IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


මහින්ද අමරවීර මාතර ඉඩම් නඩුවකට පැටලෙයි

මාතර නගරයේ රුපියල් කෝටි ගණනක් වටිනා පර්චස් 21ක ඉඩමක් රුපියල් ලක්ෂ හයකට මිලදීගෙන මහාධිකරණයේ වූ සමථ කොන්දේසි කඩ කළැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් හා ධීවර අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු දෙදෙනකුට එරෙහි නඩුවක් ලබන මාර්තු 10 වැනි දිනට කල් තැබීමට මාතර අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි මහත්මිය අද(02) නියෝග කළාය.

මෙම නඩුව ගොනු කර තිබුණේ කොළඹ දෙහිවල පදිංචි ඉඩම් හිමි වැවිලිකාරියක වන මැටිල්ඩා බියට්‍රස් අබේසුරියයි.

මෙම ඉඩමේ ඇටෝර්නි බලපත්‍රකරු වන චන්ද්‍රදාස මුණවීර හා වර්තමාන හිමිකරු බව කියන මහින්ද අමරවීර පිළිබඳ පිළිවෙලින් පළමු හා දෙවැනි විත්තිකරුවෝය.

මෙම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් පැමිණිලිකාරිය මාතර ව්‍යාපාරිකයකු වු ජයන්ත රණතුංග සමග නඩුවක් පැවරු බවත් 2008 දී ඉඩමේ අයිතිය ව්‍යාපාරිකයාට පවරා ඇති බවත් අධිකරණයේ දී කියැවිණි.

එම තීන්දුව පිළිබඳව අතෘප්තිමත් වු මැටිල්ඩා අබේසුරිය යළිත් එම නියෝගයට එරෙහිව මාතර මහාධිකරණයේ ප්‍රතිශෝධන අයදුම්පත්‍රයක් මගින් නඩුවක් ගොනු කළාය.

ව්‍යාපාරික රණතුංග හා ඇය අතර සමථයක් ඇති කර ගෙන නඩුව ඉල්ලා අස්කර ගැනීමෙන් පසු මැටිල්ඩා අබේසුරිය යලිත් ඉඩම භුක්ති විඳීමට පටන් ගෙන ඇත.

2012 වසරේදී ඇය එම ඉඩම ව්‍යාපාරික ජයන්ත රණතුංගගේ බෑණා වු ඉන්දිකට වසර දෙකකට බදු දී තිබෙන බවත් එම වසරේ මාර්තු 29 වන දින නඩුවේ පළමු හා දෙවැනි විත්තිකරුවන් ඇතුළු පිරිසක් ඉඩමට ඇතුළු වී බදුකරු ඉවත් කර එය අත්පත් කරගෙන ඇති බවත් පැමිණිලිකාරිය අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

මහින්ද අමරවීර වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දසරාජ් දසනායක මහතා අවධාරණය කළේ මහාධිකරණයේදී වු සමථයට තම සේවාදායකයා සම්බන්ධ වී නොමැති බැවින් මෙම නඩුව පවත්වාගෙන යාමට නිමිත්තක් නොමැති බවයි.

එහෙත් පැමිණිලිකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රියානි රත්නායක මහත්මිය ප්‍රකාශ කළේ අදාල නඩුවේ පාර්ශවකරුවකු ලෙස ඇටෝර්නි බලපත්‍රකරු වන පළමු විත්තිකරු ඉදිරිපත්ව සිටි නිසා අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම නඩුවට සම්බන්ධ බවයි.



අදහස් (0)

මහින්ද අමරවීර මාතර ඉඩම් නඩුවකට පැටලෙයි

කසුන් Saturday, 03 December 2016 05:48 AM

නීතිය සාධාරණව ක්‍රියාත්මක වීම ගැන සතුටුයි (ර)

:       0       0

ධම්ම Friday, 02 December 2016 03:54 PM

අහිංසක ඇමතිවරු නඩුවලට පටළන්න එපා. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක්වත්ද කියලත් හිතෙනවා. (නි)

:       0       0

ලුසේනා Friday, 02 December 2016 05:16 PM

සැඟවුණු අමුත්තා එළියට! (නි)

:       0       0

රන්රු Friday, 02 December 2016 08:07 PM

ඉඩම් අල්ලන එක මාළු අල්ලන තරම් ලේසි නැහැ. (නි)

:       0       0

සිරි Friday, 02 December 2016 08:41 PM

යහපාලනයට කඩේ ගියේ ඇයි කියලා දැන් තේරෙනවා (නි)

:       0       0

සෙනරත් Saturday, 03 December 2016 09:55 AM

කතාව බුදුවෙලා වගේ, ඒ වුණාට අනුන්ගේ ඉඩම් කොල්ලකනවා. යස යහපාලනයනේ! (නි)

:       0       0

දසුන් Friday, 02 December 2016 10:14 PM

අපේ ඇමතිතුමා මේ ධීවරයන්ට කම්පියුටර් වලින් මාළු අල්ලන හැටි කියලා දෙන්න හදනකොට එතුමාට වෙන ඕනෑ නැති දේවල් කියලා බාධා කරන්න එපා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Friday, 02 December 2016 10:31 PM

මේ ඉඩම මගේ නෙමෙයි කියන්න. (නි)

:       0       0

සත්‍යයා Friday, 02 December 2016 11:01 PM

මෙහෙම බලාගෙන යනකොට නඩු නැති දේශපාලකයෙක් ලංකාවේ නැති තරම්. කොහේහරි කොස්සක් මෙතැන තියෙනවා. අධිකරණය කෙළින් ඉන්නවානම් ඕනෑම ලොක්කෙක් දණගස්සවන්න පුළුවන්. (නි)

:       0       0

නිහාල් Saturday, 03 December 2016 12:14 AM

මෙයාලා ගිය ගිය තැන ප්‍රශ්න (නි)

:       0       0

රොකී Saturday, 03 December 2016 12:25 PM

මම නම් මීටපස්සේ ඔය පක්ස දෙකේ කිසිම අපේක්ෂකයෙකුට ඡන්දයක් දෙන්නෙත් නැහැ. අපේ කිසිම කෙනෙකුට ඊට ඉඩ දෙන්නත් නැහැ. මෙවැනි අවස්ථාවලදී නඩු කීම සඳහා මන්ත්‍රීවරුන්ට මාසිකව තවත් ලක්ෂ දෙකක විතර දීමනාවක් පාස් කරගත්තත් පුදුම වෙන්න දෙයක් නැහැ (නි)

:       0       0

සුසන්ත Saturday, 03 December 2016 01:10 AM

අපට මොවුන් ගැන ඇත්තේ පිළිකුළක් පමණකි (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 03 December 2016 02:49 AM

නීතිය ක්‍රියාත්මක කරන්න (ර)

:       0       0

ජීවක Saturday, 03 December 2016 03:34 AM

අසාධාරණ වැඩ වලට නීතිය ක්‍රියාත්මක වීම පිලිබඳ සතුටුයි (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අගමැති - ඇමැති රූප අනවසරයෙන් පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 12 172 2

රජයේ ආයතන මගින් සංවිධානය කරන විවිධ කාර්යයන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ හෝ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේ දී අග්‍රාමාත්‍යවරිය වෙනුවෙන්


වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 5681 17

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 1193 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 358 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 2130 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 2072 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40052 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25959 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 243 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site