මහනුවර පිරිමි පාසලක් ඉදිරිපිට දී සිසුවකුට පහර දුන් බව කියන සිව්දෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි. ඔවුන් වයස අවුරුදු 19,20,21 යන අතර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
මහනුවර ප්‍රසිද්ධ පිරිමි පාසලක සිසුවකුට පහර දීම සම්බන්ධයෙන් අන්තර්ජාලයේ වීඩියෝවක් පළවී තිබුණ ද පාසලෙන් හෝ පහර කෑ සිසුවාගෙන් පැමිණිල්ලක් ලැබී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
අන්තර්ජාලය ඔස්සේ පළවු රූප රාමු වලින් ඔවුන් හඳුනාගෙන ඒ සම්බන්ධව විමර්ෂණයක් අරඹන ලෙස මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ පොලිස්පති කාර්යාලයට උපදෙස් දි ඇති ඇති බවත් ඔවුන් කියයි.
තම විද්‍යාලයේ 12 වැනි ශ්‍රේණියේ ශිෂ්‍ය නායකයකු 13 වැනි ශ්‍රේණියේ සිසුවෙකුට කොණ්ඩය කපා ගන්න යැයි පවසා ඇති බවත් ඒ පිළිබඳ කිපුණු 13 වැනි ශ්‍රේණියේ සිසුවා ශිෂ්‍ය නායකයාට පහර දී ඇති බවත් පසුව සිසුන් දෙදෙනාගේම දෙමාපියන් ගෙන්වා සමාදාන වු බවත් එම විදුහලේ විදුහල්පති කීය.
සිසුන් දෙදෙනා පසු දිනද පාසලේ සමගිව සිටිම නිසා ඉන් පසු කිසිදු ගැටලුවක් ඇති නොවු බවත් එම නිසා මේ සම්බන්ධව නිතිය හමුවට නොගිය බවත් විදුහල්පති පැවැසිය.
නමුත් පසුගිය (22) දා පාසල නිම වීමත් සමඟ නාඳුනන පිරිසක් පැමිණ 13 වැනි ශ්‍රේණියේ සිසුවාට පහර දි ඇති බවත් එම සිද්ධිය තමා ඇතුළු පාසලේ සියලුම ගුරු භවතුන් ප්‍රතික්ෂේප කරන බවත් මේ සම්බන්ධව නිති මාර්ගයෙන් කටයුතු කරන ලෙස අද දින පොලිසියට පැවැසු බවත් විදුහල්පතිවරයා පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු වුණත් ගුටිකාපු ළමයා පව්. එ්ත්......... ළමයා ගුටි කාලත් දෙමාපියන් පැමිණිලි නොකරන්න හේතුවක් ඇති නේද? මෙවන් චණ්ඩින්ට හොඳ පාඩමක් උගන්වන්න නීතියෙන්වත්. (නි)
ධර්මරාජ විදුහලේ ආදි සිසුන් හතර දෙනෙක් අධර්ම වැඩක් කරලා (බ)
මේ සිද්ධියට සම්බන්ධ හතර දෙනාට උපරිම දඬුවම් දෙන්න. නැවත ජීවිතය තියෙනකම් පාසලක් දෙස නොබලන්න දඬුවම් නියම කරන්න. (බ)
සිද්ධියට සම්බන්ධ අයට වහාම සොයා දඩුවම් දිය යුතුයි (ම)
ඉදිරියේදී පාසල් ආශ්‍රිතව විය හැකි මෙවන් ක්‍රියා නැවත්වීමට මෙය පිටුවහලක් කර ගත යුතය.(ම)
