මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ශ්රී ලංකා නිදහස් පක්ෂ සභාපති ලෙස යළි පත් කරන්නැයි බොරලැස්ගමුවේ කේ.ඩී.අරුණ ප්රියශාන්ත හා මත්තේගොඩ අසංක නන්දන ශ්රිනාත් ගොනු කළ පෙත්සමක් කොළඹ දිසා විනිසුරු යු.එන්.වී. ගුණවර්ධන මහතා ඉදිරියේ ලබන 14 වැනි දා විභාගයට ගැනීමට නියමිතය.
ශ්රීලනිප මහලේකම් අනුර ප්රියදර්ශන යාපා හා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය වගඋත්තරකරුවෝය.
පක්ෂයට සභාපතිවරයකු පත් කරන්නැයි ඡන්ද කොමිසමට ලිපියක් යවමින් පක්ෂ ලේකම් වරදක් කර ඇති බවත් එය නිවැරදි කළ යුතු බවත් පෙත්සම්කරුවෝ ඉල්ලති.
ශ්රීලනිප සභාපතිවරයා වනුයේ ජනපති මෛත්රීපාල සිරිසේන මහතාය. මහින්ද රාජපක්ෂ මහතා අනුශාසකවරයකු ලෙස පත් කරනු ලැබ සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පක්ෂය පමණක් නොවේ රටම විනාශය කරා ගෙනයමින් මහජන අයිතීන් සොරාගත් මෙවැන්නෙකු පක්ෂයට තියා වෙනත් නායකත්වයකටද සුදුසු අයෙකු නොවේ. (නි)
අනේ මන්දා මේවට මොනවා කරන්නද කියලා (නි)
කොහොමද බලයේ හිඳිමින් රටේ කප්පරක් අවභාවිතයන් සිදුකළ කෙනෙකුට වැදගත් නිලයක් ලබාදෙන්නේ?? කරුමෙට ලංකාවේ නම් මේවා සිදුවෙනවා (නි)
අනේ මෙහෙම තනන්හාවක් ... අනේ මෙහෙම ආසාවක් ...(බ)
අනේ මෙහෙම තණ්හාවක්. මහින්දගේ වැඩේ හැංගිලා ඉදගෙන බළල්ලු ලවා කොස් ඇට බාවනවා. (බ)
පිස්සු වැඩ කරන්න එපා.17 අවුරුදු එජාප පාලනයට අායෙත් රට ගෙනියන්ට ඕනෙද. ගියපාරත් ඔය ටික කළේ අනුර,මෛත්රී සහ මහින්ද කල්ලිය තමයි (බ)
අන්න පත්කර ගත්තොත් ශ්රී ලංකා නිදහස් පක්ෂය ගොඩ (බ)
ඕක ඉල්ල ඉල්ලා ඉන්න ඕන නැහැ. අනාගතයේදී අනිවාර්යෙන්ම ලැබේවි. (බ)
මෙවැනි නිහිනයන් තවමත් රටේ සිටීම අවාසනාවක් (බ)
ලජ්ජා නැතුව තාමත් පොරකන හැටි . මෛත්රී ගොඩක් දේවල් තවම රටට නොකළත් ඒවා කරන්නේ නැනේ .එ්ක කොච්චර වටිනවද (බ)
ගිහින් මල් පොහොට්ටුවේ සභාපතිකම ගන්න (ම)
මොක මොනවා ලීවත් කීවත් අර ලොක්කි ඉන්නකම් ශ්රී ලංකා පක්ෂය ඉවරයි. මහින්දට පිස්සු නැහැ මල්ලි අායෙත් හරක් දක්කන්න (බ)