හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බලෙන් හෝ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ කරගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.
නව පක්ෂයේ තනතුරු සඳහා සුදුසු පුද්ගලයන් ඉදිරියේදී පත් කරගන්නා බවත් සියලුම ග්‍රාමසේවක වසම් ආවරණය වන පරිදි ශාඛා සමිති ආරම්භ කර සාමාජිකයන් බඳවා ගන්නා බවත් ඔහු කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළමු මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් කිසිම ලෙඩක් නැහැනේ (නි)
ඒත් ඉතින් මල් පොහොට්ටුවේ කොයින්ද පැණි? (නි)
කොහොමද රා ටිකක් පෙවුවොත්. එතකොට නම් පුළුවන් වේවි (නි)
එතකොට අයියා නොදැනුවත්වද මේක පටන්ගත්තේ? මොවුන්ටද පිස්සු? මටද පිස්සු? (නි)
කොණ්ඩය බැඳපු චීන්නුන්ට ඕවා කියන්න (නි)
මේ වගේ දේශපාලුවන් දකින්න ලැබීමම මගේ පෙර ආත්මයක අවාසනාවක් (නි)
ඔය පක්ෂයට බැසිල්ට වගේම හොඳ අනාගතයක් තියෙනවා. අප යෝජනා කරන පරිදි ඔය මධුවිත තොලගෑමට ලොකුම බඹරා මහින්ද අයියව උඩින්ම තියාගන්න. ගෝඨා නීතියට වැඩ නිසා එයාව ගන්න එපා. (නි)
ජනතාව සිය ඡන්දය පාවිච්චි කරන්න යන එකවත් අඩුමගානේ නවත්වන්න එපා. පාප කර්මයක්. ඒ තරමට දේශපාලනය තිත්ත කරන්න එපා මිනිසුන්ට. (නි)
හරි හරි.. සේරම පැත්තකින් තියලා පුංචි ඡන්දෙ තියන්නකෝ. එතකොට බලාගන්න පුලුවන්නේ. අැයි ඒක තියන්න බය? (නි)
ජය වේවා! ජි.එල්. කියන්නේ රටේ ඉන්න ඕනෑ චරිතයක් (නි)
ලංකාවේ හරි නීතියක් තිබුනානම් මොවුන්ට ඡන්ද නොවෙයි කරන්න වෙන්නේ. ජම්පරයයි අයිති වෙන්නේ. (නි)
අයියාට මල් පැණි පොවාගත්තොත් මල්ලිගේ අකුසල කර්ම වලින් මිදෙන්නට පුළුවන්. හිරේ යන්න ඉන්න කට්ටියත් මල්පැණි හොයාගෙන එන බවට සැක නැත. විමල්, ගම්මන්පිල, වාසුලා මල්පැණි බොන්න බලාගෙනමයි ඉන්නේ. (නි)
එදා බයෙන් බයෙන් බෑග් එකකුත් ඇදගෙන ගුවන් තොටුපොළෙන් මාරුවෙලා යනකොට ජනතාව රවටන සාටකයයි සුදු ඇඳුමයි කොහෙද දන්නේ නැහැ හැංගුවේ? (නි)
මල්පැණි පොවන්න ලෑස්ති වුණාට කමක් නැහැ, එතුමාව අමාරුවේ දාන්න නම් එපා. කරන දෙයක් හොඳට හිතලා බලලා කරන එක හොඳයි. (නි)
ඊටවැඩිය හොඳයි "මල්වානේ" පැණි රඹුටන් කැව්වා නම් ... (නි)
ඔව් ඉතින් මෙයාලා කොහොමත් මල් පැණි බීපු අය වගේ තමයි ඉන්නේ දැන්. වෙරි හිඳුනම තේරෙයි ඇත්ත (නි)
විලිලැජ්ජාවක් ගෑවිලාවත් නැති මෙහෙමත් මිනිස්සු! (නි)
මේ විවේචන බැසිල් ගැනනේ. බැසිල්ට බනින්න. එහෙත් පොදුජන පෙරමුණ ගැන නම් රටේ ජනතාව ඉතාමත් විමසිල්ලෙන් ඉන්නවා බලාපොරොත්තු ඇතුව. ඉතින් ඒ බලාපොරොත්තු සුන් නොකර ඉදිරියටම යාම ඒ අයගේ යුතුකමයි (නි)
එ්ක තමයි අයියා පරාදවුණු වෙලේ හෙමිහිට මාරුවුණේ ඇමරිකාවට (නි)
මෙයාලගේ බයිලා. පව්ලේ ඔක්කොම එකතුවෙලා වැඩ කරලා අපිට බබා පාර්ට් දානවා. ආයෙත් පක්ෂ හදාගෙන එනවා අපේ රට කන්න. මේවා පස්සේ යන අයත් ඉන්නවනේ. (නි)
