කොළඹ කොල්ලුපිටිය මහානාම විද්‍යාලයේ විදුහල්පති ඩබ්. එච්. පී කුමාරසිරි මහතා අධ්‍යාපන අමාත්‍යංශය විසින් විශ්‍රාම ගන්වනු ලැබීය. ඔහු අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු පන්තියේ නිලධරයෙක් විය. පසුගිය මාර්තු 19 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විශ්‍රාම ගැන්වීමේ ලිපිය අමාත්‍යංශය විසින් නිකුත් කැරුණේ අප්‍රියල් 26 වැනිදාය. අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීන් දෙදෙනෙකු විසින් පැවැත්වුණු විමර්ශනයෙන් පසු ඔහුට එරෙහිව චෝදනා 28ක් ඉදිරිපත් කැර තිබිණි. මෙම විදුහල්පති පරීක්ෂණයකට යටත්ව විශ්‍රාම ගැන්වීමට අමාත්‍යංශයෙන් රාජ්‍ය සේවා කොමිසමෙන් කළ ඉල්ලීමට එම කොමිසමෙන් අනුමැතිය ලැබී , ඒ අනුව රජයට අයවීමට ඇති මුදල් විශ්‍රාම පාරිතෝෂිකයෙන් අයකර ගැනීමට යටත්ව රාජ්‍ය හා අධිකරණ සේවා නිලධාරීන්ගේ විශ්‍රාම ගැන්වීමේ ආඥා පනතේ 02-12 වන වගන්තිය යටතේ පනවන ලද රෙගුලාසි වලට අනුකූලව විශ්‍රාම ගන්වා ඇත. රාජකාරි ලිපි ලේඛන බඩු බාහිරාදිය නියෝජ්‍ය විදුහල්පතිට බාර දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ අධ්‍යාපන සේවා ආයතනයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඒ ඩී එස් සදීකා මහත්මිය පසුගිය අප්‍රියල් 26 වැනිදා ඔහුට දැනුම් දුන්නාය.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනමාධ්‍යයට පින් සිද්ධ වෙන්න සුළු දඩුවමක් හරි ලැබුණා
මෙයා ගැන ලිපියක් කරන්නකෝ ඡායාරූපත් එක්ක
ඇති යන්තම් තීරණයක් ගත්තා
මේවගේ ප්‍රින්සිපල්ලා මුලු අධ්‍යාපන ක්ෂේත්‍රයටම නිගාවක්. මෙයා ළමයි දාගන්න එන අම්මලාගෙන් ලිංගික අල්ලස් අරගෙනත් තියනවා. ඒකට උදව් කරපු උප ගුරුවරයෙකුත් ඉන්නවා. මෙවැනිම අපචාර වැඩ කරන තව කෙනෙකුත් ඉන්නවා.අපි දන්නවා එයාව
තව ටික දවසකින් උසස් වීමක් ලැබෙයි.
මෙයා දේශපාලනයටනම් ඉතාම සුදුසුයි...
මෙච්චරද දඩුවම....
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ධූරයකට පත් කළා නම් හරි ඊළගට
අනේ අපේ ඉස්සර විදුහල්පතිතුමා මේ ඉස්කෝලේ ඉහළට ගන්න කරපු දේවල් මට තාම මතකයි.එතකොට මේ විදුහල්පතිතුමා මේ ඉස්කෝලෙම ගුරුවරයෙක්.අපරාදේ.එච්චරට දියුණු කරපු අපේ ඉස්කෝලේ...
වැරැද්දක් කරලා හැංගෙන්න බෑ. ඒක තමයි දහම
කලින් ලිපියක් ගියෙත් මෙයා ගැනද?
මේක මීට හුග කාලෙකට කලින් ගන්න තිබුණ තීරණයක්
මේවගේ අය ගෙදර අයට මුහුණ දෙන්නේ කොහොමද?
ජනතා මුදල් නැති නාස්ති කරන අනෙක් අයටත් මේ වගේ නීති ක්‍රියාත්මක වෙනව නම් කොච්චර හොදද?
හරිනම් මෙයා ඉන්න ඕනි අත්අඩංගුවේ. කෝටි ගාණක් ගසා කාලා ඒක පාරිතෝෂිකයට හිලවු කරන්නේ කොහොමද?
ලැජ්ජාව නැති විදුහල්පති කෙනෙක් නිසා මහානාම පාසලට කළු තිතක්
මෙච්චර කැත වෙඩක් කරපු කෙනෙකුට තව දුරටත් පඩි ගෙවන්නෙ ඇයි? මම හිතන්නෙ පව් කියලා හිතලා වෙන්න ඇති.