IMG-LOGO

2025 අප්‍රේල් මස 27 වන ඉරිදා


මහින්දාන්දගේ කතාව ගැන පරීක්ෂණයක් කරන්න ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග

වසර 2011 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහ තරගය මුදලට පාවා දුන්නේ යයි හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලූත්ගමගේ නඟන චෝදනාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙස ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා  ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

2011 ලෝක කුසලාන අවසන් මහා තරගය මුදලට පාවා දුන් බව ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අළුත්ගමගේ මහතා ඊයේ (18 වැනිදා) ප්‍රකාශ කළේය. එහෙත් ඒ සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔහු අසමත් විය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ නිල ප්‍රකාශකයකුට අනුව හිටපු අමාත්‍යවරයා විසින් කරන ලද චෝදනාව පිළිබඳ තොරතුරු ලබා ගැනීම සඳහා විශේෂ විමර්ශන ඒකකය මගින් හිටපු ඇමතිවරයාගේ ප්‍රකාශයක් පටිගත කරනු ඇත.  ක්‍රීඩා අමාත්‍යාංශය මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද එම නිලධාරියා කීවේය.

මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු  මහතාද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ ක්‍රීඩාවේ වැරදිකරුවන්ට දඬුවම් දීම සඳහා පසුගිය වසරේ පාර්ලිමේන්තුවේදී නව පනතක් සම්මත කර ඇති බවයි.

“ඔහු ළඟ තියෙන සාක්ෂි අන්තර්ජාතික ක්‍රිකට් සභාවටත්, එහි දූෂණ මර්ධන ඒකකයට සහ ආරක්ෂක ඒකකයටත් බාරදිය යුතුයි. එවිට ඒ ගැන වඩාත් හොඳ විමර්ශනයක් කළ හැකියි“ යයි 2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා පිලේ නායකයා වශයෙන් කටයුතු කළ කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා තිබිණ.

2011 ලෝක කුසලාන අවසන් මහ තරගයේදී අති විශිෂ්ට පිතිහරඹයක යෙදෙමින් පන්දු 88 කදී නොදැවී ලකුණු 103 ක් ලබාගත් මහේල ජයවර්ධන ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ “ඡන්දය ළඟ ළඟම එනවා නේද ?..... ජෝකර්ලා වැඩ පටන් අරන් වගේ.... සාක්කි හෝ නම් කෝ...?“ යනුවෙනි.



අදහස් (41)

මහින්දාන්දගේ කතාව ගැන පරීක්ෂණයක් කරන්න ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්ගෙන් නියෝග

Pradeep Friday, 19 June 2020 10:36 AM

රාජිත වගේම තවත් කෙනෙක් තමයි මහින්දානන්දත්.. කවදාවත් වැදගත් හෝ බුද්ධිමත් කතාවක් කරලා නෑ.

:       2       1096

Hafeel Friday, 19 June 2020 11:31 AM

ඔබ ඉතා නිවැරදියි. සතියකට කලින් මෙයා කිව්වා මාර්තු සහ අප්‍රේල් විදුලි සහ ජලබිල් අය නොකරන බව... දැන් ඒ ගැන කතාවත් නැහැ...

:       0       603

NishanSaturday, 20 June 2020 02:45 AM

දැන් කියනවා එයා අදහස් කලේ නෑ කියලා ඒක අය කරන්නේ නැති බව. ඒක අය කරගන්නවලු.

:       0       0

KoralageSaturday, 20 June 2020 08:25 AM

ඒ විතරක් නෙමෙයි, මෙයා ඊයේ, පෙරෙදා අපේ මැදපෙරදිග සේවය කරන අයට අපහාස කරලා නමත් කැත කරගත්තා. අවසන් මහ තරගය මුදලට පාවා දුන්නා කියලා බොරුවක් කියලා ලකුණු දාගන්න හදන්නේ... මහේලලා, සංගාලා ඔබතුමාලා මෙ ගැටවලට අහුවෙන්න එපා...

:       0       429

kamalSaturday, 20 June 2020 09:03 AM

ඒ වුණාට අපි හැමවතාවෙම නොවැරදිම පත් කරනවනේ...

:       0       141

nanadana Friday, 19 June 2020 10:53 AM

මේ වගේ අය 225ක් මොකටද?

