IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අහන්න යනබව ඒකාබද්ධය කියයි

සුජිත් හේවාජුලිගේ
 
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දෙවරක් ජනාධිපති ධුරය දැරූ  පුද්ගලයකුට ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත්විය හැකි දැයි යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇත.


ඒ සඳහා ඉදිරියේ දී කටයුතු කරන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රකාශකයෙක් පැවසීය.


දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පෙර දෙවරක් ජනාධිපති ධුරය දැරූ පුද්ගලයකුට ඉදිරි ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට කිසිදු නීතිමය බාධාවක් නැතැයි බොහෝ නීති විශාරදයන්  කරුණු පෙන්වාදී ඇති හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ පිළිබඳ කරුණූ විමසීමට බලාපොරොත්තු වන බවද ඒ ප්‍රකාශකයා කීවේය.



අදහස් (35)

මහින්ද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය අහන්න යනබව ඒකාබද්ධය කියයි

Uditha Sunday, 19 August 2018 06:18 AM

ඔබ තුමා හොද පාලනයක් කලා.. යුද්ධය නැති කලා... අපිට බයක් නැතිව බස් එහෙක නැගල යන්න පුළුවන් තත්වයක් ඇති කලා.. ඔබ තුමාගේ පාලන කාලය අවසන් වෙලා තිබෙන වරප්‍රසාද අරන් දැන් ඉන්නේ නැතුව තවත් මොකද මේ බල තණ්හාව... දැන් ඕන තරන් ඔය ජනාධිපතිලා කාලය අවසන් උනහම ගෙදර ගියේ.... රූපවාහිනිය එක දැම්මොත් වර්තමාන ජනාධිපතිතුමාට වැඩිය පෙන්න එන්නේ ඔබ තුමා... බල තණ්හාව තවත් ඉවර නැහැ..........

:       229       1284

ශිරාන් Sunday, 19 August 2018 08:48 AM

ඇයි මෙච්චර කලබල වෙන්නේ? එතුමා එනවා නම් එන්නේ ජනතාවගේ ඡන්දෙන්. දැන් අර අවුරුදු ගානක් පැරදි පැරදි සිරිකොත ඉන්න ලොක්කා දුම්මල ගහලවත් එලවන්න බැරිවුණා. ඒ වුණාට ඒ ලොක්කා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක්.

:       1614       1581

W.A.Pragnaratna Sunday, 19 August 2018 06:20 AM

ලොක්කා ආයිත් රට කන්නද එන්න හදන්නේ..............

:       925       1010

RNG Sunday, 19 August 2018 08:48 AM

කන රට හදන්න එන්නේ ..

:       760       580

සේනක Sunday, 19 August 2018 10:22 AM

ඔබතුමා කියන්න පුළුවන් නම් අපේ රටේ පාලන බලය ගත්තට පස්සේ නොකා ගියේ කොයි නායකයාද කියලා. මහත්තයෝ හිටිය කෙනෙක් නොකා ගියෙත් නෑ. එන කෙනෙක් නොකා ඉන්නෙත් නැහැ. මේ සිරිකොත ඉන්න ලොක්කා බල තණ්හාවෙන් ඉන්නේ අපේ රටේ ජනතාවට ආදරයටද? ලංකා දේශපාලන ඉතිහාසයේ අසාර්ථකම ආණ්ඩුව මේ පවතින ආණ්ඩුව කියලා මතක තියාගත්තොත් හොඳයි.

:       611       546

සමන්තMonday, 20 August 2018 12:02 PM

ආණ්ඩුව ගැන කතා කරන්න කලින් ආණ්ඩුවක් කියන්නේ මොකක්ද​, ව්‍යවස්ථාවක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගෙන ආවානම් තමා හොඳ. එයිට පස්සේ අපි හරි වැරදි කථා කරමු.

:       0       0

sena Sunday, 19 August 2018 06:27 AM

රට හදන්න පුදුම අසාවක් තියෙන්නේ

:       180       515

sam Sunday, 19 August 2018 07:05 AM

ඇයි දැන් හිටපු ජනපතිතුමා උපදෙස් ගන්නේ සුමනදාස උන්නැහේගෙන් නොවෙයිද ??

