මහින්ද රිච්මන්ඩ් ක්‍රීඩා තරගය අවසානයේ ඇතිවූ කලබලයක් මැඩීමට පොලීස් නිලධාරීන් සිටි දෙසින් කඳුළුගෑස් එල්ලවිය. කඳුළු ගෑස් එල්ල කරන ලද්දේ සිවිල් ඇඳුමින් සැරසුණු පිරිසක් විසිනි. පිට්ටනියෙන් කඳුළු ගෑස් එල්ල වෙද්දී නිවෙස් බලා දුවන සිසුන්ට පාරේ සිටි පිරිසක් ද කඳුළු ගෑස් ගැසූහ. මහින්ද විදුහලේ සිසුන්, ආදි සිසුන් හා මවුපියන් සිටි කූඩාරම් වලට මේ කඳුළු ගෑස් වැදුණු බව මහින්ද විදුහලේ ප්‍රකාශකයෙක් කීය. තරගය ජය පරාජයකින් තොරව අවසන් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපුරුදු පරිදි මහින්දෙ අයට වලියක් නතුව මෑච් එක ඉවර කරන්න බෑ.(නදී)
බිග් මැච් වලටත් දැන් උණ බෝ වෙලා වගේ.(නදී)
ශ්‍රී ලංකා රුධිරය ආවේගශීලීයි. එය දැන් පාසල් ක්‍රිකට් තරඟවලටත් ඇවිල්ලා. මේ වසරේ බොහෝ තරඟ අවසන් වුනේ ගැටුම් වලින්. ලංකාවට මොකද වෙන්නේ ?(ස)
මේ තියෙන්නේ ඇත්ත "දෙවැනි ඉනිමේ දී මහින්ද විදුහල් ක්‍රිඩකයන් ලබා ගැනීමට හැකි වූයේ සියල්ලන් දැවී ලකුණු 91ක් පමණි. රිච්මන්ඩ් විදුහලට ඕවර 14කි දී ලකුණු 114ක ඉලක්කයක් ලැබුණේ ඉන් පසුවය. එම ඉලක්කය කරා යන්නට රිච්මන්ඩ් ක්‍රීඩකයනට නොහැකි වූ විට මහින්ද විදුහල් ආදි සිසුන්, මව් පියන් දෙසට ගල් ප්‍රහාර එල්ල වන්නට වූ බව වාර්තා වෙයි."
දැන් අපිට වෙලා තියෙන්නේ ගැටුමක් නැත්තේ කොහේද කියලා හොයන්න. (ස)
ක්‍රිකටි පිස්සෝ. ගෙදර බත් මුට්ටිය ඉදෙන්නේ බොහොම අමාරුවෙන්. ක්‍රිකට් වලට මරාගන්නවා.(නදී)
පාර්ලිමේන්තුවයි, උසාවියයි, ක්‍රීඩා පිටියයි, පන්සලයි, මුහුදු වෙරළයි, හැමතැනම ගැටුම්. අබුද්දස්ස කාලෙටනේ මේ ඔක්කොම.(නදී)
කදුලු ගෑස් ගහන්නේ ආදි රිචිමන්ඩි කෙනෙක්. මෙයා ලබන සැරේ වෙඩි තියයි.(නදී)
රටක් පාලනය කරන්න ඉන්න දරුවන්‍ට මොකද්ද මේ වෙන්නේ (ස)