:       0       315

Kaka Friday, 19 June 2020 10:59 AM

ඇයි මේ අනුවණ ඇමැතිලගේ වචන විශ්වාස කරලා කමිටු පත්කරන්නේ?

:       21       678

කොඩ්ඩාFriday, 19 June 2020 04:09 PM

අනුවන ඇමතිලා කියන දේ ගැනන් ගත යුතු නැත කියන ජනතාවක් සිටීම කෙතරම් හාස්‍ය ජනකද ඇමති කෙනෙකුගෙ කාර්ය භාරය කෙතරම්ද ඔහු රටක අනාගතය තීරණය කරන අයෙක් නේද ඇයි මිනිසුනෙ අනුවනයන් ඇමතියන් කරන්න කතිර ගහන්නෙ. නැවත හිතන්න අපි කෙතරම් අනුවන ජාතියක්ද කියා

:       0       0

NadeeraSaturday, 20 June 2020 02:01 AM

අද වෙනකොට මේ ප්‍රකාශය ජාත්‍යන්තර මාධ්‍ය වල ප්‍රධාන පුවතක් වෙලා ඉවරයි. ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත්වෙලා ඉවරයි. මේ ගැන පරීක්ශනයක් පවත්වලා වැරදිකරුවන්ට ඉක්මනින්ම දඩුවම් නොකලොත් ඒක අපේ ක්‍රිකට් වල අවසානය වෙන්න පුලුවන්. ඒ වගේම මේක ඡන්දය බලාගෙන කරපු බොරු ප්‍රකාශයක්නම් ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත්කිරීමේ රාජ්‍යද්‍රෝහී ක්‍රියාවක් සේ සලකා මහින්දානන්දට විරුධ්දව නීතිය ක්‍රියාත්මනක කලයුතු වෙනවා.

:       0       0

SANJEEWA Friday, 19 June 2020 10:59 AM

වර්තමානයේ රටතුළ ඇතිවී තිබෙන ප්‍රශ්න මගහැරීමට යොදාගත්තු උපක්‍රමයක්...

:       46       1555

parakkramaSaturday, 20 June 2020 08:25 AM

චන්දය ළංවෙනකොට එකඑක සෙප්පට විජ්ජා.. නොහැකියාව මගහැරගෙන කාලය මැරීමට ඉදිරියේදී තව තව එළිබහීවි...

:       0       130

BandulaSaturday, 20 June 2020 11:17 AM

ඇත්තටම ස්වාධීන පරීක්ෂණය කරනවා නම් මහින්දානන්ද ළග තියෙන සියලු සාක්ෂි අයිසීසී විමර්ශන වලට බාරදිය යුතුයි. ඔන්න ඇත්තටම ජනපතිට රට ගැන වුවමනාවක් තියෙනවා නම් අවස්ථාව...

:       0       83

gamage Friday, 19 June 2020 11:53 AM

මොකද මේ අවුරුදු 9කට පසු හීනෙන් ඇහිරිලා වගේ එක එක දේවල් මතක් වෙන්නේ..

:       0       0

රවි Friday, 19 June 2020 12:13 PM

"වීදුරු ගෙවල්වල සිට ගල් ගහන්න එපා" මහින්දානන්දගේ දික්කසාද නඩුවෙන් පෙනී යන්නේ ඔහු රටෙන් කොපමණ මුදලක් කොල්ලකාලාද කියලයි.

:       0       0

ගාමිණි කුවෙයිට් සිට. Friday, 19 June 2020 12:36 PM

කුවේට් වලින් අතරමන් වෙලා ආපු උදවියට බෝම්බයක් එව්වා කියලා රටවල් අතර අසමගියට පාර කැපුවේත් මෙයා තමයි.

:       0       0

ලුම්බිණි Friday, 19 June 2020 01:09 PM

නොදන්නා දේවල් කතා කරන්න මේ කට්ටිය හරි දක්ෂයි.