:       48       218

RNG Sunday, 19 August 2018 07:32 AM

සුභ අනාගතයක් එහෙනම් ..

:       113       147

Kumar (Gulf) Sunday, 19 August 2018 07:33 AM

මෙයා හරියට "පැණි හැලියේ වැටුණු ඇඹලයා වාගෙයිනේ"

:       189       413

Chanak Los angeles Sunday, 19 August 2018 07:35 AM

සරත් එන් සිල්වා එදා කියූ පරිදිනම් නොහැකිය ... දැන් සරත් එන් සිල්වා පුළුවන් කියා කීවද දන්නේ නැහැ...

:       37       175

bandara kuwait Sunday, 19 August 2018 07:38 AM

පලයට මේ තරම් ලෝභී අයෙක් ලොවෙත් නැත..... මොහු දකුණේ ඉපදීම ලැජ්ජාවක්...

:       77       410

RNG Sunday, 19 August 2018 08:41 AM

බල තණ්හාව කියන එක බලයෙ ඉඳපු, ඉන්න හැමෝටම තියෙන දෙයක්.. ඔබලා කවදා හරි බලයට ආවත් එහෙම තමයි. දැන් පේනවනේ තවත් සැරයක් ඉල්ලන්නෙ නෑ කියලා ආපු කෙනත් ආයෙත් ජනාධිපති වෙන්න ගහන ගේම්.. ඒ නිසා තමයි ඇරිස්ටෝටල්, මැකියාවෙලී වගේ පුද්ගලයින්ට සහජයෙන්ම තියෙන ආසාවන් අතරට බලය ලබා ගැනීම කියන එකත් ඇතුළත් කළේ..

:       60       588

Shan Sunday, 19 August 2018 07:41 AM

බල තණ්හා මනුස්සය.

:       217       358

d.upul Sunday, 19 August 2018 07:52 AM

ඔබ තුමාගේ පාලන කාලයේ සිදුවුණු ඝාතන, පැහැරගැනීම්, අතුරුදන් කිරීම් වලට එදා විධායක බලය තිබිලත් ඔබතුමාට බැරිවුණා නීතිය ක්‍රියාත්මක කරන්න. ඉස්සෙල්ලම ඒ ඇයි කියල මහජනතාවට පිළිගත හැකි පිළිතුරක් අවශ්‍යයි. "මට මතක නෑ අනේ" කියල මගහරින්න ඔබට බැහැ.

:       573       748

Sajith Sunday, 19 August 2018 08:00 AM

19 අතීතයට බලපාන්නේ නැති කතාවක් ජී එල් කියලා තියෙන්නේ නීති මහචාර්ය ට ගිය කල එහෙනම් මෛත්‍රීට අවුරුදු 6ක් ඉන්න පුලුවන් නේ........

:       656       2082

sirimal Sunday, 19 August 2018 08:13 AM

ඔය සේරම උප්පර වැට්ටි දාන්නේ රට හදන්න නෙවේ. කරපු අපරාධ වලට කටු ඉඹුලේ නඟින්න වෙන එකෙන් ගැලවෙන්න.

:       896       1150

RNG Monday, 20 August 2018 03:14 AM

කටු ඉඹුල් ගහේ නගින්න එපැයි කර වැරදි ඔප්පු වෙලා ඒවට වැරදිකරු වෙලා.. කාටවත් තියෙන කැක්කුමට මොකටද ඒ මනුස්සයා කටු ඉඹුල් ගහේ නගින්නේ...

:       0       0

Saman Sunday, 19 August 2018 08:14 AM

අනේ මෙහෙම තණ්හාවක්, ඔටුන්න හිමි කුමාරයාට තැන සකස් කරන්නයි මේ තරම් වලිකන්නෙ.

:       0       121

rocky Sunday, 19 August 2018 08:22 AM

ඉල්ලන්න ලැබුණත් පරාජය නියතයි. මහත්තයෝ බඩජහරිකම තියන පලියට නිකං පීචන් වෙන්න හදන්න එපා. විමල් වීරවංස, ගම්මන්පිල, වාසු, දිනේෂ් ගුණවර්ධන, රත්තරන් වගේ ගෝලයින් ටිකක් පිරිවරා ගත්තු ඔබ දැන් මහදැනමුත්තා වගෙයි! අනිච්චන්!

