පසුගිය මැතිවරණ සමයේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කුලී පදනම මත ලබාගත් බස් රථවලට ගාස්තු නොගෙවමින් රුපියල් කෝටි 14.25ක් වංචා කළැයි මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් කොළඹ වාණිජ මහාධිකරණයේ ගොනු කැරුණු නඩුව අද (22) කැඳැවිණි.
මීට පෙර මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිට අමතරව සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත සහ ශ්‍රීලනිපයේ හිටපු ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා ද වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටියහ.
සංශෝධිත පැමිණිල්ලක් මගින් සුසිල් ප්‍රේමජයන්ත හා අනුර ප්‍රියදර්ශන යාපාගේ නම් නඩුවෙන් ඉවත් කර තිබිණි.
සංශෝධිත පැමිණිල්ල සම්බන්ධ විරෝධතා ගොනු කිරිමට අවශ්‍ය යැයි මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරු ඉල්ලා සිටියහ. ඒ අනුව විරෝධතා ගොනු කිරීමට නඩුව ජනවාරි 26 වැනි දා යළි කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන ප්‍රශ්නය විය යුත්තේ මහින්ද කියන නම නොවේ .රටට සිදුවී ඇති පාඩුවයි .(හේ)
මේ වගේ සංශෝධන අධිකරණයෙන් පිළිගන්න එක යුක්තිසහගතද? (නි)
නීතිය සැමට පොදු නම් සැවොම මේවා ආදර්ශයට අරන් වැඩ කළොත් ඉදිරියට සුබයි. (නි)
නිකන් බොරුවට අනිත් ප්‍රශ්න ගැන කියව කියවා ඉන්නේ නැතුව මේ සල්ලි ඉක්මනට ගෙවන්න. කොහොමද මෙයා අායෙත් බලයට ආවා නම්...? මේවා ඔක්කොම යට ගහනවා නේද? අලුත් පක්ෂ ගහගෙන ආයෙත් එන්න හදන්නේ මේවා කරන්න තමයි. (නි)
හොරු අල්ලනවා කෙසේවෙතත් මේ ආණ්ඩුව ආ එකෙන් එක සෙතක් වුණා. ඒ තමා අමාත්‍යංශ වල මහජන මුදල් කෝටි ගණන් එක ප්‍රතිරූපයක් පුම්බන්න වැයකරන එක නැවත්වීම. එහෙම නොවුණා නම් පහුගිය 18 වෙනිදා හැම පත්තරේකම ෆුල්පේජ් දැන්වීම් දාල සුබ පතනවනේ. ඔක්කොම මහජන මුදල්. ඒ විතරද හන්දියක් හන්දියක් ගානේ කටවුට්. (නි)
මුලින්ම බැඳුම්කර වංචාවෙන් රටට නැතිවුණු රුපියල් කෝටි පහළොස්දාහ අයකරගෙන ආදර්ශයක් දීලා අනෙක් අයට නඩු දාන්න. යහපාලනය නියම යහපාලනයක් වෙන්නේ එතකොට. (නි)
නියමයි නියමයි. (ම)
මෙයා මොකුත් දන්නේ නැහැ. ඔක්කොම කළේ අරගොල්ලෝ පවු මෙයා බබා (බ)
ගුණමකු මිනිසුන්. නිකන් මළ කාපු බස් දහස් ගණනක් පිළිසකර කරලා දුවන්න ලංගමට දුන්න මතක නැද්ද? යුද්ධෙට සොල්දාදුවන් නොමිලේ බස් එකේ ගියා කියලත් ඊළඟ නඩුව දානවා අනිවාර්යයෙන්ම (බ)
එතකොට මහින්ද මහත්තයා එන්න කලින් සිටි අයත් ඔහොම බස් අරන් ගියේ සල්ලි දීලද? (නි)