:       0       0

විජේ Friday, 19 June 2020 01:35 PM

ලංකාවේ ක්‍රිකට් වලින් තිලංගටත් වඩා හම්බකරලා තියෙන්නේ මෙයා මගේ හිතේ. ලංකාවේ ඉක්මනටම පොහොසත් වුණු ඉන්ශූරන්ස් ඒජන්ට්ලුනේ ඉතිං. කලින් වයිෆ්ට මාසෙට බර ගානක් ගෙවන්නත් තියනවලු... සාමාන්‍ය මනුස්සයෙක්ට ඒ ගාන ජීවිත කාලෙටම හම්බ කරන්නත් අමාරුයිලු... අපේ ආයුෂත් අරන් ඔබතුමාලා 'චිරාත් කාලයක් යෙහෙන් වැජබෙන්න ඕනේ' අප්පා,

:       0       0

Mahesh Friday, 19 June 2020 02:08 PM

එහෙම දෙයක් වුනා නම් ..එහෙම දැනගෙන අවුරුදු 9ක් වසන් කරපු එක වරදක්. අයිසීසී එක මොහු ගැන පරීක්ෂණයක් පටන් ගත යුතුයි.

:       0       0

wasantha Friday, 19 June 2020 02:36 PM

ඊයේ ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තර සිරස්තල මේ පිළිබඳව විය. ඇයි මේ මොහුට අපේ ක්‍රීඩකයන්ට මඩ දැමීමට අවශ්‍ය? ඔහුට ක්‍රීඩා ඇමති රැකියාව ලබා දුන්නේ කවුද?

:       0       0

Gayan Friday, 19 June 2020 03:08 PM

නාවලපිටියේ මිනිස්සු මේ පාරත් මෝඩවෙයිද? බුද්ධිමත් වුණත් වැඩක් නෑ ලැයිස්තුවෙන් හරි එයි...

:       0       0

රංග Friday, 19 June 2020 05:25 PM

පැහැදිලිවම ඒ මැච් එක බඳුනක තබා ඉන්දියාවට පිරිනැමුවා කිව්වොත් නිවැරැදියි. හරිම බාල විදියටයි, ඒ මැච් එක අතහැරියේ. මතක් වෙන කොටත් දුකයි, ඒ අවසන් මහා තරගය.

:       0       0

Binkunndeaa Friday, 19 June 2020 08:27 PM

හොරකම් කළ, පිස්සු වැඩ කළ අයව නම් එපා...

:       0       0

Kuruppu Saturday, 20 June 2020 12:34 AM

ඔය තරගයේදී ලංකාව ක්‍රීඩා කරපු විදිය ගැන අපි හැමොටම ප්‍රශ්න තිබුනා. වෙන එකක් තියා තරගයේ ලකුණු පුවරුවක් පවා තරගයට කලින් බෙදා හැරුනා. ඉන්දියාවෙ IPL තරගාවලියට සාභාගි වීමට බාධා ඇති වන නිසා මේ එකගතාවය ඇතිකගත් බවයි ඒ දවස් වල කියවුනේ. කොහොම උනත් විධිමත් පරීක්ෂණයක් පවත්වන එක ඉතාමත් කාලෝචිතය.

:       0       0

Nishan Saturday, 20 June 2020 02:46 AM

රාජිත කියෙව්වට ලොකු වැඩ කරලා තියෙනවා. මෙයා එහෙම කරපු වැඩක් තියෙනවද?

:       0       0

sena Saturday, 20 June 2020 05:27 AM

දැන් ඉතින් මේ මනුස්සයාගේ ඔක්කොම වැරැදි අමතක කරලා මෙයාව පාර්ලිමේන්තු යවන්න ඕනේ.., මේක ගැන පරීක්ෂණයක් කරවා ගන්න.

:       0       0

karu Saturday, 20 June 2020 06:10 AM

තැපැල් 90 යේ බඩු වික්ක මහින්දානන්ද කොහොමද මෙච්චර පොහොසත් වුනේ කියලා නඩුවක් තියෙනවා. තව නඩුවකුත් තියෙනවා මෙයා අයතා විදිහට මුදල් හොයලා කියලා. ඔක්කෝටම කලින් ඒ නඩු අහලා බලන්න.