:       213       501

Mahee Sunday, 19 August 2018 08:33 AM

චඃ! මහා උසාවියේ හිටපු පීරිස් ලොක්කයි, පොහොට්ටුවේ පීරිස් ලොක්කයි කියන පීරිසි කුට්ටමට එකතුවෙන්න විදිහක් නැතුව ගියානේ කියලා හිතෙනවා ඇති. හිටියා නම් සිල්වා හිටියා වගේ තමයි. තීන්දුව ෂුවර්. කොහෙද යන්න හිටපු එක්කෙනා ආයෙත් අරහෙට යවනවා.

:       0       71

ශිරාන් Sunday, 19 August 2018 08:55 AM

කුමාර් ගල්ෆ්, ශාන් රනිල් ගැන නේද කිව්වේ..?

:       64       130

ලුම්බිණි Sunday, 19 August 2018 09:07 AM

ඔබ වැදගත් මහත්මා ගති ගුණ ඇති පුද්ගලයෙක් නම් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට යන්නේ නැතුව ඕනෑම කෙනෙකුට ඔය බලය ගන්න කියලා පැත්තකට විය යුතුයි. එතකොට මේ රටේ හැමදෙනාම ඔබට ගරු කරනවා.

:       18       147

Sunil Sunday, 19 August 2018 10:43 AM

"අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආසාවක්, හිස් මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්" මට සින්දුවක් මතක් වුනා.

:       15       158

sanath Sunday, 19 August 2018 11:58 AM

මෙතුමාට තියෙන්නේ අසීමිත තෘෂ්ණාව. හිටපු ජනාධිපති නිසා මාලිගාවක් වගේ වායු සමීකරණය කළ නිල නිවාසයක් ලැබිලා තියෙනවා. විදුලි බලය සහ ජලය නොමිලේ ලැබෙනවා. ආරක්ෂාවට හමුදාවෙන් 203 ක් ඉන්නවා. වාහන 20ක් සහ බස් දෙකක් දීලා තියෙනවා. මෙතුමාට ඕන අායෙමත් අරලියගහ මන්දිරයට ගිහිල්ල නොමිලේ ගල්කිස්ස හෝටලෙන් කෑම ගෙන්නාගෙන දන්සල් දාගෙන කාලා බීලා ජෝලි කරන්නයි. මාසෙකට සැරයක්වත් පිටරට සවාරියක් යන්නයි. ඊට අමතරව මහරජානෝ කියල කියවා ගන්නයි ප්‍රශස්ති ගායනා කරවා ගන්නයි....

:       226       1332

chathuriSunday, 19 August 2018 01:57 PM

ඔයාගේ කටට මසුරන් දමන්න ඕනෑ. අපිට තියෙන ලැජ්ජාව මෙයාට නැහැ. දේවාලේ කපු මහතා ලැජ්ජාව අරන් දමලා එ්කට වශියක් එල්ලලා. තියෙන්නේ. ඒක පැළදගෙන රට වටේ යනවා. මෙයා හිතන් ඉන්නේ පවුලේ කට්ටිය වගේ ජනතාවත් මෝඩයි කියලා...

:       29       153

chathuri Sunday, 19 August 2018 12:35 PM

බොරැල්ල කනත්ත ලඟ තියෙන කාර්යාලයෙන් ඇහුවා නම් කියයි. ඉක්මන් කොට කරගන්න හැටි... අපල ඉවරයි කියලා කපුවා කියලා ඇති. හරි අසරණ කෙනෙක් මේ පැරදුන එක අදහාගන්න බැරි නිසා බලය අත් අරින්න. කැමති නැහැ.

:       0       240

RNG Sunday, 19 August 2018 03:20 PM

තමුන්ලගේ සිරිකොතේ ඉන්න ලොක්කත් එහෙමනේ ඉතින්.. ඒවා පේන්නේ නෑ නේද?

:       124       62

dayan Sunday, 19 August 2018 12:37 PM

මේ ලොක්කයි, සිරිකොත ලොක්කයි හැර වෙන මිනිස්සු මේ රටේ නැද්ද?