අපි ඔබ සමගයි (බ)
මහින්ද අයියා ජනතව තෝරාගෙන ඉවරයි. ඔයා පැත්තකට වෙලා වෙන ක්‍රමයකින් මඩිය තරකර ගන්න. (නි)
මේ වගේ රටක යළි උප්පත්තිය ලබන්නට මගේ නම් කිසිදු ආශාවක් නොමැත (නි)
ඒ පක්ෂයත් ඉවරයි (නි)
ඔය පක්ෂය ලංකාවේ පස්වන බලවේගය වේවි (නි)
අනේ මොකටද මගේ කට! (නි)
එක එක්කෙනා එක-එක දේවල් පොවලා කවලා, එතුමාව අමාරුවේ දැම්මා. මේ මල්ලිත් එහෙම වසවිස පොවලා ඒ අයියගේ ඔලුව අවුල් කළා. මහාචාර්ය පීරිස් මැතිතුමාගේ නීතිය පිළිබඳ දැනුම ගැන අපට සැකයක් නැහැ. මේ දෙන්නා-තුන්දෙනා එකතුවෙලා මහින්ද මහත්තයා අායෙත් අමාරුවේ දැම්මොත් පුදුමවන්න දෙයක් නැහැ. (නි)
දැනටමත් හොඳටම පරක්කුයි. පළාත් පාලන ඡන්දෙ ආණ්ඩුව තව අවුරුදු ගානකට තියන එකක් නැහැ. මේකෙන් වෙන්නේ මිනිසුන්ට තමන්ගේ ඡන්දය ප්‍රකාශ කරන්න තියන අයිතිය තව තවත් පමාවෙන එකයි. (නි)
දැන් රටේ ජනතාව බුද්ධිමත් මහත්තයෝ (නි)
දැන් මේ අය තාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ද? (නි)
සභාපතිතුමා ගැන නම් දුකයි. පරදිනවා උඩින්ම. (නි)
මහින්ද ඔය කිවුවට දැනටමත් බීලා ඇති (නි)
අයියා බලයේ සිටි කල මේ අය කරන්න පුළුවන් හැමදේම කළා. ආගමික කටයුතු වල නියැලී, හොඳින් ඉන්න නොදී, මේ අය මහින්ද අයියාට බලෙන් හෝ මල් පැණි පොවනවා කියන්නේ කාටවත් නොදැනෙන විදියට ක්ෂණික වස වීදුරුවක් පොවන්නයි යන්නේ. (නි)
අමු අමුවෙන්ම මහා මුල්‍ය වංචා වලට සම්බන්ධ බව රටටම පෙනෙද්දීත් මෙසේ නටන්නේ ලංකාවේම අය පමණයි. කෝ දඬුවම්? (ර)
බැසිල් මහත්තයා තවත් අපිව අන්දන්නද හදන්නේ? අයියව බලෙන් ගෙන්නන්න ඕනෑ නැහැ. එයා දැනටමත් ඇතුළේ ඇති. එයා වෙන කොහේ යන්නද? ඔයාගේ මල් පැණි නම් අපිට තිත්ත වෙලා තියෙන්නේ (නි)
මහින්ද අයියාව නැතිකළේ මේ මල්ලිලා සෙට් එක තමයි. දැන් හදන්නේ ඉවරකරලම දාන්න වෙන්න ඇති! (නි)
බලයට එන්න තිබෙන කෑදරකම සහ තමන්ගේ වැරදි වහගන්න හදන උත්සාහයක මහත. මහින්ද මහතාගේ ප්‍රතිරූපය තවත් විනාශ කරන්නයි මොවුන් හදන්නේ. (නි)
ඔබතුමා තව තවත් ඔබතුමාගේ දේපල රජයට බාරදෙනවා නම් අපි සූදානම් ඕනෑදෙයක් බොන්න, මල් පොට්ටුවෙන් හරි. ජය වේවා! (නි)
අළුත් පක්ෂයට හිතුව තරමට මහජන සහයෝගයක් නැති පාටයි (නි)
බලෙන් පොවන්න දෙයක් නැහැ. කට ඇරගෙන බලා ඉන්නේ මුට්ටිය පිටින්ම ගිලින්න. පරණ පක්ෂයේ බලය ගන්න බැරිබව පෙනුනදාට පෙනෙයි මනුස්සයාගේ හැටි.... (නි)
පක්ෂ දෙකම ජනතා මුදල් මංකොල්ලකරුවන් බව දැන් ජනතාව හොඳින් තේරුම්ගෙන අැත. (නි)
මෙයාලගේ කතා හරියට නිකන් අපි පොඩිකාලේ සෙල්ලම් ගෙවල් හදනකොට කෝම්පිට්ටු උයනකොට කිවුව කතා වගේනේ (නි)
කවුද දන්නේ නැහැ ඔයාට ඡන්දෙ දෙන්නේ? ඔයාට ජන පදනමක් තියෙන්නේ කොහෙද? මහින්දවත් නැති කළා (නි)