:       0       0

indrani perera Saturday, 20 June 2020 06:16 AM

මහින්දානන්දට බැනලා වැඩක් නැහැ. රට වෙනුවෙන් අමාරු වුණත් ප්‍රකාශයක් එතුමා කළා. තමන්ගේ පක්ෂේ හිටියත් බූකීපාලයි, සංගක්කාරයි එකතුවෙලා රට වික්ක බව දන්නෝ දන්නවා. බලන්නකෝ සංගක්කාරගේ විකට් කීපින් ටික ඒ මැච් එකේ, ඔයාලට තේරේවි...

:       0       0

බද්රානි Saturday, 20 June 2020 07:30 AM

රට විරුවන්ට පමණක් නොවෙයි, ජාත්‍යන්තරය දිනු, ක්‍රිකට් විරුවන්ටත් අපහාස කරමින් මේ ශ්‍රී ලාංකික අමිහිරි හඬ ලොවපුරා සිසාරා යනු ඇත!!

:       0       227

RamaniSunday, 21 June 2020 07:22 AM

මහින්දානන්දව සුද්ද කරන්න හදනවා නෙමෙයි මේ...කරුණාකර ඔය මැච් එකේ වීඩියෝ බලන්න. ක්‍රිකට් ක්‍රීඩා කරපු සහ මැච් බලන අපි බොහෝ දෙනෙක් අද පුදුම වුණා. අර්ජුන රණතුංග පවා ඒ මැච් එක අපේ අය ක්‍රීඩාකරපු හැටි ගැන පුදුම වුණා. අපිට මෙතැනදී වැදගත් වෙන්න ඕනේ මහේලවත්, සංගාවත්, මුරලිවත්, මහින්දානන්දවත් නෙවෙයි. අවුරුදු 9ක් ගිහින් හරි හොයන්න.

:       90       0

Perera Saturday, 20 June 2020 07:49 AM

මෙ වගේ අයටත් අන්ත අයට චන්දෙ දීලා පාර්ලිමෙන්තුවට යවන්න තරම් බුද්ධියක් තියෙන ජනතාවක් ඉන්න රටක් මෙහෙම හරි ඉතිරිවෙලා තියෙන එක තමයි පුදුමෙ...

:       0       168

mohamed Saturday, 20 June 2020 08:58 AM

අවුරුදු 9ක් මහින්දානන්ද පොල්ගෑවද මෙක කියන්න බැරුව... ආණ්ඩුව 7පොළේ ගාගන්නවා.

:       0       185

DD Saturday, 20 June 2020 09:55 AM

මහින්දානන්ද මෙක විහිළුවක් නොවෙ... ඔබට විකාරද?

:       0       11

Arthur Saturday, 20 June 2020 10:49 AM

මෙයා කරලා තියෙන ඒවා බලන්න කොමිටි 5ක් වත් පත්කරන්න වෙවි...

:       0       71

Bishan Saturday, 20 June 2020 12:01 PM

මහේල හා සංගා දේශද්‍රෝහීන් ලෙස 69 ලක්ෂයක් ජනතාව පිළිගෙන අවසන්. ජාතික වීරයන් මෙලෙස ලෙස සලකන පාලකයන් කුමටද?

:       3       275

janahitha Sunday, 21 June 2020 03:24 AM

69 ලක්ෂයක් සිංහල ජනතාව ඡන්දෙ දුන්නේ ගෝඨාභයට සුලුතර ඡන්ද වලින් පත්වෙන ජනාධිපතිවරයෙක්ගෙන් රටට, ජාතියට වන අයහපත ඉවෙන් මෙන් දැණුනු නිසා...

:       69       1

sameera Saturday, 20 June 2020 12:52 PM

රටේ ජනතාව ගොනාට අන්දවල අපේෂකයගෙ නම බොහෝ අය කතා කරන මාතෘකාවක් බවට පත් කරගන්න කරන කපටි වැඩක්. මෙයාගෙ උපක්‍රමය සාර්ථකයි.

:       3       1

angunukolapalassa Saturday, 20 June 2020 12:52 PM

වසර 11ක් පැරණි දේවල් ගැන කතාකරන ඇමැතිවරුන්ගෙන් නව නිර්මාණ නව අදහස් කිසිදිනක බලාපොරොත්තු විය නොහැක... පොහොට්ටු පාලනය වටකරගෙන, පාලනය නතුකරගෙන සිටින්නේ මෙවැනි අය තමයි..