ගගන,, ලංගම බස් අලුත්වැඩියා කරලා දීල බර වියදම් ඇති නේද? (හේ)
මේ රටේ ඔය ගගන වගේ මිනිස්සු දහස් ගානක් ඉන්නවා. එයාල හිටගෙන ඉන්නේ පාරවල් හදන්නේ බස් ගන්නේ එයාල ඡන්දෙ දීල පත්කරපු දේශපාලකයාගේ පුද්ගලික සල්ලි වලින් කියල. ඕක දන්නා හොර දේශපාලකයෝ සංවර්ධනේ මුවාවෙන් හිටු කියල හොරා කනවා කාල කාලා වීරයොත් වෙනවා (බ)
හරි,නියම වැඩේ. (හේ)
දැනගන්න කැමතියි මේ අය වංචාවක් කරලම නැද්ද ?(හේ)
මේකෙ කමෙන්ට් කරන මිනිස්සු දකින්නෙ නැද්ද මේ අාන්ඩුව කොහොමද මීටින් වලට සෙනග අදින්නෙ කියල. කනගාටුව නිතිය නැමෙන නැමිල්ල ගැන එකම පැත්තට. (බ)
කෙළෙහි ගුණයක් දන්නෙ නැති තිරිසන් මිනිස්සු මේ රටේ ඉන්නෙ. රනිල් සිරිසේන රටට කරන විනාශව පේන්නෙ නැද්ද මිනිස්සුනෙ. (බ)
මුක්කු ගැහුවහම හොරකමින් නිදහස්. රට හදන්න නම් මහා බැංකුව හොරාකාපු කෙනාගේ ඉඳලා ඔක්කොම අල්ලන්න ඕනෑ. (නි)
ගෙවයි බලාගෙන ඉන්න.. නිකන් රජයේ මුදල් නාස්තියක් පමණි. (ම)
විකුම්, ඔය අනුකම්පා කරන කට්ටියට එකතුවෙලා ඕක ගෙවලා එතුමාව නිදහස් කරගන්න පුලුවන්නේ! (නි)
ඔවු එතුමා කළ සේවයට නඩු දමලා මදි (නි)
මේවා කළේ 1977 කාලේ ඉඳලා. කෝ ඒවාට. ඔක්කොම අයගේ තෝම්බු දිග නොහරින්නේ මන්ද? (නි)
උපන්දිනයට තෑග්ගක් හම්බවෙලා වගෙයි (නි)
නියම උපන්දින තෑග්ගක්නේ (නි)
වැරදි ලෙස රාජ්‍ය දේපල භාවිතා කිරීම පිළිබඳව දඩුවම් ලබාදිය යුතුය (නි)
මන්ත්‍රි පට්ටමත් ගත්තේ සෑහෙන්න දඟලලානේ. ඒ මදැයි (නි)
අනිත් දෙන්නා පක්ෂ ලේකම්වරු. එතකොට පක්ෂයේ සභාපතිතුමාටත් මේවට වගකියන්න වෙයිනෙ. (නි)
රුපියල් කෝටි 14.25ක් සමහරුන්ට පොඩි ගානක් වගෙයි පේන්නේ. අනේ මේවා ඉතින් අපේ සීනි 250 න් පරිප්පු 100 න් බදු ගහලා ගත් සල්ලිනේ (නි)
අපේ ගුණයක් නැති සිංහලයා ගැන ලැජ්ජයි ඇත්තටම. අපි ඔබතුමා සමඟයි (නි)
අපරාදේ! දැන් මහින්ද ඔය සල්ලි කොහෙන් ගෙවන්නද මන්දා? අනිත් අතට මහින්දටත් තිබුනේ ඔය අනිත් අය වගේ ඒ අයට එකතුවෙලා ඇමති පට්ටමක් ගන්නනේ. එතකොට කරදරයක් නැතුව ඉන්න තිබුනනේ. (නි)
ඔන්න සමහරුන්ට හොඳ අවස්ථාවක් මහින්දව පතුරු යවන්න (නි)
සමහර අයට හරිම සතුටුයි මහින්දට මොකක්හරි බාල්දියක් පෙරළෙනවා දකිනකොට (නි)
හරි පුදුමයි. අර දෙන්නගේ නම් ඉවත්වෙලා එයාලා හරි හොඳ අය වුණේ කොහොමද? ඔක්කොම පවු රටට මොකක්හරි සේවයක් කරපු මිනිහට. මේ වගේ මිනිස්සු ඉන්න රටකට හරියයිද? (නි)
බස්වලින් මිනිස්සු ඇද්ද ඇදිල්ල මතකනේ? රටේ මුදල් l නැවත රටටම අයකරගන්න.(ම)