යහපාලනය දොරේ ගලා යන හැටි. ඔන්න ඔහොම රට හදන්න ඕනේ. පොලිස්පතිතුමනි... අපගේ ප්‍රණාමය. නිදහස් - නිවහල් රටක්. සැමට යුක්තිය. (බ)
මැරයන් ආවේ එතනින් ගිය ඩිෆෙන්ඩර් එකෙන්ද? (බ)
නව ජීවන දෙමිනේ නිතින අප පුබුදු කරන් මාතා ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන ජය භූමී කරා එක මවකගෙ දරු කැල බැවිනා යමු යමු වී නොපමා ප්‍රේම වඩා සැම භේද දුරැර දා (බ)
මේ අයට හොඳ වැඩේ.(හේ)
නිතිය ඉක්මනින් ක්‍රියාත්මක වීම ගැන මට සතුටුයි. ඔබටත් සතුටුයිද දැන්? 12, 13 වසරේ කොල්ලන්ට හොස්ස අගින් මැස්ස යන්න බැහැනේ. පොඩි දේකින් ලොකු අවුලක් ඇතිකරගෙන.කොල්ලන්ට ඉවසීමේ පාඩමක් මෙයින් කියවෙන්නේ. පොඩි වැරැද්දකට ඔච්චර නෙළුව නම් මේ ළමය ලොකු වැරද්දක් කලා නම් කොහොමද?(හේ)
කොණ්ඩය කපාගෙන එම පාසලේ නීතියක් නම් සිසු නායකයෙක් එය මතක් කර දීම වැරද්දක් නොවෙයි නමුත් එම සිසු නායක යට ගැසීම වරදක් මේවා දෙමව්පියන් පැමිණ සමාදානයෙන් විසදිය යුතු ඒවා නොවෙයි වරදිකළ අය දඬුවම් ලැබිය යුතු ඒවා. පළමු සිසුන දෙදෙනා අතර ගුටිබැට උවුනානම් සමාවක් ගැන හිතන්න තිබුනා නමුත් පිටින් මැර කොල්ලන් ගෙන්වා පහර දීම අනුමත කළ නොහැකී වීදුහල්පතිවරයා ගේ ක්‍රීයාව හරි. (හේ)
මොන දේ වුණත් චණ්ඩින්ට ඉඩදෙන්න එපා. කාටවත් ගහන්න කාටවත් අවසර නැහැ. කාට කාටත් පාඩම් වෙන්න හොඳ දඩුවමක් දෙන්න (නි)
පොලිසියට පැමිණිලි අවශ්‍ය නැහැ. මෙම රූපරාමු ප්‍රමාණවත්.මෙහි ඇති චෝදනාව නම් ප්‍රසිද්ධ ස්ථානවල කෝලාහල කිරීම හා පහරදීමක්. සෑම නිල ඇඳුමකටම වගේ පාසල් නිල ඇඳුමටත් ගෞරවය තියනවා (නි)
කවදාකවත් ඔවැනි රණ්ඩු බේරන්න යන්න නරකයි. 1982දී මම දන්න කෙනෙක් ඔය වගේ කොල්ලන්ගේ ගෝරියක් බේරන්න ගිහින් ඇහැට පිහිපහරක් වැදිලා දකුණු ඇස නැතිවුණා. එක ඇහැක් නැති නිසා අද වනතුරුත් රස්සාවක් නැහැ. දැන් ටවුමේ ලොතරැයි විකුණනවා. (නි)
මේ ධර්මරාජය. මම ඉගෙනගත් පාසල. අපි හොඳට ගුටි ඇනගත්තා. නමුත් පිටින් අාවොත් යාලු තරහකම් නොබලා හොඳට නෙළුවා (නි)
මේ වගේ අයට දඩුවම් දෙන්න ඕනෑ අනෙක් අයටත් පාඩමක් වෙන්න (නි)
ගුටි කාපු කොලුවත් නිකන් කෑවා වෙන්න බැහැ නේ ...දෙමව්පියොත් මේ ගැන දන්නේ සිද්ධිය මාධ්‍ය වල ගියාට පස්සේ වෙන්නැති. (ම)