:       3       332

sameera Saturday, 20 June 2020 12:55 PM

මේ නිව්ස් එකට දාල තියන ෆොටෝ එකෙන් හිතාගන්න පුලුවන් ප්ලෑන් එක.

:       1       67

ranjith Sunday, 21 June 2020 12:10 AM

පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ මෙවන් අයද?

:       0       0

69 lakshen ekek Sunday, 21 June 2020 01:01 AM

මම හිතන්නේ මේක ජනාධිපතිතුමා එක්ක මුළු ආණ්ඩුවම රටේ පවතින තත්වය අමතක කරන්න ඡන්දෙ ඉලක්ක කරගෙන කළ පහත් දේශප්‍රේමී කුමන්ත්‍රණයක්. එහෙම නැත්තන් අවංකවම ගෝඨාභය රට ගැන, රටේ ගෞරවය ගැන, පාට පක්ෂ නීතිය දූෂණයට, වංචාවට විරුද්ධ නම් මේකේ පරීක්ෂණ කරන්න ICC එකට බාරදිය යුතුයි. ඔය කියන මහින්දානන්ද ළඟ තියෙන සියලු සාක්කි සමග... එසේ කළොත් පමණයි රටේ සහ තමුන්ගේ නම්බුව රැකෙන්නේ... බලමු අපි 69 ලක්ෂයක් වූ ගෝඨාභයට ඡන්දෙ දුන්නු ජනතාව සැබෑ දේශප්‍රේමියන්ද, නැත්ද, නිකම්ම නිකන් බයියන් රැලක්ම පමණක්ද කියලා...

:       0       1

lalithm Monday, 22 June 2020 03:48 AM

හොරුන්ගෙත් හොරු කම්බ හොරු.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් අරඹනවා
2025 අප්‍රේල් මස 27 44 0

ළමයින්ට, ගුරුවරුන්ට සහ දෙමවිපියන්ටත් වදයක් නැති අධ්‍යාපන ක්‍රමයක් 2026 සිට පළමු ශ්‍රේණියට සහ හයවන ශ්‍ර්ණියට ආරම්භ කරන බවත් මෙය ජනප්‍රිය වීමේ හෝ ඡන්දේ ම


මහනුවර පිරිසිදු කළ නගර සභා කම්කරුවන්ට විශේෂ දළදා දැක්මක්
2025 අප්‍රේල් මස 27 484 0

මහනුවර නගරය පිරිසිදු කිරීමට අඛණ්ඩව දායක වූ මහනුවර මහ නගර සභාවේ කම්කරුවන් සඳහා දළදා වන්දනාවට විශේෂ අවස්ථාවක් අද පස්වරු 4 ට සලසා දී ඇතැයි රජයේ ප්‍රවෘත්ත


ඉණිමඟකින් වැටී අයෙක් මරුට
2025 අප්‍රේල් මස 27 132 0

තලවකැලේ, නානුඔය, ග්ලාස්ගෝ වත්තේ දේව පූජාවක් සිදු කිරීම සඳහා විවෘත භූමියක සකස් කරන ලද විශාල උසකින් යුත් කොටයකට සවි කරන ලද ලී ඉණිමගකින් බිමට ඇද වැටීම හේතු


ආරුඪ වූ පීසී පාරේ වාහනවලට ගහලා
2025 අප්‍රේල් මස 27 338 0

දෙවියන් ආරූඪ වන බව පවසමින් අනවසරයෙන් පොලිස් ස්ථානයෙන් පිටව ගොස් මැදවච්චිය, කනදරාව ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ වාහන වලට කලාකාරී ලෙස පහර දුන් බව


මාලිමාවේ මැයි රැලිය ගෝල්ෆේස්
2025 අප්‍රේල් මස 27 383 0

ජාතික ජන බලවේගයේ මෙවර මැයි රැලිය කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට තීරණය කර ඇත.


හොරෙන් ගජමුතු විකුණන්න ගිය දෙන්නෙක් මාට්ටු
2025 අප්‍රේල් මස 27 163 0

රුපියල් ලක්ෂ 56 ක මුදලකට විකිණීම සඳහා රැගෙන ආ ගජමුතු දෙකක් සමඟ පුද්ගලයන් දෙදෙනකු ජා ඇල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 900 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 394 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 553 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site