IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


මහනුවර හූනා අපේම එකෙක්

වසර 160 ට පෙර කඳුකරයෙන් සොයාගත් මහනුවර හූනා හෙවත් හෙමිඩැක්ටිලස් පීරෙසි 2012 වර්ෂයේදී නව හූනන් විශේෂයක් බව සුදේශ් බටුවිට හා රොහාන් පෙතියගොඩ යන සත්ත්ව විද්‍යා පර්යේෂකයන් දෙදෙනා විසින් තහවුරු කැර තිබේ. එඩ්වට් කොලාට් විසින් 1852 දී මේ හූනා ප්‍රථම වරට සොයාගෙන විද්‍යාත්මකව නම් කළ ද 1935 දී එම හූනා ඊට පෙර වාර්තා වී තිබූ හෙමිඩැක්ටිලස් ඩිප්රෙසස් නමැති හූනාම බවට තීරණය විය. නැවත මේ පිළිබඳ පර්යේෂණ කළ බටුවිට හා පෙතියගොඩ දෙදෙනා මහනුවර හූනා ශ්‍රී ලංකාවට ආවේණික නව විශේෂයක් බව තහවුරු කැර තිබේ. මහනුවර හූනා තෙත් කලාපයේ කඳු සහ තැනිතලා ආශ්‍රිත වනාන්තර වල ජීවත් වේ.  මෙම සොයාගැනීමෙන් ශ්‍රී ලංකාවේ හූනන් සංඛ්‍යාව 43 ක් වන අතර ආවේණික විශේෂ සංඛ්‍යාව 34 ක් දක්වා ඉහළ ගොස් තිබේ. සුදේශ් බටුවිට මහතා රොහාන් පෙතියගොඩ මහතා    



අදහස් (0)

මහනුවර හූනා අපේම එකෙක්

චන්ද්‍රසිරි Monday, 09 July 2012 11:34 AM

හූන නිකන් පතෝල වගේ .ගුණයකුත් නෑ....අගුනෙකුත් නෑ...

:       0       0

තුසිත් Sunday, 08 July 2012 11:40 PM

අපේ අය ඉතිං හොයා ගත්තොත් හොයා ගන්නේ අපේම කියලා හූනෙක් තමයි

:       0       0

පිලිපීනෝ Monday, 09 July 2012 11:51 AM

ඔහොම කැළේට වෙලා හැංගිලා ඉන්දෙද්දි මටත් හිතුණා ඕකා අපේම එකෙක් කියලා

:       0       0

නසීර් Monday, 09 July 2012 01:14 AM

අනුග්‍රහය කියන්නේ වැටුප් විශමතාවටද ?

:       0       0

ඉන්ද්‍රජිත් Monday, 09 July 2012 01:38 AM

ලංකාව කියන්නේ ලෝකයේ ජෛව විවිධත්වය උණුසුම් ස්ථාන විසි පහෙන් එකක්. අපේ ජෛව විවිධත්වය ගැන කරල තියෙන අධ්‍යයන කිසි සේත්ම ප්‍රමාණවත් නෑ. දැනට කරලා තිබෙන බොහෝ පර්යේෂණ කරල තියෙන්නේ විදේශිකයන්. ඉංග්‍රීසි ජාතිකයන් අපේ රටෙන් සූරගෙන කාපු දේවල් අතර අපේ ඒක දේශීය සතුන් සහ ගස්වැල් අනන්තයි. අපේ ජෛව විවිධත්වය ගැන පර්යේෂණ කරන බටුවිට සහ පෙතියගොඩ විද්වතුන්ට ජාතියේ ප්‍රණාමය.

:       0       0

පුංචා Monday, 09 July 2012 01:08 PM

චන්ද්‍රසිරි දන්නෑ පතෝලවල ගුණ.........

:       0       0

පසන් Monday, 09 July 2012 01:12 PM

ගෙවල්වල ඉන්න හූනෝ ටිකත් කැලේට යවාගන්න පුළුවන් නම් කොච්චර දෙයක් ද...

:       0       0

TS Monday, 09 July 2012 01:47 PM

එහෙනම් මේ හූනත් මුත්තෙක්

:       0       0

සනා කෑගල්ල Monday, 09 July 2012 08:39 AM

ලොකු වැඩක්. නොනැවතී ඉදිරියට යන්න ......

:       0       0

වරුණ Monday, 09 July 2012 08:52 AM

අපෝ, ගෙවල් වල ඉන්න හූනෝ මහ කරදරයක්

:       0       0

බී.ටී.එස් Monday, 09 July 2012 01:32 PM

පහල ඉන්නේ හුනගේ මුත්තෝ දෙන්නා!!!

:       0       0

හූනා Sunday, 08 July 2012 05:33 PM

ඉතින් දැන් මොකක්ද අපට කරන්න කියන්නේ. ඔක්ව විකුණලා කීයක් හරි හොයා ගන්න පුළුවන් ද ?

:       0       0

දුමින්ද Monday, 09 July 2012 09:24 AM

අපේ සුබ පැතුම්. රජයෙන් සහ පුද්ගලික සංවිධාන වලින් අවශ්‍ය ආධාර සපයන්න.

:       0       0

රජිත් මංජුල Monday, 09 July 2012 02:21 PM

අර මහනුවර දලදමලිගව ගිලින පිබුරත් අපේ එකෙක්ද කියල හොයල බලන්නකෝ ටිකක්

:       0       0

ගාලු කොලුවා Monday, 09 July 2012 09:37 AM

සුදේශ්, ඔබට සුභ පැතුම් .....

:       0       0

බී.පී. Sunday, 08 July 2012 07:02 PM

හුරේ................. අපිට තවත් හූනෙක් ඉන්නවා. කාටද ආඩම්බර. මේ අපේම එකෙක්

:       0       0

ආ......... Sunday, 08 July 2012 07:21 PM

අලුත් දෙයක් කියල ඉතින් ලංකාවේ මේවගේ දේවල් තමයි තියෙන්නේ .

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Sunday, 08 July 2012 06:56 PM

අපගේ අමිල වූ ජෛව සම්පතට තවත් ආවේණික සතෙක් එක්වෙලා. මෙවැනි පර්යේෂකයන්ට ලැබෙන අනුග්රමහය ප්ර්මාණවත් නැහැ. ජෛව විවිධත්ව පර්යේෂකයන් සිදුකරන්නේ පහසු කටයුත්තක් නොවේ. හිතවත් සුදේශ් බටුවිට සොයුර, රොහාන් පෙතියාගොඩ මහතාණෙනි, ඔබට සුභපැතුම්.

:       0       0

සිරිසේන Monday, 09 July 2012 11:54 PM

ඔය හූනා නොකන්නේ රෑට විතරද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යටගිය අපරාධ උඩට ගනී
2024 ඔක්තෝබර් මස 13 212 0

මෙරට ආන්දෝලනයකට තුඩු දුන් පාස්කු ප්‍රහාරය, භාණ්ඩාගාර බැදුම්කර ගනුදෙනුව, දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම ඇතුළු නොවිසඳුණු අපරාධ 7 ක පොලිස් විමර්ශන කඩිනම් කිරී


වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 1059 1

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 552 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3456 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2576 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 4593 3

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26070 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 310 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 419 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1348 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site