මේ වගේ විෂබීජ ව්‍යාප්ත වෙන්න ඉඩ තියනවා. නැවත වරක් ලංකාවේ මෙවන් සිදුවීමක් නොවන්නට උපරිම දඩුවම් ලබාදෙන්න. (නි)
ශිෂ්‍යයින් දැන් හරි දරුණුයි (නි)
මේ පුවත පළ කළ ලංකාදීප එසැණ, ඔබට මගේ හද පිරි ප්‍රණාමය!! ඔබගේ සේවය මිල කළ නොහැකියි (නි)
දෙමාපියෝ ගෙනල්ලා සමාදානයකට පත්වුණාට පසුවත් එකට එක කරන්න යන එක හරියන දෙයක් වෙන්නේ නැහැ. ලංකාවේ අනාගතය බාරගන්න නායකයන්ට අධ්‍යාත්මික ගුණයන් ඇතිකළොත් හොඳයි වගේ. (නි)
වැදගත්ම දේ, සිද්ධිය වෙද්දී යුනිෆෝම් ඇඳගත් දෙන්නෙකුත් සිසුවාට ගහද්දී බකන්නිලාගෙන ඉඳීමයි. (නි)
සිසුවාට පහරදුන් විදියටම මේ හතර දෙනාටම මේ අය ලවාම එක එක්කෙනාට පහර දියයුතුයි (නි)
දැන් ශිෂ්‍ය නායකයො ප්‍රින්සිපල්ටත් උඩින්නේ ඉන්නේ. (නි)
අපි බලමු නීතිය මොකක්ද කරන්නෙ කියලා. ඇමතිතුමාට ගොඩක් ස්තුතියි මේ ගැන විමර්ශනයක් කෙරන එක ගැන (නි)
නැද්ද හංගපු ආයුධ එහෙම පෙන්වන්න එක්කගෙන යන්න අදහසක්? (නි)
මේ සිද්ධියෙන් ඉගෙන ගන්නා ළමයෙකුගේ මානසිකත්වය පිරිහෙනවට, උසාවි ගානේ රස්තියාදු වෙනවට ඒ දෙමව්පියොත් විදුහල්පතිත් අකමැති ඇති. නමුත් නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක වියයුත්තේ මැර ප්‍රහාරයට සහභාගී වූ රස්තියාදුකාරයන්ටයි. අද දින ඔවුන්ට දඬුවම් නොදුන්නොත් තවත් දවසක මේ රස්තියාදුකාරයෝ මේ දේම තවත් කෙනෙකුට කරාවි. ඒ නිසා පොලිසිය නීතිය අකුරටම ක්‍රියාත්මක කරනු ඇතැයි අප විශ්වාස කරමු. (නි)
කිසිම කෙනෙකුට අතක් උස්සන්න බැහැ.එ්ක නිසා මස 6ක් වත් රිමාන්ඩ් කළොත් හරි නේද? (බ)
මොනවා වුණත් මේ ගැන විදුහල්පති තුමා ඇතුළු පිරිස් නොදැන සිටියා වෙන්න බෑ. (ම)
අළුයට ගිනි පුපුරු, සැගවුන රහස සෙවීම පොලිසියේ කාර්යකි. පාසලේ ප්‍රධානින් මග හැරීම පිළිබදව අධ්‍යාපන දෙපාර්තමේන්තුව විනය ක්‍රියා මාර්ගයක් ගතයුතුයි,.(ම)
කොණ්ඩය කපා ගන්න යැයි පවසුවාට මෙම පහරදීම කලාද නැතිනම් වෙනයම් හෙතුවකට මෙම පහරදීම කලාද යන්න එම පහර දුන් මැර පිරිස අත් අඩන්ගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුවයි නිගමනය කල හැක්කේ. (ම)
පොලිසිය සිද්ධිය යටනොගසා ,සිය රාජකාරිය කළ යුතුය. (ම)