:       0       332

de silva Sunday, 19 August 2018 02:21 PM

මොන අධිකරණයෙන් උපදෙස් ගත්තත් ඡන්දෙ දිනන්න රටේ බහුතර ජනතාවගේ කැමැත්ත වුවමනානේ.., රටේ බහුතරයක් ජනතාව ඔබතුමාට 2015දී ගෙදර යන්න උපදෙස් දුන්නට පස්සේ තව මොනවද අහන්නේ? දෙවැනි පාරටත් පරදින්නද අදහස? රටේ ඡන්දෙන් පැරදුණු එකම සහ පළමු හිටපු ජනපති සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකු වුණු එකම සහ පළමු හිටපු ජනපති කියලා වාර්තාවක් තිබ්බ, ලබන පාර එම වාර්තාව අලුත් කරන්නද ඔබතුමා සැරසෙන්නේ? ඔබතුමාට මිනිස්සු කැමති නමුත් ඔය වටේ ඉන්න හොරු රැළට මිනිස්සු අකැමතිය. ඔබතුමාට කරගහන්න වෙලා තිබෙන්නේ අනුන්ගේ පව් තමයි.

:       4       146

RNG Sunday, 19 August 2018 03:38 PM

රටේ බහුතර ජනතාවගේ කැමැත්ත තියෙන්නේ මොන පැත්තටද කියලා පහුගිය ඡන්දෙන් බලා ගත්තේ නැද්ද ..? ඔයා හිතන් ඉන්නේ ආයෙත් 2015 ඡන්ද ප්‍රතිඵලේම ලැබෙයි කියලද..? මොන පම්පෝරි ගහලා බලේට ආවත් අවුරුදු තුනක් යද්දී මොළේ ඇති හැමෝටම දැනුනා වෙනසේ තරම...

:       0       0

RNG Sunday, 19 August 2018 03:38 PM

රටේ බහුතර ජනතාවගේ කැමැත්ත තියෙන්නේ මොන පැත්තටද කියලා පහුගිය ඡන්දෙන් බලා ගත්තේ නැද්ද..? ඔයා හිතන් ඉන්නේ ආයෙත් 2015 ඡන්ද ප්‍රතිඵලේම ලැබෙයි කියලද ..? මොන පම්පෝරි ගහලා බලේට ආවත් අවුරුදු තුනක් යද්දී මොළේ ඇති හැමෝටම දැනුණා වෙනසේ තරම...

:       159       101

jaya Sunday, 19 August 2018 03:02 PM

මේකනම් ලංකාවට පලදීපු පෙර කරුමයක්, වසංගතයක්, හූනියමක්, හැට හැත්තෑව පැනලා හොටේ බිම අැනෙන්නත් ළඟයි. එ්ත් තණ්හාවේ නම් අඩුවක් නෑ.

:       24       235

Hafeel Sunday, 19 August 2018 03:16 PM

අනේ තණ්හාව... 18 ගෙනාවේ තමන්ගේ ජීවිත කාලයම බලයේ ඉන්න. අවසානයේ මොකද්ද වුනේ? මේ රටේ පරාජිත එකම ජනාධිපති වුණා. එ්කත් බලයේ ඉඳන් පරාජයට පත්වුණා. දැන් ආයිත් අධිකරණ මතය විමසලා, තවත් අපකීර්තියට පත්වෙන්න තමයි උත්සාහ කරන්නේ.

:       13       147

BamunuarachchiMonday, 20 August 2018 05:33 PM

ඒක ඔබ ප්‍රශ්නයක් කරගන්න එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

මාතර බන්ධනාගාරයේ කලබලයක්
2025 අප්‍රේල් මස 22 110 0

මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.


මෙල්බන් ගුවන් තොටේ දී අපේ අයට සේවා ගන්න කෙනෙක් තෝරයි
2025 අප්‍රේල් මස 22 440 0

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ


අරාබි උප අගමැති ජනපති හමු වෙයි
2025 අප්‍රේල් මස 22 230 0

ශ්‍රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත


අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 318 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 384 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 220 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 579 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 305 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 460 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site