ලුම්බිණි.රකිත.ෆයාසාර්.රනේෂ්.බඩගෝස්තරවාදිව රට දිහා බලන්න ඵපා . හැමදේකම සිමාවකට තියා ගන්න බලන්න..සිංහලයන් අවජාතකයන් කියල ජාත්‍යන්තරයට පෙන්නන්න ඵපා..(ස)
බඩ ගැන හිතන්නත් එපාලු, රට දියුණුත් වෙනවාලු. ඒත් එන්න එන්නම ජීවිතේ අමාරු වෙන්නේ ඇයි? මේ ගුවන් සේවය අවුරුදු ගාණක් තිස්සේ පාඩු ලබත්දී තව යානා ගෙන එකට සතුටු වෙන කට්ටියට මේවායින් මොනවාහරි තමන්ට හෝ රටට වෙන වාසියක් පෙන්නන්න පුලුවන්ද? ඔයාලට හිතෙන දේ ගැන නෙවෙයි ඇත්තට රටේ සිදුවෙන දේ ගැන කතා කරන්නකෝ. (නි)
නිරන්ජන්, රුපියල් බිලියන ගණන් රටේ සල්ලි කාපු සමාගම් ගැන කතා කිරීම බඩගෝස්තරවාදයද? තම පියා තරම්වත් සාමාන්‍ය දැනීමක් නැති, රටේ සිදුවන දේ ගැන කිසිම අවබෝධයක් නැති පුතුන් අද බොහෝයි. (නි)
රඛිත, විකාරෙන්ද ඉන්නෙ? රටක් දියුණු වන විට යම් යම් අත්හදා බැලිම් වලදි මුදල් ගැනම හිතන්න බැහැ. තම පියා තරම්වත් සාමාන්‍ය දැනීමක් නැති, රටේ සිදුවන දේ ගැන කිසිම අවබෝධයක් නැති පුතුන් අද බොහෝයි. ඒ අතර ඔබත් ඉන්නවා. මෙය මගී සේවයක් මිස ව්‍යාපාරයක් නොවෙයි. (නි)
මලින්ද, විකාරයෙන් නෙමෙයි නම් ඉන්නේ, කියනවද මගී සේවාවකින් වසර 4ක් ඇතුළත රුපියල් බිලියන 8ක් රටේ සල්ලි විනාශ වුණේ කොහොමද කියලා? මීට හරියට උත්තර දුන්නොත් ඔබේ පියා ඔබ ගැන ආඩම්බර වේවි. (නි)
ගුවන් යානයක් කුලියට ගැනීම සංවර්ධනය මැනීමේ මිනුම් දණ්ඩක් නොවෙයි. එහෙම හිතන අයත් ඉන්න බව පෙනෙනවා. බොරු විස්සෝපන වලින් කිසිම කෙනෙක් රැවටෙන්නේ නැහැ. අපිම විතරයි රැවටෙන්නේ. (ස)
මිහින් ලංකා එකට ජය වේවා .අපේ ජාතික ගුවන් සමාගමට සුබ අනාගතයක් (ස)
නරකමත් නැහැ (දී)
අපුරු වැඩක්නේ (දී)
අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තව ටිකක් වැඩි වේවි (ස)
බොහොම හොදයි (දී)
රටේ දියුණුව (දී)
අපේ රට දිනෙනේ දින දියුණු වේවා (දී)
තව තවත් දියුණු වේවා (දී)
ඇත්තටම රටේ සංවර්ධනය වේන එක ගැන හදවතට නිර්ව්‍යාජය ආඩම්බරයක් ඇතිවේනවා.....ජය (ස)
රටට ජයක් අපට සෙතක් සතුටු ලොවක් මතු අයටත් (ස)
වැඩේ නම් හොදයි
අනේ මෙහෙමත් ගුවන් සමාගමක් .. අපේ රටට දෙයියන්ගෙම පිහිටයි (ස)
හොඳයි (ස)
ගුවන් යනා කුළියට හෝ ලබාගැනිම ගැන සතුටුයි.... ඒ වගෙම අපිත් කැමතියි කියක් හරි දිලා පුළුවන් විදියට කාර් එකක් වත් ගන්න, එත් එකටත් 300% වැඩි බද්ධ වැඩි වුණානේ...දැන් හිතන් ඉන්නේ රේසින් කාර් එකක් ගන්න.... එතකොට දරුවෙන් ලෙඩ උනාම රෝහලට වත් වේගයෙන් යන්න පුළුවන් නේ....හැබැයි පොලිසිය ට්‍රැෆික් මහත්වරුන්ටත් සරු වෙයි (ස)
ලක් අම්මව බෙරගත් ජනපති මැතිදුනි අද මිහින් ලංකා එකට යානයක් ගෙනාව හෙට ලංකාවේ 1 වන චන්ද්‍රිකාව ගුවනට යනවා. රට කරවන ඔබ සැමට තෙරුවන් සරණයි . (ස)
නියමයි
මේක තමයි දියුණුව කියන්නේ ...ආඩම්බරයි (ස)
බන්ඩාර ඔයා අද නෑගිට්ටෙ දවල් වෙලාද
ඔක්කොම හොඳයි, අපිට එදාවේල හම්බකරන් කන්න තමයි අපහසු (ස)
ඕන විතරයි අඩු වෙලා තිබුණේ (ස)
සන්තෝසයි (දී)
අන්න හොද වැඩක්
දැන් එහෙනම් මිහින් ලංකා ලාභ ලබනවා ඇති. අන්න ආශ්චර්‍ය්‍ය (ස)
හොදයි
හැම වෙලාවෙම බඩ ගැන විතරක් නොහිතා රට ගැනත් හිතන්න අපේ මිනිස්සුන්ට බැරි හැටි? (නි)